දේශයක් අවදිකළ විජග්‍රහණයේ අභිමානය

“” ඔබට නිදහස් නිවහල් දේශයක් ගොඩ නැගීමට ඔහුගේ හෙට දවස කැපකළ ඔහු වෙනුවෙන් ඔබ ඔබගේ මොහොතක් කැප කරන්න……!!! “”

දේශයක් අවදිකළ විජග්‍රහණයේ අභිමානය රැගත් රන් හිරු කිරණ පෙරදිග ක්ෂිතිය කර්ණයෙන් නැග එන්නට සූදානමින් ඇත.. දශක තුනක මිලෙච්ඡ ත්‍රස්ත ග්‍රහණයෙන් මීට වසර සයකට පෙර මේ රට ලබා ගත් විජයග්‍රහණයේ ඒ අභිමානවත් දිනය අදයි… මීට වසර සයක පෙර මුළු මහත් ජාතියක් දේශයේ මුර දේවතා රැකවල් මැද නොනිදා පහන් කරමින් බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටියේ මේ රට දශක තුනක් පුරාවට වෙලාගත් මිනීමරු ත්‍රස්තවාදයේ අවසානය දැකීමටයි…!!! ඒ රැය අප ජාතිය ත්‍රස්තවාදයෙන් වෙලී ගැවසීගත් අවසාන රාතිය යැයි සිතීමට සිදුවීම අපටද පුදුමයක් විය. දශක තුනක් පුරාවට දේශපාලනයේ මල කුණු බුදින නරුමයින්ගේ එකම ආහාරය වූ යුද්ධය අභිමානවත් රුහුණේ ජණමූල නායක අති ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ හා වීරෝදාර රණ විරුවන්ගේ අවංක ඉතා දැඩි කැපවීම මධ්‍යයේ අවසන් කරමින් ලෝකයේ ත්‍රස්තවාදය යුද්ධයෙන් නිමා කරමින් ත්‍රස්තවාදියාට පිළිතුරු ලබා දිය යුතු පිළිතුර කුමක්දැයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පහදා දුන් එකම ජාතිය ලෙස අප ලොවක් ඉදිරියේ කිරුළ පැළැන්දෙමු..

මිනීමරු ත්‍රස්ත නායක වේලුපීල්ලේ පිරිබාහරන්ගේ නිසල කාලකණ්ණි මල කුණ දැක අප නිම් හිම් නැති ප්‍රීතියෙන් සතුටු වීමු. එදා අගනුවර රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක සෙබළු තුරුළු කර ගනිමින් අප ඔවුන් ජාතිය වෙනුවෙන් කළ අමිල සේවය අගය කළෙමු. මහ මග සිංහ කොඩි රැගෙන පෙළපාලි ගියෙමු. ජාති ආගම් කුල පක්ෂ පාට භෙදයෙන් තොරව සතුටු වීමු… විජයග්‍රහණයේ සුබ පුවතත් සමග මේ රටට සපැමිණි මහා නායකයාණෝ මව් පොළව සිප ගනිමින් මේ ලක් මවට වැද ආචර කල ඒ හැගීම් බර මොහොත අපට කිසි කලෙක අමතක නොවනු ඇත… වසර 600කට පසුව මේ ලක් මාතාව එක්සේසත් කල එකම රාජ්‍ය නායකයා ලෙස අප මේ මොහොතේදී එතුමා අති මහත් ගරු බුහුණනින් යුතුව සිහිපත් කරන්නෙමු.. ගුණමකු නොවන ශ්‍රී ලාංකේය ජාතිය ලක් ඉතිහාසය පුරාවට වීර දුටුගැමුණු, මහා වළගම්බා , මහා විජයබාහු , මහ පැරකුම් වැනි වීර රාජ්‍ය නාමාවලිය අතර නුබේ නාමයත් සදා අභිමානයෙන් යුතුව සිහිපත් කරනු ඇත… නිවට රාජ්‍ය නායකයින් මිනීමරු කොටියාට බියේ ජාතිය පාවා දෙමින් මේ රට අරාජික කල යුගයේ ඊට එරෙහිව උපන් ලක් මවගේ අභීත සිංහයා ලෙස මේ මහා ජාතිය සදා කල් නුඹ සමරනු ඇත… මේ රටෙත් මේ ජාතියෙත් භාරකරුවා ලෙස මේ රට ජාතිය රැක ගැනීමට තම ජීවිතය ගැන නොතකා ගත් ඉතා අසීරු දැඩි තීන්දු මේ මහා විජයග්‍රහණයේ ශක්තිමත් පාදමයි… එදා රණ විරුවා ඔබ කෙරෙහි තැබූ විශ්වාසය කිසි කලෙක කිසිම මොහොතක ඔබ තුමා කඩ නොකළ බව අපට නො රහසකි. ඔබ තුමා අප ආකරක්ෂ අංශ වලට නිසි බලතල ලබා දෙමින් සුදුස්සන් ඒ ස්ථාන වලට පත් කරමින් මේ මහා දැවැන්ත යුද්ධය කල ආකරය අපට කිසිදා අමතක නොවනු ඇත… එදා වන්නි රණ බිමේ සිටි රණ විරුවා ඔබව දැඩි ලෙස විශ්වාස කරමින් ඔබගේ සෙවන යට නොබියව ත්‍රස්ත ඉලක්කවලට අවශ්‍ය ප්‍රහාර ලබා දෙමින් මේ රට ජයග්‍රහණය කරා මෙහෙය වූ බව නොරහසකි…ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී දුටු ගැමුණු රජු එළාර සමග යුද්ධයට පිවිසියේ එළාරගේ ආක්‍රමණය ඒ මොහොතේ නොවීමට තිබුණත් එය නූපන් හෙට උපදින දරුවාගේ පරම්පරාවටද ඇද ගෙන ගොස් එය ඔවුන්ට එල්ල වීමට තිබූ අවස්ථාව අහිමි කිරීමටයි. ක්‍රිස්තු වර්ෂ විසි එක්වැනි සියවසේදී මහින්ද රාජපක්ෂ නම් මහා යුග පුරුෂයාද මේ මහා යුද්ධය ඉදිරි පරපුරට බාධාවක් නොකිරීමට කටයුතු කළේය.

වෙල්ල මුල්ල වයික්කාල් වල අවසන් බිම් කඩට සීමාවී සිටි මිනීමරු ත්‍රස්ත නායකයා බේරා ගැනීමට ජාත්‍යන්තරය, තවත් නිමේෂයකින් අප ලබා ගන්නා ජයග්‍රහණය දැක විවිධ බාධා කල හැටි අපට අමතක නැත.. බලවත් යැයි කියා ගන්නා වර්තමාන යහපාලන නඩය දෙපා ලෙවකන රාජ්‍යවල ප්‍රබලයින් මෙරටට පැමිණි වීට එතුමා ඔවුන්ට නොබියව පිළිතුරු දෙමින් ඔවුන්ගේ තර්ජන ගර්ජන වලට නොබියව නියම සිංහලයෙකු ලෙස ප්‍රතිචාර දක්වා ඔවුන් හිස් අතින් හරවා යැවූ හැටිද අපට අමතක නැත.. මේ මහා දැවැන්ත යුද්ධයේ ප්‍රධාන සැගවුණ උපක්‍රම කරුවා වන ඉන්දියාවෙන් පැමිණි තර්ජන වලට නොබියව අඛණ්ඩව ජයග්‍රහණය තෙක් මේ රට මෙහෙයවූ ආකරය අප සිහිපත් කරන්නෙමු… විපක්ෂයේ කණ්ඩායම් යුද්ධයට කිසිදු සහායක් නොමැතිව කොටි හිතවාදීන් සමග එක්ව යුද ජයග්‍රහණ ඉතා පහත් ලෙස විවේචය කරමින් හමුදා සෙබළුන්ගේ රටේ සිවිල් ජනතාවගේ යුද ජයග්‍රහණය් හෑල්ලුවට ලක් කරමින් කටයුතු කළ ඒ අවධියේදී ඒ දුර්මත වලින් මේ රටට සිදුවන්නට ගිය විපත වළකාලමින් ගත යුතු ක්‍රියා මාර්ග ගනිමින් රාජ්‍ය ආරක්ෂ ලේකම් තුමාගේ ඝෘජු අධීක්ෂණය යටතේ මාධ්‍ය ආයතන සමග මේ යුද්ධය පිළිබද සැබෑ තතු ජනතාවට හෙළිකරමින් දශක තුනක් පුරාවට මෙය යුද ජයග්‍රහණයකින් නිමා කල නොහැකි බවට ජන සාමාජය තුළ රෝපණය කල මතය පුස්සක් කල ආකරය ඉතා ප්‍රශංසනීය වන්නේය…

ලක් මවගේ සුජාත ලක් පුතුන් එකා මත එකා මැරී වැටෙමින් තරුණ ජීවිත දහස් සංඛ්‍යාවක් අහිමි කරගනිමින් මව් වරුන්ට තම දරුවා අහිමි කරමින් බිරිදට තම ආදරණීය ස්වාමිපුරුෂයා අහිමි කරමින් අහිංසක දරුවනට තම ප්‍රීතෘ සෙනෙහස රැකවරණය අහිමි කරමින් තවත් තරුණ ජීවිත දහස් ගණනක් සදාකාලික ආබධිතයින් කරගනිමින් ලේ ඇස් ඉස් මස් පූජා කර ලබා ගත් ඒ නිදහස අප විසින් එලෙසින්ම රැක ගත යුතුව ඇත… එය එදා රණ බිමට නොගිය අපගේ වගකිමයි ඒ. අභීත රණ විරුවා මේ දේශය ගොඩ නැගුවේ ඔබ වෙනුවෙන් ඔහු මිය ගියේ පූර්ණ කාලීන ආබාධිත වූයේ ඔබට නිදහස් නිවහල් අද දවස ගොඩ නැගීමටයි. එදා රණ බිම මත ඔහු දෑස් පියා ගත්තේ ඔබ මේ රට ජාතිය ඔහු මෙන්ම රකිනු ඇතැයි විශ්වාසයෙනි.. ඒ ඔහු ඔබ වෙත තැබූ විශ්වාසය රකින්න කිසිම විටෙක පසු බටනොවන්න.. යුද ජයග්‍රහණයක ඒ විජග්‍රහණයේ හැගීම ඇත්තේ එයට වචනයකින් හෝ දායක වූ අයටයි.. යුද ජයග්‍රහණය හෑල්ලු කරමින් වීරෝදාර රණ විරුවන් එකා මත එකා මැරී වැටෙමින් බිම් අගලෙන් අගල ඉදිරියට ඇදුණු දරුණු අලිමංකඩ රණ බිම පාමංකඩට උපාමා කරමින් රණ විරුවනගේ හා රටේ යුද්ධයේ සැබෑ අවසානයක් පැතූ දේශ හිතකාමි ජනතාවගේ මානසිකත්වය බිද හෙලීමේ කොන්තරාත්තුව ඉටු කල අයට මෙහි වටිනා කමක් නැත. ඔවුන් ඒ අභීත රණ විරුවා සිහිපත් කරන්නේ නැත… කොටි ත්‍රස්තයින්ගේ නැගෙනහිර පාලන බලය ගෙනගිය තොප්පිගල කැලයක් කී නරුමයින්ට මෙහි වටිනා කමක් නැත.. ඕනෑ ගොනෙක්ට යුද්ධ කළ හැකී කී මී හරකාට මේ ජයග්‍රහණයේ අරුත්ක් නැත… ඔවුන්ට අභීත රණ විරුවා කල කැපවීම විහිළුවක් පමණි… ඒ නරුමයිට ඔවුන් නොවටිනේ වුවද මේ රටේ සුවහසක් ලක් දූ පුතුන්ගේ හදවත් තුළ ඒ අභීත රණ විරුවා ජීවමානයි…

එදා මෙන් අදත් නන්දිකාඩාල් කලපුවට හිරු පායනු ඇත. එහෙත්, එදා අප දිනූ දේශයේ අභිමානය ඒ හිරු කිරණ තුළ ඇතිදැයි අපට ප්‍රශ්නයක් ඇත… වසර 5 ක් පුරාවට මේ රට යුද ජයග්‍රහණයෙන් පසුව මෙහෙය වූ ඒ මහා යුග පුරුෂයා ගුණමකු පිරිස් විසින් බලයෙන් පහකර ඇත… වෙනදා දකින ප්‍රඨාපවත් රූපය වෙනුවට කොටි රූකඩ අද රාජ්‍ය හසුරවන බව පෙනේ .. දශක තුනක් පුරා යුද වැද අන්ත පරාජය ලක් කොටියා අද තම ඉල්ලීම් එකිනෙක හීන් සිරුවේ යහපාලනයට මුවා වී දිනා ගන්නා සැටි බලා අපට නිවටයින් ලෙස බලා සිටීමට අවස්ථාව උදා කර ඇත.

* ආරක්ෂක හමුදා කදවුරු ගලවමින් කොටි මන දොළ සපුරමින් සිටී අධි ආරක්ෂිත කලාප ඉවත් කරමින් පලාලි ගුවන්තොට අනාරක්ෂිත කර ඇත..
* අද ටැමිල් නෙට් කොටි වෙබ් අඩවියේ තහනම් ඉවත් වී ඇත. නොබෝ කල් නොගොස් කොටි තහනමද මෙලෙස ඉවත්වනු ඇත…
* ආරක්ෂ අංශ විසින් දැඩි කැපවීමෙන් අල්ලා ගත් ප්‍රබල මුහුදු කොටි නායකාවක් වන මුරුගේසු බහිර්තී අද නිදහස ලබා ඇත..
* යුද ජයග්‍රහණයට දිවි හිමියෙන් කටයුතු කළ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට හා ගුවන් හමුදාපත් රොෂාන් ගුණතිලක මහතාට අසත්‍ය චෝදනා ගොනු කර කොටි මන දොළ සපිරවීමට කටයුතු කරමින් සිටී…
* ඉතා ප්‍රබල කොටි සාමජිකයින් රදාවා සිටින මැගසීන් බන්ධනාගාරයේ ආරක්ෂාවට සිටි ආරක්ෂක හමුදා ඉවත් කර ඇත…
* උතුරේ ආණ්ඩුකාර වරයා ලෙස සිටි මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාව ඉවත් කර ඇත…
*තානාපති සේවයේ සිටි සියලූම ආරක්ෂක අංශ නිලධාරීන් නැවත කැදවා විදේශ කොටි ත්‍රස්ත කල්ලි ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත..
* උතුරේ ද්‍රවිඩ සංහාරයන් සෙවීමට උතුරු පළාත් සභාවතුළ වෙනම යෝජනා සම්මත කරගෙන ඇත..
* ස්වයං පාලනයට එකග වී හොර රහසේ උතුරු නැගෙනහිර පළාත් සදහා පොලිස් හා ඉඩම් බලතල ලබා දීමට කටයුතු කරමින් සිටී.
* 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා ඊටත් එහා ගිය බලතල උතුරට ලබා දීමට කටයුතු කිරීමට ඉන්දීය අගමැති ලංකා පාර්ලිමේන්තුවේදීම කියයි.
* කොටි පුහුණුව ලද තමිල්නාඩු සරණාගතයින් යැයි කියා ගන්නා ලක්ෂ 6 කට ශ්‍රී ලංකාවේ දොරටුව විවර කරයි..
* ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරා තහනමද ඉවත් වේ …
* උතුරේ මාන්කුලම් ඇතුළු පොලිස් ස්ථාන 6 ක් බෙදුම්වාදී වුවමනාව අනුව ඉවත් කිරීම
* උතුරේ ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන ගිය නිවාඩු නිකෙතන ද්‍රවිඩ ඩයස්පෝරවේ ලංසු මත ඩයස්පෝරා හිතවතුනට ලබාදී ඇත..

ඉහත සදහන් යහපාලන කරනු ලැබුවේ උතුරේ යහපාලනයේ සොදුරු දායද වලින් කොටසක් පමණි… මේ තත්වය මාධ්‍යයෙන් වසන් කිරීමට උතුරේ සිදුවූ පළමු බෝම්බ පිපිරීමෙන් පසුව කොටි හිතවාදී වුමනා මත ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක වරයෙකු අනවශ්‍ය බව ප්‍රකාශ කරමින් ඉතා අවංක සේවයක් කල බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරින් පහකරනු ලැබීය.

අප වෙනුවෙන් මව් පොළව සිපගත් ආදරණීය රණ විරුවනි, ඔබ එදා දිනා දුන් දේශය යළි මහා අනතුරක යහපාලනය නැමති අධම පාලනය හෙළා ඇත… දෙමළ ඊළම් රාජ්‍ය ප්‍රකාශයට පත් කල වර්ධරාජා පෙරුමාල් අද ලංකාවේ සුව සේ සිටී .. මිනි මරු කොටියා නිහඩ කළ භූමියේ අද ඒ මිලෙච්ඡයා වෙනුවෙන් ද්‍රවිඩ සංධානය පහන දලවා එයට ඔවුන්ට ඇති අයිතිය ගැන ජවිපේ උදාහරණයට දක්වමින් ප්‍රකාශ නිකුත් කරයි.. එදා මහින්ද රාජපක්ෂ සමයේ අපට විරුද්ධව වචනයක් කතා කිරීමට බියව සිටි ත්‍රස්තහිතවාදීන් අද එළිපිටම ත්‍රස්තයින්ගේ විරු සමරු සති ප්‍රකාශයට පත් කරති… අද ඒවා අධිකරනය්ට ගොස් තහනම් කිරීමට සිදුව ඇත… වසර හතළිහකට මෙහා මෙරටට පය නො තැබූ ලෝකයේ පොලිස් කාරයා පැමිණ ද්‍රවිඩ සංධානය සමග සාකඡාකර යයි …. උතුරේ ආරක්ෂක හමුදා අද කදවුරු වලට සීමා කර ඇත රනිල්ගේ ඊනියා සටන් විරාම සමයේ මෙන් ආරක්ෂක හමුදාවල බලය සීමා කර ඇත… ඔබට එදා තිබූ ගරුත්වය කෙළෙමින් සිටී ලොව පුරා නුඹේ නාමය කෙලෙසමින් සිටී නන්දිකඩාල කලපුව හරහා පැමිණිවිට ඔබ තම දිවි දෙවෙනි කොට බේරාගත් ඔවුන්ම ඔබට විරුද්ධව මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ බොරු සාක්ෂි ලබාදී ඇත.. එදා ඒ යුද්ධයේ වගකීම ගත් රාජ්‍ය නයකයා හා ඔබගේ ආරක්ෂක ලේකම් වරයා කොටි ත්‍රස්තයිගේ වුවමනා මත ජාත්‍යන්තර අධිකරණයකින් වරද කරුවන් කරවා දිවි තොර කිරීමට යන්ත දරයි. ඒ සදහා අද යහපාලන රෙදි කඩට මුවා වීඅ එදා ඔබ ලද ජය හෑල්ලු කල නරුමයින්ද එක්ව සිටී…

අප වෙනුවෙන් දිවි පිදූ ආබධිත වූ ආදරණීය රණවිරුව, ඔබේ මවට් පියාට සහෝදර සහෝදරියට , ආදරණීය බිරිදට ඔබේම සුජාත දරුවට මේ රටේ නිදහසින් ජීවත් වීමට මේ යන ආකාරට හෙටක් පවතීද යන්න සැකයකි සැබැවිම ඔබ දිනා දුන් අප අත් විදි නිදහස අනතුරේය. අද කොළඹ සුන්දර කර ඇත ඒ ඔබේම සගයින් විසින්ය. අද බස් රථතුල දුම් රිය තුළ බෝම්බ පුපුරන්නේ නැත.. මුර කපොලු නැත. මර බිය නැත. අවාසනාවට දිවි පිදූ ඔබවද කොටසකට අමතකය. ඒ මරණ බියෙන් තැතිගැනුණු අතීතය නිමා කළේ කවුදැයි ලක්ෂ 58 පමණක් මතක ඇත… ඔබ එදා අප වෙනුවෙන් කල අනූමපනීය සේවය අප අද ඔබව සැබැවින්ම මතක පිරිසක් සමග සමරන්නෙමු….!!!

දශක තුනක යුද්ධයෙන් මව් පොළව වෙනුවෙන් දිවි පිදූ ආබාධයට ලක් වූ, ඔබට නිදහස් නිවහල් දේශයක් ගොඩ නැගීමට ඔහුගේ හෙට දවස කැපකළ, ඔබේ ආදරණීය විරු සගයා දරුවා සොහොයුරා ස්වාමියා පියාණන් සිහිකර පහනක් දැල්වූ, ඔහු එක්සේසත් කළ ජාතියේ සිංහ ධජය ගුවනට මුසු කළ, ඔහු වෙනුවෙන් පින් දුන්, විජයග්‍රහණයේ මහා පහන් ටැඹේ එක පහන් සිළුවක් වූ සියලුම දෙනාට බෙහෙවින් කෘතඥ වන්නෙමු.

සටහන :- චාමික ජයසේකර (බාහිර ලේඛකයෙක් විසිනි)

11262460_458960124269308_1392725467369657887_n[1]

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to දේශයක් අවදිකළ විජග්‍රහණයේ අභිමානය

  • RANDULA DAMITH

    Ape lakmaniyan hora thakkadi koti thirisannungen bera gath sheshta nakayaneni ape maha rajaneni obata api sada naya gathiiii.ada obata deshapalneye sitenne kelehiguna nodanna gunamuku waiakkarayanya.eth pasuthawili nowanna.samada ope janapati obaiiiii.samada opi oba samagaiiii.

  • ඉතලියානෝ Italiano

    දින 100 දී කල දේවල් ඇතුලත් පොත් පිංචක් ගෙයින් ගෙට බෙදාහැරීම පිලිබද මාධ්‍ය වාර්ථාවක් දැක්කා. නරකද, මේ ලිපිය ඒකට අතුලත් කලොත්.( කොහොම වුනත් දින 100 කල දේවල් තමයි මේ ලිපියේ අන්තර්ගතය.)

  • Power

    බිම්කඩක් නොමැති විරුකැළ
    ලේ හෙලා රුදුරු සටනක
    ජාතියේ පිනට ඉපදුණු දේශප්‍රේමියෝ
    රණබිමේ දිවිය ගතකළ
    තිස්පැයේ අතට අවිගෙන
    වන්නියේ බලය පතුරා සටන ජය ලබයි
    සටන ජය ලබයි ෴

    පෙන්වමින් ලොවට තෙඡ බල
    උණ්ඩයෙන් සතුරු බලබිඳ
    යුක්තියේ සවිය නංවන වීර පුතණුවෝ
    සිවුහෙලේ ඉතිරි යුතුකම
    රෑ දිවා නැතිව නිමකළ
    මවුකිරේ එඩිය පෙන්වා පෙරට පා තබයි
    පෙරට පා තබයි ෴

    බිම්කඩක් නොමැති විරුකැළ
    ලේ හෙලා රුදුරු සටනක
    ජාතියේ පිනට ඉපදුණු දේශප්‍රේමියෝ
    රණබිමේ දිවිය ගතකළ
    තිස්පැයේ අතට අවිගෙන
    වන්නියේ බලය පතුරා සටන ජය ලබයි
    සටන ජය ලබයි ෴

    මවුබිමේ සතර මායිම
    දිවිපුදා පවුරු වැටබැඳ
    දාඩියේ සුවඳ පතුරණ වීර පුතණුවෝ
    දැන් අපේ පරම යුතුකම
    වීරයින් රැකුම නිතරම
    උස් අසුන් තනා විරුවන් බලාගත යුතුයි
    බලාගත යුතුයි ෴

    බිම්කඩක් නොමැති විරුකැළ
    ලේ හෙලා රුදුරු සටනක
    ජාතියේ පිනට ඉපදුණු දේශප්‍රේම්යෝ
    රණබිමේ දිවිය ගතකළ
    තිස්පැයේ අතට අවිගෙන
    වන්නියේ බලය පතුරා සටන ජය ලබයි
    සටන ජය ලබයි ෴

    මවුකිරට ණය නැති
    මවුබිමට ණය නැති
    වීර නායකයිණි,රණවිරුවනි,රණවීරවරියනි..

    අපි ඔබට සදා ණයගැති වන්නෙමු !

  • Piyaseeli Senanayake

    Our war wasn’t only Deshayak Avadikala, but a Lokayak Mavithakala.

Leave a Reply