Mahinda Rajapaksa: ගෝඨාභය බොදු බල සේනාවෙන් දේශපාලනයට එනවාද? මෙන්න ඇත්ත සිද්ධිය.

Wednesday, May 27, 2015

ගෝඨාභය බොදු බල සේනාවෙන් දේශපාලනයට එනවාද? මෙන්න ඇත්ත සිද්ධිය.

[1]. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට එන ලෙස බොදු බල සේනාවෙන් ආරාධනා කළ බවත්, එය ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් බවටත් තවමත් ෆේස්බුක් එකේ පැතිර යන ආරංචිය සම්බන්ධයෙනුයි.

[2]. මෙම ප්‍රවෘත්තිය පළමුව පළ වී ඇත්තේ "හිරු" ගොසිප් වෙබ් අඩවියේයි. ඉන් පසුව එය මූලාශ්‍ර කරගනිමින් තවත් පුවත් වෙබ් අඩවි වල පළ කර තිබෙනවා. පහත දැක්වෙන්නේ හිරු ගොසිප් හි පළ වූ පුවත.

hiru-gotabaya

[3]. එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පළ කළ ෆේස්බුක් ස්ටේටස් එක පහතින්.

gotabaya1

[4]. බොදුබල සේනාවෙන් දේශපාලනයට පිවිසෙන බව ප්‍රතික්ෂේප කර හිරු මාධ්‍ය සංවිධානය අයිති ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සභාපති රෙනෝ සිල්වා මහතා වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යැවූ ඊමේල් පණිවුඩය ඔබගේ දැනගැනීම සඳහා පහතින්.

gotabaya2

[5]. ඒ අනුව දේශපාලනයට පිවිසීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා බොදු බල සේනාවේ ආරාධනාවක් පිළිගත් බවට පැතිර යන පුවත පට්ට පල් බොරුවක් බව පැහැදිළියි.

[6]. ඉහත ඊමේල් පණිවිඩයේ ගෝඨාභය රාජපක්ෂ මහතාම දක්වා ඇති පරිදි එතුමා ගැන පුවතක් පළ කරන්නේනම් එතුමාගෙන් විමසා සිටීමේ මාධ්‍ය සදාචාරයක් තිබෙනවා. නමුත් එය ඉටු කර නෑ. "වගකීම් සහගත ජනමාධ්‍යකරනයක්" තියා අමු අමුවේ මඩ ගැසීමෙන් වැළකීමේ සදාචාරයක්වත් නොමැති වර්තමානයේදී, කිසියම් වෙබ් අඩවියකින් පුවත් උපුටා ගන්නේනම් අදාල උපුටා ගත් වෙබ් අඩවිය සඳහන් කිරීමෙන් (පහත අංක 8 හි අප දැක්වූවා මෙන්) තම වෙබ් අඩවියේ කීර්තිනාමය රැක ගත හැකි බව අනිකුත් අප හිතවත් වෙබ් අඩවි කතු වරුන්ටත් මතක් කිරීමට කැමතියි.

[7] බොදු බල සේනාවට අකමැති උදවියව ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි බිඳවීම මෙවන් පුවත් වල එක් අරමුණක් බව පෙනී යනවා. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පිරිස් අතර ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි සැක ඇතිකිරීම තවත් අරමුණක් විය හැකියි.

[8]. හිරු මාධ්‍ය සංවිධානය අයිති ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සභාපති රෙනෝ සිල්වා යනු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරා (අයියා) යි.  රෙනෝ සිල්වා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව sritvnews.lk වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.