Mahinda Rajapaksa: උදෑසන කිරි අම්මාවරුන්ට දානයක් දී කිරි ගවයන් නිදහස් කරයි. (පින්තූර)

Thursday, June 18, 2015

උදෑසන කිරි අම්මාවරුන්ට දානයක් දී කිරි ගවයන් නිදහස් කරයි. (පින්තූර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අලුයම පැවැත්විණි.

ඊට සහභාගී වීමට පැමිණි රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් මල් පහන් පූජා කොට ආගමික ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව දානමය පිංකම ආරම්භ කෙරුණු අතර කිරි අම්මාවරු රාජපක්ෂ මහතාට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද පුද කළහ. එසේම මරණයට කැප වූ ගවයන් කිරි ගවයන් දෙදෙනෙකු බේරාගෙන අවුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් නිදහස් කිරීමත් සිදුවිය.

11407241_720434091402276_5615865596186407304_n[1]

11053379_720434234735595_8241712436001970653_n[1]

11111602_720434264735592_5843123348385607050_n[1]

11427198_720434411402244_5584527317302463752_n[1]

11401043_720434534735565_7694651742375651069_n[1]

11401122_720434601402225_1726249419561903127_n[1]

11227886_10206784992765115_5403097044781957114_n[1]

10251993_10206784993405131_6810625044206533829_n[1]

එහිදී අනුශාසනාවක් පැවැත් වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එහිදී මෙසේ ප්‍රකාශ කළහ.

‘දැන් රටේ තිබෙන තත්ත්වය අපි අමුතුවෙන් කාටවත් පුන පුනා කියන්නට අවශ්‍ය නැහැ. මේ රට තිබුණේ කොහොමද ගොඩ ගත්තේ කොහොමද අද මේ රටට සිදු වන්නේ කුමක්ද යන්න මේ කාටත් පැහැදිලිව පෙනෙනවා. මහ පාරට බැස්සාම මිනිස්සු කියන්නේ පාරේ කුණු ඉවත් කරන්නවත් කෙනෙක් නැහැ කියලයි. ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා ඉදි කළ සක්මන් මළු ජරාවාස වෙලා. ඒ නිසා මම ඒවා කියන්න අදහස් කරන්නේ නැහැ. කවුරුත් ඒවා තේරුම් ගත යුතුයි.

යම් යම් දෙනා පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණා මේක අභයාරාමය නොවේ මහින්දාරාමය කියලා. සමහර පත්තරවල කාටුන් දානවා. මේ මාධ්‍යවේදීන්ට මම කියන්න ඕනේ කාටුන් හරි මොනවා හරි දානකොට දැනුවත් වෙලා දාන්න කියලා. ඊයේ පෙරේදා පත්තරයක කාටුන් එකක් තිබුණා මහින්ද රාජපක්ෂ මහතා බෝ මළුව අමදින ආකාරයට ඇඳලා. මේ ‍මාධ්‍යවේදීන් තේරුම් ගන්න ඕනේ මෛත්‍රී වර්ණනාවේ තිබෙන්නේ බෝ මළුව අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ- විහාර මළු අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ කියලයි.

ඒ නිසා මම ඒ අයට කියනවා කෝකටත් මෛත්‍රී වර්ණනාව කියවලා බලන්න. ඉතිහාසය කියවලා බලන්න. මේ රටේ රජවරු ආරක්ෂා කළේ, රජවරුන්ට පිහිට වුණේ, රජවරුන්ට සෙත් ශාන්ති කළේ විහාරස්ථානවලින්. මහා සංඝරත්නය තමයි රජවරුන්ට පිහිට වුණේ. ඊයේ පෙරේදා මගෙන් එක මාධ්‍යවේදිනියක් අහනවා ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට ඇයි මෙතරම් සලකන්නේ කියලා. මම කිව්වා මේ රට ගොඩගත් පුද්ගලයා මහින්ද රාජපක්ෂ නිසයි මම එතුමට සලකන්නේ කියලා.

බුදු හාමුදුරුවන්ගේ ධර්මය අනුව අප කළ යුත්තේ අනුන්ට උපකාර කිරීමයි. කෘතගුණ දැක්වීමයි. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට කළ සේවය වෙනුවෙන් අප කෘතගුණ දැක්විය යුතුයි. අපි භික්ෂූන් වහන්සේලා වශයෙන් එතුමාට ආශිර්වාද කළ යුතුයි. මේ රට වසර තිහක් ගිනි ගත් රටක්. මේ ජනතාවට නිදහසේ ඇවිදින්න, නිදා ගන්න බැරිව තිබුණු රටක්. ඒ රට බේරා ගත්තේ මහින්ද මහතායි. ඒක අමුතුවෙන් කාටවත් කියා දිය යුතු නැහැ. ඔවුන් එය තේරුම් ගත යුතුයි.

අද මහින්ද රාජපක්ෂ මහතාට මම විතරක් නොවෙයි මුළු රට ආශිර්වාද කරනවා. සුබපතනවා. මුළු රටම කම්පා වෙනවා අනේ දෙයියනේ මොකද වුණේ කියලා. සමහරු කියනවා ඡන්දය දුන්නේ පරාජය කරන්න නොවේ කියලා. අවබෝධයකින් තොරවයි ඡන්දය දීලා තිබෙන්නේ. මේ රටේ කෘතගුණ දන්න බෞද්ධ ජනතාව මහින්ද මහත්තයාව අමතක කරන්නේ නැහැ කවදාවත්. අද තිබෙන්නේ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය පමණයි. අපේ හිටපු ජනාධිපතිතුමා යන තැන ජනතාව පිරෙනවා.

මේ රටේ ජනතාව 58 ලක්ෂයක් මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කරන්න කැප වී ඉන්නවා. ඒ අය බලාගෙන ඉන්නේ කවදද අපේ නායකයා එන්නේ කියලයි. ජනතාවට පක්ෂයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ නායකයකු පමණයි. ඒ නායකයා එන්නේ කවදාද කියන එක පුන පුනා අපෙන් අහනවා. අපේ එකම බලාපොරොත්තුව ගිනි ගත් රට ගොඩනැඟූ නායකයාගේ පැමිණීමයි. මහින්ද මහත්තයා මේ රටට ආදරෙයි. මේ බිමට වැඳ නමස්කාර කරපු එකම නායකයා මහින්ද මහත්තයා පමණයි. ඒවා ජනතාවගේ හදවත්වල සනිටුහන් වෙලා තිබෙනවා.

අපි මේ දානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරනවා. අද මේ ස්ථානයේ දී අපි මරණයට කැප වූ ගවයන් දෙදෙනකු නිදහස් කරලා ආශිර්වාද කරනවා. මේ දානය අපි සංවිධාන කළේ පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණෙන්. මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාදයක්, ආරක්ෂාවක් ලැබෙන ආකාරයෙන්, එතුමාගේ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමිනුයි අපි මේක සංවිධානය කළේ. රාජපක්ෂ මහතාට තිබෙන අපල, උපද්‍රව, හතුරු බලවේග දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රට නැවත වාරයක් ඉදිරියට ගෙනියන්න ලැබේවා කියලා අපි පතනවා’

– ප‍්‍රදීප් අනුර කුමාර

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

5 comments:

  1. රාජපක්ෂ මහතාට තිබෙන අපල, උපද්‍රව, හතුරු බලවේග දුරු වේවා කියලා අපිද ප්‍රාර්ථනා කරන අතර මේ රටට ඇතිවී පවතින බලවත් මළ ප්‍රේත දෝෂය මේ පින්කම් වලින් දුරී භූත වී නැවත වාරයක් රට ඉදිරියට ගෙනියන්න ලැබේවා කියලා ද පතමු.

    ReplyDelete
  2. අපේ හාමුදුරුවනේ, වසර තිහක් ගිනි ගත් රට ගොඩ නැගූ අපේ සදාදරණීය නායකයානන් වෙනුවෙන් ජනවාරි 8 දා සිට තවමත් අපේ කදුලු වියලුනේ නැහැ. ඔබවහන්සේලා එතුමා ගේ ආරක්ශාව වෙනුවෙන් කරන මේ උතුම් පින්කම් වල බලයෙන් එතුමා චිරාත් කාලයක් මේ ලක් දෙරණ රැක ගනිමින් ලක් වැසියන්ට සෙනෙහබර අප්පච්චී වෙමින් සුවෙන් සතුටින් ජීවත් වේවා යනු මගේ එකම පැතුමයි.

    ReplyDelete
  3. Ranjith WimalaratneJune 18, 2015 at 11:43 AM

    I like this without going to India. We have Jaya siri maha Bodhi and temple of Tooth Relic.

    SL people must avoid going to Singapore for treatments. Mrs B had her surgeries in Colombo. Develop a Colombo hospital as best in Asia. Charge a fee to cover the expenses in full.

    ReplyDelete
  4. මම මේ බලාගෙන හිටියේ..අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මරණයෙන් මුදවා ගනු ලැබූ ඉහත ඡායාරූපයේ සිටින ගවයා දිහා.

    දශක තුනකට අධික කාළයක් පුරා මේ ලක්දෙරණ මත ඇදී ගිය මිනීමරු කාළකණ්නි යුද්ධයට සැබෑ එඩිතර සිංහ සේනාධිනායකයා වශයෙන් නොපසුබස්නා නායකත්වය දුන් ඔබතුමා අපේ වීරෝධාර රණවිරුවන්ගේ ධෛරය හා නොපසුබස්නා යුධ ශක්තියෙන්,ජීවිත පරිත්‍යාගයෙන් නිම නොකරන්ඩ මේ ලක්දෙරණේ ජීවත් වන‍ අප කවුරුත් හිටියේ ඇත්තටම මේ මරණයට කැප වුණු මේ ගවයින් වගේමයි..මොකද සෑම මොහොතකම මරණ බිය බස් රථයේ හෝ මහා මාර්ග වල ගමන් ගන්නා විට අනෙකා පිළිබඳ සැකය අපේ සිත්තුල නොතිබුණා කිව්වොත් එය පට්ටපල් බොරුවකි.

    එහෙවු තිබූ අඳුරු මූසල යුගය නිමාකර මේ අපේ ලක්දෙරණේ කාටත් සැබෑ ජීවිත දානය දී රැස් කරගත්තා වූ මහා පින්මහිමයට අමතරව තව තවත් අසරණ සතුන්ටත් ජීවිත දානය දී එවැනි මහා පුන්‍යකර්මයන් සිදු කරනවා..අනේ වාසනාවන්.ඔබතුමා කරා වූ,මේ කරන්නා වූ මේ සියලු ආගමික හා දානමය පින්කම් වල පින්මහිමයේ බලයෙන් ඔබතුමාට ඇතිවන සියලු ලෙඩදුක්,සතුරු උපද්‍රව අවසන් වී මේ අසරණ වී සිටින ලක්මව නැවත බාරගැනීමට හැකිවන ලෙස යෝධබල යෝධ ශක්තිය හා නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබේවායි මම හදවතින් ම ප්‍රාර්ථනා කරමි!


    කිරි දුන්නෙ දරුවන්ටයි සිරුරින් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..//

    ReplyDelete
  5. Bo Maluwa Amadime Aanishansa Dannawa Nam Yahapalana Nadayama Pansale Padinchi Wenawa Nisakai.Kalaguna Salakanawa Wagema Ethuma Me Rata Wenuwen Itu Kala Maha Karya Bharaya Idiriyata Gena Ya Haki Ekama Nayakayaath Ethuma Pamanai.Thrividha Rathnaye Ha Siyalu Deviyange Pihitaashirwadayen Me Siyalu Pinkam Wala Aanubhawayen Mahinda Mathindunta Yalith Me Rata Sathuru Balawegayangen Surakshitha Kara Diyunuwa Kara Meheyaweemata Awasi jAYA Ha Aarakshawa Nomandawa lABEWAA!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.