“යාපනයේ දූෂකයා මහින්දගේ ගෝලයෙක්” නැමැති UNP මඩේ බොරුව මාට්ටු.

[1]. පහත දැක්වෙන්නේ යාපනයේ පාසල් දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධිය මූලික කරගෙන එමගින් මහින්ද රාජපක්ෂ මහතාට කරන බරපතල චෝදනාවකුයි.

jaffna

[2]. “Ape Rata”  නැමැති ෆේස්බුක් පිටුවෙන් සහ ඔවුන්ගේ වෙබ් අඩවියෙන් පළ කළ එම චෝදනාව “LankaFocusNews” සහ “UPFA – A Brighter Future” නැමැති කුප්‍රකට යූඇන්පී මඩ පිටු වලත් පළ කර තිබෙනවා.

[3]. ඔවුන් කරන චෝදනාවට එකම මූලාශ්‍රය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින පුද්ගලයාගේ මුහුණේ හැඩරුවත්, ගස් බැඳ ඇති ස්ත්‍රීදුෂකයාගේ මුහුණේ හැඩරුවත් එක හා සමාන වීමයි.  එම නිමිත්ත පදනම් කරගනිමින් තවත් අතින් දැමූ වැල් වටාරම් සමග ඉහත චෝදනාව නගනවා.

[4]. එම පින්තූරයේ මහින්ද රාජපක්ෂ මහතා සමග දක්වා ඇත්තේ “Swiss Ranjan” නැමැති දමිළ ජාතිකයෙකුයි.

[5]. හැඩරුවෙන් එක හා සමාන වුනත් ඔහු එම අපරාධයට කිසිදු සම්බන්ධයක් නෑ. ඒ වගේම ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝලයෙකුත් නෙමෙයි. ඔහු PLOTE (ප්ලොට්) සාමාජිකයෙක්. ප්ලොට් සාමාජිකයින් ඩග්ලස් දේවානන්දා මහතාගේ EPDP පක්ෂයට එක්තු වීමත් ඉන් ඉවත් වීමත් කාලෙන් කාලෙට සිදුවුණා.

[6]. වෙන එකක් තියා Swiss Ranjan මේ වන විට ශ්‍රී ලංකාවේත් නෑ. ඔහු සිටින්නේ ස්විස්ටර්ලන්තයේ. ශ්‍රී ලංකාවේ නැති මනුස්සක් කොහොමද මේ අපරාධ කරන්නේ? අනික අපරාධකරුවන් අත් අඩංගුවට ගෙන අහවරයි.

[7]. පහත දැක්වෙන්නේ ඔහු ස්විස්ටර්ලන්තයේ සිට අප්ඩේට් කරන ලද ෆේස්බුක් ස්ටේටස් එක. මෙතනින් බලන්න. එහි පින්තූරයේ දැක්වෙන්නේ ස්ත්‍රී දූෂණයට සහ ඝාතනයට විරෝධය පාමින් ස්විස්ටර්ලන්තයේ කරනු ලැබූ සමුළුවක ඔහු කරන කතාවකුයි.

swiss ranjan

 

[8]. ඔහු ඉහත දමිළ භාෂාවෙන් පළ කළ සටහන Google Translate මගින් පරිවර්තනය කළ විට මෙලෙසයි.

What the hell is this ?? Ha … ha ..
Mukanulilum past two days to a few online websites Punguditivu Vithya misconception about me in connection with the murder of one individual involved, I took the photos of political leaders, Punguditivu Vithya involved in the murder of the film combined with the informations laid exists released.

Facebook ties Facebook friends told me about this; Vilakkamalikkumaru publicly asked for them, though. However, I’ve avoided it. Because “in the past thirty-five years of my political life cerupucum such diverse events as etirkontavan piraccinaiyakappat I did it.”

So we do not need to explain about this cerupucalkal wanted. Because of the “political kalppunarcciyinatum, hereby publishes regional tuvecattinatum carriers have been a reflection that” nothing difficult to understand.

I am not an elusive as well, in the morning and in the evening cuvisilum Punguduthivu standing next cuvicilum. If we can understand that it was necessary to understand correctly. This explanation, however, that according to many Facebook relationships anpukkattalai … (mukanulkalilum comments posted understand me support me with many thanks to anpullankal ..)

ඒ ගැන ෆේස්බුක් එකේ පළ වූ පින්තූරයක්.
10928990_1432876313686413_1460188408454364490_n[1]

 

[9]. මීට අමතරව දැඩි මහින්ද විරෝධී වෙබ් අඩවියක් වන ලංකාඊනිවුස් වෙබ් අඩවියටත්, ඉහත ස්විස් රන්ජන් යනු ස්ත්‍රී දූෂකයා නොවන බව පිළිගැනීමට සිදුවුණා.

“අත් අඩංගුවට ගත් දූෂක ඝාතකයා වන මහාලිංගම් සිවකුමාර් නමැත්තා යයි කියන පුද්ගලයෙක් මහින්ද රාජපක්ෂ සහ ඩග්ලස් දේවානන්දා සමග සිටින සේයාරුවක් අන්තර්ජාල මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළද එය අසත්‍යයකි. එහි සිටින්නේ ස්විට්සර්ලන්තයේ වෙසෙන දැඩි එල්ටීටීඊ විරෝධියෙක් වන ස්විස් රන්ජන් නමැත්තා ය.” මූලාශ්‍රය: lankaenews.com

ඒ ගැන ෆේස්බුක් එකේ පළ වූ පින්තූරයක්.
11059603_1138742952818317_2832613153802864517_n[1]

 

[10]. පිරිමියෙකුට බොරුවට එල්ල කරන ස්ත්‍රීදූෂණ චෝදනාවක් යනු පිරිමියෙකුව මරා දැමීමටත් වඩා දරුණු සිත් වේදනාවක් ඇති කරන්නක්. මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම සඳහා, සැබෑ ස්ත්‍රී දූෂකයාට මුහුණෙන් සමාන ස්විස් රන්ජන් ව මෙලෙස යොදාගෙන තිබෙනවා.  මොහොතකට ඔබ සිතා බලන්න, යම් හෙයකින් ස්ත්‍රී දූෂණයක් කළ අයෙකුගේ මුහුණට ඔබගේ මුහුණ සමාන වී ඔබට අන්තර්ජාලය පුරාම මෙලෙස මඩ එල්ල වුවහොත් ඔබ පත් වෙන අපහසුතාවය කෙතෙක්ද කියලා. නමුත් රු 1600 යේ පඩියට වැඩ කරන ඔවුන්ට කිසිදු මාධ්‍ය සදාචාරයක් හෝ සාරධර්මයක් නෑ. ඔවුන්ගේ එකම අරමුණ මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි. මහින්ද මහත්තයත් ඉතින් මහ මෙරක් වගේ ඉවසමින් මේවා දිහා බලන් ඉන්නවා.

හැකි තරම් Share කර මෙම සාපරාධී මඩ ගැසීම ගැන සියල්ලන්වම දැනුවත් කරන්න.

 

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

24 comments to “යාපනයේ දූෂකයා මහින්දගේ ගෝලයෙක්” නැමැති UNP මඩේ බොරුව මාට්ටු.

  • nishantha

    meka ara perethayama thamI MUN DEN uge muna wenas karanna hadanawa MARATA ME CHANDENUTH BADUMA BADUMA BADUMA THAMAI HEEEEEEEEEEEEEEEEEEEEEEEE

    • එජාප මඩ කරියන්ගේ මඩ වල සැබෑ තතු හෙළිවෙනකොට ගොඩක් වේදනාකාරීයි නේද?

      ඔබ පවසන පරිදි ස්විස් රන්ජන් යනු ස්ත්‍රී දූෂකයානම්, ඔහු ස්විස්ටර්ලන්තයේ ඉඳන් එම් අපරාධය කරන්න ඇති. https://www.facebook.com/photo.php?fbid=466227663551886&set=a.100434660131190.584.100004939680756&type=1

      අනික ඔහුගේ යාලුවන් දමා තියෙන ප්‍රතිචාරත් බලන්න. ඔහුව දන්න විශාල පිරිසක් සිටිනවා. එමගින් පුද්ගලයන් දෙදෙනෙක් බව පැහැදිළියි.

      තවදුරටත් එජාප මඩ ජනතාව පිළිගන්නේ නෑ. රනිල්ට මහ මැතිවරණෙටත් පොදු අපේක්ෂකයෙක්ව හොයාගෙන හිටියානම් හරි නේද හිටං?

    • Sarath Kanchana

      හරීන් ෆනෑන්ඩුගෙයි විමල් වීරවංශගෙන් දෙරන විවාදය මතක් වෙනවා.

      මෝඩ ටොයියන් ඇයි මෙච්චර නා ගන්න කැමති?

    • Ravi

      කුලියට වැඩ කරකොට මෙහෙම දාන්න වෙනවා, සල්ලි හම්බ කරන්න අම්ම උනත් විකුනයි කයි මේ වගේ හරක්.

    • Ravi Hora

      62 laks awe TNA eken ne yako ,,,nathanm ubalage pina iwari …. pakshenuth gahala elonawa… 20 years vipakshe idala dan mole vikaren kiyawanwa

  • Power

    මට නම් පේන්නෙ මේ ස්ත්‍රී දූෂණය මිනීමරු කොටියට හිතවත් පිරිසගේ ප්ලෑන් එකකට කරපු දෙයක්, මුං දැං දන්නවා මේ රට පාලනය කරන්නෙ රූකඩයක් කියලා,එම නිසා මේ ස්ත්‍රී දූෂණයක් හරහා නැවතත් ත්‍රස්තවාදය මේ රටේ ක්‍රියාත්මක කිරීමේ ඉතා රහසිගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලක් විය හැකියි.මොකද මෙවැනි වනචර ක්‍රියාවක් කොට එම සිද්ධිය මුල් කරගනිමින් මිනීමරු කොටියා එවුන්ට හිතවත් ක්‍රියාකාරීන් හරහා ද්‍රවිඩ ජනයා කුලප්පු කරමින් යාපනයේ පාසැල් පවා යොදා ගනිමින් එම ප්‍රදේශයේ පොදු දේපල වලට හානී කරමින්,ආරක්ෂක අංශ වලට පහර දෙමින් දැවැන්ත උද්ඝෝෂණ පවැත්වූයේ ඔය හේතුවටයි…එහෙම නැතිව මේ මියගිය තරුණියට තියන ආදරේට නෙමෙයි.ආදරේ තියන පිරිස හා එම අපරාධය කරපු වනචරයන්ට දඩුවම් දෙන්න කියා බල කරපු පිරිසකුත් ඉන්න ඇති,හැබැයි වැඩි දෙනෙක් හිටියේ බොරු මවාපෑමකට හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වලට තම බලය පෙන්වීමටයි.

    මේ ටික මේ කාළකන්ණි යමයන්ට නොතේරෙන එකයි පුදුමේ…නෑ නොතේරෙනවා නෙමෙයි, මුන්ට ඕන වෙලා තියෙන්නෙ වැස්සක් වැස්සත්,අව්වක් වැටුණත්,ගහකින් කොළයක් වැටුණත් ඒ දේත් වුණේ මේ මහින්ද නිසා කියලා කියන්ඩ.මොකද මේ වෛරී යමයන්ගේ තියෙන්නෙ තනිකරම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් කෙසේ හෝ පළිගැනීමේ චේතනාව පමණයි.”මරාට මේ ඡන්දෙදිත් බඩුම බඩුම බඩුම තමයි” කියා ඉහළින්ම කමෙන්ටුවක් දමා තිබෙන යමයගෙන් ම හිතාගන්ඩ පුලුවන්නෙ…

    බලමු මේ ඡන්දෙදි කාටද බඩු හම්බවෙන්නෙ කියලා, තොපිලා හිතුවද මෙහෙම ඡායරූපක් දාලා අපිව රවට්ටන්ඩ පුලුුවන් වෙයි කියාලා…ඒ කාලේ ගියා පුතෝ…අපි නම් ඒ කාලේවත් ඔය අමන වැඩ වලට රැවටුනේ නෑ..ඒ වගේම ඔය වගේ හෙණගහන වැඩ කරලා මේ රටේ බහුතර ජනයා තවත් රවට්ටවන්ඩ හිතන්ඩ එපා.මොකද තොපිලා මඩක් ගැහුවොත් තොපිලටමයි ඒ මඩ නාගන්ඩ වෙන්නෙ.

    මඩේ ලඟින අලිපැටවුන් නාවන්න ද මං
    ඕකුන්ගෙන් මොන ගජමුතු අරගන්න ද මං
    චපල සිරාට සිරියහනේ රැවටෙන්න ද මං
    එහෙම කලොත් නුඔ කියාවි….
    මෝඩ රනිලා මං

  • Upul Jayamaha

    Thank you!

  • ape janadipthi thumage nama katha karana ouna deyak mun karai

  • Suresh

    thamange amma wage thiyena ratata wina karana mun wage ewunta mewa weda nemei

  • Sarath Kanchana

    යාපනයේ සිදුවුන පාසල් දැරියගේ සමුහ දුෂණය සහ ඇය ඝාතනය කිරීමට සමබන්ධ පුද්ගලයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින ජායාරූපයක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු කරමින් ටොයියෝ ”මූත් මහින්දගේ එකෙක් යැයි කියමින්” සිගිති පහේ ආතල් එකක් ගනිමින් සිටියි.අදාළ ජායාරූපයේ චෝදනා කරන පුද්ගලයා ගැන මා වසර කිහිපයකට පෙර අසා ඇති සහ කියවා ඇති නිසා ඔහුගේ ජායාරූප යොදාගනිමින් ඔහුටත් ඔහු විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසාන සටනේදීත් සහ එයින් පසුවත් කරන ලද මෙහෙය අවතක්සේරුවට ලක්වන නිසා මෙම සටහන ලිවීමට තීරණය කලෙමි.

    ෆේස්බුක් හරහා හුවමාරුවන අදාළ ජායාරූපයේ සිටින පුද්ගලයාට මඩ ගැසීම නොව හරිනම් අප කළ යුත්තේ ඔහු කරන ලද කාර්යභාරයන්ට ස්තුතිය පුද කිරීමයි.එයට හේතුවන කාරණය ගැන කෙටියෙන් මෙසේ ලියමි,

    එම පුද්ගලයා වෙන කිසිවෙක් නොව මා මේ සටහන ලියනා මොහොතේත් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරමින් සිටින ”ස්විස් රංජන්” නැමැති ශ්‍රී ලාංකිකයායි.කොලබ වෙස්ලි විද්‍යාලයෙන් සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව රංජන් ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගිය අතර ඔහු යාපනයේ සිටියදී ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී.විදේශගතව සිටියදීත් ඔහු සිය දේශපාලන කටයුතුවල යෙදුන අතර.දමිළ ජනයාටත් මහා පිළිකාවක් වී තිබු ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය අවසන් කල 2009 අවසාන සටන සමයේ ශ්‍රී ලංකාව තුල ඒ සදහා බල කෙරෙන ජාතික සංවිධාන නිර්මාණය වුවා හා සමානවම රන්ජන් විසින් ස්විස්ටර්ලන්තයේ Gtv නම් දෙමළ සංවිධානය සාදාගනිමින් විදේශගතව නැගෙන Ltte හඩට පිළිතුරු ලබාදුන්නේ සැබෑ ශ්‍රී ලාංකිකක් බව පසක් කරමිනි.

    යුධ ජයග්‍රහණයෙන් පසු ජිනීවා හි ශ්‍රී ලංකාවට විරුද්ධව නැගෙන විරෝධය සමනය කිරීම උදෙසා රන්ජන් විසින් නිර්මාණය කළ මේ සංවිධාන මහත් මෙහෙයක් ඉටු කරන ලද අතර එහිදී ජිනීවා පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා,ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ,කෙහෙළිය රබුක්වැල්ල,පාලිත කොහොන වැනි අය සමග ඔහු ලබාගත් ජායාරූප අතරින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග සිටින ජායාරූපය පමණක් රැගෙන යාපනයේ සිද්දියේ සැකකරුට සමාන රුවක් ඇති රන්ජන්ව භාවිතා කරමින් ඔහුට සිදුකලේ අසාධාරණයක් යැයි සිතමි.

    අවසාන වශයෙන් මෙසේ ලියා තබමි.
    එම විකෘති පුවත නිර්මාණය කරන ලද,බෙදා හරින ලද,හුවමාරු කල සියලු දෙනාට කීමට ඇති දේ නම් එවන් උන් රන්ජන්ලාගේ මයිලක් තරම්වත් නොවටිනා බවයි !

    source: -දසුන් වානගුරු-
    2015.05.22

  • sayumi

    Apa Wadaath Danuwath Kirima Wenuwen Sarath Kanchana Soyurata Godak Sthuthi.Power Kiyana De Hariyatama Hari. Meka Hondin Hithaa Mathaa Plan Karala Kala Deyak Bawa Hondatama Pahadili.

  • Ariyarathna De Alwis

    ‍මේව‍ගේ ‍බොරු ‍ගොතන්න ‍මොන්ගල් මංගල ‍හොරිකඩ රෑනක් ම ‍යොදවල ති‍යෙනවා. ‍මේවට පිළිතුරු දීමට අපිත් එකමුතු වියයුතු බව තමයි මේ‍කෙන් පේන්‍නෙ. තනි තනි ව ‍මේ අවලාදවලට උත්තර ‍දෙන්න අමාරුයි. හැ‍මෝම එකා ව‍ගේ කර ගැහු‍වොත් ‍ටොය්යන්ට අබ සරණ ම තමා.

  • Sudharma

    මහින්ද රාජපක්ෂ මැතිදුනි ඔබ කවුද යන්න අපි දන්නවා! ඔබට මෙවන් දේවල් කිරීමටවත් කරවීමටවත් තරම් පහත් තත්වයක් නැහැ! අද අපි නිදහසේ ජීවත් වන්නේ ඔබට සහ රනවිරැවන්ට පින් සිද්දවෙන්නයි! අපගේ තිලෝගුරැ බුදුපියානන්ටත් මීට වඩා අපහාස චෝදනා විදින්න වුනා! කවදා හෝ මේ අපාරාද වලට ස්භාවධර්මයෙන් මොවුන්ට පිලිතුරැ දෙයි! අපි ඔබතුමා සමග සැමදාම ඉන්නවා! අපිට දරාගන්න බැරි ඔබතුමා අපට ගොඩනගා දුන් නිදහස් රට අපේ දරැවන්ට නැතිවයාදෝ යැයි යන වේදනාව දැනෙන විටයි!

    ඔබ තුමාට සාදා ජය!!!!!

  • kapila

    Mahinda.info itha hodin helidaraw kirima kala.Eth mathaka tiyaganna UNP mada yantharanaya meeta wediya balawath. E nisa puluwan hema shakthiyakma yodawala may ninditha mada prahara walata pilithuru deema wadath pulul karanna ona

  • Dinuu

    මෙවැනි සාපරාදී ක්‍රියා අප තරයේ හෙලා දකින අතර, රටේ සිදුවන හැම වැරද්දක්ම, මුලු රටක් ආදරය කරන, රටක් වටින අපේ මහින්ද මැතිතුමාට යොමු කරන්න හදන එක ඊටත් වඩා පහත් නින්දිත ක්‍රියාවකි. Power ගේ හැම comment එකක්ම අපි ආසාවෙන් කියවනවා. මර්සි එදිරිසින්හ ගේ ගීතයේ අලුත් පද ගැලපීම අපූරුයි. සරත් කාන්චන, ස්තුතියි රන්ජන් මයා ගැන කල පැහැදිලි කිරීමට. LTTE විරෝදියෙක් බව දැනගැනීම සතුටක්.
    Mahinda.info ට විශේශ ස්තුතිය පුද කරමු මේ පැහැදිලි කිරීමට.

  • RATA wenuwen

    මෙ සාපරාදි ක්‍රියාවලට පඩරැල් පාල මහතාගෙන් කිසිම නිවේදනයක් නැත්තේ දෙමල සන්දානයට මල්ලි බය නිසාද

  • Deshapremi

    Ranil pissu pusa.mada captain.Mahinda ape next agamathi.

  • swisshits

    5 Minutes ago i talked to ranjan on phone. He’s still in switzerland. All allegations against him are false. He fought very hard against the ltte and i met him many times in geneva, zurich.

  • Power

    Sarath Kanchana…ඇත්තටම අයියේ ඔබ මේ තොරතුරු සොයා දීම පිළිබඳ ඔබට බෙහෙවින්ම ස්තූතියි වන්ත වෙනවා..මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමාට ජනාධිපතිවරණයට පෙර අතුවත් යමයෝ කළ බොරු අතේ පත්තුවෙන බේගල් වලට මෙවැනි පිළිතුරු ලැබුණානම් යමයෝ මේ සමාජයට ගෙනා එම මඩ ප්‍රචාර කෙතරම් සමාජ ගත කරත් එය නිකම්ම පුස්සක් බවට පත් වෙනවා.අවාසනාවකට එම කාළවකවාණුවේ මෙවැනි වෙබ් අඩවියක් තිබුණෙත් නෑ, ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාට එල්ල වෙන මඩ ප්‍රහාර වලට ප්‍රති පිළිතුරු දීමටත් එතරම් උනන්දුවක් දැක්වූයේත් නෑ…හැබැයි දැන් යමයන්ට එහෙම සෙල්ලං දාන්ඩ හම්බවෙන්නෑ..එහෙං දෙනකොට මෙහෙනුත් දෙනවා ඇටි හැලෙන්ඩ.

    Syumi, Dinuu, RATA wenuwen හිතවත් මිතුරු මිතුරියණි..ඔබ සැමගේ කමෙන්ටුත් ඉතා අගනා හා ඉතාම බලවත්..ඔබ සැමත් පුලුවන් සෑම මොහොතකම Mahinda.info වෙත පියනඟන්න කියා මම ආරාධනා කරනවා.ඒ වගේම Dinuu ඔබ කියා තිබෙනවා මර්සි එදිරිසිංහ මහත්මියගේ ගීතය ගැන…මම ඇත්තටම ඒ වගේ දේවල් ලියන්නෙ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැඩි සිත් වේදනාවකින් සිටිනවා කියා මෙතුමන්ලා කියා තිබෙනවා, එම නිසා එතුමාගේ සිතට විහිලුවක් කළ හෝ යම් සහනයක් ගෙන දීමේ අරමුණ ඇතිවයි මෙවැනි දේ කරන්නෙ.

    ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි…

  • dinuu

    රට වෙනුවෙන්, කොහෙද ටික දවසක් හැන්ගිලා හිටියේ? අපි මග බලා හිටියා අද එයි හෙට එයි කියලා. නැවත ඔබේ comment දැකීම සතුටක්.

  • Rohana Prabath Ramachandra

    I wish we had this site prior to 8th Jan 2015. We could have saved a lot of young voters from getting brainwashed by mud websites which did lot of harm to the former president.

  • මේ වගේ පහත් වැඩ කරන පුත්ගලයන්ව කුමන ක්රමයකින් හෝ නිතියේ ඉදිරියට කැදවා දඩුවම් ලබා දිය යුතුය.

  • banuka mahesh

    Power ge kathawa 100% niwaradi. Thank you.

Leave a Reply