[1]. ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ප්‍රකාශයක් සටහන් කරගනීමට නියමිතව ඇත්තේ "සිරිලිය සවිය" සම්බන්ධයෙනුයි.
[2]. එජාපය මගින් එතුමියට කර ඇති චෝදනාව වූයේ "සිරිලිය සවිය" බැංකු ගිණුමේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත් අංකය 222222222V යනුවෙන් සඳහන් වීම යි.
[3]. "සිරිලිය සවිය" පුණ්‍යාධාර සංවිධානය සඳහා මහජන බැංකුව විසින්ම ගිණුමක් ආරම්භ කරන ලෙස, සිරිලිය සවිය පුණ්‍යාධාර ආයතනය වෙත ආරාධනා කර ඇත. එනම් ඕනෑම වාණිජ බැංකුවක් කැමතියි තමන් ගාව වැඩි මුදලක් තැන්පත් වෙනවාට. ඒ අනුව මහජන බැංකුව විසින් ස්වෙච්ඡාවෙන්ම අදාල සිරිලිය සවිය ගිණුම විවෘත කර දෙයි.
(i). ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත අස්ථානගතව තිබූ බැවින් තම විදේශ ගමන් බලපත්‍රය මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවට ලබා දී තිබුණි. සෙසු බලධාරීන් දෙදෙනා තම ජාතික හැඳුනුම්පත් වල පිටපත් ලබා දී තිබුණි. අදාල පුද්ගලයින් තිදෙනාගේම නම් සහ ලිපිනයක් නිවැරදිව සඳහන්ව ඇතත් බැංකුවේ පරිගණක පද්ධතියට ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමේදී යම්කිසි අතපසුවීමක් සිදුව ඇති බව පෙනේ.
(ii). ජාතික හැඳුනුම්පත් අංක එලෙස සටහන් කිරීම තමන් අතින් සිදුවූ අතපසු වීමක් ලෙස සඳහන් කරමින් මහජන බැංකුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යවා ඇති බව අපට වාර්තා වී ඇත.
[4]. "සිරිලිය සවිය" යනු මූල්‍යමය හැකියාවක් නොමැති රෝගීන්ට, ළමයින්ට සහ කාන්තාවන්ට පිහිට වීමේ පුණ්‍යාධාර ආයතනයක්.
(i). එම ආයතනයේ අරමුදලට කැමති දානපතියෙකුට ආධාර කිරීමට පුළුවන්.
(ii). ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකළාට එමගින් වන සේවය ගැන දානපතීන් බොහෝ අය දැනුවත්. ඒ නිසා එලෙස විශාල ආධාර මුදලක් රැස් වී තිබේ.
(iii). එලෙස එක් රැස් වෙන මුදලෙන් මේ වන විට සමාජයේ දස දහස් ගණනක් උපකාර අවශ්‍ය වූවන්ට කර ඇති සේවය අතිමහත්. මුදල් නොමැතිව වෛද්‍ය සැත්කම් කරගැනීමට නොහැකි වූ රෝගීන්ට මුදල් ආධාර ලබා දීම, ගැබිනි මව්වරුන්ට අදාල වියදම් දැරීම, ආබාධිත අයට රෝදපුටු, ප්ලාස්ටික් කකුල් සහ කකුල් කරු/අත්වාරු ලබා දීම, ඇස් කණ්නාඩි වල සිට අක්ෂි කාච දක්වා ලබා දීම, නොමිලේ ක්‍රියාත්මක සිරිලිය සවිය ගිලන් රථ සේවාව, රෝහල් වලට එම් ආර් අයි ස්කෑනර් ලබා දීම, පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ ලබා දීම, රෝහල් ගොඩනැගිලි ඉදි කර දීම, රෝහල් වලට එන්නත් සහ ඖෂධ ලබා දීම, දැඩි සත්කාර ඒකකය සඳහා අවශ්‍ය විදුලියෙන් ක්‍රියා කරන ඇඳන් ලබා දීම ඒවායෙන් කිහිපයක් පමණයි. මේවායේ තවත් පින්තූර සහ විස්තර ඉදිරියේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වේවි.
[5]. නමුත් මිත්‍රවරුණි, මේ වන විට ආණ්ඩුවේ නියෝග පරිදි සිරිලිය සවිය ගිණුම සීල් කරල යි ඇත්තේ. ඒ අනුව එමගින් ආධාර ලබන රෝගීන්ට මුදල් නොලැබෙන නිසා තම වෛද්‍ය ප්‍රතිකාර කරගත නොහැකිව ඔවුන් පත්ව ඇත්තේ ඉතාමත් කණගාටුදායක අසරණ තත්ත්වයකටයි.
උදාහරණ ලෙස මෑතකදී එක්තරා දරුවෙක්ව සිරිලිය සවිය විශාල මූල්‍යාධාරයක් සහිතව චීනයට යැවුයේ අවයව දෙකක් පිහිටා තිබීම නිසා සැත්කමක් මගින් එකක් ඉවත් කර එම දරුවාව ප්‍රකෘති කිරීමටයි. එවන් ආකාරයේ පිහිටීම් හිටපු දරුවන් ලෝකයටම 6 දෙනයි ඉඳලා තියෙන්නේ. මේ දරුවා මාස ගණනාවක් චීනයේ හිටපු අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවට පැමිණි පසුව අදාල මිල අධික ඖෂධ වලට වැය වන වියදම් සිරිලිය සවිය ගිණුමෙන් නොලැබෙන නිසා දරුවාගේ ජීවිතය මහත් අවදානමකට ලක් වී තිබේ.
[6]. මහජන බැංකුවේ Data Enter කිරීමේ අතපසුවීමක් යොදාගනිමින් හිටි ගමන්ම ශිරන්ති රාජපක්ෂ මැතිණියව FCID එකට කැඳවමින් හිර කරන්නට හදන්නේ එමගින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අයට පීඩනයක් එල්ල කර ඉදිරියේදී මාතරදී පැවැත්වීමට නියමිත රැළිය කඩාකප්පල් කිරීම සඳහායි.
[7]. මේ වෙනකොට මනුෂ්‍ය සමාජය කොතරම් පිරිහිලාද කියනවානම්, පාරේ මිනිසෙක් වැටිලා පණ අදිමින් හිටියත් ඒ දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතිව හෙමින්ම මාරු වෙලා යන යුගයක් සමහර රටවල උදා වී තිබේ. මේ වීඩියෝව බලන්න. ඒක එහෙම වුණේ මිනිසාගේ ආත්මාර්ථකාමී කම නිසා පමණක් නොවෙයි, අනුන්ට උදව් කරන්න ගිහින් අන්තිමේදී මිනීමැරුම් චෝදනා වලට පවා අහු වේවි කියලා මිනිස්සු බියට පත් වී සිටින නිසයි. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන එවන් සිදුවීම් මේ ගෙන්දගම් පොළොවේ ජීවත් වෙන බොහෝ අය අහල දැක ඇත. ඉතින් මිත්‍රවරුණි, බැංකුවෙන් කළ අතපසුවීම් පවා පළිගැනීම සඳහා යොදාගැනීමෙන්, ඉදිරියේදී සමාජ ක්‍රියාකාරීන් සහ දානපතියන් අනුන්ට මුදලින් උපකාර කිරීමට පවා බිය වෙන තත්ත්වයකට නේද මේ සමාජය ගෙනියන්නේ?
මේවා කිසිවක් නොදැන චෝදනා කරන අයට ඇත්ත දැනගැනීමට Share කරන්න.