Mahinda Rajapaksa: මොහොමඩ් තජුඩීන් මියයාම සහ යහපාලනයේ රාජපක්ෂ දඩයම

Friday, May 15, 2015

මොහොමඩ් තජුඩීන් මියයාම සහ යහපාලනයේ රාජපක්ෂ දඩයම

[1]. සිදුවීම.

(i). 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා රාත්‍රියේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල තාප්පයක සිය මෝටර් රථය ගැටීමෙන් මොහොමඩ් වසීම් තජුඩීන් නමැති ජනප්‍රිය රගර් ක්‍රීඩකයා සිය මෝටර් රථය තුළදීම අවාසනාවන්ත ලෙස පිළිස්සී මිය ගියා.

(ii). පරීක්ෂණ වලින් අනතුරුව පොලීසියත් තීරණය කළේ වසීම් තජුඩීන් පදවාගෙන ආ වාහනය පාලනය කරගත නොහැකි වී තාප්පයක ගැටීමෙන් පසුව එක විටම ගිණි ගත් බවත් එමගින් ඔහුගේ ජීවිතක්ෂය සිදුවූ බවයි. පහත දැක්වෙන්නේ සිරස ටීවී එකේ ඒ ගැන වාර්තාවයි.


 

[2]. වෙබ් අඩවි මඩ.

(i). ඉන් අනතුරුව ටික කලක් යත්ම එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව කියමින් පුවත් මැව්වේ lankaleaks.com නැමැති වෙබ් අඩවිය විසිනුයි. මඩ ගැසීම සඳහාම ආරම්භ කළ එකක් බව ඔප්පු කරමින් මේ වන විට එම වෙබ් අඩවිය අන්තර්ජාලයේ ඇත්තේත් නෑ.

(ii). එහිදී එම වෙබ් අඩවියෙන් කියා සිටියේ තජුඩීන්ගේ මරණය පසුපස යෝෂිත රාජපක්ෂ මහතා සිටින බවත්, ඊට හේතු වූයේ යෝෂිතගේත් පෙම්වතිය තජුඩීන් සමග සම්බන්ධතාවයක් පවත්වා ගැනීම නිසා යෝෂිත කළ පළි ගැනීමක් කියලයි.

(iii). එම මඩ මූලාශ්‍ර කරගනිමින් ඉතාමත් සංවිධානාත්මක ලෙස එජාපයට සම්බන්ධ අනෙකුත් මාධ්‍ය හරහාත් එම මඩ ප්‍රචාරණය සිදුවුණා.

 

[3]. මඩ අතේ පැලවෙයි.

(i). තජුඩීන්ගේ මිය යාමට යෝෂිත රාජපක්ෂ මහතාව සම්බන්ධ කිරීමට මඩකරුවන් යොදාගත් එකම මූලාශ්‍රය වුයේ යසාරා අබේනායක මෙනෙවිය ඒ ගැන යෝෂිතට එරෙහිව චෝදනා කළ බව කීමයි.

(ii). නමුත් යසාරා අබේනායක මෙනෙවිය, මොහොමඩ් වසීම් තජුඩීන් නැමැත්තෙක්ව කිසිදා දැන නොසිටි බවටත්, එවැන්නෙක් සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බවටත් ප්‍රකාශ කර තිබුණා. පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටම සම්බන්ධ asianmirror.lk වෙබ් අඩවියේ පළ වූ එම පුවතයි. (එජාප වෙබ් අඩවියකින්ම පළ කරන්නේ එජාප පාක්ෂිකයින්ට මධ්‍යස්ථ වෙබ් අඩවි වන්නේ එජාප වෙබ ඩවි පමණක් නිසයි)
Yasara Speaks Up: "I Had No Connection With Wasim Thajudeen"
Thursday, 15 January 2015 19:22

Yasara Abeynayake, who was dubbed in certain media reports as the ex-girlfriend of Yoshitha Rajapaksa, told Asian Mirror that she did not even know nor did she have any connection with Wasim Thajudeen, the Rugby player who was killed in a road accident in 2012.

Abeynayake, who was formerly the Channel head of CSN, is now attached to a Sri Lankan diplomatic mission in Australia. She made these remarks responding to reports that the Rugby player’s sudden death was linked to an alleged “affair” she had with him.

“Why can’t they let the innocent departed rest in peace? Why are they tarnishing his memory and my reputation by coupling me with a person I have never met in my life?” she asked while asserting that she was not even aware as to how her name had been connected to the death of the Rugby player.

Abeynayake also urged news websites to refrain from publishing “unsubstantiated and baseless” reports involving her name.

Meanwhile, Asfan Thajudeen, the brother of Wasim Thajudeen, said on his Facebook profile a few days ago that his family did not believe there was any “foul play” in connection with the tragic accident which led to the Rugby player’s death. “So far not a single proof of evidence has come up to proof otherwise,” he also added.

Wasim Thajudeen, a Sri Lankan ruggerite and former Havelock SC captain, was killed in a road accident in Colombo, in May 2012. According to Police, Thajudeen had been driving to the airport when he had lost control of the car and crashed into the wall of Shalika grounds on park road. The car had exploded within seconds of the crash burning the whole car.

(iii). එම ලිපියේ සඳහන් පරිදි වසීම් තජුඩීන්ගේ සහෝදරයා වන අස්ෆාන් තජුඩීන් මහතාත් ප්‍රකාශ කර ඇත්තේ එකී අවාසනාවන්ත මරණය පසුපස අපරාධයක් සිදුවී ඇති බව ඔහුගේ පවුලේ අයවත් විශ්වාස නොකරන බවයි.

(iv). එම පුවත සනාථ කරමින් යසාරා අබේනායක මෙනෙවිය තම ෆේස්බුක් ගිණුමේත් එය පළ කළා.

yasara

(v). ඊට අමතරව යසාරා අබේනායක මෙනෙවියගේ ෆේස්බුක් ගිණුමේ පළ වූ ස්ටේටස් එකක ස්ක්‍රීන් ශොට් එකක් ලෙස සඳහන් එකක් ෆේස්බුක් පිටුවක තිබී අපට හමු වුණා.
10924750_1392678747700381_5293969308468405952_n[1]

(vi). යසාරා අබේනායක මෙනෙවියගේ සහ අස්ෆාන් තජුඩීන් මහතාගේ එම ප්‍රකාශ සමගම, යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව එජාප මඩකරුවන්ට තිබූ එකම චෝදනාවත් පුස්සක් බවට පත් වුණා.

 

[4]. රාජපක්ෂ දඩයම.

(i). අවාසනාවන්ත ලෙස මිය ගිය මොහොමඩ් වසීම් තජුඩීන් මහතාගේ පවුලේ අයවත් නොකරන චෝදනාවක් යොදා ගනිමින් යෝෂිත රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා. සමහර විට මෙය ඔබ කියවද්දී යෝෂිත රාජපක්ෂ මහතා අත් අඩංගුවට පත් වී සිටිනවාත් විය හැකියි.

(ii). කොටි ඩයස්පෝරාව විසින් බටහිර රටකින් කරන ලද ඉල්ලීමකට අනුව, පළමුව මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන උදවියවත්, දෙවනුව එතුමාගේ පවුලේ අයවත්, අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතාවත් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම බටහිර න්‍යායපත්‍රය සනාථ කරමින් බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන්ගේ කොන්සවේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයේම ශ්‍රී ලංකාවේ ඊනියා යුධ අපරාධ ගැන සඳහන් වීම මගින්, ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන උනන්දුව කෙතරම් දැයි වටහාගත හැකියි.
"the Conservative Party manifesto has expressed its commitment to the UN investigation into Sri Lankan atrocities and pledged to work towards a political settlement for Tamils in Sri Lanka.
The Conservative Party manifesto, mentioning Cameron's visit to Jaffna where he had visited a camp for the Internally Displaced Persons at Chunnakam, pointed out that the party was committed to ensuring that the Sri Lankan Government cooperated with the UN investigation into war crimes." Source: ceylontoday.lk

(iii). ලිබියාවේ ගඩාෆිට කළ ආකාරයේ ඉරණමක්ම මහින්ද රාජපක්ෂ මහතාට අත් කර දී එමගින් ප්‍රභාකරන් මිය යාමේ පළිය ගෙන, ඩයස්පෝරා සහාය ලබා ගැනීමයි ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ අරමුණ සනාථ කරමින් ෆොටෝශොප් මගින් වෙනස් කර එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ පින්තුරයකුයි. (සත්‍ය පින්තූරය මෙතනින්.)

gadafi

(iv). දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීමට මැතිවරණ ප්‍රකාශයේම ශ්‍රී ලංකාවේ ඊනියා යුධ අපරාධ ගැන සඳහන් කළානම්, ප්‍රභාකරන්ව අවසන් කිරීමේ මෙහෙයුමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාවත්, යුද මෙහෙයුම් සිදුකළ රණවිරුවන්වත් දඩයම් කිරීමෙන් බටහිරයන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය සුළු පටු නොවන බව ඔබට පැහැදිළියි නේද?

 

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

31 comments:

  1. As soon as David Cameron won the election few days ago he said, " ONE COUNTRY,ONE NATION " So that is only to UK, why Sri Lanka is not allowing to continue as it is?? They are forcing us to go for "Federal" But Our Country is "SRI LANKA" AND THE NATION IS "SRI LANKAN"

    ReplyDelete
  2. APE MAWBIMA THRATHAWADAYEN BERAGATH,APE RATA DEUNUKARA, APE MATHUPARAPURATATA NIDAHASE JEWATHWEMATA PAHADILI ANAGATHYAK UDAKARADUN , OBA THUMATH, ARAKSHAKA LEKAM TUMA, ATHULU ,RATA WENUWEN CAPAWUNU SIYALUMA DENATA "THRIWIDA RATHNATHRAYE PIHITATH",SIYALUMA DEVIYANGE ARAKSHAWTH LABEWA!.

    ReplyDelete
  3. UNP eka photo shop wala pihiten anduwak heduwata thawa duratath ehema boru walata idak na. Mahinda info ekath mewa gena wiparamin inna ona

    ReplyDelete
  4. මෙම පිටුව දවසකට වරක් හෝ නව තෙරතුරු වලින් යාවත්කාලින කරන්න.එවිට පැමිනෙන පිරිස වැඩිවේ

    ReplyDelete
  5. hamadama boruwa raja wennea neha janadipathi thumani.adath ape nayakaya obai

    ReplyDelete
  6. All the best for your effort to bring the truth out. UNP did carried out a massive mud slung campaign using social media. Without real data/facts they distort the truth and made fool of the voters. It is necessary to have a driving force to provide information eager community with truth.

    ReplyDelete
  7. පල අමනයෝ ටික යන්ඩ...තොපිලා මේ ලංකාව ලිබියාවක් කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හෝ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාට ගඩාෆිට කරපු දේ කරන්ඩ හිතාගෙන හිටියට එව්වා තොපිලගේ දවල් දකින හීන කියලා හිතාගනිල්ලා.තමන් ගේ මවුවැනි තමන් ජාතක වූ මේ ලක් මාතාවට හෝ ලක්මවගේ ශරීරය මතින් ලේ ගංඟා ගලා යවා මේ මව ලේ විලක් කරපු මිනීමරු කොටියව වලපල්ලට යවපු අපේ වීරෝධාර රණශූර විරුවන්ට තොපිලා වින කරනකං මේ ලංකාවේ අතීතය මතක තියන දේශප්‍රේමී ජන බලය කවදාවත් බලාගෙන ඉන්න සූදානම් නෑ. එහෙම දෙයක් මේ වීරවරයන්ට කරන්ඩ හැදුවොත් අපි එදාට ඉන්නෙ මේ පරිගණක තිරය ඉදිරිපස නෙවෙයි,මරාගෙන මැරිලා හෝ අපේ සදා අමරණීය වීරයන්ව අපි රැකගන්නවා කියන එක තොපිලා මතක තියා ගනිං.

    ReplyDelete
  8. Yes many readers are frustrated to read weeks and weeks the same old articles! Please update this. The president Mahinda never wanted to answer those blatant lies uttered by Maithree during election! He said 3 helicopters for 3 children! White horses from Buckingham etc!
    Mahinda should reply these liars.
    Daily they create stories.
    Why don't you write immediate replies to the story like Dubai hotel et ?
    Ranil is going to destroy entire nation!
    Maithree is like retarded child!

    ReplyDelete
  9. ඉතලියානෝ ItalianoMay 16, 2015 at 2:36 AM

    මැයි 7 වෙනිදාට පස්සෙ 15 වෙනිදායි update කලේ.අපි බලා ඉන්නවා hot news වලට. ඒ නිසා නිතර අලුත් විස්තර update කරන්න.සුභ අනාගතයක්.

    ReplyDelete
  10. Ranjith WimalaratneMay 16, 2015 at 12:39 PM

    There are many websites working for the anti-Mahinda campaign. As suggested by one respondent this web should be updated on an hourly basis to get more people to read it.

    ReplyDelete
  11. මහසොහොන් පිල්ලියMay 16, 2015 at 9:13 PM

    ඇඩ්ඩින් අයිය නැවත දැකීම සතුටකි. අපි හිතුවේ ජහ පාලනෙන් වැඩේ දීල ඇති කියල. තව කීප දෙනෙක් එකතු කර ගත්තොත් මේ අඩවිය තවත් සාර්ථක ලෙස නිතර යාවත්කාලින කරමින් පවත්වාගෙන යාමට හැකි වෙතැයි සිතමි. සියලු දෙනාට සුභ අනාගතයක්.

    ReplyDelete
  12. Ape janapathitumani Sathtaya Wadikal noya jaya Gannawa.Api samada oba samagai Diwi himiye oba samaga api innawa janapathitumani...makola hasith

    ReplyDelete
  13. මේ පැහැදිලි කිරීමට Mahinda.info Editor තුමාට ස්තුතියි. UNP photoshop කරපු boru පින්තූරයට නම් හරිම දුක හිතුනා. අපේ මහින්ද මැතිදුන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් පිහිටයි ආරක්ශාවයි. මේ බුදුන් වැඩි දේශයේ උතුම් මිනිසුන් ඔබතුමා ආරක්ශා කරගන්න බව ඉර හද සේ ස්තීරයි.
    MR මැතිදුන්, පව්ලේ අය, එතුමාට හිතවත් අය ගෙන් යහපාලනය කරන මේ නින්දිත පලිගැනීම් තරයේ හෙලා දකිමු.
    හැකි ඉක්මනින් මහ මැතිවරනය පවත්වන ලෙස බල කිරීමටත්, මහින්ද පෙරමුන ශක්තිමත්ව මැතිවරනය සදහා සූදානම් වීමත් අවශ්යව ඇත.
    ජනතාව සූදානම්. අපි හැමෝම සූදානම්. යහපාලනය ගෙදර යැවීමට ඉවසුමක් නැතිව අපි ඉන්නේ.
    MR Methidhun ට ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  14. රනිල්-චන්ද්‍රිකා-කොටි නඩය My3 ව ගොනාට අන්දවා ගෙන මව්බිම විනාස කරන හැටි තවත් බලා ඉන්න බැහැ. මුලින්ම My3 තම පක්ශය ඉතාමත් නින්දිත පහත් විදියට පාවා දී ජනපති පුටුවට ආවා ජනතාව රවටා. ඉන්පසු MR ගෙන් SLFP නායකත්වය උදුරා ගෙන තව තවත් SLFP පක්ශය අගාදයටම රැගෙන යමින් ඉන්නේ. UNP ඉදිරියේ දණ ගහගෙන SLFP එකක් ගොඩ නගා ගන්නේ කෙසේද? රනිල් ගෙන් ඇමති පට්ටම් සිගා ගත් SLFP ඇමති වරුන්ට මුලින්ම වැටහෙන්න තිබුනා තමන් වැරදි පාරක යන බව.
    එක්කෝ My3 පක්ශ නායකත්වයෙන් අයින් කරගෙන මහින්ද පක්ශය බාර අරගෙන එය ගොඩ නගා ගන්න ඕනේ. කොහොමත් SLFP ඉහලට ගෙනාවේ මහින්ද.
    නැත්නම් මහින්ද පෙරමුන වෙනම ඉදිරියට යා යුතුයි තවත් කල් නොයවා. මහ චන්දයට කඩිනමින් සූදානම් විය යුතුව ඇත.

    ReplyDelete
  15. welcome back මහ සොහොන් පිල්ලිය. ඔබේ නැවත පැමිනීම සතුටක්!

    ReplyDelete
  16. update the web please
    i noticed nothing being done
    for the last 5 days . now the time for us to go hrr and hardr

    ReplyDelete
  17. Update this... seems like u guys are only another toyyas thing

    ReplyDelete
  18. මහසොහොන් පිල්ලියMay 18, 2015 at 2:12 AM

    වීර කැප්පෙටි පොළ , හසලක ගාමිණි , කපිතාන් අලදෙණිය වගේ හෙළ විරුවන්ගේ පරම්පරාවල වීර සිංහල ලේ ඇඟේ දුවන පෙළපත් වලින් පැවත එන අපි නපුංසක සුනඛයන්ට , ග්‍රාම සුකරයන්ට හෙළබිම විනාශ කරන්න ඉඩ දීල කොහේ යන්නද Dinuu .. මළත් රට වෙනුවෙන් තමයි.

    රට කියන්නේ නං ඉතිං මහින්ද/ගොඨාභය ම තමයි

    ReplyDelete
  19. why dont u update this, ahh....u even did not update the latest bodi puuuja pinkan at all.......shit.......we are loosing patience here....try to update this site......that yahapala toyyas sites are updating in real tym. we dont ask u to update in real tym, at least update once a day

    ReplyDelete
  20. අයිට් එක අප්ඩේට් නොවීම ගැන මුලින්ම ඔබ සැම වෙත කණගාටුව ප්‍රකාශ කරනවා. ඇතිවී තිබූ ගැටලු නිරාකරනය කරගැනීමට හැකි වූ නිසා සයිට් එක ඉදිරියේදී දිනපතා අප්ඩෙට් කිරීමට හැකි වේවි.

    සයිට් එක අප්ඩේට් නොවීමට හේතු මෙම කොමෙන්ට් එකේ. http://www.mahinda.info/2015/05/jayantha/#comment-2005

    ඔබ සියලු දෙනා අපව දිරි ගැන්වීමත්, ප්‍රමාද වූ අවස්ථාවේ අප වෙත කොමෙන්ට් හරහා පීඩනයක් එල්ල කර මේ සඳහා අවධානය යොමු කිරීමත් ගැන බෙහෙවින් ස්තුතියි.

    ReplyDelete
  21. meekai apitath tikak tharaha yanawa....samawenna...oba thumata godak sthuti aththa athi satiyen kiyala dena eka.....MR ta support kattiya mudal walata support karanne naa kiyala api dannawa....me website eka hodata firewall thawa thiyena okkoma krama daaala karagena yanna....mokada election kaaleta meewa down karnawa GreenBlood group...nice to see u back....cheers.....and sorry again

    ReplyDelete
  22. Sirisena accuses Rajapakse for running a lawless and corrupt government. Sirisena and his goons are also accusing Rajapakse of being a dictator, how can a dictator run a lawless government. Sirisena is contradicting him self.

    Sirisena has some kind of memory loss or shall we call it stealth and cunning, because Sirisena as Health Minister prevented the progress of the Health system (corruption) in order to put the blame on Rajapakse.

    Sirisena was conniving with the West, UNP, JVP and others as far back as 2011 to back stab Rajapakse and take his place as President. Sirisena has no integrity nor honesty within himself to gain respect from the people. Sirisena will always be remembered for a traitor, back stabber, liar etc - all the bad reasons Sirisena and his goon collaborators are suffering from Alzheimers decease.

    Rajapakse ruled the country like a great statesman and a true Sinhela patriot with a clear vision for the development of the country and a view to lift the living standards of the people. He was never corrupt, was never guilty of all the allegations thrown at him by the so called bogus Yahapalanaye government nor was there lawlessness during his time as President.

    Sinhela people with small memories have forgotten how they lived before 2009 and how their life changed dramatically to a prosperous way of life after 2009. Sinhela people have forgotten everything Rajaoakse did for the country.

    Rajapakse did not bend down to the Americans and their Western allies nor to the LTTE. Rajapakse maintained the Buddhist culture in the country. Rajapakse was hailed world over as a great statesman and a leader of a great country.

    What a joke, wasn't Sirisena a Minister in Rajapakse government? How come Sirisena stayed silent when all these so called corruption took place, what was his role in this corruption? Most of those in the present government MPs were with Rajapakse, they were corrupt but put the blame on Rajapakse to stay in power.

    The people of Sri Lanka are educated but fell for the US based 'Regime Change traps because Sinhela people have small memories and will believe anything to fill their stomachs.

    Sirisena prove your allegations or shut up, do not be an idiot or think the people are idiots.

    ReplyDelete
  23. Sarath PrematilakeJune 21, 2015 at 11:10 AM

    No patient untill Hon.Mahinda starts ruling Sri Lanka. Bless of triple jems.

    ReplyDelete
  24. When I use a three wheeler or a taxi I get into conversation with the driver to get the political mood of the people. They like Mahinda but say Rajapaka regime was corrupt and they repeat like a parrot what Chandrica,Ranil, and the two Buddhist monks have being saying.I tell them that FCID has not place charge on Mahinda and these are only allegations and they got to be proven in court of law and if found guilty, put behind bars.At the moment Mahinda is judge by a kangaroo court or better Kakille Ragguruwo.I would say if there is no proof,Put up or Shut Up. Mahinda will have to dispel this myth in the minds of the voters.

    I also hear often that Mahindas treated General Fonseka in a fair manner.Mahinda will have come clean and explain
    Voters think that Mahinda was like a dictator. These doubts in the minds of votors have to over come by stating where he acted most democratically.
    There should be a very strong champaign voters understand this yahapalanaya came to power on false promises with regard to powers of president, dissolution of parliament etc and massive mis appropriations of public funds and many others

    ReplyDelete
  25. Kithsiri RajakulageJune 21, 2015 at 3:16 PM

    ithihasaye sitama sama-harak sri lankikayan thamange pewethmata saha waasiyata thama wargaya pawademin kriyakala bawa danna handunana batahira balawathun.,?eyama prayojanayata ganimin.,? owunata awanatha wemin thamange waasiyata rata-jaathiya paawademata sudanam deshiya henchaiyyala samaga ekathu wemin owunata sahaya dakwamin.,? owunata hisa-namamin.,owunata awanatha wemin kriya-karana durwala nayakathwayan goda-naga-ganimin.,? owunge athyawashya thawayan sapura ganimin.,sri lankawa weni sangwardanaya wemin pawathina ratawal asthawara karime niyeleiy.,? sri lankawata yuda aparada chodana ella karamin.,? sri lankawa beda wenkirimata wera darana maha-bihiri-thaaniya.,? Uthuru Ire-lanthaya.,scott-lanthaya thamange yatathe pawathwa ganimin.,? owun lokayata sidu-kala.,saha sidu-karana manawa aiythiwasikam saha yuda aparada kada-kirim pilibandawa prashna maga-harimin.,apita chodana karamin., apiwa beda wenkirime uthsahaye niyelenne.,ithamathma kanagatu-dayaka karanayanam.,? weiyraya.,krodaya.,paligenime chethanawen.,? lokaye onema thenaka thama wargayage nayakathwaya pawademin sakshi keemata sudanam narumayanda apa-athare sitiemaiy Noweda.,? ithihasaye apa muthun-mitthan pawadunnanda.,thama waasiya, saha bala-lobie pewethma udesa thama nayakathwaya menma owunge daru-pawul pitin pawademin.,sri lankika apa semage ithihsaya apa-keerthiyata path-kirim weni siduweem walakwamin.,newatha newatha sidu noweemata.,warthamana api waga-bala-gatha nohoth.,mathu anagatha parapura api gena lajjawata pathwemin apita dos-naganu niyathaya.,sri lankika apa semata LTTE thrasthawadeen parajayata path-kara-din-dun nidahasa saha saamaya reka ganimin sangwardanayawu sri lankawak goda-negeema udesa mahinda-gotabhaya-basil ethulu sri lankawata sebewinma aadarayak ethu nayakawarun balayata path-karaganimin.,ape rate abyanthara prashna apima wisanda ganimu.,jaya wewa.,sthuthie..

    ReplyDelete
  26. Britain wants to be united(even if Northern Ireland is a separate land connected to Southern Ireland, Geographically. They want all Europe to be united, but they want to separate our Tiny Island, at least as Federal states(or Federal state now, separate country later).

    ReplyDelete
  27. To win the Election address the following issues to the public.

    1. Rajapakse meetings - address one by one all the allegations thrown at Rajapakse - mansions, bank accounts, stealing billions, family empire etc very important.
    2. Rajapakse should promise the people he will address the agriculture issue where small farmers will be given special concessions and financial help. Promise to stop the importif basic food products - vegetables including potatoes, onions, grains, fruits, milk etc.
    3. Address the issue of providing low cost housing to the poor people in the villages, and jobs.
    4. Address the issue of Sarath Fonseka - people accuse Rajapakse for Sarath's downfall. Tell the people it is all his doing not yours but how you helped him before. Explain thoroughly.
    5. Tell the people in detail all the developments you initiated all over the country - show pictures of bridges, roads, infra structure etc. around the country, someone must take photos of these to show them or use them as a movie.
    6. Nominate good character younger generation where ever possible to represent the people.
    7. Expose Chathura as a CIA agent according to Wikeleaks.
    8.address the fact that all the ethanol, kudu, gamblers, money laundering, coruuptions is with the Sirisena clan.
    9.address this 'dushana' allegations now more relevant in Sirisena's time than before.
    10. Rajapakse is being accused of impeaching Shirani Rajapakse - tell the people how it happened in detail, and that it was Rajapakse that appointed her to the post of Chief Justice.
    11. Every point has to be explained thoroughly to the people - pay for TV coverage to get your story told.
    12. Chatura who has challenged you to the seat of Beliatha is a CIA agent. His father Rajitha Senarathne is also involved with the CIA. Both of them including Sirisena were involved in the US sponsored 'Regime Change' to unseat Rajapakse.

    ReplyDelete
  28. According to the Lord buddha's teachings karma will follow these traitors as the bullock cart wheel follow the bull. But power of these lies are so strong at the moment and only way to stop these absurdity is the unity of real Sri Lankans. If we united together no power would be gathered to these balatant lies. Good luck!

    ReplyDelete
  29. Dear Rani De Silva, thank you for your suggestions. We send this to the top.

    ReplyDelete
  30. මේ පිලිතුර දැක්කේ ටිකක් පහු වෙලා. හරි ආඩම්බර හිතුනා මහසොහොන් පිල්ලිය! කතාව හරියටම හරි. රට කියන්නේ මහින්ද සහ ගෝඨාභය ම තමයි. එතුමන්ලාගේ විජයග්‍රහණය සහතිකයි අගෝ 18 වෙනිදට!

    ReplyDelete
  31. අද එනම් ජූලි 29 වෙනිදා නැවත මේ ගැන කමෙන්ට් කරන්න හිතුවේ මේ කේස් එක නැවත කරලියට පැමිණ ඇති නිසයි. තාජුඩීන් ඝාතනය මිනීමැරුමක් බව සී. අයි. ඩී. එක කියන බව පෙනෙනවා. මේ ගැන සොයා බලන විට එක් දෙයක් පැහැදිලිව පෙනෙනවා. වාහනය හොඳටම තැලී තිබෙනවා. තාප්පයෙත් බදාම ගැලවී ගිහින්. තාජුඩීන් මරා දැමුවානම් ඔහු මරා මරා වාහනය තුලට දමා වාහනය තාප්පයේ හැප්පවිය යුතුයි.මෙය කරන්නේ කෙසේද කියා මට සිතා ගත නොහැකියි. මගේ දැනුමේ හැටියට මෙය කල නොහැකි දෙයක් වගෙයි පෙනෙනේ. ඔහු හා වාහනය පැහර ගෙන ගොස් ඔහු මරා දමා වාහනයට කෘතිමව ඩැමේජ් කොට වාහනය වෙනත් රථයක දමාගෙන ආවා නම් මෙතරම් ජනාකීර්න පරිසරයක එය කාටත් නොදැනෙන්නට කිරීම හැකි දෙයක්ද. පිලිස්සුනු වාහනයක වුනත් එය තැලී ඇත්තේ ථාප්පයක හැපීමෙන්ද නැත්නම් යමකින් පහර දීමෙන්ද යන්න සොයා ගැනීම අපහසු නොවිය හැකියි.අධ්කරණ වෛද්‍ය වාර්තාවේ තිබෙනවා කියන බෙල්ලේ ඇති සීරීම් හා තැලීම් මෙවැනි අනතුරකදී කොහොමත් සිදුවන ඒවා නොවේද?
    කෙසේ වෙතත් මෙය අධිකරණයට ගියොත් යෝෂිතගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම ඉතා පහසු වනු ඇත. එහෙත් මෙය බොහෝ දුරට අධිකරණයට නොයනු ඇත.මාධ්‍ය මගින් නිර්මාණය කල මේ දැවැන්ත මඩ පැල්ලම දේශපාලනයට පවා සම්බන්ධ නැති ඒ අහිංසක දරුවාගෙන් ඉවත් කිරීමටත් ඇස්ගෙඩිවලට හෙණ ගසා ඇති චන්ද දායකයන්ගේ ඔලුගෙඩිවලට මෙම සත්‍යය අවබෝධ කරවීමටත් ඉක්මනින් පියවර ගත යුතුයි.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.