Mahinda Rajapaksa: ජන ගඟක් ගෝඨාභය වෙනුවෙන් අල්ලස් කොමිසමට ((VIDEO))

Thursday, April 23, 2015

ජන ගඟක් ගෝඨාභය වෙනුවෙන් අල්ලස් කොමිසමට ((VIDEO))

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන ඒමට විරෝධය පාමින් මහ ජන ගඟක් අල්ලස් කොමිසම ඉදිරිපිට රැස් වී මේ වන විටත් විරෝධය දක්වයි. මැදගොඩ අභයතිස්ස හිමි, බෙංගමුවේ නාලක හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු ස්වාමින් වහන්සේලාද සරත් වීරසේකර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්ඩාර, රොෂාන් රණසිංහ, ගාමිණි ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර ඇතුළු පළාත් සභා මන්ත්‍රීන්ද විරෝධයේ නියැලෙති. ගෝඨාභය රාජපක්‍ෂ මහතාද කොමිසම වෙත පැමිණියේය. බෞද්ධාලෝක මාවත මාර්ග බාධක යොදා වසා දමා ඇත. පොලිස් බලඇණි සූදානමින් සිටී. අප එහි අලුත්ම තොරතුරු කඩිනමින් ඔබ වෙත ගෙන එන්නෙමු.

පැමිණි ජනතාව


උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය


පැමිණි පිරිසට ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තුති කරයි.


මෙහි තවත් පින්තූර පහතින්.
15

14

13

12

11

17

16

1. ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන ඒමට විරුද්ධ විය යුත්තේ ඇයි. හේතු මෙතනින්.

2. අල්ලස් කොමිසමේ නිරුවත මෙතනින්.

 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.