Mahinda Rajapaksa: මහින්ද UN තරගයෙන් තමන්ව පැරැද්දුවාද? - ජයන්ත ධනපාල හෙළි කරයි.

Thursday, May 7, 2015

මහින්ද UN තරගයෙන් තමන්ව පැරැද්දුවාද? - ජයන්ත ධනපාල හෙළි කරයි.

[1]. චෝදනාව

(i). 2006 වසරේදී ශ්‍රී ලංකාවේ ජයන්ත ධනපාල අභිබවා දකුණු කොරියාවේ බෑන් කී මූන් ජගත් සංවිධාන මහලේකම් ධුරයට පත් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහාය දුන් බවට කොරියා ටයිම්ස් නැමැති වෙබ් අඩවියෙන් 2015/04/17 දින චෝදනා කර තිබෙනවා.

kt

(ii). ඒ සඳහා කොරියා ටයිම්ස් වෙබ් අඩවිය මූලාශ්‍ර කරගෙන තිබෙන්නේ දකුණු කොරියානු ව්‍යාපාරිකයෙක් වන කියන්න්නෑම් ව්‍යාපාරයේ හිටපු සභාපති සුන් වොන් ජොං පැවසූ දෙයක් කියලයි.

 

[2]. චෝදනාවේ හාස්‍යජනක භාවය

(i). කියන්න්නෑම් ව්‍යාපාරයේ හිටපු සභාපති සුන් වොන් ජොං අදාල පුවත පළවූ දිනට සතියකට පමණ පෙර එනම් 2015/04/09 දින මිය ගොස් තිබෙනවා. ඒ බව කොරියන් ටයිම්ස් පුවත්පතේම සඳහන්. මූලාශ්‍රය

kt1

(ii). ඉතින් එහිදී සිදුවී තිබෙන්නේ මැරිච්ච මනුස්සයෙක් කියපු දෙයක් කියලා වාර්තා කිරීමයි. ඒ ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත දැනගන්නනම් අදාල පුද්ගලයාව වළෙන් නැගිට්ටවන්න වේවි. අදාල ව්‍යාපාරිකයා කිව්වා කියලා ඕනෑම පචයක් පැවසීමට මේ අනුව ඔවුන්ට පුලුවන්.

(iii). එසේම පුද්ගලයෙක් අරබයා, විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයෙක් අරබයා චෝදනාවක් එල්ල කිරීමේදී සියලුම පාර්ශවයේ අදහස් විමසා බැලිය යුතුයි. නමුත් කොරියා ටයිම්ස් වෙබ් අඩවියෙන් ජයන්ත ධනපාල මහතාගේ අදහස් විමසා නෑ.

(iv). ඒ අනුව පැහැදිළිවම පෙනී යනවා කොරියා ටයිම්ස් වෙබ් අඩවිය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ පාර්ශවයක වුවමනාවට මෙම ප්‍රවෘත්තිය පළ කළ බව. "ජාත්‍යන්තරය දිනා ගත්තා" කියලා සමහරු පවසන්නේත් ඔය වගේ දේවල් වෙන්න ඕන.

 

[3]. මඩ ගැසීම.

(i). මඩ ගැසීමේ පළමු අදියර වූයේ චෝදනාවක් ජාත්‍යන්තර ජනමාධ්‍යයක පළ කර ගැනීමයි. අපේ රටේ සමහර ජනමාධ්‍යවේදීන් වගේම ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීනුත් ලොකු මුදල් වලට විකිණෙන බව සමාජගත වී නොතිබීම එජාපයට වාසියක් වුණා.

(ii). මඩ ගැසීමේ දෙවන අදියර වූයේ එම ප්‍රවෘත්තියේ අන්තර්ගතය සම්පූර්ණයෙන් විස්තර නොකර එහි තමන්ට අවශ්‍ය කොටස් පමණක් කපා අරගනිමින් දැන් එජාපයේ අදිසි හස්තයකින් මෙහෙයවෙන හිරු ටීවී සහ එජාපයේ පුවත්පතක් වී ඇති දිණමින විසින් සිංහල භාෂාවෙන් පළ කිරීමයි. (මූලාශ්‍රය එජාපයට අවශ්‍ය ලෙසට සකසා ගැනීම). ඔවුන් පැවසූයේ "එජා මහලේකම් තරගයෙන් ඉවත්වීමට ජයන්ත ධනපාල පෙළඹවූයේ මහින්ද - කොරියන් ටයිම්ස් වාර්තා කරයි" ලෙසටයි. අදාල චෝදනාව කරනවා කියන පුද්ගලයා ඊට සතියකට කළින් මිය ගිය අයෙක් බව ඔවුන් පවසා තිබුණේ නෑ.

(iii). මඩ මෙහෙයුමේ තුන් වන අදියර ෆේස්බුක් එකේ පළ වුණා. එනම් මහින්ද රාජපක්ෂ මහතා දේශද්‍රෝහියෙක් ලෙස සමාජගත කිරීමයි ඔවුන්ට අවශ්‍ය වුණේ. පහත දැක්වෙන්නේ ලංකාඊනිවුස් ට නොදෙවෙනි වැසිකිළියක් ලෙස සැලකෙන "Ape Rata" නැමැති පිටුවෙන් කරන ලද පළ කිරීමක්.

ape-rata

(iv). මඩ ගැසීමේ හතර වන අදියර තමයි එජාපයේ වැටුපට වැඩ කරන ෆේස්බුක් ක්‍රියාකාරීන් 20 ක් විතර යොදාගෙන ප්‍රොෆයිල් සිය ගාණක් මගින් එය දිගට හරහට ෆේස්බුක් ගෲප් වල ශෙයා කරවීම.

(v). ඉහත මඩ ගැසීමට දින කිහිපයකට පසුව මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන අවුත් අත් අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වුණා. ඒ සඳහා මග පාදාගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්තිනාමය විනාශ කිරීමේ උත්සාහයකුයි එලෙස සංවිධානාත්මකව දියත් වුණේ.

 

[4]. ජයන්ත ධනපාල මහතාගේ පිළිතුර.

(i). ජයන්ත ධනපාල මහතා මහලේකම් තරගයෙන් පැරදුනේ ඇයි කියල හොඳටම දන්නේ කොහෙවත් ඉන්න ව්‍යාපාරිකයෙක් හෝ, මැරිච්ච මිනිස්සු කියපු දේවල් ගොතන ජනමාධ්‍ය හෝ, හිටපු ජනාධිපති තුමා හෝ, ෆේස්බුක් එකේ මඩ ගසන උදවිය නොව, අදාල තරගයට සහභාගී වුණ ජයන්ත ධනපාල මහතාමයි.

(ii). පහත දැක්වෙන්නේ ජයන්ත ධනපාල මහතා නෙත්FM වෙත කරනු ලැබූ ප්‍රකාශය. ජයන්ත ධනපාල මහතා එම චෝදනාව පැහැදිළිවම ප්‍රතික්ෂේප කරනවා. එතනින් එහාට කිසිදු චෝදනාවක් අදාල වෙන්නේ නෑ. මූලාශ්‍රය.

jayantha-dhanapala-mahinda-rajapaksa

 

[5]. ඒ අනුව තවත් යහපාලන මඩක් එලෙස අවසන් වුණා.

(i). මඩක් ගහන එක හරිම ලේසියි. නමුත් ඒවා බොරුයි කියලා සාක්ෂි සාධක සහිතව ඔප්පු කිරීම ලෙහෙසි නෑ. (අපි නිකම්ම කටින් කිව්වට ඔබ පිළිගන්නේ නෑ, ඉහත ආකරයට සාක්ෂි ඔබ වෙත ලබා දිය යුතුයි).

(ii). එනිසා කිසියම් චෝදනාවක් දුටු පමණින් සෑම පාර්ශවයකින්ම විග්‍රහ කර නොගෙන ඒවා විශ්වාස නොකරන ලෙස මැදහත් ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.

(iii). මේ ආකාරයෙන් දිගින් දිගටම හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සංවිධානාත්මකව මඩ ගසන උදවිය ගැන මැදහත් ජනතාව තීරණය කරනු ඇතැයිද අප බලාපොරොත්තු වෙනවා. (mahinda.info වෙබ් අඩවිය පිරී තියෙන්නේ එජාපයෙන් ගසන ලද මඩ වල ඇත්ත පැහැදිළි කරපු ලිපි සිය ගාණකින්.)

 

ඒ ගැන නොදන්න අයව දැනුවත් වීමට Share කරන්න.

 

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

25 comments:

  1. බෙන්තර කොල්ලෙක්May 7, 2015 at 2:08 PM

    සත්‍ය ජය ගන්නා දවස වැඩි ඇතක නොවේ...එතෙක් අපි ඉවසා සිටිමු...කවුරුන් සිරගතකරත් ගමේ සිටින අපව සිර ගත කර නොහැකි බව ඔවුන් තවම වටහාගෙන නොමැත..

    ReplyDelete
  2. බෙන්තර කොල්ලෙක්May 7, 2015 at 2:17 PM

    සිරිසේන මහත්තය හිතාගෙන ඇති මහින්ද මැතිතුමාට ලැබුනේ ශ්‍රී.ල.නි.පක්ෂයට තියෙන චන්ද කියල..එය එම හිතෙනවනම් ඒක තමයි ලොකුම මෝඩකම.අපි ගිය චන්දෙට මහින්ද මැතිතුමාට ගමේ වැඩ කරා..දැන් කොච්චර මඩ ගැහුවත් මහින්ද මැතිතුමාට චන්දෙ දුන්න අය තාමත් එක කෙනෙක්වත් වෙනස් වෙලා නැ..

    ReplyDelete
  3. ඉතලියානෝ ItalianoMay 7, 2015 at 3:05 PM

    ඔබගේ මතය හරි. චන්ද ලක්ෂ 58 මහින්දට මිස ශ්‍රීලංනිපට නොවේ. ශ්‍රීලංනිපය හරි මඟට පැමිණියොත් පාක්ෂික චන්දය ලබා ගත හැක. අප ගමේ මතය හොඳින් දනිමු. එකම චන්දයක්වත් මහින්දගෙන් ඉවත්වී නැත පැරචුට් සභාපතිලට ශ්‍රීලංනි පාක්ෂික චන්ද බලහත්කාරයෙන් ලබා ගත නොහැක. මට සමාවන්න, මහින්ද නැමැති ජාතික වස්තුවට මෙසේ ආමන්ත්‍රණය කිරීම පිලිබදව. ලෙන්ගතුකම වැඩි නිසාම එසේ අමන්ත්‍රණය කරන බව සදහන් කරමු. මව් බිමට ජය!!!!!!!

    ReplyDelete
  4. කවුද යකෝ...කාඩ්බෝඩ් දේශප්‍රේමීයා...තොපිලා මේ Ape Rata කියලා දේශප්‍රේමී නමක් දාගෙන හෙණගහන බොරු කෙළපුවම තොපිලා හිතාගෙන ඉන්නෙ අපි තමයි දේශප්‍රේමීයෝ කියලද..?අනික තොපිලා හිතාගෙන ඉන්නවා නම් මේ වගේ අමු බේගල් වලින් මේ රටේ ජනතාව අන්දන්ඩ පුලුවන් කියලා එව්වා හදේ පුතෝ...අපි තමයි මේ රටට ආදරේ,අපියි ජනතාවට සළකන්නෙ,අපි කිව්ව පොරොන්දු ඉටු කරනවා අපි කිව්වොත් කිව්වා කියලා දේශප්‍රේමී ලේබලය අලවා ගෙන ඉන්න කඩදාසී දේශප්‍රේමියෝ කවුද කියලා දැන් රටේ බහුතර ජනයා දැනගෙන හමාරයි...
    තොපිලා අපිට ගහනවානම් අපිත් අතපය බැඳගෙන බුදියගෙන ඉන්න සූදානම් නෑ...තොපිලා T56 න් වෙඩි තිබ්බොත් අපි ගුවන් ප්‍රහාරයක් එල්ල කරනවා ඔක්කොම සුන්නද් දූලී වෙලා ම යන්ඩ.අනික මමනම් අදමයි දන්නෙ මැරිච්ච මිනිස්සුන්ටත් කතා කරන්ඩ පුලුවන් කියලා..මම නම් හිතන්නෙ තොපිලගෙ UNP ය වසර ගණනාවක් මැරිලා හිටපු නිසා ඒ ආපු මියගිය ආභාශයත් එක්ක වෙන්ඩ ඇති මැරිච්ච මිනිස්සු ප්‍රකාශ කරා කියලා නිකුත් කරපු බොරු ප්‍රවෘත්ති වලටත් වටිනාකමක් දෙන්නෙ..මැදෑ කොහොමින් කොහොම හරි මහින්ද ජනාධිතිතුමාට මඩක් ගහන්ඩ ගිහින් ඒකත් අැණුනා නේද..? අපිට මඩ දුන්නොත් තොපිලටමයි මඩ නාගන්ඩ වෙන්නෙ,ඒක නිසා තොපිලා තොපිලගේ ආප්ප පාලයි පිං අගමැතියි පොරවල් කියලා හිතාගෙන අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලොවෙත් නැති මඩ ප්‍රහාර එල්ල කරලා තොපිලා පොරවල් වෙන්ඩ හදන්ඩ එපා.

    ReplyDelete
  5. Daily Mirror has published an article today wherein Mangala Samaraweera has alleged that MR and his family has stashed US$18 Billion abroad in various countries and that they have obtained the services of 04 countries to track the assets. This is one of serious allegations that were leveled at MR during the campaign and it still continues. This will have to be tackled by getting in insider technical analysis of money laundering and off shore monetary regulations, wherein no party can go and dump huge moneys abroad. These facts have to be highlighted in a clear and simple manner so that the masses can understand. This area has to be covered sufficiently to counteract the allegations successfully without denying it outright!In addition the likes of Mangala Samaraweera, Rajitha Senaratne, Duminda Dissanayake, Chandrika Kumaranatunga and their cronies doings have to be exposed based upon published articles with outright proof.

    ReplyDelete
  6. EKANE MUN APE RATA JATHIYA VINASHA KARANNA BORUKIYALA MINISSU MULA KARALA DAN RATA KALIKADANNA YANAWA ME LIPIYA DAKKAMA HITHAGANNA PULUWAN RANIL KIYANA PAHARAYA CHANDRIKA MAITHRI EKKA EKATHUWELA APE RATA VINASHA KARAYI ANEAYI DEYIYANE APE SINHALAYANTA MEKA DANNE NATHTHE

    ReplyDelete
  7. AwaMangala Me Karana USD Bilion 18ka Pahath Ninditha Abootha Chodanawata Erehiwa Neethimaya Piyawara Ganna Barida?

    ReplyDelete
  8. එම චෝදාවේ කිසිදු පදනමක් නෑ. සාක්ෂි සාධක නැතිව කියන එවැනි චෝදනාවක් අලුතෙන් අපිට බොරුයි කියල ඔප්පු කරන්න මහන්සි වෙන්න ඕන නෑ. එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවේදනයක් නිකුත් කරාවි. අපත් හිතන්නේ මෙලෙස කරන චෝදනා වලට අපහාස නඩු දැමිය යුතු බවයි.

    ReplyDelete
  9. Yes. Why do not MR go to the courts against these allegations and lies.

    ReplyDelete
  10. That's a problem for me too. Perhaps he wants to protect the media freedom.

    But Mr. Gotabaya is going to take legal action against JVP regarding the fake allegations.

    ReplyDelete
  11. Some kind of action is required to stop mud slinging campaign of pacha mangala and his entourage..They are experimenting what they used against ponna ranil in which they made people believed that ranil is a kotiya..Since that allegation had a kind of basis people even today believed ranil's government may be more favourable for a separate state..But regarding mahinda pacha mangala has ben doing an unsuccessful attempt of tarnishing his image having alleged that mahinda rajapaksa has stashed billions of rupees abroad..I dont think peole who think sensibly will believe what mangala says..Furthermore, sirisena has no any right for SLFP leadership...He should be ousted from leadership imediately...

    ReplyDelete
  12. This is for Editor,

    We would like to support our former president for his next campaign, how can we engage or met and talk.

    ReplyDelete
  13. Well the UNP misery will be over soon.All the Srilankans are walking on the roads freely, thanks to Mr.Mahinda, Gota and the forces. The sad part is some of our people has completely forgotten that there was a war.The UNP always comes like the gale force wind,distroy a few small trees and then vanish, faster than they came.I think Mr. Mahinda has to come back whether he likes it or not.He is the only person who can take the country out of this mess.Get the country on the right track and then you can go home to relax." KINGS ARE NOT BORN,THEY ARE MADE "

    ReplyDelete
  14. Romesh GinadasaMay 8, 2015 at 6:21 PM

    UNP Govt has done so many irregular actions and illegal arrests
    If Mahinda camp still can't deliver no confidence
    Motion to Ranil, his boy friends Ravi, Mangala,
    Arjun Mahendran or John, people have to see two countries
    Soon.

    Mangala's desperate gossip shows that they have run out of
    Gimmicks And he sense Rajapakse is coming back. He lost any chance of a fame.
    He thinks John Kariya will save post forever. He will be the first to go if
    United states of Elam Lanka is formed.

    ReplyDelete
  15. ඇ..නු..ණා..... නේද ....? ගොබෙල්ස් තුමා ....... *** ගන්නවා වගේ ලෙහෙසි නෑ ....... වෛරයෙන් ගණන් හදන්න ......... මහින්ද ජනපති තුමා සිදුකල සියලු ව්‍යාපෘති වල වටිනාකම ඩොලර් බිලියන 16 ක් පමණ බව වත් මේ ගොබෙල්ස් දන්නේ නෑ ........ කට දෙපැත්තෙන් කෙල පෙරාගන........මේ පච ගොබෙල්ස් මාධ්‍ය ඉදිරියේ පැවසුවේ මහින්ද ජනපති තුමා ඩොලර් බිලියන 18 වත්කමක් උපයා ඇති බවයි. මේයානම් ........ පච රණවකයට දෙවැනි නෑ ....... එකතු කිරීම, .....අඩු කිරීම, බැරි එකාට බෙදීම, වැඩි කිරීම කොහෙත්ම බැරි බව පෙන්වමින්...........එය මෙරට මුදලින් රුපියල් ටි‍්‍රලියන 3.2ක් පමණ වන බවත් .........කියා සිටියේ මාධ්‍ය හමුවේ සිටි මාධ්‍යවේදීන් ද මොල්ලු බව සිතමිනි.........යමපාලන *මනයින් දන්නවා....... ටි‍්‍රලියන, බිලියන, මිලියන පටලවා මෙගා ඩීල් ගැන පච විදින විට මාධ්‍යවේදීන්ව ද අන්ද - මන්ද කළහැකි බව. වැනි අපතයින් පවත්වන මාධ්‍ය හමුවලට, මාධ්‍යවේදීන් යැවීමේදී....... දැනුවත්, බුද්ධිමත්, එඩිතර, විචාරශීලි සැබෑ ජනමාධ්‍යවේදීන් ඒ සදහා යොමු කිරීමට මාධ්‍ය ආයතනද වගබලා ගතයුතුය. මන්ද ජනතාවට ඉදිරියෙන් සිට නිවැරදි මඟ තීරණ කිරීමට ජනතාවට සැබෑ තොරතුරු සපයා දීම ජනමාධ්‍යයේ වගකීම බැවිණි......... ඇ..නු..ණා..... නේද ....? ගොබෙල්ස් තුමාට ....... *ට* ගන්නවා වගේ ලෙහෙසි නෑ ....... වෛරයෙන් ගණන් හදන්න ......... මහින්ද ජනපති තුමා සිදුකල සියලු ව්‍යාපෘති වල වටිනාකම ඩොලර් බිලියන 16 ක් පමණ බව වත් මේ ගොබෙල්ස් දන්නේ නෑ ........ කට දෙපැත්තෙන් කෙල පෙරාගන........මේ පච ගොබෙල්ස් මාධ්‍ය ඉදිරියේ පැවසුවේ මහින්ද ජනපති තුමා ඩොලර් බිලියන 18 වත්කමක් උපයා ඇති බවයි. මේයානම් ........ පච රණවකයට දෙවැනි නෑ ....... එකතු කිරීම, .....අඩු කිරීම, බැරි එකාට බෙදීම, වැඩි කිරීම කොහෙත්ම බැරි බව පෙන්වමින්...........එය මෙරට මුදලින් රුපියල් ටි‍්‍රලියන 3.2ක් පමණ වන බවත් .........කියා සිටියේ මාධ්‍ය හමුවේ සිටි මාධ්‍යවේදීන් ද මොල්ලු බව සිතමිනි.........යමපාලන *මනයින් දන්නවා....... ටි‍්‍රලියන, බිලියන, මිලියන පටලවා මෙගා ඩීල් ගැන පච විදින විට මාධ්‍යවේදීන්ව ද අන්ද - මන්ද කළහැකි බව. වැනි අපතයින් පවත්වන මාධ්‍ය හමුවලට, මාධ්‍යවේදීන් යැවීමේදී....... දැනුවත්, බුද්ධිමත්, එඩිතර, විචාරශීලි සැබෑ ජනමාධ්‍යවේදීන් ඒ සදහා යොමු කිරීමට මාධ්‍ය ආයතනද වගබලා ගතයුතුය. මන්ද ජනතාවට ඉදිරියෙන් සිට නිවැරදි මඟ තීරණ කිරීමට ජනතාවට සැබෑ තොරතුරු සපයා දීම ජනමාධ්‍යයේ වගකීම බැවිණි......... මම හිතුවේ මුදලට විකිනෙන මාධ්‍යවේදීන් සිටින්නේ...... මෙහේ පමණක් බවයි. බලන් යනකොට කොරියවෙත් අපේ රටේ වගේ මාධ්‍යවේදීන් යයි කියා ගන්නා මාධ්‍යගණිකාවන් සිටිනවා..........

    ReplyDelete
  16. ඇ..නු..ණා..... නේද ....? ගොබෙල්ස් තුමාට ....... *ට* ගන්නවා වගේ ලෙහෙසි නෑ ....... වෛරයෙන් ගණන් හදන්න ......... මහින්ද ජනපති තුමා සිදුකල සියලු ව්‍යාපෘති වල වටිනාකම ඩොලර් බිලියන 16 ක් පමණ බව වත් මේ ගොබෙල්ස් දන්නේ නෑ ........ කට දෙපැත්තෙන් කෙල පෙරාගන........මේ පච ගොබෙල්ස් මාධ්‍ය ඉදිරියේ පැවසුවේ මහින්ද ජනපති තුමා ඩොලර් බිලියන 18 වත්කමක් උපයා ඇති බවයි. මේයානම් ........ පච රණවකයට දෙවැනි නෑ ....... එකතු කිරීම, .....අඩු කිරීම, බැරි එකාට බෙදීම, වැඩි කිරීම කොහෙත්ම බැරි බව පෙන්වමින්...........එය මෙරට මුදලින් රුපියල් ටි‍්‍රලියන 3.2ක් පමණ වන බවත් .........කියා සිටියේ මාධ්‍ය හමුවේ සිටි මාධ්‍යවේදීන් ද මොල්ලු බව සිතමිනි.........යමපාලන *මනයින් දන්නවා....... ටි‍්‍රලියන, බිලියන, මිලියන පටලවා මෙගා ඩීල් ගැන පච විදින විට මාධ්‍යවේදීන්ව ද අන්ද - මන්ද කළහැකි බව. වැනි අපතයින් පවත්වන මාධ්‍ය හමුවලට, මාධ්‍යවේදීන් යැවීමේදී....... දැනුවත්, බුද්ධිමත්, එඩිතර, විචාරශීලි සැබෑ ජනමාධ්‍යවේදීන් ඒ සදහා යොමු කිරීමට මාධ්‍ය ආයතනද වගබලා ගතයුතුය. මන්ද ජනතාවට ඉදිරියෙන් සිට නිවැරදි මඟ තීරණ කිරීමට ජනතාවට සැබෑ තොරතුරු සපයා දීම ජනමාධ්‍යයේ වගකීම බැවිණි......... මම හිතුවේ මුදලට විකිනෙන මාධ්‍යවේදීන් සිටින්නේ...... මෙහේ පමණක් බවයි. බලන් යනකොට කොරියවෙත් අපේ රටේ වගේ මාධ්‍යවේදීන් යයි කියා ගන්නා මාධ්‍යගණිකාවන් සිටිනවා..........

    ReplyDelete
  17. මන්ගල කියනව මහින්ද රුපියල් ට්‍රිලියන 3.2 හොර කල කියල.
    යකො ලන්ගදි අමරිකාව චිනෙන් නයක් ඉල්ලුව ඔය ප්‍රමානෙ මට මතක විදියට.
    අපරදෙ මන්ගලට කියන්න තිබුන චිනෙන් ගනන් ඔන නෑ අපි දෙන්නම් කියල.බොරු කියන්නෙ මෙව ටොම් පච නෙ.චම්පිකටත් එහා නෙ මෙ ඉලක්කම්.
    මෙ ගනත් පොඩි විස්තරයක් දාන්න ඈඩ්මින් මහතානනනි.

    ReplyDelete
  18. ඇයි සයිට් එක අප්ඩේට් වෙන්නෙ නැත්තේ.... දැන් සතියකින් සයිට් එක අප්ඩේට් වෙලා නෑනේ..

    ReplyDelete
  19. mahinda.info සයිට් එක පසුගිය කාලයේ ක්‍රියා විරහිතව තිබීම ගැන ඔබ සියලු දෙනාට පළමුව කණගාටුව ප්‍රකාශ කරනවා.

    මෙම සයිට් එකේ අරමුණ වූයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාක්ෂිකයින්ට එරෙහිව ඇති මඩ වලට පිළිතුරු ගොනු කිරීම. නැතිව මා එතුමාගේ සයිබර් කැම්පේන් එක සිදුකළේ නෑ. එම පිළිතුරු ක්‍රමවත්ව ප්‍රසිද්ධ කිරීම එතුමාගේ සයිබර් කැම්පේන් එක කරන අයගේ වගකීමයි.

    මේ ලේඛකයා මෙම සයිට් එක කරන්නේ ස්වෙච්ඡාවෙන් තම පුද්ගලික වැඩත් අතපසු කරගෙනයි. නැතිව සල්ලි වලට නෙමෙයි. ඉතින් පුද්ගලික ජීවිතයේ ඇතිවූ ප්‍රශ්න සහ අධික කාර්යබහුලත්වය නිසා මේ ගැන සොයා බලන්නට වේලාවක් තිබුණේ නෑ.

    නමුත් අද දින යෝෂිත රාජපක්ෂ මහහාව අත් අඩංගුවට ගැනීමට යන බව ආරංචි වුණ නිසා වහාම ඒ ගැන ලිපියක් පළ කළා.

    මෙහි ඇඩ්මින් කම මහින්ද රාජපක්ෂ මහතාට සමීප මහතෙකුටත් ඇති නිසා ඔවුන්ට ඇවැසි වේලාවක මෙය අප්ඩේට් කිරීමට හැකියි.

    ඇත්තම කතාව කීවේ, මෙතෙක් කල් මේ වෙනුවෙන් කැප වී අන්තිමට මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නත් අකමැති නිසයි. :)

    ඉතින් මිත්‍රවරුණි, පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න නිසා සමහර විට මේ ලේඛකයා හට මෙහි ලියන එක නවත්වන්න සිදුවේවි. නමුත් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් වෙනත් ලේඛකයෙක් විසින් මෙය දිගටම පවත්වාගෙන යාවි. මා මෙය සිදුකළේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවෙයි. එනිසයි සයිට් එකේ නම මිස අපගේ පුද්ගලික නම කොහෙවත් පළ නොකළේ. ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම රටට සේවය කරන අයත් එලෙස කටයුතු කරතැයි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  20. MR's media team is arranging a meeting soon for that with the FB supporters. Due to the security concerns I think it takes bit time.

    ReplyDelete
  21. Mahinda.Info Editor, මෙතෙක් කල් ඉතාමත් සාර්තකව මහත් කැපවීමකින් මෙම වෙබ් අඩවිය කර ගෙන ආ ඔබතුමා මේ උදාර කර්තව්යයෙන් සම්පූර්නයෙන්ම අයින් නොවේවි කියා අපි උදක්ම බලාපොරොත්තු වෙනවා. දැන් තමයි මහින්ද මැතිදුන් වටා අපි හැමෝම වෙනදාටත් වඩා උනන්දුවෙන් එතුමාට අපේ මව්බිම බේරාගන්න සටනෙහි පෙරමුන ගන්න උදව් ලබා දෙන්න ඕනේ. ඔබතුමාට පුද්ගලික ප්‍රශ්න වලින් විවේක ලැබෙන විට ඉදහිටලාවත් මෙම වෙබ් අඩවියට දායක වෙන්න කියා අපි ආදරෙන් ඉල්ලා සිටිනවා. මෙතෙක් කල කැපවීමට අපේ ස්තුතිය පුද කරමු.

    ReplyDelete
  22. බොරුව තිත්ත තිත්තමයි...
    ඇත්ත පැණීම පැණි රසයි...

    අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයෙන් මඳක් පසුබෑමෙන් අනතුරුව දැඩි සිත් වේදනාවකින් සිටි අප හට එතුමාට සම්බන්ධ පුවත් ප්‍රථමයෙන්ම ගෙනැවිත් දුන්නෙ,තවමත් ගෙන එන්නෙ lankacnews.com හි අප හිතවත් මහත්ම මහත්මීන්, එයින් පසුව අප හට වඩ වඩාත් සමීප වෙමින් mahinda.info හී හිතවත් ඔබතුමාලා එතුමාට සම්බන්ධ විශාල පුවත් ප්‍රමාණයක් අපගේ පරිගණක තිරය මතට ගෙන ආවා. එවැනි වටිනා සේවයක් කර මේ වෙබ් සයිට් එක දවස් කිහිපයක් ඇණහිටියා කියා අපි කවදාවත් ඔබතුමාට දොස් නඟන්න සූදානම් නැත.එහෙත් දැඩි කාර්යබහුලත්වය මතින් මේ කරන සේවය පුලුවන් සෑම මොහොතක ඉදිරියටත් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

    ජයවේවා..!

    ReplyDelete
  23. To Dear Editor; Oba Thuma Me Karana Sewaya Ithaa Agaya Karana Athara Haki Sama Wita Yali Mehi Katayuthu Karana Men Illa Sitinawa.
    Dan Pamanak Nemei Balaye Sitina Wita Pawa Loku Aduwak Thamai Widhimath Prachaarana Yaanthranayak Nothibeema.
    Danwath Me Aduwa Hadaa Nogaththoth Idiriya Awinischithai.
    E Nisa MR Mathindunta Sameepa E Admin. Mahathaata kiyanne, Obathumaa Wath Karunaa Kara Me Web Adawiya Nithara Update Karamin Pawathwaa Gena Yanna.

    ReplyDelete
  24. thawa 1k wisadaganna thiyenawa, pahugiyada lankadeepa website eka news 1k...mama eke link eka typ karannan...puluwan nan eeekatath uttarayak oona.....aiyooooo comment box eke paste option eka enable karanna

    source for news - www.lankadeepa.lk/index.php/articles/317476

    ReplyDelete
  25. What the news paper reprots say is that the"Keang nam chairman made request from President Mahinda Rajapakse"that's all and he may well have made that request but Mr.Jayantha Danapala has himself acknowledged that the president made no such request from him.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.