Mahinda Rajapaksa: ජනවාරි 8 වැනිදා සිදුවූවා කියන කුමන්ත්‍රණ කතාවට හිටපු හමුදාපතිගෙන්ම පිළිතුරු. (Video)

Wednesday, June 17, 2015

ජනවාරි 8 වැනිදා සිදුවූවා කියන කුමන්ත්‍රණ කතාවට හිටපු හමුදාපතිගෙන්ම පිළිතුරු. (Video)

කුමන්ත්‍රණයක් ගැන කියමින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අභූත මඩ චෝදනාවක් පසුගිය කාලයේ ගොබෙල්ස්කරනය කරනු ලැබුණි. ඊට පිළිතුරු වශයෙන් රටේ ප්‍රධානතම නායකයින් විසින් කරන ලද ප්‍රකාශ වල වීඩියෝ අඩංගු ලිපියක් මීට පෙරත් අප පළ කළෙමු. එය මෙතනින් බලන්න.

පසුගිය ජනවාරි මස 08 වැනි දා ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී බලය රැක ගැනීම සඳහා කුමන්ත‍්‍රණයක් සිදු වූ කතා සම්පුර්ණ අසත්‍ය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා නිහතමානී ලෙස බලය හැරදා ගිය බවත් එවකට හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.

සිරස රුපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යුධ ජයග‍්‍රහණයේ වැඩි ගෞරවය හා අයිතිය ඇත්තේ ඊට නායකත්වය දුන් දේශපාලන නායකත්වයට බවත්, ඊට දායක වූ යුධ, ගුවන්, නාවුක ත‍්‍රිවිධ හමුදාවටම එහි ගෞරවයට හිමි බවයි.

ජනවාරි 08 වනදා කිසිදු කුමන්ත‍්‍රණයක් වුනේ නෑ මහින්ද මහතා ඉතා නිහතමානීව බලය බාර දී ගියා


යුද ජයග‍්‍රහණයේ වැඩි ගෞරවය දේශපාලන නායකත්වයටයි ත‍්‍රිවිධ හමුදාවටත් ගෞරවය හිමියි


සම්පූර්ණ සාකච්ඡාව පහතින්.


යාලුවන්ටත් නැරඹීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

4 comments:

  1. ජනවාරි 8 දා මහින්ද මැතිදුන් පරාජය වුනේ නැත. දෙශප්‍රෙමී, ජාති හිතය්ශී අපද පැරදුනේ නැත. පැරදුනේ, දිනුවා යැයි උදම් අනන, ඇමෙරිකාව-ඉන්දියාව හා අනිකුත් බලවේගයන්ට කත් අදින, දේශද්‍රෝහී, අසමජ්ජාතී අමන රැලයි. දැන් පස්ස බිම ඇනී වේදනාවෙන් දගලන්නෙත් ඒ අමන රැලමයි.

    ජනවාරි 8 දා මහින්ද මැතිදුන් ලත් ජයග්‍රහණය වන්නේ,
    එතුමාට හොද මුහුණු පෙන්වමින් සිටි ද්‍රෝහියන් හදුනා ගැනීමට හැකිවීමයි.

    බුදුරජාණන් වහන්සේ එවකට සිටි මිත්යාදෘශ්ටිකයන්ගේ ප්‍රතිපත්ති හා සන්කල්පයන් ජනතාවට හදුන්වා දී ඒ අය පරාජය කලේ අති මහත් මනුශ්ය වර්ගයාගේ යහපත උදෙසායි.
    ඒ වගේම මහින්ද මැතිදුනි, ඔබතුමා අපේ ජාතියේ වාසනාවට පහල වූ ජන නායකයෙකි.
    සත්යය යටපත් කල හැක්කේ කෙටි කලකට පමනි. යහපාලන ටොය්යන්ට හකුලාගෙන ගෙදර යන්න කාලය ඇවිත්.
    මහින්ද මැතිදුන් හා ජනගගට ජය නියතයි..
    මැතිදුනි, රට ජාතිය රැකගන්න ඔබට සියලු දිරිය, දෙවි රැකවරණය සහ තෙරුවන් සරන ලැබේවා!

    ReplyDelete
  2. very well said sir, some journalist thinking they are very smart , ( not all journalist ) we all contributed to won this fight against terrorism . so all are heroes ,Thanks to Mr.President Mahinda Rajapaksa who lead the country to eliminate that bloody war.

    ReplyDelete
  3. එදා වගේම අදත් මගේ සහ මේ රටේ බහුතර දේශප්‍රේමී ජනයාගේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි.එතුමා ජනවාරී 8 වනදා ලැබූ සුලු පසුබෑමත් සමඟ එතුමාගේ වටිනාකම,එතුමා විසින් මේ රටට කර වූ අප්‍රමාණ සේවය මේ ලංකාවේ සංවේදී හදවතක් ඇති මිනිසෙකුට ම දැනෙන්නට පටන් ගත්තා.එහි ප්‍රතිඵලයක් වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් ඡන්දය දුන් කළගුණ මතක ඇති ජනබලවේගය නැවතත් දැවැන්ත ලෙස නැගී සිටීම ආරම්භ කරා.එය කුහක යමයන්ට දැඩි හිසරදයක් බවට පත්වුණා. එම නිසා හමුදා කුමන්ත්‍රණ වුණා ද අරක මේකද දහසකුත් අතේ පචවෙන බේගල් ඇදබාමින් "මහින්ද රාජපක්ෂ උදෙසා සැබෑ ජනතා බලය" කඩා වෙන් කිරීම සඳහා තව තවත් උත්සහ කරමින් සිටී.

    එහෙත් හිටපු යුධ හමුදාපති තුමා වශයෙන් ඔබතුමා එකින් එක ජනවාරී 8 වෙනිදා සිදු වූ සැබෑ සිද්ධිය මෙසේ ප්‍රකාශ කිරීම නිසා යමපාලයන්ට නැවතත් ජනවාරී 8 ක් ගැන සුරංගනා කතා කියා රටේ ජනතාව රැවටීමට නොහැකිවණු ඇත.

    ReplyDelete
  4. Jaya Nithai, Yamu Perata, rata Perata, Suba pathum

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.