Mahinda Rajapaksa: මහින්දට එරෙහි රාජිතගේ සහ හිරුණිකාගේ ප්‍රකාශ වලට ශ්‍රීලනිප නායකයින්ගෙන් පිළිතුරු

Friday, June 19, 2015

මහින්දට එරෙහි රාජිතගේ සහ හිරුණිකාගේ ප්‍රකාශ වලට ශ්‍රීලනිප නායකයින්ගෙන් පිළිතුරු

මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන බවට රාජිත සේනාරත්න කළ ප්‍රකාශයයි මේ.



[1]. මෙහිදී අගමැතිකම, නාම යෝජනා, ජාතික ලයිස්තුව ආදිය ඉල්ලා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව, මහින්ද-මෛත්‍රී සමගි කිරීමට උත්සාහ දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් විසිනි. පාර්ලිමේන්තුවේදී මහින්ද-මෛත්‍රී හමු වන්නේත් එම කණ්ඩායමේ ඉල්ලීම නිසයි.

[2]. ජනාධිපති කම් කිරීමෙන් පසුව නැවත දේශපාලනය නොකරන ලෙස රාජිත සේනාරත්න පැවසුවත් ජනතා ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහතානම් රාජිතට එය වැළැක්වීමට නොහැකිය. එසේම තවත් වර්ධනය වී ඇති ලක්ෂ 58 යනු, කෑලි කෑලි වලට කැඩී සහ නාය ගොස් ඇති ඇති ලක්ෂ 62 ට වඩා විශාල බවත් රාජිත දැනගත යුතුය. ලෝක තත්වය ගතහොත් අද ලෝකයේ බලවත්ම මිනිසා ලෙස සැලකෙන රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් යනු 2000 සිට ජනාධිපති තනතුරේ සිට නැවත 2008 දී අගමැති බවට පත් වූවෙකි.

[3]. රාජිත සේනාරත්න පවසන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රීලනිප උපදේශක කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොව, එය ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරුන් නිල බලයෙන් උපදේශක තනතුරට පත් වීමකි.

[4]. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමක් ගැනත් රාජිත සේනාරත්න පවසයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේ කළ කී දේවල් අනුව පාක්ෂිකයින්ටනම් පෙනී යන්නේ ශ්‍රීලනිපය ජයග්‍රහණය කරා ගෙන යන බවක් නොව, එජාපයට සින්නක්කර කර දෙන බවකි.

[5]. රාජිතගේ ඊළඟ ප්‍රකාශයට පිළිතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ලුණු ඇඹුල් සහිතව මෙලෙස ලබා දෙයි. (ඩිලාන් පෙරේරා මහතා වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන අයෙක් බැවින්, එය මෛත්‍රීපාල පාර්ශවයෙන් රාජිතට ලැබුණ පහරක් බව විශ්ලේෂණය කළ හැකියි).



කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ අගමැති අපේක්ෂකයා වුවහොත් එහි සම්පූර්ණ මෙහෙයවීම් කටයුතු වල නායකත්වය ගන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත්, මහින්ද රාජපක්ෂ යනු කිසිවෙක් යටතේ කටයුතු නොකරන්නෙක් බවත් අප සහෘදයන්ට දැනුම් දීමට කැමැත්තෙමු.

මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පවත්වනු ලැබූ ජන රැළි වලට එන ජන කන්දරාව දැක බියවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය, ඊට එක් වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වෙනම මාධ්‍ය සාකච්ඡා පවතවමින් පවසයි. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් දෙන ලද පිළිතුරු පහත වීඩියෝවේ ඇත.



[6]. රාජිත සේනාරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනාම කටයුතු කළේ පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමටයි.

[7]. කාලයක් හිරුණිකා, දුමින්ද සිල්වාට එරෙහිව විශාල හඬක් නැගුවද දැන් දෙදෙනාම එකම පක්ෂයේ සතුටින් සමාදානයෙන් සිටී.

[8]. පසුගිය ජනාධිපතිවරණයේදී ඇය එස් බී දිසානායකට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් හැඬූ කඳුළෙන් දැන්වීම් වලත් පෙනී සිටියද දැන් ශ්‍රීලනිප උප සභාපති වන එස් බී දිසානායක යටතේ හිරුණිකා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කිසිදු ගැටලුවක් නැතිව සිටි.

[9]. එලෙස කැමරා ඉදිරියේ ඇය තම කාන්තා ප්‍රතිරූපය අලෙවි කරනු ලැබූ බව කාටත් පැහැදිළි වී ඇත.

Share කර මේ ලිපිය යාලුවන්ටත් දකින්න සලස්වන්න.