Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මාතර සයිබර් හමුව.

Saturday, June 6, 2015

මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මාතර සයිබර් හමුව.

මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අන්තර්ජාලයේ සහයෝගය දක්වන ක්‍රියාකරීන් සමග සයිබර් හමු පැවැත්වීම දැන් සිදුවේ.

පහත දැක්වෙන්නේ මාතර නගරයේ පැවැත්වෙන සයිබර් හමුවට අදාල අයදුම් පත්‍රයයි. නුදුරු දිනකදී එය පැවැත්වීමට නියමිතව ඇති අතර ස්ථානය, දිනය සහ වේලාව පසුව දැනුම් දෙනු ලැබේ.

මාතරදී ඊට සහභාගී වීමට කැමති අන්තර්ජාල ක්‍රියාකාරීන් පමණක් පහත ෆෝරමය පුරවා ඒ සඳහා ලියාපදිංචි වන්න.



යාලුවන්ටත් දැනගැනීම සඳහා Share කරන්න. ස්තුතියි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.