Mahinda Rajapaksa: ජොන්ස්ටන්ව සිරගත වූ ඇත්ත කතාව. මෙන්න බැංකු වවුචර්.

Tuesday, May 5, 2015

ජොන්ස්ටන්ව සිරගත වූ ඇත්ත කතාව. මෙන්න බැංකු වවුචර්.

[1]. අවතැන් වූ පවුල් වලට වියළි ද්‍රව්‍ය ආධාර වශයෙන් බෙදා දීම සඳහා, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යටතේ සිටි ලේකම් වරයෙක් ණය පදනම මත ලංකා සතොසෙන් භාණ්ඩ මිලදී ගෙන තිබෙනවා.

(i). එම ණයට භාණ්ඩ ගැනීමේ ක්‍රියා පටිපාටිය සිදුවූයේ සම්පූර්ණයෙන්ම අදාල නීති රීති අනුවයි. ණයට භාණ්ඩ ගැනීමේදී නීත්‍යානුකූල ලෙස ඉන්වොයිස් නිකුත් කිරීමත් සිදුවුණා.

(ii). පොරොන්දු වූ පරිදි එම ලේකම් වරයා විසින් අදාල ණය පියවීමත් සිදුකර තිබෙනවා. අදාල ගෙවීම් වලට සම්බන්ධ බැංකු වවුචර් වල ඡායා පිටපත් පහතින්. එම ඡායා පිටපත් සත්‍යාපනය කිරීම සඳහා මහේස්ත්‍රාත් මුද්‍රාව සහිතයි.

11

12

13

14

15

16

17

 

(iii). කෙසේ නමුත් අදාල බිල්පත් පියවීමෙන් පසුව, ලංකා සතොස තොරතුරු පද්ධතිය එම ගණුදෙනුව සම්බන්ධයෙන් "අප්ඩේට්" කිරීම සිදු කර නෑ. අදාල නිලධාරීවරයාට ලැබුණ ඉහළ නියෝගයක් ඊට හේතු වී තිබෙනවා.

(iv). එම නිලධාරීවරයාට ඉහළින් ලැබුණ නියෝගය වන්නේ, අදාල ලේකම් වරයා ලබා ගත් ණය භාණ්ඩ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඇති බවත් එනිසා මුදල් ලැබුණ බව "අප්ඩේට්" නොකළ යුතුයි කියලයි. නමුත් මනෝජ් නැමැති ගණකාධිකාරීවරයා පැහැදිළිවම පවසනවා ලංකා සතොසෙන් එවැනි පැමිණිල්ලක් කර නොමැති බව.

(v). විගණන වාර්තාව සැකසෙන්නේ තොරතුරු පද්ධතියේ සටහන් ගණුදෙනු අනුව නිසා විගණන වාර්තාවේ අදාල මුදල් පියවා නැති බවට පෙන්වීමට ඔවුන්ට අවශ්‍ය වුණා.

(vi). ඒ අනුව මිත්‍රවරුණි ඔබට පැහැදිළි ඇති, මෙහිදී සිදුවන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව සිර ගත කිරීම සඳහා පොටක් පාදා ගනීමට කරන ලද ගැටයක් බව. එනම් ඔහු මුදල් පියවා තිබුණත් එය නොකළ බවට අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීම සඳහායි.

 

[2]. ජොන්ස්ටන් කෙරෙහි වෛරය.

(i). එක්සත් ජාතික පක්ෂය සමයේ කාබාසිනියා කර විකුණා දමනු ලැබූ සතොස නැවත ලාභ ලබන ආයතනයක් ලෙසට ගොඩනගනු ලැබුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසිනුයි.
Sathosa records Rs 47 m profit. source: dailynews.lk

z_fin350[1]

(ii). නමුත් එදා සතොස කාබාසිනියා කර විකුණූ අය යහපාලනයේ නාමයෙන් අද ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහලම තැන වැජබෙනවා.

(iii). සතොස ගොඩ ගත් ජොන්ස්ටන්ව සතොස සම්බන්ධ කරගෙනම මඩ ගැසීමට යහපාලකයින්ට අවශ්‍ය වුණා. ඒ අනුවයි සතොසේ සිටින එජාප හිතවාදී ඉහළ නිලධාරීන්වත් සම්බන්ධ කරගෙන මෙම දීර්ඝකාලීන සැලසුම ගොඩනගනු ලැබුවේ.

(iv). එසේම පසුගිය ජනාධිපතිවරණයේදී හිරු ටීවී සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව රන්ජන් රාමනායක දිගට හරහට කරන ලද මඩ ගැසීම් වලට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කට උත්තර නැති වෙන්නම පිළිතුරු දුන්නා. එහි වේදනාව තවමත් එජාප නායකයින්ට තිබෙන බවක් පෙනී යනවා.

 

[3]. ජොන්ස්ටන්ව සිරගත කිරීමේ සැබෑම හේතු මෙලෙසයි.



(i). පසුගිය කාලයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව එජාපයේ ෆේස්බුක් මඩ පිටු ඇතුළු එජාප මාධ්‍ය වලින් කෑ ගැහුවේ "එතනෝල්" සම්බන්ධයෙනුයි. නමුත් දැන් එතුමාව අත් අඩංගුවට ගත්තේ කිසිදා නොකියපු සතොස ගණුදෙනුවක් මතයි. අපි අහනවා "කෝ එතනෝල් චෝදනා වලට මොකද වුණේ?" කියලා.

(ii). මැයි 8 වැනිද මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කුරුණෑගල ජන රැළිය පැවැත්වෙනවා. එය කඩාකප්පල් කිරීමට හිතාගෙන තමයි, රැළියට දින කිහිපයක් තියලා කුරුණෑගල මන්ත්‍රීවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගන්නේ. මන්ත්‍රීවරුන්ව අත් අඩංගුවට ගත් විට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇති ජන රැල්ල නැති වේවි කියල එජාපය සිතාගෙන සිටිනවා.

(iii). මැයි 6 දින මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසෙන මහතා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වෙනවා. එය කඩාකප්පල් කිරීමත් මෙහි තවත් අරමුණක්.

(iv). කුරුණෑගල මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට සිටින ප්‍රබලතම අභියෝගය තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා. ජොන්ස්ටන් මහතා වටා මහින්ද පාක්ෂිකයින්ටත් අමතරව සම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයිනුත් සිටීම ඊට හේතුවයි. ඒ වගේම කුරුණෑගලින් දිනන්නනම් සාමාන්‍යයෙන් මනාප ඡන්ද 75,000 ක් වත් අවශ්‍ය වෙනවා. ඉතින් පාසල් වල නම් වෙනස් කිරීම හැරුණ විට කළ දෙයක් නොමැති අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතාට අවශ්‍ය වූයේත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව සිර ගත කිරීමයි.

ranil-wickramsinghe+akila-viraj

(v). අවසාන වශයෙන් බලන කල එජාපයට අවශ්‍ය වී ඇත්තේ විරුද්ධවාදීන් සිරගත කර මාධ්‍ය සංදර්ශනයක් පෙන්වීමයි. එමගින් මහින්ද රාජපක්ෂ මහතාට අපකීර්තිය එල්ල කිරීම ඔවුන්ගේ අරමුණයි.

 

[4]. ජොන්ස්ටන්ව අත් අඩංගුවට පත් වුණ ආකරය මෙලෙසයි.

(i). එතුමාව අත් අඩංගුවට ගැනෙන්නේ "පොලිස් මූල්‍ය අපරාධ ඒකකය" විසින්.

(ii). පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පිහිටුවන ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි.

(iii). එය පිහිටුවීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් වී නැති බව එතුමාම පවසා තිබෙනවා.
"පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය"නමින් ඉකුත් පෙබරවාරි මස 13 වන දින නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් පොලිස් ඒකකක් පිහිටුවීම තමා නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා තිබේ." මූලාශ්‍රය: adaderana.lk

(iv). දැන් පැහැදිළියි විරුද්ධවාදීන්ව අත් අඩංගුවට ගැනීම සඳහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ඒකකය පිහිටුවන බව.

(v). උසාවියේදී අදාල ප්‍රශ්නකිරීම් සිදුවෙද්දී පැමිණිළි කූඩුවට එක පොදියට පොලිස් නිලධාරීන් 8 දෙනෙකු පමණ පැමිණියා. ඔවුන්ගෙන් දෙදෙනෙක්ම ජේෂ්ඨ පොලිස් නිලධාරී වරුන්. ඊට අමතරව තවත් පොලිස් නිලධාරීන් 30 ක් විතර අසුන් ගෙන සිටියා. පොලිස් නිලධාරීන් 38 ක් පමණ යොදවාගෙන ආණ්ඩුවෙන් සංවිධානාත්මකව සිදුකරන ලද අත් අඩංගුවට ගැනීමකුයි මේ.

(vi). ගිහාන් පිලපිටිය මහතා යටතේ අදාල විභාගය සිදුවෙද්දී, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශවයේ නීතීඥයින් විසින් උපක්‍රමික ලෙස කරුණු දැක්වූයේ අදාල ගෙවීම් වලට අදල බැංකු වවුචර් පත් තමන් සතුව ඇති බවක් පවසන්නේ නැතිවයි. එහෙත් විනිශ්චකාරවරයා තීන්දුව දෙන්න ආසන්න වෙද්දී එක් විටම වවුචර් පත් ඉදිරිපත්කරනු ලැබුවා. ඒත් සමගම පැමිණිලි පාර්ශවයේ පොලිස් නිලධාරීන් අන්දමන්ද වුණා. එවිට විනිශ්චකාරවරයා පැවසූයේ නඩුව නඩුව කුරුණෑගල අධිකරණයට මාරු කරන බවයි.

 

[5]. ජොන්ස්ටන්ව අත් අඩංගුවට ගැනීමේ පූර්වාදර්ශය ඉදිරියේදී ඉතාමත් භයානක ප්‍රතිඵල ඇති කරන්නක්.

(i). සතොසේ අදාල ණය මුදල් පියවීමෙන් පසු ගෙවීම් වලට අදාල බැංකු වවුචර් පත් තිබියදීයි අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.

(ii). ඒ අනුව මීට පෙර ලංකා බැංකුව, මහජන බැංකුව, ආදියෙන් ණය ලබා ගෙන එය ගෙවීම මදක් ප්‍රමාද වී පසුව ගෙවූ අයවත් අත් අඩංගුවට ගැනීමට මෙමගින් පූර්වාදර්ශ ලැබී තිබෙනවා.

 

යහපාලනයේ අන්ත්‍රාව යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.