[2]. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබා දුන් අතර පහත දැක්වෙන්නේ ඔවුන් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවකුයි.
[3]. අලුත් පරපුර යැයි කියාගන්නා මෙම NGO සංවිධානය විකල්ප දේශපාලන මතයක් දැරීම ගැන අපගේ කිසිදු එදිරිවාදිකමක් නෑ. නමුත් ඔවුන් දැන් ප්‍රචාරය කරන මතවාදය කොතෙක් දුරට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන ප්රශ්නය අපට තිබෙනවා.
[4]. පහත දැක්වෙන්නේ විජයග්‍රහණයේ දිනය සම්බන්ධයෙන් මෑතකදී ඔවුන් ෆේස්බුක් වෙත මුදාහරින ලද පෝස්ටර් කිහිපයකුයි. මේවායින් ඔවුන් කියන දේවල් සහ ජාත්‍යන්තරයට ගෙනියන පණිවිඩය එකින් එක ඔබට විස්තර කිරීමට ඕන කරන එකක් නෑ කියල අපි හිතනවා.
[5]. යුධ ජයග්‍රහණය යනු එක් ජාතියක් තවත් ජාතියකට විරුද්ධව කරනු ලැබූ සටනක ජයක් නොව ත්‍රස්තවාදින්ට විරුද්ධව කරනු ලැබූ ජයකුයි. එය අප සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජාතීන් සහ ජනවර්ග එකතුව ගාම්භීරව සැමරිය යුතුයි. ඔවුන්ගේ පවුල් වල අය පුද්ගලිකව ආගමික වතාවත් කිරීමට ඇති අයිතිය අපි පිළිගන්නවා. එනමුත් යම් අයකු ත්‍රස්තවාදීන්ව උත්සවාකාරයෙන් සමරයිනම් ඔවුන් වීරයන් කරන්නේ නම් එය ත්රස්තවාදයට පාර කැපීමකුයි.
[6]. මීට හරියටම අවුරුදු 6 කට පෙර එනම් 2009/05/19 දින ලක්බිම පුවත්පතේ පළවූ මානිගේ තීරුව මේ වෙලාවේ අපගේ මතකයට එනවා. "සුන්දර නිහතමානී ද මැල්" ප්‍රවීන ජනමාධ්යවේදීවරයා එදා පැවසූ දේවල් ඇත්ත වෙමින් පවතින ආකාරය මෙය කියවලාම බලන්න.
යාලුවන්ටත් කියවීමට Share කරන්න.