පහත පින්තුර වලින් දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමට පෙර තිබූ අපිරිසිදු කොළඹ නගරය ට මහින්ද යුගයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත ඇතිවූ වෙනසයි.. (මීට පෙර දැක නැතිනම් විශාල කර බැලීමට පින්තූර මත ක්ලික් කරන්න)
නමුත් අද වන විට ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇති බව කණගාටුවෙන් වුවද පැවසීමට සිදුවී තිබේ.
යහපාලන ආණ්ඩුව බලයට පැමිණි වහාම සිදුකළේ අරලිය ගහ මන්දිරයේ තාප්පය පුරා වවා තිබූ මල් පැල ටික විනාශ කර දැමීමයි.
මේ වන විට කොළොන්නාවේ කුණු ප්රශ්නය උග්‍ර වී තිබෙන අතර, පරිසරය පිරිසිදු කරන මෙන් ඉල්ලා 2015 මැයි 24 දින විරෝධතාවය දැක්වූ ජනතාවට යහපාලන ආණ්ඩුවෙන් ලැබුණේ ජල ප්රහාරයකි.
සංචාරක පාරාදීසයක් ලෙස කොළඹ නගරය ලබා තිබූ ප්‍රසිද්ධිය නිසාදෝ පසුගිය දා විශ්ව රූ රැජින වන පිලිපීනයේ ජෙමී හෙරිල් ශ්‍රී ලංකාවට පැමිණි අතර, කොළඹ අසිරිය විඳ ගැනීම මදකට නවතා ඇය සිදුකරන ලද්දේත් කොළඹ බේරේ වැව ආශ්‍රිතව පිරිසිදු කිරීමයි.
කොළඹ නගරයේ පරිසරයට මේ වන විට සිදුවී ඇති විනාශය ගැන ස්වර්ණවාහිනියෙන් විකාශය වූ වැඩසටහනකුයි මේ...
පහත දැක්වෙන්නේ "ආණ්ඩු පෙරලියෙන් පසු නගර කැතවෙලා" මැයෙන් නෙත්FM විසින් වාර්තා කරන ලද්දකි.
කොළඹ සහ අවට ප්‍රදේශවල ඇවිදින මංතීරු බොහෝමයක පිරිසිදු කිරීම් නිසිලෙස සිදුනොවන බවයි මහජනතාව පැවසුවේ. ඇතැම් ඇවිදින මංතීරුවල දෙපස සවිකර ඇති විදුලි බුබුළු ද කැඞී ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සාමාන්‍ය කාන්තාවක් නාගරික සංවර්ධන අධිකාරියට දුරකථනයෙන් කථා කළ අවස්ථාවේ ඇයට ලැබුණු ප්රතිචාරයයි මේ.
නාගාරික සංවර්ධන අධිකාරියෙන් ලැබුණු මෙම ප්‍රතිචාරය අනුව අදාල කාන්තාව ඉඩම් ගොඩකිරිමේ සංස්ථාවට ද ඇමතුමක් ලබා ගත්තා. මේ එහිදී ඇතිවු සංවාදයයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවාහන සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ බිඳි ගොස් ඇති විදුලි බුබුළු සම්බන්ධයෙන් තමන් වහාම සොයා බලන බවයි.
පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ඇති ගැටළු පිළිබඳවද වහාම සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වුණා. අදාල ස්ථානවල සේවයේ යොදවා සිටි හමුදා නිලධාරීන්ගෙන් ඉවත් කර ඇත්තේ අතිරේකව සිටි පිරිස් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. අවශ්‍ය තරම් හමුදා නිලධාරීන් තවදුරටත් එම ස්ථානවල නඩත්තු කිරීම්වල යෙදී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
මෑත කාලයේදී තදාසන්න ප්‍රදේශ වලදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
මංමාවත් කලට වේලාවට අතු නොගෑම නිසා ප්රවිත්ර නගරයක ජීවත් වී පුරුදු මගීන් පත් වන්නේ දැඩි අපසුතාවකටයි.
දැවී ගිය විදුලි බල්බ අලුතෙන් සවි නොකිරීම නිසා කොළඹ නගරයේ අදාල ප්‍රදේශ වල රාත්‍රී කාලය මගීන්ට දැඩි අනාරක්ෂිත බවක් උදා කර ඇත.
පසුගිය රජය සමයේ ඇලවල් වලට බව්සර් වලින් ගෙනා මුහුදු ජලය දමමින් ඒවායේ ඇල්ගී විනාශ කළ අතර, විවිධ ක්‍රම මගින් ඒවා පවිත්‍ර කළත් දැන් ඒවා සිදුනොවන බැවින් මදුරු රජදහනක් වී ඇත.
ව්‍යායාම කිරීමට තැනූ පදික වේදිකා වල මගීන්ට කරද කරන යාචකයින්.
නිසි ආකාරයෙන් කසළ කළමනාකරනය සිදුනොවන බැවින් මන් මාවත් දෙපස කුණු ගොඩගැසෙමින් පවතී.
නිසි බලධාරීන් අහලින්ම සිටියදීත් කැඩුණ මං තීරු ගැන සොයා බලා ප්‍රතිසංස්කරණය සිදුවී නැත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරගෙන ගිය මහා මාර්ග සංවර්ධන කටයුතු එකතැන නතර වී ඇති හැටි.
හංසයන්ට අත් වූ ඉරණම (වචන 1000 ක් කියවෙන පින්තූර)
මේවා අපි එකින් එක පින්තූර සමග විස්තර කළේ විදේශගතව සිටින සහෘදයින් වෙනුවෙනි. අප රටේ සිටින අග නගරයට පැමිණෙන සහෘදයින් අපටත් වඩා හොඳින් අද එහි තත්ත්වය අවබෝධකරගෙන සිටින බව අපට විශ්වාසයි.
ඒ අතරවාරයේ ලෝක පරිසර දිනය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා SMS එකක්ද එවා තිබුණි.
යාලුවන්ටත් දැකගැනීමට Share කරන්න.