Mahinda Rajapaksa: අලුත් පරපුරේ සමනලීගේ රෝහල්ගත වීම සම්බන්ධ චෝදනාවන්ට පිළිතුරු ((VIDEO))

Monday, May 18, 2015

අලුත් පරපුරේ සමනලීගේ රෝහල්ගත වීම සම්බන්ධ චෝදනාවන්ට පිළිතුරු ((VIDEO))

[1]. ජනාධිපතිවරණය සමයේ "අලූත් පරපුර" නැමැති NGO සංවිධානය විසින් කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී සංවිධානය කර තිබු වැඩ සටහනකට එල්ල වූ බව කියන ප‍්‍රහාරයක් නිසා රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා රෝහල්ගතවීම රට තුල මහත් ආන්දෝලනයක් ඇති වුණා.

[2]. ඇය රෝහල්ගතව අසාධ්‍ය තත්වයෙන් ට්‍රොලියක තබා තල්ලූ කරගෙන යන ආකාරයද රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කෙරුණා.


[3]. ඉන් පසුව "අලුත් පරපුරේ" ජගත් මනුවර්ණ නැමැත්තෙක් තමන්ගේ ආදරණීය දෙමාපියන්ටත් චෝදනා කරමින් පැවසූයේ මෙවැන්නකුයි.


[4]. ඔහු ලැම්බෝගිණි ගැන කීවද ගතවූ මාස 3 ක පමණ කාලය තුළ යහපාලන ආණ්ඩුවෙන් සොයා ගත් ලැම්බොගිණි ටයරයක්වත් අප දුටුවේ නෑ.

[5]. ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙරදී "ඉවසුවා ඇති..! ජනවාරි 8 වෙනිදා අපේ බලය පෙන්වමු..!!" කියල සමනලී ෆොන්සේකා තම කලා ජීවිතය පමණක් නොව කාන්තා ප්‍රතිරූපය යොදා ගනිමින් බොහොම සංවේදී ලෙස රටට කියා සිටියා.


[6]. කැමරා ඉදිරියේ එලෙස ඉකි ගසා ඇඬුවද, තමන්ට වුණා කියන අසාධාරණය වෙනුවෙන් රූපවාහිනී දැන්වීම් වල පෙනී සිටියද, රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා රෝහලේදී යස අපූරුවට ඇඳෙන් බැස ගිය ආකාරය පසුව අනාවරණය වුණා.


[7]. තමන්ගේ රඟපෑමේ කුසලතාවය යොදාගනිමින් තමන්ටම ආදරය කරපු රසිකයින්ව මේ ආකාරයෙන් රැවටීමට භාජනය කිරීම ගැන තීරණය ජනතාව සතුයි.

[8]. මෙය පරණ සිදුවීමක් වුවත් අප යළිත් පළ කළේ, ඉදිරියේදීත් මොවුන් ජනතාව රවටමින් මෙවන් රඟපෑම් කිරීමට ඉඩ ඇති බැවින් සියල්ලන්ටම යළි යළිත් මතක් කළ යුතු නිසයි.

[9]. "අලුත් පරපුර" නැමැති NGO සංවිධානය දැන් අලුත් නාඩගමක් පටන් අරගෙන. එනම් යුද ජයග්‍රහණයක් නොමැති බවත්, උතුරේ කොටින්ව සැමරීමටත් ඉඩ දිය යුතු බවත් කියමිනුයි. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු.

මොවුන් ගැන සියල්ලන්ටම නැවතත් මතක් වීමට Share කරන්න.