[2].
(i). පෝස්ටර් ගසා තිබුණ බව පැවසුවත් එම ලිපියේ කිසිදු පෝස්ටර් එකක් දක්වා නෑ.
(ii). මහින්ද රාජපක්ෂ මහතා එන බවට පෝස්ටර් ගසා තිබුණානම් 6 දෙනෙකුට වඩා පැමිණෙන බව, එතුමා යන යන තැන් වල වට වෙන සෙනග දිහා බලද්දී ඕනෑම කෙනෙකුට වැටහෙනවා.
(iii). මහින්ද රාජපක්ෂ මහතා අම්පාරට පැමිණෙන්නේ මැයි 21 දින බව ජනමාධ්‍ය මගිනුත්, අම්පාර ශ්‍රීලනිප ක්‍රියාකාරීන් විසිනුත් ප්‍රසිද්ධ කර තිබුණේ සති කිහිපයකට පෙර සිටයි. ලංකාදීප රචකයා එය නොදන්නවා විය නොහැකියි.
(iv). ඒ අනුව ඉහත සිද්ධිය විරුද්ධවාදී කඩාකප්පල්කාරී පිරිසක් විසින් සැලසුම්සහගතව කරන ලද මඩ ප්‍රහාරයක් බව බැලූ බැල්මටම පැහැදිළියි.
(v). එක්සත් ජාතික පාක්ෂිකයින්ට කුණු රසයක් දීම සඳහා මාධ්‍ය සදාචාරයෙන් ඔබ්බට ගිහින් අවර ගණයේ මඩ පුවත් පළ කරන මඩ පත්තරයක් බවට පත් වී ඇති "ලංකාදීප" ගැන කණගාටුයි.
[3]. පහත දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අම්පාරට පැමිණි අවස්ථාව දෙරන ප්රවෘත්ති වල වාර්තා කර තිබූ ආකාරයයි.
[4]. පහත පින්තූර වල මහින්ද රාජපක්ෂ මහතා අම්පාරට පැමිණි එම අවස්ථාව වඩාත් හොඳින් දැක්වෙනවා.
මෙම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා කළ කතාවේ වීඩියෝව මෙතනින්.
බලන්න මිත්‍රවරුණි, 6 දෙනෙකුට වඩා ඉන්නවා නේද? ලංකාදීප පත්තරේ ගැන මොකද හිතෙන්නේ?
ලංකාදීප බලන යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.