Mahinda Rajapaksa: විමල් - හරීන් වාද පිටිය. හරීන් ගහන බේගල් මෙන්න. (VIDEO)

Wednesday, May 20, 2015

විමල් - හරීන් වාද පිටිය. හරීන් ගහන බේගල් මෙන්න. (VIDEO)

විමල් වීරවංශ මහතාට එරෙහිව හරීන් ෆනෑන්ඩු මහතා විසින් කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගයේ වියදම් සම්බන්ධයෙන් කරනු ලැබූ අභියෝගය අනුව දෙරන වාද පිටියේ දෙදෙනා මුහුණට මුහුණ සංවාදය පැවැත්වුණා.

එහිදී විමල් වීරවංශ මහතාගේ ප්‍රධාන තර්කය වූයේ, වත්මන් රජයේ කැබිනට් තීන්දුවේ කැබිනට් පත්‍රිකාව අනුව එම අධිවේගී මාර්ගයේ වියදම බිලියන 66.6 ක් බවයි.

එහිදී එම කැබිනට් පත්‍රිකාව බොරු බව පෙන්වීමට හරීන් ප්‍රනාන්දු මහතාට නොහැකි වූ අතර, මාතෘකාවට අදාල නැති දේවල් කියමින් වටේ යාම සිදුකළා.

සම්පූර්ණ වැඩසටහන පහතින්.



නැරඹීමට නොහැකි වූ යාලුවන් සඳහා Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.