Mahinda Rajapaksa: May 2015

Sunday, May 31, 2015

මහාමාර්ග අමාත්‍යංශයේ රු. බිලියන 28 ක් අවභාවිත කිරීම පිළිබඳ අගමැතිවරයාගේ චෝදනාවට පිළිතුරු

පසුගිය රජයේදී රුපියල් බිලියන 28 ක මුදලක් අව භාවිතයේ යෙදවූ බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නගන ලද චෝදනාව සහ ඊට පිළිතුරු පහතින්.



එම චෝදනාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කරන ලද පිළිතුරු නිවේදනය.

mahinda-rajapaksa

යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.

"අලුත් පරපුර" ට අනුව මානුෂික යුද්ධයක් ලෝකයේ නැතිද? ((පින්තූර))

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එවකට පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය දැක්වූ එක්සත් ජාතික පක්ෂ කලාකරුවන්ගෙන් සමන්විත වූ NGO එක "අලුත් පරපුර" ලෙස හඳුන්වාගනු ලැබුණි. ඔවුන් කරන ලද අපූරු රඟපෑම් සහ චෝදනා පිළිබඳව පසුගිය ලිපි වලින් හෙළි කළා ඔබට මතක ඇති.

1. අලුත් පරපුරේ සමනලීගේ රෝහල්ගත වීම සම්බන්ධ චෝදනාවන්ට පිළිතුරු.
2. අලුත් පරපුර නැමැති NGO සංවිධානය රණවිරුවන්ට මඩ ගහන හැටි.

පසුගිය දා එම "අලුත් පරපුර" විසින් ඉස්මතු කළ කාරණාවක් වූයේ "මානුෂීය යුද්ධයක් ලෝකයේ නොමැත" කියලයි. පහත දැක්වෙන්නේ ඔවුන් සමාජ ජාලයන්හි බෙදා හරින ලද පෝස්ටරය. මූලාශ්‍රය.

3

යුරෝපීය කොටි ඩයස්පෝරාව කාලයක සිට එකී චෝදනාව නගද්දී, අපේ රටේම සිටින කලාකරුවන් පිරිසක් මෙසේ පැවසීම හරිම කණගාටුදායී තත්ත්වයක්. කොටි ඩයස්පෝරාවටනම් අවශ්‍ය වී තිබෙන්නේ, ශ්‍රී ලංකා රණවිරුවන්ගෙන් සහ මෙහෙයුමට අණ දුන් සේනාධිනායකත්වයෙන් ප්‍රභාකරන් මිය යාමේ පලිය ගැනීමයි.

ඩොලර් ඉදිරියේ කලාව මෙන්ම හෘද සාක්ෂියත් පාවා දුන් "ඊනියා අලුත් පරපුර" විසින් රටට අමතක කරවන්න හදන "මානුෂික මෙහෙයුම" ගැන මතකයන් තවමත් අන්තර්ජාලයේ සැරිසරනවා. එසේ ගොනු කර ගන්නා ලද පින්තූර 263 කුයි පහත දැක්වෙන්නේ. මේ සෑම පින්තූරයකම වචන දාස් ගණනකින්වත් කියා නිම කල නොහැකි කතාවක් තිබෙන බව ඒ කාලේ ප්‍රවෘත්ති බලපු ඔබට මතක් වේවි.



මේවා නොදැන රණවිරුවන්ට ගරහන අලුත් පරපුරට දැකගන්නට Share කරන්න.

Saturday, May 30, 2015

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ සිරිලිය සවිය ගැන ඇත්තම කතාව



[1]. ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ප්‍රකාශයක් සටහන් කරගනීමට නියමිතව ඇත්තේ "සිරිලිය සවිය" සම්බන්ධයෙනුයි.

 

[2]. එජාපය මගින් එතුමියට කර ඇති චෝදනාව වූයේ "සිරිලිය සවිය" බැංකු ගිණුමේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත් අංකය 222222222V යනුවෙන් සඳහන් වීම යි.

 

[3]. "සිරිලිය සවිය" පුණ්‍යාධාර සංවිධානය සඳහා මහජන බැංකුව විසින්ම ගිණුමක් ආරම්භ කරන ලෙස, සිරිලිය සවිය පුණ්‍යාධාර ආයතනය වෙත ආරාධනා කර ඇත. එනම් ඕනෑම වාණිජ බැංකුවක් කැමතියි තමන් ගාව වැඩි මුදලක් තැන්පත් වෙනවාට. ඒ අනුව මහජන බැංකුව විසින් ස්වෙච්ඡාවෙන්ම අදාල සිරිලිය සවිය ගිණුම විවෘත කර දෙයි.

(i). ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත අස්ථානගතව තිබූ බැවින් තම විදේශ ගමන් බලපත්‍රය මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවට ලබා දී තිබුණි. සෙසු බලධාරීන් දෙදෙනා තම ජාතික හැඳුනුම්පත් වල පිටපත් ලබා දී තිබුණි. අදාල පුද්ගලයින් තිදෙනාගේම නම් සහ ලිපිනයක් නිවැරදිව සඳහන්ව ඇතත් බැංකුවේ පරිගණක පද්ධතියට ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමේදී යම්කිසි අතපසුවීමක් සිදුව ඇති බව පෙනේ.

(ii). ජාතික හැඳුනුම්පත් අංක එලෙස සටහන් කිරීම තමන් අතින් සිදුවූ අතපසු වීමක් ලෙස සඳහන් කරමින් මහජන බැංකුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යවා ඇති බව අපට වාර්තා වී ඇත.

 

[4]. "සිරිලිය සවිය" යනු මූල්‍යමය හැකියාවක් නොමැති රෝගීන්ට, ළමයින්ට සහ කාන්තාවන්ට පිහිට වීමේ පුණ්‍යාධාර ආයතනයක්.

(i). එම ආයතනයේ අරමුදලට කැමති දානපතියෙකුට ආධාර කිරීමට පුළුවන්.

(ii). ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකළාට එමගින් වන සේවය ගැන දානපතීන් බොහෝ අය දැනුවත්. ඒ නිසා එලෙස විශාල ආධාර මුදලක් රැස් වී තිබේ.

(iii). එලෙස එක් රැස් වෙන මුදලෙන් මේ වන විට සමාජයේ දස දහස් ගණනක් උපකාර අවශ්‍ය වූවන්ට කර ඇති සේවය අතිමහත්. මුදල් නොමැතිව වෛද්‍ය සැත්කම් කරගැනීමට නොහැකි වූ රෝගීන්ට මුදල් ආධාර ලබා දීම, ගැබිනි මව්වරුන්ට අදාල වියදම් දැරීම, ආබාධිත අයට රෝදපුටු, ප්ලාස්ටික් කකුල් සහ කකුල් කරු/අත්වාරු ලබා දීම, ඇස් කණ්නාඩි වල සිට අක්ෂි කාච දක්වා ලබා දීම, නොමිලේ ක්‍රියාත්මක සිරිලිය සවිය ගිලන් රථ සේවාව, රෝහල් වලට එම් ආර් අයි ස්කෑනර් ලබා දීම, පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ ලබා දීම, රෝහල් ගොඩනැගිලි ඉදි කර දීම, රෝහල් වලට එන්නත් සහ ඖෂධ ලබා දීම, දැඩි සත්කාර ඒකකය සඳහා අවශ්‍ය විදුලියෙන් ක්‍රියා කරන ඇඳන් ලබා දීම ඒවායෙන් කිහිපයක් පමණයි. මේවායේ තවත් පින්තූර සහ විස්තර ඉදිරියේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වේවි.

IMG-20150527-WA0012

10416071663_39bbd36122_b

10415920074_bc947da6e9_b

IMG-20150527-WA0017

IMG-20150527-WA0016

IMG-20150527-WA0015

IMG-20150527-WA0014

IMG-20150527-WA0013

IMG-20150528-WA0005

IMG-20150527-WA0019 IMG-20150527-WA0018

IMG-20150530-WA0028

IMG-20150528-WA0013

IMG-20150528-WA0012

IMG-20150528-WA0009

IMG-20150528-WA0014

IMG-20150528-WA0008

IMG-20150528-WA0006

 

[5]. නමුත් මිත්‍රවරුණි, මේ වන විට ආණ්ඩුවේ නියෝග පරිදි සිරිලිය සවිය ගිණුම සීල් කරල යි ඇත්තේ. ඒ අනුව එමගින් ආධාර ලබන රෝගීන්ට මුදල් නොලැබෙන නිසා තම වෛද්‍ය ප්‍රතිකාර කරගත නොහැකිව ඔවුන් පත්ව ඇත්තේ ඉතාමත් කණගාටුදායක අසරණ තත්ත්වයකටයි.

උදාහරණ ලෙස මෑතකදී එක්තරා දරුවෙක්ව සිරිලිය සවිය විශාල මූල්‍යාධාරයක් සහිතව චීනයට යැවුයේ අවයව දෙකක් පිහිටා තිබීම නිසා සැත්කමක් මගින් එකක් ඉවත් කර එම දරුවාව ප්‍රකෘති කිරීමටයි. එවන් ආකාරයේ පිහිටීම් හිටපු දරුවන් ලෝකයටම 6 දෙනයි ඉඳලා තියෙන්නේ. මේ දරුවා මාස ගණනාවක් චීනයේ හිටපු අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවට පැමිණි පසුව අදාල මිල අධික ඖෂධ වලට වැය වන වියදම් සිරිලිය සවිය ගිණුමෙන් නොලැබෙන නිසා දරුවාගේ ජීවිතය මහත් අවදානමකට ලක් වී තිබේ.



1

2

3

[6]. මහජන බැංකුවේ Data Enter කිරීමේ අතපසුවීමක් යොදාගනිමින් හිටි ගමන්ම ශිරන්ති රාජපක්ෂ මැතිණියව FCID එකට කැඳවමින් හිර කරන්නට හදන්නේ එමගින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අයට පීඩනයක් එල්ල කර ඉදිරියේදී මාතරදී පැවැත්වීමට නියමිත රැළිය කඩාකප්පල් කිරීම සඳහායි.

 

[7]. මේ වෙනකොට මනුෂ්‍ය සමාජය කොතරම් පිරිහිලාද කියනවානම්, පාරේ මිනිසෙක් වැටිලා පණ අදිමින් හිටියත් ඒ දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතිව හෙමින්ම මාරු වෙලා යන යුගයක් සමහර රටවල උදා වී තිබේ. මේ වීඩියෝව බලන්න. ඒක එහෙම වුණේ මිනිසාගේ ආත්මාර්ථකාමී කම නිසා පමණක් නොවෙයි, අනුන්ට උදව් කරන්න ගිහින් අන්තිමේදී මිනීමැරුම් චෝදනා වලට පවා අහු වේවි කියලා මිනිස්සු බියට පත් වී සිටින නිසයි. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන එවන් සිදුවීම් මේ ගෙන්දගම් පොළොවේ ජීවත් වෙන බොහෝ අය අහල දැක ඇත. ඉතින් මිත්‍රවරුණි, බැංකුවෙන් කළ අතපසුවීම් පවා පළිගැනීම සඳහා යොදාගැනීමෙන්, ඉදිරියේදී සමාජ ක්‍රියාකාරීන් සහ දානපතියන් අනුන්ට මුදලින් උපකාර කිරීමට පවා බිය වෙන තත්ත්වයකට නේද මේ සමාජය ගෙනියන්නේ?

මේවා කිසිවක් නොදැන චෝදනා කරන අයට ඇත්ත දැනගැනීමට Share කරන්න.

මහින්ද මහතා අම්පාරේදී කළ කතාව (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතා අම්පාරේදී සහභාගී වූ ආගමික වැඩසටහන සහ පැමිණි පිරිස ඇමතීම ගැන විස්තර මීට පෙර ලිපියකිනුත් පළ කළා. පහත යොමුවෙන් එය බලන්න.

www.mahinda.info/2015/05/ampara

"මහින්දගේ රැල්ලට 6 දෙනයි: මහින්දත් නෑ" ලෙසට අම්පාර රැස්වීම සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියෙන් පළ වූ ලිපියට පිළිතුරකුයි ඉන් ලබා දෙනු ලැබුවේ.

පහත දැක්වෙන්නේ අම්පාරේ රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අමතන අවස්ථාවයි.



යාලුවන්ටත් නැරඹීමට Share කරන්න.

මහින්ද මැතිඳුන් අනුරාධපුර අක්කර 500 දී කළ කතාව (VIDEO)

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ ඩාර්ලි පාරෙ 301 ගොඩනැගිල්ල නෙවෙයි. බෝඩ්ලෑල්ල නෙවෙයි, ලාංඡනය නෙවෙයි, කොහෙද රටේ පංච මහා බලවේගය එකරාශි වෙන්නෙ, එතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජකරන්නේ. ජනතාවගේ හදවත් තුළයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජකරන්නේ. ප්‍රතිපත්තිවලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජකරන්නේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නයි ඇවිත් තියෙන්නෙ."

මහින්ද රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර අක්කර 500 ජනතාව අමතා කළ කථාව.



අනුරාධපුර කැකිරාව අක්කර 500 වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ශක්තියට මහ ජනකායක් එක් වෙයි. ආණ්ඩුවේ දේශපාලන හයිරම්කාරයෙක් විසින් පැමිණි ජනතාවට මරණ තර්ජනය කරයි. මැරුවත් මහින්ද සමග රට වෙනුවෙන් නැගිටින බව ජනතාව පවසයි.

10930119_864791560249250_7125157861939602337_n[1]

11224816_864791573582582_6400056592780647543_n[1]

11351214_864791616915911_7118393853489089427_n[1]

11391250_1609683245985059_6757369089968954307_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

මහින්ද මැතිඳුන් වාරියපොළ මහ ජන ගඟක් මැද...



මහින්ද රාජපක්ෂ මහතා වාරියපොළ පැන්නිතව විහාරස්ථානයට පැමිණ රටට සහ රණවිරුවන්ට සෙත් පතා ආගමික වතාවත් වල නියැලුණි. ඒ සඳහා භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ වාරියපොළ ප්‍රදේශවාසී විශාල ජනකායක් සහභාගී විය. යහපාලනයෙන් සිරගත කොට සිට අවසානයේදී චෝදනා ඔප්පු කර ගත නොහැකිව නිදහස් කිරීමට සිදුවූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් මේ සඳහා සහභාගී වුණි.

11351243_864343060294100_5505802909354690177_n[1]

11224022_864343076960765_243220701890275475_n[1]

11351322_864343093627430_3646092581504698904_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

මහින්ද මැතිඳුන් ජයසිරි මහ බෝ සමිඳු වැඳ පුදා ගනී

ඊයේ සවස මහින්ද රාජපක්ෂ මැතිතුමගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳු අබියසදී ආශීර්වාද බෝධිපූජා පින්කමක් පැවැත්වුණි. ඒ සඳහා උතුරුමැද පළාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයින් ඇතුළු අති විශාල ජනකායකගේ සහභාගීත්වයක් දක්නට ලැබුණි.

10409511_864680616927011_7169916259197795864_n[1]

11141308_864680686927004_5171881234045007801_n[1]

11224209_864680756926997_4603004690295537676_n[1]

11207273_864680806926992_6093135563668280366_n[1]

21910_864680833593656_2919248821239979214_n[1]

11060024_864680326927040_604777092789227936_n[1]

10521792_864680346927038_1237026311134863352_n[1]

10313688_864680420260364_3200599048489218996_n[1]

11391567_864680496927023_4544901440874800878_n[1]

1

2

3

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

Thursday, May 28, 2015

ගාල්ල සයිබර් හමුව ජූනි 6 දින.

මැයි 30 දින ගාල්ලේදී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාත් අන්තර්ජාල ක්‍රියාකාරීන් සඳහා වන සයිබර් හමුව නොවැළැක්විය හැකි හේතුවක් මත ජූනි 6 දිනට කල් ගොස් තිබේ. එලෙස දිනය වෙනස් වීම නිසා අපහසුතාවයට පත් වූ ඔබ සියලුම දෙනාගෙන් අප, අදාල සංවිධායකවරයා වෙනුවෙන් සමාව ඉල්ලා සිටින්නෙමු.

සමුළුවට සහභාගී වීම සඳහා ඔන්ලයින් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව අදාල සංවිධායකවරයා විසින් අප වෙත දැනුම් දී ඇත. සමුළුව පවත්වන ශාලාවේ ඉඩකඩ සීමිත වීමේ හේතුවත්, විශාල පිරිසක් රැස් වීමෙන් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් අති විශාල පරිශ්‍රමයක් දැරීමට හේතු වීමත් මත, අන්තර්ජාලයේ වැඩිම කාර්යභාරයක් සිදුකරන ක්‍රියාකාරීන් හට ප්‍රමුඛතාවය දීමට සිදු වන බව වැඩිදුරටත් දන්වා තිබේ. ඒ අනුව ඊට සහභාගී කරගන්නා සියලුම දෙනාට දුරකථන මාර්ගයෙන් ඉදිරි දින කිහිපය තුළ ස්ථානය සහ වේලාව දැනුම් දෙනු ලැබේ.

නමුත් උක්ත හේතු මත ඊට සහභාගී කරගැනීමට නොහැකි වන අය ඇතුළු ඔබ සැමට ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් විශාල සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Wednesday, May 27, 2015

ගෝඨාභය බොදු බල සේනාවෙන් දේශපාලනයට එනවාද? මෙන්න ඇත්ත සිද්ධිය.

[1]. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට එන ලෙස බොදු බල සේනාවෙන් ආරාධනා කළ බවත්, එය ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් බවටත් තවමත් ෆේස්බුක් එකේ පැතිර යන ආරංචිය සම්බන්ධයෙනුයි.

[2]. මෙම ප්‍රවෘත්තිය පළමුව පළ වී ඇත්තේ "හිරු" ගොසිප් වෙබ් අඩවියේයි. ඉන් පසුව එය මූලාශ්‍ර කරගනිමින් තවත් පුවත් වෙබ් අඩවි වල පළ කර තිබෙනවා. පහත දැක්වෙන්නේ හිරු ගොසිප් හි පළ වූ පුවත.

hiru-gotabaya

[3]. එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පළ කළ ෆේස්බුක් ස්ටේටස් එක පහතින්.

gotabaya1

[4]. බොදුබල සේනාවෙන් දේශපාලනයට පිවිසෙන බව ප්‍රතික්ෂේප කර හිරු මාධ්‍ය සංවිධානය අයිති ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සභාපති රෙනෝ සිල්වා මහතා වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යැවූ ඊමේල් පණිවුඩය ඔබගේ දැනගැනීම සඳහා පහතින්.

gotabaya2

[5]. ඒ අනුව දේශපාලනයට පිවිසීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා බොදු බල සේනාවේ ආරාධනාවක් පිළිගත් බවට පැතිර යන පුවත පට්ට පල් බොරුවක් බව පැහැදිළියි.

[6]. ඉහත ඊමේල් පණිවිඩයේ ගෝඨාභය රාජපක්ෂ මහතාම දක්වා ඇති පරිදි එතුමා ගැන පුවතක් පළ කරන්නේනම් එතුමාගෙන් විමසා සිටීමේ මාධ්‍ය සදාචාරයක් තිබෙනවා. නමුත් එය ඉටු කර නෑ. "වගකීම් සහගත ජනමාධ්‍යකරනයක්" තියා අමු අමුවේ මඩ ගැසීමෙන් වැළකීමේ සදාචාරයක්වත් නොමැති වර්තමානයේදී, කිසියම් වෙබ් අඩවියකින් පුවත් උපුටා ගන්නේනම් අදාල උපුටා ගත් වෙබ් අඩවිය සඳහන් කිරීමෙන් (පහත අංක 8 හි අප දැක්වූවා මෙන්) තම වෙබ් අඩවියේ කීර්තිනාමය රැක ගත හැකි බව අනිකුත් අප හිතවත් වෙබ් අඩවි කතු වරුන්ටත් මතක් කිරීමට කැමතියි.

[7] බොදු බල සේනාවට අකමැති උදවියව ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි බිඳවීම මෙවන් පුවත් වල එක් අරමුණක් බව පෙනී යනවා. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පිරිස් අතර ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි සැක ඇතිකිරීම තවත් අරමුණක් විය හැකියි.

[8]. හිරු මාධ්‍ය සංවිධානය අයිති ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සභාපති රෙනෝ සිල්වා යනු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරා (අයියා) යි.  රෙනෝ සිල්වා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව sritvnews.lk වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

Tuesday, May 26, 2015

ආර්ථිකයට වුණ දේ බන්දුලගෙන් දැනගන්න - දෙරන 360

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමග 2015-05-25 දින පැවැත්වූ දෙරන 360 සාකච්ඡාමය වැඩටහන.



යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

"මහින්දගේ රැල්ලට 6 දෙනයි, මහින්දත් නෑ" - මඩට පිළිතුරු

[1]. වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත් වෙබ් අඩවියේ පළවූ ලිපියකුයි පහත දැක්වෙන්නේ.

lankadeepa

[2].
(i). පෝස්ටර් ගසා තිබුණ බව පැවසුවත් එම ලිපියේ කිසිදු පෝස්ටර් එකක් දක්වා නෑ.

(ii). මහින්ද රාජපක්ෂ මහතා එන බවට පෝස්ටර් ගසා තිබුණානම් 6 දෙනෙකුට වඩා පැමිණෙන බව, එතුමා යන යන තැන් වල වට වෙන සෙනග දිහා බලද්දී ඕනෑම කෙනෙකුට වැටහෙනවා.

(iii). මහින්ද රාජපක්ෂ මහතා අම්පාරට පැමිණෙන්නේ මැයි 21 දින බව ජනමාධ්‍ය මගිනුත්, අම්පාර ශ්‍රීලනිප ක්‍රියාකාරීන් විසිනුත් ප්‍රසිද්ධ කර තිබුණේ සති කිහිපයකට පෙර සිටයි. ලංකාදීප රචකයා එය නොදන්නවා විය නොහැකියි.

(iv). ඒ අනුව ඉහත සිද්ධිය විරුද්ධවාදී කඩාකප්පල්කාරී පිරිසක් විසින් සැලසුම්සහගතව කරන ලද මඩ ප්‍රහාරයක් බව බැලූ බැල්මටම පැහැදිළියි.

(v). එක්සත් ජාතික පාක්ෂිකයින්ට කුණු රසයක් දීම සඳහා මාධ්‍ය සදාචාරයෙන් ඔබ්බට ගිහින් අවර ගණයේ මඩ පුවත් පළ කරන මඩ පත්තරයක් බවට පත් වී ඇති "ලංකාදීප" ගැන කණගාටුයි.

 

[3]. පහත දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අම්පාරට පැමිණි අවස්ථාව දෙරන ප්‍රවෘත්ති වල වාර්තා කර තිබූ ආකාරයයි.



 

[4]. පහත පින්තූර වල මහින්ද රාජපක්ෂ මහතා අම්පාරට පැමිණි එම අවස්ථාව වඩාත් හොඳින් දැක්වෙනවා.

11046696_1636970779872324_154176916674911301_n[1]

11350539_1636971169872285_1179964762962096213_n[1]

11295582_1636970899872312_8707866288170547312_n[1]

11064278_1636970926538976_8166980496797565966_n[1]

11066798_1636971043205631_3209364339127600109_n[1]

මෙම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා කළ කතාවේ වීඩියෝව මෙතනින්.

බලන්න මිත්‍රවරුණි, 6 දෙනෙකුට වඩා ඉන්නවා නේද? ලංකාදීප පත්තරේ ගැන මොකද හිතෙන්නේ?

ලංකාදීප බලන යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.