ගාල්ල සයිබර් හමුව ජූනි 6 දින.

මැයි 30 දින ගාල්ලේදී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාත් අන්තර්ජාල ක්‍රියාකාරීන් සඳහා වන සයිබර් හමුව නොවැළැක්විය හැකි හේතුවක් මත ජූනි 6 දිනට කල් ගොස් තිබේ. එලෙස දිනය වෙනස් වීම නිසා අපහසුතාවයට පත් වූ ඔබ සියලුම දෙනාගෙන් අප, අදාල සංවිධායකවරයා වෙනුවෙන් සමාව ඉල්ලා සිටින්නෙමු.

සමුළුවට සහභාගී වීම සඳහා ඔන්ලයින් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව අදාල සංවිධායකවරයා විසින් අප වෙත දැනුම් දී ඇත. සමුළුව පවත්වන ශාලාවේ ඉඩකඩ සීමිත වීමේ හේතුවත්, විශාල පිරිසක් රැස් වීමෙන් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් අති විශාල පරිශ්‍රමයක් දැරීමට හේතු වීමත් මත, අන්තර්ජාලයේ වැඩිම කාර්යභාරයක් සිදුකරන ක්‍රියාකාරීන් හට ප්‍රමුඛතාවය දීමට සිදු වන බව වැඩිදුරටත් දන්වා තිබේ. ඒ අනුව ඊට සහභාගී කරගන්නා සියලුම දෙනාට දුරකථන මාර්ගයෙන් ඉදිරි දින කිහිපය තුළ ස්ථානය සහ වේලාව දැනුම් දෙනු ලැබේ.

නමුත් උක්ත හේතු මත ඊට සහභාගී කරගැනීමට නොහැකි වන අය ඇතුළු ඔබ සැමට ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් විශාල සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to ගාල්ල සයිබර් හමුව ජූනි 6 දින.

  • RATA wenuwen

    මේ හමුව ඉතාමත් ,වැදගත් සන්දි මද්යස්තානයක් වෙනවා නොඅනුමනයි,එහෙත් ඔය අස්සට මඩ කරියන්ද අතුල්වන්න බලාවි, උරාගෙ මාලු උර පිටම කපන්න ලැස්තියෙන් උන් එන්න බැරි නැහැ.එනිසා හොද අරක්ශක අන්ශයක් ඒ වෙනුවෙන් යොදන්න .
    මේ අප්‍රතිහත උත්සහායට හිසනමා අශිර්වාදය කරමි.
    ජයවේවා!

  • RATA wenuwen

    එඩිටර් මහතාණෙනි,
    අප කටයුතු ඉදිරියටම ගෙන යන්න,
    සයිබර් හමුව වැදගත් බව පිලිගන්න.
    හිතවත් අයට ඒ වෙනුවෙන් පැමිණෙන්න,
    නොහැකි වුවොත් පිළියම ගැන දන්වන්න.

    මහින්ද මහතා වෙනුවන් දක්වන සහයෝගයට ස්තුති පුර්වකව ජය පැතුම්.

  • වසන්ත

    ඔබලා බොහෝ පරක්කු වැඩි බව ඉතාම කණගාටුවෙන් කියමි. මේ ඉතාම වේදනාවෙන් පවසන්නේ මහින්ද මහතා පසුගිය ආණ්ඩුවෙනුත් කලේ ඔහුට ආදරය කරන ය නොදැන මර්වින්ලා වගේ අමන්යොත් එක්ක වැඩ කල එක. එදත් අපි ඇඩුවා වැළපුනා. වැඩක් උනේ නැ. අදත් එහෙමයි චන්දෙ පැරදුන කලේ මගේ සල්ලි වලින් මම කරපු රට වෙනුවෙන් අපි පිටුව ගැන ඔයාලට කිවා එත් වැඩක් උනේ නැ දැන් ඒක බ්ලොක් කරලා. මම කලින් කිව්වා රනිල්ලා ඔයාලට වඩා වේගෙන් යනවා කියලා සමහර විට තව දුරටත් මට යම් උදව්වක් නොලැබුනොත් මේ සියල්ලෙන්ම සමුගන්නවා. මේ වගේ තනියම මහින්ද මහතා වෙනුවෙන් වැඩ කරන අය අයින් උනාම මහින්ද මහතා කන අයට හොදයි. නැවතත් ඔහුව විනාශ කරන්න ඕනෙනම් ඔහොම යන්න.

    • ඇත්තටම ඔබ වැනි හිතවතුන් කරන සේවය වෙනුවෙන් අපි බෙහෙවින් කෘතවේදී වෙනවා. අපත් ඔබ මෙන්ම ස්වෙච්ඡාවෙන් එතුමාට සහයෝගය දක්වන අය. පසුගිය ජනාධිපතිවරණයේදී අපි එතුමගෙ කැම්පේන් එකේ නෑ. ඒ කාලේ එතුමට එරෙහිව යන මඩ වලට පිළිතුරු නොලැබෙන බව මා දුටුවා. එනිසයි බොහොම අමාරුවෙන් එතුමව සම්බන්ධ කරගෙන එතුමගෙන් අවසර අරන් අපේ පුද්ගලික සල්ලි වලින් මේ වෙබ් සයිට් එක කරන් යන්නේ.

      ඉතින් අන්තර්ජාල හමුවේ වැදගත්කම ගැන අපට හැකි උපරිමයෙන් සංවිධායක වරුන්ට කරුණු දැක්වූවා. නමුත් අපි දැන් සිටින්නේ විපක්ෂයේ. (විපක්ෂයේ කියන එකත් කොතරම් ගැලපෙනවාද දන්නේ නෑ). එනිසා ප්‍රසිද්ධියේ කිව නොහැකි තවත් බරපතල ප්‍රශ්න ගණනාවක් ඇති වූ බව අප වෙත දැනගන්නට ලැබුණ නිසයි කල් ගොස් ඇත්තේ. නමුත් ජූනි 6 වැනිදා අනිවාර්යයෙන්ම එය පැවැත්වේවි.

    • මහසොහොන් පිල්ලිය

      රටට ආදරේ බලවේග , විශේෂයෙන් පන්සල් සහ ස්වාමින් වහන්සේලා මහින්ද මහත්තයා වැටිච්ච හැම වෙලේම (2004-2005 , 2010 , වර්ථමානයේ ) ඔහුව උඩිං තියන්න බොහොම මහන්සි වෙලා වැඩ කරා. ඒ අවස්ථාවල දුර්ජන අවස්ථාවාදී පිරිස් හැම වෙලේම හිටියේ විරුද්ධ පක්ෂයේ , විවේචනය කර කර , මඩ ගගහ. නැත්නම් පැත්තක් අල්ලං අවස්තාවාදිව වෙන දේ බලාගෙන.

      එතුමා නැගිටලා ආපු හැම වෙලේම කරේ තමන්ට උපකාර කල දේශමාමක පිරිස් අයිනට දාල , එම දුර්ජනයන් , බඩගෝස්තර වාදීන් ලං කරගෙන උන්ට තනතුරු , තානාන්තර දෙන එක. නිතිය විකුර්ති කරලා උන්ට පැන යන්න අවස්තාව දීම. ( මෙහෙම ස්වයං විවේචනයක් කරේ මහින්ද මහත්තයා මයි ඔන්න) මම නං කියන්න කැමති නැහැ , නමුත් කැලණියේ දුටුගැමුණු චර්යාව , විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී චර්යාව , කුඩු කන්ටේනර් අගමැති චර්යාව ගැන දන්නෝ දනිත්. මෙවරත් එය එසේ නොවේවී යයි කීමට දේශමාමක අප හට ඇති ගරන්ටිය කුමක්ද ?

      ඔබ පවසනවා “බොහොම අමාරුවෙන් එතුමාව සම්බන්ධ කරගන්න සිදු උනා” කියල. දෙයියනේ , තමන්ට උදවු කරන්න හදන මිනිහෙක්ට ඔහුට සමීප වෙන්න එච්චර අමාරු වෙන්න වීම කෙතරම් අභාග්‍යයක්ද !! ඔබ දුටුවද සිරිකොතේ මඩ මාධ්‍ය ජාලය සහ UNP ප්‍රභලයන් අතර ඇති සමීප සම්බන්ධතාවය ?

      • ඔබ පැවසූ දෙදෙනාටම දෙන්නටම මනාප විශාල සංඛ්‍යාවක් තිබුණා. ඔවුන්ට දඬුවම් දුන්නානම් ඔවුන් ඊට කළින් යූඇන්පියට පනිනවා. ඔය දැන් යහපාලනයත් එක්ක ඔවුන් සුවසේ සිටින්නේ. කේපී කරුණා දුමින්ද මර්වින් ගැන කියපුවා මේ වෙද්දී කාටවත් මතක නෑ. ඔවුන් සුවසේ යහපාලනය භුක්ති විඳිනවා. පහුගිය කාලේ ට්‍රැෆික් පොලිස් නිලධාරියෙකුට පහර දී ඔහුගෙ කාර් එකත් ගිණි තිබ්බා කියල එජාපෙන් මහා සද්දයක් දාපු මන්ත්‍රීවරයට ඊයේ ඇමති කමක් ලබා දුන්නා. ඕක තමයි දේශපාලනයේ හැටි. එතුමා ඒ බව දන්න නිසා වෙන්න ඇති කැළණියේ ගැමුණුව එලවා නොදැමුවේ. නමුත් එයම පරහට හිටියා. එනිසා ඉදිරියේදී ඊට වඩා ගැඹුරු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. එනම් වැල යන අතට මැස්ස ගැහීම වෙනුවට රූපවාහිනිය ඇතුළු මාධ්‍ය මෙන්ම ආගමික මධ්‍යස්ථාන මූලික කරගෙන සමාජය ශෝධනය කර යහපත් සමාජයකින් යහපත් ජනතා නියෝජිතයින් බිහි කිරීමයි. ඊට පූර්විකාවක් ලෙස ඉන්න දේශපාලඥයින්ගෙන් නරක නාමයන් ඇති හැම කෙනෙක්වම වගේ ෆිල්ටර් කරලයි ගන්නේ.

        දෙවෙනුව මට එතුමව සම්බන්ධ කරගන්න අමාරු වුණේ මට දේශපාලන සබඳතා තිබී නැති නිසයි. එතුමට නෙමෙයි අන් කිසිම කෙනෙකුවත් නොදන්නා අයෙක්ව එක පාට්ට උදව්වට ගන්නේ නෑ. සමාජයේ අත් දැකීම් ඇති ඕන කෙනෙක් ඔය දේ දන්නවා. යටිකූට්ටු කාරයින් මෙන්ම අමාරුකාරයින් සමාජයේ වැහි වැහැළා. වසර ගණනාවක් එකට හිටපු පාබල හමුදාපති මෙන්ම මහලේකම් පවා පැත්ත මාරු කරද්දී නොදන්නා අප ගැන කෙසේ එක පාට්ට විශ්වස කරන්නද? අනික මේ වගේ වැඩක් කරද්දී වළං කඩේට පැන්න ගොනා වගේ විරුද්ධවාදීන්ට ඇනගෙන ගියොත් වෙන්නේත් මහ විනාසයක්. අන්තිමට ලිපියක් ගානේම උසාවි යන්න වේවි. ඊටත් වඩා බැක්ෆයර් වේවි.

        එජාපය කාලාන්තරයක් විපක්ෂයේ හිටීමත්, එජාපයේ අති බහුතරයක් සමාජ ජාල භාවිතා කිරීමත් මත ඔවුන් යම් ආධිපත්‍යයක් ලබා සිටිනවා. නමුත් ඉදිරියේදී අපිට ඊට ලොකු තරගයක් දිය හැකි වේවි.

        • මහසොහොන් පිල්ලිය

          ඔව් ඔබ නිවැරදියි. ලාංකික සංකර මධ්‍යම පාන්තිකයන් බොහෝ දෙනෙක් අන්තර් ජාලය භාවිතා කරනවා වගේම පරගැති , සිංහල බෞද්ධ විරෝධයෙන් යුක්තයි. ඔවුන්ගේ මතය ජනාධිපතිවරණයට පෙර අන්තර්ජාලය තුලත් නගරාශ්‍රිතව සෑම තැනකම වාගේත් පෙන්නුම් කළා.

          දැන් මුදල් වලට ක්‍රයාකරන්නන් හැරුණු කොට සාමාන්‍ය UNP හිතවාදී ටොයියන් අන්තර්ජාලය තුල අක්‍රිය ස්වභාවයක් පෙන්නුම් කරනවා. නමුත් ඒ ඔවුන්ගේ පරගැති , වසල මතවාදයන් ඉවත දමා ඇති නිසා නෙවෙයි. ජඩ පාලනයේ ක්‍රියා කාරිත්වය ගැන කිච නොවී ඩිෆෙන්ඩ් කරන්න නොහැකි නිසා. අවස්තාව ලැබුණු විට නැවතත් ඔවුන් අළු ගසාදමා තම නිරුවත යහපාලන සිතාම්බරයෙන් පොරවාගෙන නැගී සිටීවි.

          අනාගතයේ අප මහින්ද මැති තුමාගෙන් හෝ අප අනිවාර්යයෙන් හදවතින්ම බලාපොරොත්තු වෙන ජනාධිපති ගෝඨාභය මැතිතුමාගෙන් මහලොකු දේවල් බලා පොරොත්තු වෙන්නේ නැහැ. කරුණා කර රටේ නීතිය සහ ප්‍රජාතාන්තික යහපාලනයට (අවාසනාවට මේ වචනය ගණිකා වුර්ථියේ යොදවපු අවස්ථාවාදී දේශපාලන ජඩයෝ නිසා විහිළුවක් බවට පත් වී තිබෙනවා. නමුත් එය රටට ආදරය කරන සියලු ජනතාවගේ බලාපොරොත්තුව. ) ඇඟිලි නොගහ බලපෑම් නොකර ක්‍රියාත්මක වෙන්න ඉඩ හරින්න.

          ඔබ පැවසුවා මනාප පදනම සහ පක්ෂ මාරුවට ඉඩ ඇති නිසා පසුගිය ආණ්ඩුව ජඩයන් දෙදෙනෙකුට නිතිය ක්‍රියාත්මක කිරීම පැහැර හැරියා කියල. මතක තබා ගන්න , සර්ව ජන චන්ද බලය ඇති රටක වඩා වැදගත් වෙන්නේ ජනතා නියෝජිතයෝ නෙවෙයි , ජනතාවයි. ජඩයන් ආරක්ෂා කිරීම මගින් මහින්ද රජය ජනතාව ගේ හිත් බිඳ ගත්තා. ජනතාව පාඩමක් ඉගැන්නුවා.(ජනතාවටත් කෙල උනා LOL ) අන්තිමට තමන් ආරක්ෂා කරපු ජඩයොත් නැහැ , ජනතාවත් නැහැ. ජනතාවටත් වැලේ වැල් නැහැ…

          දේශ හිතෙෂි නායකයෙක් ගත යුත්තේ ජනතාවගේ පැත්ත මිස වෙන පැත්තක් නොවේ. තමන්ගේ පැත්ත ගත්තොත් කවදාවත් මිනිස්සු ඒ නායකයට වැටෙන්න දෙන්නේ නැහැ. මහින්ද මහත්මයට වැරදුන තැන පේනවා නේද!!!

          මහින්ද මහත්මයාටත් , ඔබටත්, ක්‍රියාකාරින් සියලු දෙනාටත් සුභ අනාගතයක්. මා නිවත්ත අභික්කම …

          • [[දැන් මුදල් වලට ක්‍රයාකරන්නන් හැරුණු කොට සාමාන්‍ය UNP හිතවාදී ටොයියන් අන්තර්ජාලය තුල අක්‍රිය ස්වභාවයක් පෙන්නුම් කරනවා. ]]

            මෙම මාත් දුටු දෙයක්. සමහර විට එය ඔවුන්ගෙ උපක්‍රමයක් විය හැකියි. අන්තිම මොහොතේ සතුරන්ව වික්ෂිප්ත කිරීමේ අරමුණද දන්නේ නෑ. ඒ නිසා අපි සූදානම් වෙන්න ඕන.

            ඒ වගේම පහුගිය ටිකේ වෙබ් අඩවිය ප්‍රමාද වුනත් වෙනත් තැන් වලට මා වැඩි අවධානයක් යොමු කළ නිසයි. ඒ වැඩේ අවසන්. එනිසා අද සිට මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. (ඔය වගේම දෙයක් යූඇන්පී එකෙන් වෙනවා වෙන්න පුලුවන්)

  • Power

    නරක නාමයන් ඇති දේශපාලඥයින් නැනෝ ෆිල්ටර් වත් දාලා පෙරලා ගන්ඩ වෙයි..හැබැයි නැනෝ ෆිල්ටර් තියා මොන බංබුවක් දැම්මත් පුටු තිබිද්දී පවා “අපේ ජනාධිපතිතුමාට තියන ලෙංගතු භාවය,ගෞරවනීය බව නිසා මම බිම ඉදගෙන ඉන්නවා” කියලා “මහින්ද රාජපකෂ පරාජය කරන්ඩ කියා මම විශ්ණු දෙවියන්ගෙන් ඉල්ලුවා” කියපු කැළණියේ මැරයා සහ “රාජපක්ෂලා කවදාවත් සල්ලි හම්බු කරේ නෑ. රාජපක්ෂලා හම්බු කරේ මිනිස්සු” කියලා “පෞරශය තියෙන්නෙ උඩු රැවුලේ නොවෙයි රජරට ගොවිපුතා ඉතිහාසය වෙනස් කරා” කියපු දත් දොස්තරයා එහෙම නම් ගන්ඩ එපා.තවත් ඉතින් ඔය වගේ ඩබල් ගේම් දුන්නු වාසි පැත්තට හුරේ දාපු-දාන උන් ඉන්නවා කියන එකත් අමතක නොකළ යුතුයි.

    ඒ වගේම ඔබතුමලා කියලා තියනවා උසාවි යන්න වේවි කියලා…
    අර “Mahinda.info එකේ එඩිටර් ඇතුලු ඒකේ Comment දාන එවුන් ටික අල්ලලා රක්ෂිත බන්ධනාගාර ගතකර යුතුයි” කියා කවුරුහරි යමයෙක් කියයි කියලා මටත් හිතිලා තියනවා. හැබැයි උසාවි නෙමෙයි අපායට ගියත් කියන්ඩ තියන දේ නම් නොබියව කිව යුතුමයි.

    • අලුත් ක්‍රමේ අනුව බන්ධනාගාර ගත කරලා මාසයකට විතර පස්සෙනේ නඩුව අහන්නේ. ඉතින් නඩුවෙන් දින්නත් පැරදුනත් යූඇන්පියට අවුලක් නෑ.

  • RATA wenuwen

    එඩිටර් මහතානෙනි, ඔබ නිවැරදියි,,
    කුනු කන්දල් ,රොඩු බොඩු ටික කුඩුවලට මිනිමරාගත් දෙපර්ශයේම ගැත්තො ටික ඩුප්ලිකේට් ගැමුනු ලා, පැඩැරැල් මහතා ලගයි,ඒ අහිකුන්ටිකයො මහින්ද මහතා ලගට ගෙන්වගන්න අවශයනැහැ, අපි පිරිසිදුව අපේ ගමන යන්, අපේ දේශය වෙනුවෙන් ඔබ ගන්නා අප්‍රතිහත මහන්සියට අපේ භක්ති පුර්වක ස්තුතිය

  • sayumi

    Maha Sohon Pilliya,Power Ha Editor Thumage Harawath Comments Okkoma Kiyewwa.(Editor thuma Web Adaviye Kriyakarithwaya Wadi Karana Bawa Aseema Loku Sathutak.Mokada Mahinda Janapathindunge Anikuth Web Adavi Up Date Wennema Nathi Tharam.)
    Mekata Thawa Podi Deyak Ekathu Karannam; Ihatha Ki Waradi Ha Adupadu Jan.8 da wu Pasu Bamata Hethuwak Wuwa Aththai.Eth Balanna Jan 9 Mahinda Janapathindun Madamulanata Giya Da Patan Mokada Une?Thaman Karagath Gon Kamaka Mahatha Therum Gath Minisun Dahas Gananin Madamulanata Yanna Gaththa.Gamin Aa Ahinsaka Minisun Pamanak Nemei, Merata Menma Pitarata Sitina Vidwath Wurthikain Pawa Mese Gos Ethuma Muna Gasuna.E Ethuma Podhu Janathawata Hondin Ahumkan Dun Desawan Polowe Thaba Sitimin Janatha Uwamanawan Itu Kala Ha Itu Kireemata Awankawama Uthsaaha Gath Sanwedi Nayakayek Wu Nisai.Mona Tharam Mada Gahuwath Ethuma Wata Janathawa Roda Bandenne E Nisai.
    Ethumagen Gatha Haki Paadama;Awanka Bawa Wagema,
    Namya Sheeli Bawa,Siyalu Janaya Kere Dakwana Sanwedi Bawa Janathaa Naayakayekuta Ithaama Watinaa Bawai.

  • Power

    Sayumi…

    මමත් ඔබගේ හරවත් හා වටිනා වදන් වලින් පරිපූර්ණ වූ කමෙන්ටුවත් මේ කියවලා බැලුවා විතරයි…

    mahinda.info හි මෙතුමන්ලා,සයුමි(ඔබ) ,මහසොහොන් පිල්ලිය,රට වෙනුවෙන්,දිනූ
    සහ රට වෙනුවෙන් මහින්ද ජනාධිපතිතුමා වෙනුවෙන් වෙහෙසෙන අනෙකුත් හිතාදර පිරිසටත් සුබ අනාගතයක් පතමි!

    ජයවේවා…

  • Dear Anoj Thabrew, thank you for your message. We send it to the email of him.

  • කල්ප අසංග සුමනසේකර.

    මේකටයුත්ත දවසක් හෝ ප්‍රමාද කලයුතු නැත. මහින්ද මේ රටේ මීලග අගමැතිවරයා වීම ඉවසාගත නොහැකි බලවේග මේගතවන තත්පරයේත් මඩ ව්‍යාපාර ගෙනයමින්සිටී. ස්ථානයක් නොමැති නම් ස්ථානයක් සොයාදීමට අපට හැකියාව ඇත. මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමේදි උදවු කිරීමට මා සූදානම්ය. අව්ශ්‍ය ඔනෑම වේලාවක අමතන්න. ඔබගේ E-mail ලිපිනය මාහට එවන මෙන් ද ඉල්ලා සිටිමි.

Leave a Reply