Mahinda Rajapaksa: "යාපනයේ දූෂකයා මහින්දගේ ගෝලයෙක්" නැමැති UNP මඩේ බොරුව මාට්ටු.

Thursday, May 21, 2015

"යාපනයේ දූෂකයා මහින්දගේ ගෝලයෙක්" නැමැති UNP මඩේ බොරුව මාට්ටු.

[1]. පහත දැක්වෙන්නේ යාපනයේ පාසල් දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධිය මූලික කරගෙන එමගින් මහින්ද රාජපක්ෂ මහතාට කරන බරපතල චෝදනාවකුයි.

jaffna

[2]. "Ape Rata"  නැමැති ෆේස්බුක් පිටුවෙන් සහ ඔවුන්ගේ වෙබ් අඩවියෙන් පළ කළ එම චෝදනාව "LankaFocusNews" සහ "UPFA - A Brighter Future" නැමැති කුප්‍රකට යූඇන්පී මඩ පිටු වලත් පළ කර තිබෙනවා.

[3]. ඔවුන් කරන චෝදනාවට එකම මූලාශ්‍රය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින පුද්ගලයාගේ මුහුණේ හැඩරුවත්, ගස් බැඳ ඇති ස්ත්‍රීදුෂකයාගේ මුහුණේ හැඩරුවත් එක හා සමාන වීමයි.  එම නිමිත්ත පදනම් කරගනිමින් තවත් අතින් දැමූ වැල් වටාරම් සමග ඉහත චෝදනාව නගනවා.

[4]. එම පින්තූරයේ මහින්ද රාජපක්ෂ මහතා සමග දක්වා ඇත්තේ "Swiss Ranjan" නැමැති දමිළ ජාතිකයෙකුයි.

[5]. හැඩරුවෙන් එක හා සමාන වුනත් ඔහු එම අපරාධයට කිසිදු සම්බන්ධයක් නෑ. ඒ වගේම ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝලයෙකුත් නෙමෙයි. ඔහු PLOTE (ප්ලොට්) සාමාජිකයෙක්. ප්ලොට් සාමාජිකයින් ඩග්ලස් දේවානන්දා මහතාගේ EPDP පක්ෂයට එක්තු වීමත් ඉන් ඉවත් වීමත් කාලෙන් කාලෙට සිදුවුණා.

[6]. වෙන එකක් තියා Swiss Ranjan මේ වන විට ශ්‍රී ලංකාවේත් නෑ. ඔහු සිටින්නේ ස්විස්ටර්ලන්තයේ. ශ්‍රී ලංකාවේ නැති මනුස්සක් කොහොමද මේ අපරාධ කරන්නේ? අනික අපරාධකරුවන් අත් අඩංගුවට ගෙන අහවරයි.

[7]. පහත දැක්වෙන්නේ ඔහු ස්විස්ටර්ලන්තයේ සිට අප්ඩේට් කරන ලද ෆේස්බුක් ස්ටේටස් එක. මෙතනින් බලන්න. එහි පින්තූරයේ දැක්වෙන්නේ ස්ත්‍රී දූෂණයට සහ ඝාතනයට විරෝධය පාමින් ස්විස්ටර්ලන්තයේ කරනු ලැබූ සමුළුවක ඔහු කරන කතාවකුයි.

swiss ranjan

 

[8]. ඔහු ඉහත දමිළ භාෂාවෙන් පළ කළ සටහන Google Translate මගින් පරිවර්තනය කළ විට මෙලෙසයි.
What the hell is this ?? Ha ... ha ..
Mukanulilum past two days to a few online websites Punguditivu Vithya misconception about me in connection with the murder of one individual involved, I took the photos of political leaders, Punguditivu Vithya involved in the murder of the film combined with the informations laid exists released.

Facebook ties Facebook friends told me about this; Vilakkamalikkumaru publicly asked for them, though. However, I've avoided it. Because "in the past thirty-five years of my political life cerupucum such diverse events as etirkontavan piraccinaiyakappat I did it."

So we do not need to explain about this cerupucalkal wanted. Because of the "political kalppunarcciyinatum, hereby publishes regional tuvecattinatum carriers have been a reflection that" nothing difficult to understand.

I am not an elusive as well, in the morning and in the evening cuvisilum Punguduthivu standing next cuvicilum. If we can understand that it was necessary to understand correctly. This explanation, however, that according to many Facebook relationships anpukkattalai ... (mukanulkalilum comments posted understand me support me with many thanks to anpullankal ..)

ඒ ගැන ෆේස්බුක් එකේ පළ වූ පින්තූරයක්.
10928990_1432876313686413_1460188408454364490_n[1]

 

[9]. මීට අමතරව දැඩි මහින්ද විරෝධී වෙබ් අඩවියක් වන ලංකාඊනිවුස් වෙබ් අඩවියටත්, ඉහත ස්විස් රන්ජන් යනු ස්ත්‍රී දූෂකයා නොවන බව පිළිගැනීමට සිදුවුණා.
"අත් අඩංගුවට ගත් දූෂක ඝාතකයා වන මහාලිංගම් සිවකුමාර් නමැත්තා යයි කියන පුද්ගලයෙක් මහින්ද රාජපක්ෂ සහ ඩග්ලස් දේවානන්දා සමග සිටින සේයාරුවක් අන්තර්ජාල මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළද එය අසත්‍යයකි. එහි සිටින්නේ ස්විට්සර්ලන්තයේ වෙසෙන දැඩි එල්ටීටීඊ විරෝධියෙක් වන ස්විස් රන්ජන් නමැත්තා ය." මූලාශ්‍රය: lankaenews.com

ඒ ගැන ෆේස්බුක් එකේ පළ වූ පින්තූරයක්.
11059603_1138742952818317_2832613153802864517_n[1]

 

[10]. පිරිමියෙකුට බොරුවට එල්ල කරන ස්ත්‍රීදූෂණ චෝදනාවක් යනු පිරිමියෙකුව මරා දැමීමටත් වඩා දරුණු සිත් වේදනාවක් ඇති කරන්නක්. මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම සඳහා, සැබෑ ස්ත්‍රී දූෂකයාට මුහුණෙන් සමාන ස්විස් රන්ජන් ව මෙලෙස යොදාගෙන තිබෙනවා.  මොහොතකට ඔබ සිතා බලන්න, යම් හෙයකින් ස්ත්‍රී දූෂණයක් කළ අයෙකුගේ මුහුණට ඔබගේ මුහුණ සමාන වී ඔබට අන්තර්ජාලය පුරාම මෙලෙස මඩ එල්ල වුවහොත් ඔබ පත් වෙන අපහසුතාවය කෙතෙක්ද කියලා. නමුත් රු 1600 යේ පඩියට වැඩ කරන ඔවුන්ට කිසිදු මාධ්‍ය සදාචාරයක් හෝ සාරධර්මයක් නෑ. ඔවුන්ගේ එකම අරමුණ මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි. මහින්ද මහත්තයත් ඉතින් මහ මෙරක් වගේ ඉවසමින් මේවා දිහා බලන් ඉන්නවා.

හැකි තරම් Share කර මෙම සාපරාධී මඩ ගැසීම ගැන සියල්ලන්වම දැනුවත් කරන්න.

 

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.