1. අලුත් පරපුරේ සමනලීගේ රෝහල්ගත වීම සම්බන්ධ චෝදනාවන්ට පිළිතුරු.
2. අලුත් පරපුර නැමැති NGO සංවිධානය රණවිරුවන්ට මඩ ගහන හැටි.
පසුගිය දා එම "අලුත් පරපුර" විසින් ඉස්මතු කළ කාරණාවක් වූයේ "මානුෂීය යුද්ධයක් ලෝකයේ නොමැත" කියලයි. පහත දැක්වෙන්නේ ඔවුන් සමාජ ජාලයන්හි බෙදා හරින ලද පෝස්ටරය. මූලාශ්‍රය.
යුරෝපීය කොටි ඩයස්පෝරාව කාලයක සිට එකී චෝදනාව නගද්දී, අපේ රටේම සිටින කලාකරුවන් පිරිසක් මෙසේ පැවසීම හරිම කණගාටුදායී තත්ත්වයක්. කොටි ඩයස්පෝරාවටනම් අවශ්‍ය වී තිබෙන්නේ, ශ්‍රී ලංකා රණවිරුවන්ගෙන් සහ මෙහෙයුමට අණ දුන් සේනාධිනායකත්වයෙන් ප්රභාකරන් මිය යාමේ පලිය ගැනීමයි.
ඩොලර් ඉදිරියේ කලාව මෙන්ම හෘද සාක්ෂියත් පාවා දුන් "ඊනියා අලුත් පරපුර" විසින් රටට අමතක කරවන්න හදන "මානුෂික මෙහෙයුම" ගැන මතකයන් තවමත් අන්තර්ජාලයේ සැරිසරනවා. එසේ ගොනු කර ගන්නා ලද පින්තූර 263 කුයි පහත දැක්වෙන්නේ. මේ සෑම පින්තූරයකම වචන දාස් ගණනකින්වත් කියා නිම කල නොහැකි කතාවක් තිබෙන බව ඒ කාලේ ප්රවෘත්ති බලපු ඔබට මතක් වේවි.
මේවා නොදැන රණවිරුවන්ට ගරහන අලුත් පරපුරට දැකගන්නට Share කරන්න.