Mahinda Rajapaksa: චීණ ණය පොළී අඩුයි - තවත් යහපාලන මඩකට චීනයෙන් පිළිතුරු

Monday, May 4, 2015

චීණ ණය පොළී අඩුයි - තවත් යහපාලන මඩකට චීනයෙන් පිළිතුරු

[1]. චීනයෙන් ලබා ගත් ඩොලර් බිලියන 5 ක ණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බව මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබෙනවා.



[2]. ඊට පිළිතුරක් වශයෙන්, චීනය ශ්‍රී ලංකාවට සපයන ණය සඳහා වන පොළී අනුපාතය ශ්‍රී ලංකාවේ භාණ්ඩාර බැඳුම්කර අනුපාතයටත් වඩා අඩු බව චීන සංවර්ධන බැංකුවේ ගෝලීය සහයෝගීතා දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. ඔහු පැවසූ ප්‍රධාන කරුණු පහතින්.

(i). අපි ශ්‍රී ලංකාවට ණය නිකුත් කිරීමට පටන් ගත්තේ 2009 වසරේදී. අපේ පොළී අනුපාත සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර භාණ්ඩාගාර බැඳුම්කර අනුපාත සැසදුවොත් අපේ අනුපාතය ඔබගේ රජයේ බැඳුම්කර අනුපාතයට වඩා අඩුයි.

(ii). 2009 දී එය 7.4% ක් වූ අතර එය ඊට පසුව 6% ත් 6.25% ත් අතර පහත වැටුණා. (මෑතකදී යහපාලන ආණ්ඩුව බැඳුම්කර මගින් ණය ලබා ගත් පොළී අනුපාතය 12.5% ක් තරම් ඉහළ අගයක්)
"The auction was taking place at 11 am on the same day, and, according to one dealer “we were shocked that two hours later the CB had accepted bids up to 12.5 per cent." source: sundaytimes.lk

(iii). එබැවින් අපගේ අනුපාතයන් ඔබගේ රජයේ අනුපාතයන්ට වඩා අඩුයි.

(iv). ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ණය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ රජයේ අවශතාවයන් මතයි. එම තීරණයන් ශ්‍රී ලංකාවේ ණය ක්‍රමවේදය හරහා යන අතර ඊට අමාත්‍ය මණ්ඩල හා නීතිපතිවරයාගේ අනුමැතිය ද අවශ්‍යයි.

පහත දැක්වෙනේ එම වීඩියෝව.



[3]. එම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ තොරතුරු දෙරණ වෙබ් අඩවියෙන් වාර්තා කර තිබුණා. පහත දැක්වෙන්නේ එයයි.
ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්

චීන ණයවල පොලී අනුපාතය ඉතාමත් ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ උසස්ම පුද්ගලයෙකු චෝදනා කළත් චීන ණයවල පොලී අනුපාතය ඉහළ නැතැයි මෙම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ (CCCSL) ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

පසුගිය වසර 10 කාලය තුළදී චීනය විසින් ලංකාවට ඩොලර් බිලියන ගණනක ණය ලබාදී තිබෙන බවත් මෙම ණය වලින් අඩකට වඩා සියයට 02 ක පොලී අනුපාතයකට ලබාදී තිබෙන බවත් සඳහන්ය.

ලෝක වෙළඳ පොළේ බොහෝ වාණිජ ණය වලට සාපේක්ෂව චීන වාණිජ ණයවල පොලී අනුපාතය අඩු බවත් පසුගිය රජය විසින් දේශීය බැංකු වලින් ලබාගෙන ඇති ණයවල පොලී අනුපාත සමග සැසඳීමේදී චීනය ලබාදී තිබෙන ණයවල පොලී අනුපාත අඩුබව මෙම ප්‍රකාශකවරයා Xinhua මාධ්‍ය ආයතනයට සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව විසින් චීන බැංකු වලින් ණය ලබාගැනීමේදී චීනයේ කිසිදු පාර්ශවයක් හෝ පුද්ගලයෙකු ඒ සඳහා බලකිරීමක් නොකළ බවත් ලංකාව එම ණය ලබාගත්තේ ඉහළ සමීක්ෂණ වලින් පසුව බවත් මෙම මාධ්‍ය වාර්තාවේ දැක්වේ. මෙම ණය සඳහා එකඟතාවයන්ට පැමිණීමේදී ලංකාව පාර්ශවයෙන් ඉහළ වෘත්තීයත්වයක් දැක්වූ බවත් ශ්‍රී ලංකාවට පක්ෂපාතී අන්දමට ක්‍රියාකළ බවත් චීන ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

සමහර ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ලබාදෙන ණයවල පොලී අනුපාත ඉතාමත් පහළ යැයි මූල්‍ය විශේෂඥයින් සඳහන් කළත් දියුණු වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනයට අවශ්‍ය හදිසි යටිතල පහසුකම් ගොඩනැගීමට ප්‍රමාණවත් තරම් මුදල් මෙම ආයතන තුළින් නොලැබෙන බව චීන වාණිජ මණ්ඩල ප්‍රකාශකවරයාගේ අදහසයි. මෙවැනි ණය මගින් පසුගිය කාලයේදී ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතින රටවල යටිතල පහසුකම් ගොඩනැගීමට අවස්ථාව ලැබුණු බව සඳහන්ය.

චීන ණයවල පොලී අනුපාතය ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ ඇතැම් ඉහළ පුද්ගලයින් විසින් කරන චෝදනා හේතුවෙන් ලංකාව කෙරෙහි චීන බැංකු තුළ තිබෙන විශ්වාසය බිඳ වැටීමටත් ඔවුන් අධෛර්යමත් වීමටත් හේතුවනු ඇතැයි මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. -adaderana.lk/biz

[4]. ඒ අනුව තවත් යහපාලන බොරුවක් අතේ පත්තු වීම සිදුවුණා.

[5]. හැබැයි මෙහි ප්‍රතිඵලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.

(i). අධිවේගී මාර්ග වලට කලියෙන් චීනයට පළ නොකියා පළා බෙදුවේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙනුයි. චීන පෝර්ට් සිටි ව්‍යාපෘතියට වත්මන් යහපාලන ආණ්ඩුවෙන් අකුල් හෙලීමත් සමග චීන තානාපති තුමා රාජ්‍යත්‍රාන්ත්‍රික භාෂාවෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් සිදුකළා.
"If you loose this chance, in the coming hundred years no body - no investors will give you a chance to build such a beautiful city complex"



(ii). ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය බිඳගත් චීනය, ඩොලර් බිලියන 46 ක (රු. 5,980,000,000,000.00) ආයෝජනයකින් සුපිරි අධිවේගී මාර්ගයක් පාකිස්ථානයට ලබා දුන්නා.  මූලාශ්‍රය. සම්පූර්ණ පුවත පහතින්.
අපි චීනයට පලා බෙදද්දී චීන ජනපති පාකිස්තානයට සුපිරි අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ගෙනෙයි

පසුගිය රජය සමයේ මෙරට අධිවේගී මාර්ග අතුළු යටිතල පහසුකම් ගොඩනැගීමේ ප්‍රමුඛයාව සිටි චීනය ඩොලර් බිලියන 46 ක ආයෝජනයකින් පාකිස්තානය සහ චීනය යාකරන දැවැන්ත අධිවේගී මාර්ග සහ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් සිදුකිරීමට ගිවිසගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීන ජනාධිපති සි ජින්පින්ග් මහතා මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් කළ බවයි.

මෙම දැවැන්ත ආයෝජනය මගින් චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව නැමති යටිතල පහසුකම් ජාලය ගොඩනැගීමට නියමිත අතර එයට අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග ජාලයක් ඇතුළත් බව සඳහන්ය. මෙම මාර්ග ජාලය පාකිස්තානයේ Gwadar සිට චීනයේ බටහිර Xinjiang කළාපය දක්වා කිලෝ මීටර් 3000 ක පමණ දුරක් දිවෙනු ඇතැයි වාර්තාවේ.

මෙම ව්‍යාපෘතිය මගින් චීනයට ඉන්දියානු සාගර කළාපයට සෘජු ප්‍රවේශයක් ලැබෙනු ඇති බවත් මධ්‍යම සහ දකුණු ආසියානු කළාපය කෙරෙහි චීනයේ බලපෑම මේ තුළින් දැඩිවනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර තිබේ.

චීනය විසින් සිදුකිරීමට නියමිත ඩොලර් බිලියන 46 ක මෙම දැවැන්ත ආයෝජනය 2008 වසරේ සිට පාකිස්තානයට ලැබුණු සමස්ත සෘජු විදේශීය ආයෝජන ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් පමණ වැඩිබව වැඩිදුරටත් වාර්තා වේ.

චීනය විසින් ලංකාවේ සිදුකරන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති නැවතත් ඇගයීමට නව රජය කටයුතු කර තිබෙන අතර මේ වනවිට ලංකාව කෙරෙහි චීන ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය බිඳ වැටී ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.
- adaderana.lk/biz

(iii). පහත දැක්වෙන්නේ චීනය විසින් පාකිස්ථානයේ උතුර දකුණ  යා වෙන පරිදි ඉදි කරන අති දැවැන්ත අධිවේගී මාර්ගයේ සිතියමයි.

dadadafd[1]

(iv). යහපාලනයෙන් අපට ලැබුණ (අහිමි වුණ) අපමණ අගය තමයි ඒ.

[6]. රාජපක්ෂ පාලනයට නිග්‍රහ කළ යහපාලන ආණ්ඩුව, චීනය සමග සාකච්ඡා සඳහා ගෙන ගියේ මෛත්‍රීපාල ජනපති පුත් දහම් සිරිසේන මහතාවයි. දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ ප්‍රතිඵල ඔබට පැහැදිළි ඇතැයි අපි සිතනවා.

daham

යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.