මැයි 30 දින ගාල්ලේදී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාත් අන්තර්ජාල ක්‍රියාකාරීන් සඳහා වන සයිබර් හමුව නොවැළැක්විය හැකි හේතුවක් මත ජූනි 6 දිනට කල් ගොස් තිබේ. එලෙස දිනය වෙනස් වීම නිසා අපහසුතාවයට පත් වූ ඔබ සියලුම දෙනාගෙන් අප, අදාල සංවිධායකවරයා වෙනුවෙන් සමාව ඉල්ලා සිටින්නෙමු.
සමුළුවට සහභාගී වීම සඳහා ඔන්ලයින් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව අදාල සංවිධායකවරයා විසින් අප වෙත දැනුම් දී ඇත. සමුළුව පවත්වන ශාලාවේ ඉඩකඩ සීමිත වීමේ හේතුවත්, විශාල පිරිසක් රැස් වීමෙන් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් අති විශාල පරිශ්‍රමයක් දැරීමට හේතු වීමත් මත, අන්තර්ජාලයේ වැඩිම කාර්යභාරයක් සිදුකරන ක්‍රියාකාරීන් හට ප්‍රමුඛතාවය දීමට සිදු වන බව වැඩිදුරටත් දන්වා තිබේ. ඒ අනුව ඊට සහභාගී කරගන්නා සියලුම දෙනාට දුරකථන මාර්ගයෙන් ඉදිරි දින කිහිපය තුළ ස්ථානය සහ වේලාව දැනුම් දෙනු ලැබේ.
නමුත් උක්ත හේතු මත ඊට සහභාගී කරගැනීමට නොහැකි වන අය ඇතුළු ඔබ සැමට ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් විශාල සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.