මෙහිදී රාජ්ය පාලනයට අදාල කිසිවක් ගැන සාකච්ඡා වුණේ නෑ.
සංවාදයට බඳුන් වූයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයට අදල කාරණා කිහිපයක් ගැනයි. එහිදී
(i). ශ්රීලනිපයේ බෙදීම් වළක්වා ගැනීම.
(ii). ශ්රීලනිපයේ ඉදිරි අගමැති අපේක්ෂකත්වය.
(iii). ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීම
(iv). අපේක්ෂකයින් සඳහා නාමයෝජනා ලබාදීම
ආදිය ගැන විශේෂයෙන් අවධාරණය කෙරුණා.
එකඟතාවයන් ගැන දෙපාර්ශවයම තෘප්තිමත් නොවුණත් කතාබහ සුහදව අවසන් වුණා.