Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමා වැලිකන්දේදී කළ පින්කම්. - දේශපාලඥයෙකුගේ බාධාකිරීම් ව්‍යර්ථ වෙයි.

Wednesday, June 10, 2015

මහින්ද රාජපක්ෂ මැතිතුමා වැලිකන්දේදී කළ පින්කම්. - දේශපාලඥයෙකුගේ බාධාකිරීම් ව්‍යර්ථ වෙයි.

අද දවසේ පළමු ආශිර්වාද පූජාව වැලිකන්ද මෛත්‍රීපුර විහාරස්ථානයේදී පැවැත්විණි. හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ පුණ්‍ය කටයුත්ත පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මැතිතුමන් විසින් සංවිධානය කරණු ලැබිණ.

11358871_924286214295482_1705124759_n[1]

11334709_924286267628810_1305158976_n[1]

11355497_924286167628820_1545063253_n[1]

11419923_924286220962148_214056510_n[1]

11297858_924286157628821_662847587_n[1]

11335704_924286150962155_149298357_n[1]

11336030_924286274295476_904985516_n[1]

11355652_924286174295486_1727135197_n[1]

11423347_924286277628809_1757690906_n[1]

එසේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් මැදිරිගිරිය ශ්‍රී පශ්චිමාරාම විහාරස්ථානයේදීත් පින්කමක් පැවැති අතර ඊටත් විශාල පිරිසක් සහභාගී විය.

10502048_10206868760421787_546385256969800229_n[1]

11427183_10206868760061778_5692700342026992475_n[1]

11400984_10206868965226907_6043051380376151225_n[1]

11391367_10206868966746945_22457974091145879_n[1]

11108954_398181870366583_9173054636128321702_n[1]

පොළොන්නරුව පින්කම් මාලාව සම්බන්ධයෙන් රිවිර පුවත්පත මෙලෙස වර්තා කර තිබුණි.
මහින්දගේ බෝධි පූජා පින්කමට දේශපාලනඥයකුගෙන් බාධා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශීර්වාද කිරීම සඳහා පවත්වනු ලබන බෝධි පූජා පින්කම් මාලාවේ තවත් පින්කම් මාලා කිහිපයක් ඇළහැර, තමන්කඩුව කොට්ඨාසය ඇතුළු ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඊයේ (09) සූදානම් කොට තිබූ අවස්ථාවේ පළාත් දේශපාලන ප්‍රධානියකු විසින් එයට බාධා කර ඇත.

එම තර්ජනය කිරීම් සහ බාධා කිරීම නිසා බෝධි පූජා පින්කම බකමූණ නගරයේ ජයසුමනාරාමයේදී පැවැත්වීමට ප්‍රදේශවාසී ජනතාව කටයුතු සූදානම් කළද අදාළ දේශපාලන ප්‍රධානියා විසින් එයටද බාධා එල්ල කර ඇත.

ඉන් පසුව පැමිණ සිටි අතිවිශාල ජනතාව එය ජනහමුවක් ලෙස ‍පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙහිදී ප්‍රකෝප වූ පළාත් දේශපාලන ප්‍රධානියා සියලුම පෞද්ගලික බස් රථවලට බලපෑම් කොට ඇත්තේ බස් රථ ධාවනයෙන් ඉවත් වෙන ලෙසත් එසේ නොකළොත් මාර්ග බලපත්‍රය අහෝසි කරන බවත් පවසමිනි.

එමෙන්ම මෙම ජනහමුව පැවැත්වීමට යොදාගත් ශබ්දවාහිනී යන්ත්‍ර මෙන්ම ලොරි රථ සහ වේදිකා ගලවාගෙන ‍පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර ප්‍රදේශය පුරාම විදුලියද විසන්ධි කර තිබුණි.

කෙසේ වෙතත් ඇළහැර ප්‍රදේශයේ පැවැති පින්කම සඳහා ඇළහැර කොට්ඨාසයේ විහාරස්ථාන 37කින් විහාරස්ථාන 32ක හිමිවරු සහභාගි වී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

මෙම පින්කම් මාලාව සඳහා ප්‍රදේශයේ පළාත් මන්ත්‍රීවරුන් අට දෙනාගෙන් හය දෙනකුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනාගෙන් තිදෙනකුද ඇතුළුව අතිවිශාල පිරිසක් සහභාගි වී සිටි බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ මේ සියලුම බලපෑම් සහ බාධා කිරීම් පිටුපස උතුරු මැද පළාත් මහ ඇමැති පේශල ජයරත්න මහතා සිටි බවය. මේ සියලු සිද්ධීන් ඔහුගේ අනුදැනුම මත සිදුවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.