Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මහතා කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැත.

Tuesday, June 23, 2015

මහින්ද රාජපක්ෂ මහතා කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැත.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පතේ 2015 ජූනි මස 21 දේශපාලන විශ්ලේෂණ තීරුවේ මෙලෙස සඳහන් වෙයි.
සන්ඩේ ටයිම්ස් විශේෂ දේශපාලන විශ්ලේෂක, පරිවර්තනය - කෝවිද ගුණසේකර

"හිටපු ජනපති මහින්ද රාජපක්ෂව පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස නම්කිරීමට හෝ, ඔහුට නාමයෝජනා ලබාදීමට හෝ, ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත්කිරීමට හෝ කිසිසේත්ම සූදානම් නොමැති බව කීවේය."

"අනතුරුව ඔහු අනතුරු ඇගවීමක්ද සිදු කළේය. විදෙස් රටවල් කිහිපයක්ම රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් සිටින බව ඔහු කීවේය. මෙම රටවල් මොනවාදැයි ඔහු පැවසුවේ නැත. මෙසේ පරීක්ෂණ පැවැත්වීමට එම රටවල් සූදානමින් සිටින්නේනම් එයට පදනම වන්නේ රාජපක්ෂ පාලන සමයේ හිටපු ජනපතිවරයාට හා ඔහුගේ හිතෛශීන්ට එරෙහිව නැගුනු යුධ අපරාධ චෝදනා යැයි සිතිය හැකිය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනපති සිරිසේන තමන් හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් රාජපක්ෂව එවන් ඉරණමක් වීමෙන් ගලවාගත හැකිවනු ඇතැයි කීවේය."

මූලාශ්‍රය: lankadeepa.lk

[1]. ජිනීවා, යුධ අධිකරනය, විදුලි පුටුව ආදිය බොරු බවත්, ඒවා දේශපාලන වාසි ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පවසන බොරුවක් බවත් පැවසූ අය, දැන් කියන්නේ කුමක්දැයි අපි අසන්නෙමු.

[2]. දෙවෙනුව, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ අවසාන කොටස ඔබගේ අවධානයට ලක් කරන්නෙමු.
"ජනපති සිරිසේන තමන් හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් රාජපක්ෂව එවන් ඉරණමක් වීමෙන් ගලවාගත හැකිවනු ඇතැයි කීවේය"

එමගින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ 58 ක දේශමාමක ජනතාවගේ අභිලාෂයන් පාවා දී, මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම බටහිර න්‍යායපත්‍රයට අනුගත වුවහොත් පමණක් ජීවිතය බේරා ගත හැකි බව පැවසීමක් නොවේද? ජනතාව පාවා දෙන්නේනම් පමණක් ජීවිතය බේරා දෙන බව පැවසීම රටේ ජනාධිපතිවරයෙකුට සුදුසු ප්‍රකාශයක් ද?

මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන ජීවිතයේ කිසි දිනෙක තම පක්ෂය හෝ ප්‍රතිපත්ති පාවා දී නොමැති අතර, මොන තරම් බලපෑම් ආවත් ඉදිරියේදීත් සිය රට, ජනතාව සහ ප්‍රතිපත්තිය වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව අප සහෘදයන් වෙත පැවසීමට කැමැත්තෙමු.

Mahinda-Rajapaksa[1]

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.