Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන් විජයග්‍රහණයේ සැමරුමේදී කළ කතාව. (( VIDEO ))

Tuesday, May 19, 2015

මහින්ද මැතිඳුන් විජයග්‍රහණයේ සැමරුමේදී කළ කතාව. (( VIDEO ))

විජයග්‍රහණය වෙනුවෙන් මුල්ම ජීවිත පූජාව සිදු කළ බව සලකෙන්නේ හසළක ගාමිණී කුලරත්න විරුවායි. ඔහුගේ දයාබර මෑණියන් විසින්, විජයග්‍රහණයේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාව උත්සව සභාව වෙත පිළිගැනුනා. එය බොහෝ අයට සංවේදී අවස්ථාවක් වුණා.



පහත දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයයි.



‘‘වසර තිහක් පුරා අපේ මාතෘභූමිය යටත් කරගෙන තිබුණු ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කරලා මව්බිමෙන් අතුගා දැම්මේ අද වගේ ඓතිහාසික දවසක. බෙදිලා වෙන් වෙන්න තිබුණු අපේ මාතෘභූමිය යළිත් වතාවක් එක්සේසත් වුණෙත් අද වාගේ දවසක. මාතෘභූමිය එක්සේසත් වුණු ආරංචිය ලැබුණාම වසර තිහක් තිස්සේ මරණ බයේ හිටපු මේ රටේ ලක්ෂ ගණන් ජනතාව ජාතික කොඩිය අතට අරගෙන සතුට ප‍්‍රකාශ කළා මට අද වගේ මතකයි. මුළු රටේම නිදහසේ සතුට දොරේ ගලා ගියායි කීවොත් මම නිවැරදියි. ජාතියකට මාතෘභූමිය එක්සේසත් කෙරෙන ආකාරය දැක ගන්න සතුට විඳ ගන්න, ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඓතිහාසිකව බැලූවත් ඒ වාගේ අවස්ථා උදා වෙන්නේ එකයි. නැත්නම් දෙකයි.

මේ වගේ උදාර ඓතිහාසික ජයග‍්‍රහණයේ දවසක් උදා කර දෙන්න මේ රටේ සමස්ත ශ‍්‍රී ලාංකික ජාතිය අති ශ්‍රේෂ්ඨ කැප කිරීමක් කළ බව මම කියන්න ඕනෑ. ත‍්‍රස්තවාදීන් මොන තරම් කුපිත කිරීම් කළත් 1983 ජූලියෙන් පස්සේ අපි ජාතීන් හැටියට ඇණ කොටා ගන්න ගියේ නැහැ. වෛර කරන්නේ නැතිව ඉවසගෙන හිටියා. නමුත් ජාත්‍යන්තරයේ තිබුණු බොරු ප‍්‍රචාර නිසා විදේශ රටවල ජීවත්වන ශ‍්‍රී ලාංකිකයෝ තමන් මොනතරම් අවමානයට ලක් වුණාද කියලා දන්නවා ඇති. ශ‍්‍රී මහා බෝධියේ, දළදා මාළිගාවේ වගේම කාත්තන්කුඩි පල්ලියෙත් ලේ දොරේ ගලා යනකොට, අනෙක් අතට මඩු පල්ලියට යන්න අවසර නොලැබෙන කොට, මේ රටේ හිටපු සියලූ ආගමික නායකයෝ අසරණ වෙලා හිටියා.

‘මේ හැමෝම ත‍්‍රස්තවාදය ඉදිරියේ දණ නැමුවා’

මායිම් ගම්මානවල විතරක් නොවෙයි අධි ආරක්ෂක කලාපවල හිටපු රට කරවන නායකයින්ටවත් ආරක්ෂාව තිබුණේ නැහැ. හැම ආණ්ඩුවක්ම මේ ප‍්‍රශ්නේ විසඳගන්න උත්සාහ කළේ ත‍්‍රස්තවාදීන් ඉදිරියේ දණ නමලා. කිහිප වතාවක් රටේ ස්වාධීනත්වයත් පාවා දුන්නා. ජේ. ආර්. ජනාධිපතිතුමා ඉන්දියන් හමුදාව ගෙන්නලා, සාම ගිවිසුම් ගහලා උතුර නැගෙනහිර ඉන්දියාවට බාර දුන්නා. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා සාම කතා කරලා, කොටින්ට ආයුධ දීලා පොලිසියේ 600ක් පාවා දීලාත් කොටි එයාවත් මැරුවා. සාම ගිවිසුම් ගහපු, ලංකාවේ පළාත් සභා පිහිටුවන්න උදව් කළ රජීව් ගාන්ධි ඉන්දියාවේදීම කොටි ඝාතනය කළා. චන්ද්‍රිකා මැතිනියගේ යුගයේ තවලම් ගිහින්, නොර්වේ ගෙන්නාගෙන, අලිමංකඩ වාගේ කඳවුරුවල පවා දහස් ගණනින් මැරෙනතුරු ඉඳලා, යාපනෙන් හමුදා ඉවත් කරගන්න ආසන්න වෙන තරමට මේ රටේ තත්වය නරක් කළා. අන්තිමට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සටන් විරාම ගිවිසුමක් ගහලා උතුරු නැගෙනහිර කොටින්ට බාර දුන්නා. මේ හැමෝම ත‍්‍රස්තවාදය ඉදිරියේ දණ නැමුවා. ඒ හැමෝම රටේ ස්වාධීනත්වයත් පාවා දුන්නා. විදේශ රටවලට, රටට ඇඟිලි ගහන්නත් ඉඩ දුන්නා.

2005 දී මේ රට අපි භාර ගන්න කොට ත‍්‍රස්තවාදයක් එක්ක සටන් කරලා දිනන්නම බැහැ කියලයි ලෝකයම අපට කීවේ. විදේශ සහාය නැතුව මේක කරන්නත් බැහැ කියලයි කීවේ. නමුත් මේ රටේ ජනතාව ගැන, ඔවුන්ගේ වීර දූ පුතුන් ගැන විදේශවලට වඩා මට විශ්වාසයක් තිබුණා. අපි මේ රටේ බිම් අඟලක්, ස්වාධීනත්වයේ බිංදුවක්, කිසිම විදේශ හෝ වෙනත් ගිවිසුමකින් පාවා නොදී මේ විජයග‍්‍රහණය ලබා ගත්තා. ලෝක ආහාර අර්බුදය ආවා, තෙල් අර්බුදය ආවා, මූල්‍ය අර්බුදය ආවා. මේ හැම අර්බුදයකටම මුහුණ දෙමින් තමයි අපි යුද්ධය කළේ. අපි එක වේලක් ජනතාව බඩගින්නේ තිබ්බේ නැහැ. ත‍්‍රස්තවාදී පාලන ප‍්‍රදේශවලටත් කෑම බීම බෙහෙත් යවමින් යුද්ධ කළේ. ලෝක බලපෑම්, ජාත්‍යන්තර බලපෑම් අපමණ ආවා. නමුත් මේ එකක් එක්කවත් ගිවිසුම් නොගහ යට නොවී තමයි අපි මේ විජයග‍්‍රහණය ලබා ගත්තේ. ඒ නිසා තමයි මේ විජයග‍්‍රහණය ලැබූ දවස මේ රටේ ජනතාවට වැදගත් වෙන්නේ. ඒ නිසාම තමයි මේ දිනය ඓතිහාසික දිනයක් වෙන්නේ.

මේ විජයග‍්‍රහණය නිසා මේ රටේ ජනතාවට අහිමිවෙලා තිබුණු වෙරළ තීරයෙන් තුනෙන් දෙකක ප‍්‍රමාණය නැවත හිමිවුණා. පය තියන්නවත් බැරිව තිබුණු පළාත් දෙකක් යළිත් රටේ යහපතට යොදා ගන්න ඉඩ ලැබුණා. මුළු රටේම එකම කොඩියක් ඔසවන්න ඉඩ ලැබුණා. ලංකා සිතියමේ තිබුණු මායිම් ගම්මාන ඉවත් වුණා විතරක් නොවෙයි, දුෂ්කර ගම්මාන ලංකා සිතියමෙන් ඉවත් කරන ඓතිහාසික සංවර්ධනයකට මුල පුරන්න අපිට පුළුවන් වුණා. ඉස්කෝල ගේට්ටු මුර කරලා, දරුවා අරගෙන පණ බයේ ගෙදර දුවපු නගරයේ මවුවරුන්ට, පියවරුන්ට ව්‍යායාමයට කොළඹ ඇවිදින්න පුළුවන් ආකාරයට මේ රටේ නගර ගොඩ නගන්න අපට පුළුවන් වුණේ මේ විජයග‍්‍රහණය නිසා. මෙතෙක් මේ රටේ ජනතාවට විදේශවලදී පමණක් දකින්න තිබුණු අධිවේගී මාර්ග, නවීන වරාය, වරාය නගර, ගුවන් තොටුපළ ඉදි වුණේ මේ විජයග‍්‍රහණය නිසා. ගමේ පරිගණක තාක්ෂණය දියුණු කළේ, උපාධිධාරීන් ලක්ෂ ගණනකට රජයේ රැකියා ලබා දුන්නේ, ආසියාවේ නැගී සිටින රාජ්‍යයක්, ලෝකයත් එක්ක නැගිටින රටක් බවට මේ රට පත් කරන්න පුළුවන් වුණේ මේ විජයග‍්‍රහණයත් එක්කයි. ලෝකයේ දරුණුම, බලසම්පන්නම ත‍්‍රස්තවාදී බලවේගය පරාද කරන්න පුළුවන් වීම නිසා අපිටත් අනෙක් රටවල් වාගේම නැඟී සිටින්න පුළුවන් කියන හැඟීම ලැබුණා. ඒ නිසා තමයි මේ දිනය විජයග‍්‍රහණයේ දිනය හැටියට මුළු රටේම ජනතාව සමරන්න ඕනේ.

මිත‍්‍රවරුනි,

මතක තියාගන්න මේ විජයග‍්‍රහණය ලබා ගන්න, මේ රටේ තරුණ දූ දරුවෝ දහස් ගණනක් ජීවිත පුජා කරලා, ඇස්, ඉස්, මස්, දන් දීලා ලේ දහදිය හෙළුවා. මේ දසදහස් ගණනක් ජීවිත දුන්නේ එක ජාතියක යහපතට විතරක් නොවෙයි. අවසාන සටනේදී ලක්ෂ දෙකකටත් වඩා වැඩි උතුරේ ජනතාවක් ප‍්‍රාණ ඇපකාරයෝ බවට පත් කරගෙන එල්. ටී. ටී. ඊය කටයුතු කළ ආකාරය උතුරේ ජනතාවට මතක් කර දෙන්න ඕනෑ. අද උතුරේ මහජන නියෝජිතයෝ නිදහසේ පාරේ යන්නේ එන්නේ, දේශපාලනය කරන්නේ පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්නෙ ජනතාව සිවිල් අයිතීන් භුක්ති විදින්නේ අපේ ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ රණ විරුවෝ නිසා. උතුරේ ජනතාවට නිදහස ලැබුණේ අපේ වීරයන් නිසා. අද උතුරේ නැගෙනහිර ජනතාවගේ දුව, පුතා යුද්දෙට ඇදන් යාමේ තර්ජනයෙන් මිදිලා පාසල් යන්නේ අපේ විරුවන් නිසා. ඒ නිසා මේ විරුවන් සහ මේ විජයග‍්‍රහණය සැමරීම කාගෙවත් හිත රිදීමක් වෙන්නේ නැහැ. ඒ වගේම නිරායුද අවිහිංසක සිවිල් පුරවැසියෝ දසදහස් සංඛ්‍යාත පිරිසක් දේශයේ නිදහස වෙනුවෙන් තමන්ගෙ ජීවිත දන් දුන් බව, දෑත් දෙපා අහිමි කර ගත් බව අපි නිදහස සමරන හැම වෙලාවෙම ගෞරවයෙන් සිහිපත් කළ යුතු යි.

‘විජයග‍්‍රහණය අමතක කරවන්න රටට ද්‍රෝහී අයට ඕනෑකර තිබෙනවා’

මිත‍්‍රවරුනි,

අපේ දරුවෝ දහස් ගණනක් ජීවිත දීලා ලබා ගත්ත මේ විජයග‍්‍රහණය ජාතියට අමතක කරවන්න රටට ද්‍රෝහී උදවියට ඕනෑ කරලා තියෙනවා. මතක තියා ගන්න අවසාන සටනේදී බෙදුම්වාදීන්ගේ කොඩිය බිම හෙළන්න විතරක් මේ රටේ දරුවෝ දහස් ගණනක් ජීවිත දුන්නා. තවත් දහස් ගණනක් ආබාධිත වුණා. එහෙම පරිත්‍යාගයක් කරලා ඊළාම් කොඩිය බිම දාලා, ජාතික ධජය මුළු දැයේම එසෙව්වා. ඒ අය ජීවිත දුන්නේ මේ රටේ යළිත් බෙදුම්වාදී කොඩිය උස්සනවා දකින්න නොවෙයි. ඒ වීර දු පුතුන්ව අමතක කරන්න මේ තරම් ඉක්මනට පුළුවන් වීම ගැන මේ ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනෑ.

මේ ඓතිහාසික ජාතියේ විජයග‍්‍රහණය සැමරීම වළක්වන්න කටයුතු කළ අයට මම මෙහෙම කියන්න ඕනෑ. ඕනේ නම් මගෙන් පළිගන්න, මාව විවේචනය කරලා අවලාද කරලා තවත් මදිනම් හිරෙත් යවන්න. හැබැයි මාත් එක්ක තියෙන වෛරය නිසා අපි රටට දිනා දුන් දේ රටට අහිමි කරන්න එපා. අපේ රටේ වීර දූ පුතුන් ජීවිත පරිත්‍යාග කරලා දිනා ගත්ත උරුමය උදුරා ගෙන පාගා දාන්න එපා. අපි හිරේ දැම්මත් ජීවිත උදුරා ගත්තත් ඒකට ඉඩ දෙන්න එපා. ආණ්ඩුවත්, ප‍්‍රතිගාමී රටට ද්‍රෝහී බලවේගත් මොනවා කළත් ඔබගේ නිදහස වෙනුවෙන් ජීවිත දුන්න අපේ දරුවන් වෙනුවෙන් පහනක් පත්තු කරන්න. ආණ්ඩුව කියනතුරු ඉන්නේ නැතිව මේ වීරයින් පිරිසත් සිහිපත් වෙන්න අපේ ජාතික ධජය හැම නිවසකම ඔසවන්න.

මම මේ රටේ ආදරණිය දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ දුවේ පුතේ ඔබේ මාතෘ භූමිය රැක ගන්න. අපිට පළමුවත් දෙවනුවත් තෙවනුවත් වටින්නේ මවුබිමයි. ඔබටත් එය එසේ විය යුතුයි.’’

– අනුරුද්ධ බණ්ඩාර (LankaCnews)

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

12 comments:

  1. විශිෂ්ඨ කථාවක්. වැලි ගොඩකින් සීරුවට පෙරා ගත්ත සුපිරිසිදු රත්තරන් වගේ වචන ටිකක්. අහක දාන්න වචනයක්වත් නෑ වගේම හදවත පතුලටම වදිනවා. දේශ ද්‍රෝහීන්ටත් පාන්කඩ වීරයන්ටත් තියුණු අතුල් පහරක්. මේ කථාවේ මුද්‍රිත පිටපතක් භාෂා තුනෙන්ම ලබා දිමට නොපමාව කටයුතු කරන ලෙස දැඩි ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා.////

    ReplyDelete
  2. දිනය - 2015 මැයි 19 විජයග්‍රහණයේ 6 වැනි සැමරුම,වර්තමාන රජය විසින්, රණවිරු දිනය ලෙස එහි සැබැ අරුත යටපත් කල දිනය

    වේලාව - රට බේරාගත් වීර ධීර එවකට සේනාධිනායක වූ හිටපු ජනපති ඒත් අදටත් මගේ ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ ඒ අසාහය නායකයා සහ යෝධ බල යෝධ හයියෙන් පිරි ඒ ගෝඨාභය නම් වූ ඒ යෝධ සෙනෙවියා හා හිටපු ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අප වීරයා නොමැතිව, අනුන්ගේ අභිමානය සොරාගෙන රාජ්‍ය බලයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් බලෙන් රටට පෙන්වන්න යොදාගත් සිංහයා නොමැති ශ්‍රි ලංකා ධජය සේ හිස් වූ උත්සවයක් රටේ වර්තමාන රාජ්‍ය නායකයා අමතන වේලාව.

    ක්‍රියාව - ඉදිරියේ ඇති රූපවාහිනිය නිවා දමා ඒ ඉදිරියේම හිඳ ලැප්ටොප් පරිගණකයෙන් පෙර දින පැවැත්වූ නිදහසේ පහන් ටැඹ විජයග්‍රහණ සැමරුමේ අභිමානවත් උත්සවය අමතන මහින්ද රාජපක්ෂ නම් ඒ සිංහයා‍ගේ රුව නරඹමින් ඒ සිංහ නාදයට සවන් දීම.

    "නීචයනි අපි බලන්නේ අපි අහන්නේ අපි ජීවත් වන්නේ අපි හුස්ම ගන්නේ අපිට ඕනවෙන්නේ තොපිට ඕන දේවත් තොපිට ඕන විදියටත් නොවේ. අපේ හෘදය වස්තුව ඉල්ලන දේ අපි දන්නවා. තොපි ඒක දැනගනිව්."

    ReplyDelete
  3. Speech by a real son of the country who loves his people. In contrast to the lame duck president who blame this great nation and all leaders from 1948 to 2015 and praised very people who advocated separatism. The speech obviously written to please the masters abroad . Is this the way celebrate the greatest victory this country ever witnessed and diluted the great sacrifice made by the heroes of the nation. He was ashamed mention name the very man whose leadership led to this great victory . Fonsekas JRs Chandricas Premadasas were there during the last 30 years but what did they do to end it. Now they have stopped post war development which was the only way to unite the country. Have these ever built a road side toilet?.

    ReplyDelete
  4. Splendid heartfelt speech rendered with real sincerity and plenty of home truths, this is a man who is not afraid to speak his mind no matter what the circumstances are, true there were faults in his administration, but when it comes to defending the territorial sovereignty of our motherland there is one name synonymously associated with the words territorial sovereignty that is MAHINDA RAJAPAKSA, without him today we would still be fearing for our lives! Whatever our political viewpoints are this fact has to be acknowledged. If there was no MR we would most likely to be celebrating the division of two countries today!He is indeed a Yuga Purusha!

    ReplyDelete
  5. a kathawa ahanakota loku abimanayak denenawa

    ReplyDelete
  6. upul wickramarachchiMay 19, 2015 at 6:54 AM

    Ape Athigaru Janadipathithumani Obage Ada Dina Kathawa Ithamath Harabarai .Obata Jaya Weva , Obata Deergayu Weva ...............

    ReplyDelete
  7. I am so proud to watch this programme all the way from Toronto........Since Toronto has a large number of our Tamil friends they also did commemorate this here in Scarborough in the town centre square... which was just across the street where I live..

    and they gave it a name "Tamil Genocide " while sinhalese are divided and fighting cutting the throate of the other ...Tamils are all united for their cause.......

    when will sinhala people ever learn?.....our problem is our ego.....second to none ..

    But I am thankful to the president Mahinda for initiating this and let the world know that we still care .....we care ....

    ReplyDelete
  8. beautiful speech, i agree with Mauri 100% most of the Tamil community in Canada believe in separate country for them. unfortunately Sinhalese never think about our country only them self.

    feel very sorry for our country, only remote hope is MR.

    ReplyDelete
  9. Mage Rata Wijayagrahanaya Karawamin 30 Awurudu Yudhdha Saapaya Nima Karawa Mini Maru Thrasthawaadaya Mage Ratin Athu Gaa Damimata Naayakathwaya Dun Senaadhinayaka Mahinda Rajapaksa Mathindun Haa Garu Arakshaka Lekam Gotabhaya Mathindun Rana Wiruwan Samaga Samaru DESHAYE SABA WIJAYAGRAHANA SAMARUMAI Me!!!

    ReplyDelete
  10. අනේ මේ කාළකන්ණි යමයන්ට බම්බු ගහගන්ඩ කියන්ඩ... අපි ඉන්නකං අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමණි,ඔබතුමාට අනතුරක් කරන්ඩ කිසිදාක ඉඩතියන්නෑ.ඔබතුමා ප්‍රමුඛ අපගේ වීරෝධාර රණවිරුවනුත්,මේ රටේ ඔබතුමාට ආදරය ගෞරවය දක්වන,රණවිරුවන්ට ආදරය ගෞරවය දක්වන දේශප්‍රේමී ජන බලය අනෙක් පැත්තට හරවා නැවතත් මේ රට මිනීමරු කොටියට රිසි සේ මිනීමරා ලේ ගංගාවන් අපගේ මවුබිම මතින් ගලා යාමට සැලැස්වීමටයි ඔය කාළකණ්ණි යම බල්ලන්ට උවමනා වෙලා තිබෙන්නෙ..මුන් වෙන කවුරුවත් නෙමෙයි මුන් තමයි සිංහල ජාතියට පහරන පහරපු සිංහල කොටිටික, මේ විජයග්‍රාහී ගමන නැවැත්වීමට හදන එවුන් ඉවරයක් කර හෝ අපි ඔබතුමා, ආරක්ෂක ලේකම්තුමා ඇතුලු අපේ වීරෝධාර රණවිරුවන්ව රැක ගන්නවා.අපි නෙමෙයි මේ රටේ ජීවත් වෙලා ඉන්න අවශ්‍ය ඔබතුමන්ලයි...

    ඒ වගේම කවුරුත් කිව්වත් නැතත් මම 2009 සිට අද දක්වා මැයි 18 වෙනිදාට අපි ව ජීවත් කරවන්න ඔවුන්ගෙ ජීවිතය පුදදුන් අපගේ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් අභිමානයෙන් යුතුව ජාතික ධඡය ගුවනට ඔසවා පහන් දල්වා යුද්ධයට නායකත්වය දුන් ඒ මහා වීරයන්ට හා රට දැය වෙනුවෙන්, අප වෙනුවෙන් අවසන් හුස්ම පොදත් මේ ලක්මවට පුදදුන් විරුවන් හා අැස් හිස් මස් හා අතපය දන්දුන් අපේම රණවිරැවන් වෙනුවෙන් උපහාර දැක් වීමට මම සහ අපේ ගෙදර සැවොම ජීවිතය තිබෙන තාක් කල් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරන්නෙමු! ඒවගේම අතීතය මතක ඇති ලක්වාසී දේශප්‍රේමී ජනයාත් එසේ කරනවා නොවණුමානය..

    ReplyDelete
  11. They accused him of using the victory for personal glorification, what a hypocrisy! This was a victory for all which was given leadership by him so why shouldn't he take part with security forces? Sincere speech with clear stand, he is not afraid of speaking his mind and stand up for the national actions no matter the circumstances, can the good governance hypocrites do that? I am a Tamil and no way we can allow our children to be used as human bombs. Now he is right again " there are no minorities only who love the country and a minority who don't " sovereignty must be first. Thanks to him for empowering words showing the light at the end of dark tunnel.

    ReplyDelete
  12. Our Ex President Mahinda Rajapakse, is A True Son of the Soil .. People should remember that he is A True NALANDIAN !!!
    We are Proud of you Sir !!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.