Mahinda Rajapaksa: මහ මැතිවරණයට ඔබ සූදානම් ද?

Monday, June 29, 2015

මහ මැතිවරණයට ඔබ සූදානම් ද?

[1]. අප්‍රියෙල් 19 වැනිදා විසුරුවා හැරීමට පොරොන්දු වූ පාර්ලිමේන්තුව දිගින් දිගටම ගෙන ගියේ දින 100 තුළ කරගනීමට නොහැකි වූ බොහෝ දේවල් කිරීමට බව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පවසා තිබුණි.

[2]. එදින සිට අප බලාපොරොත්තු වූ සිදුවීම දැන් උදා වී ඇත. 20 සම්මත කරන්නේ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවත්, ඔහු එසේ කියා කට ගන්නටත් පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරුවේය.

[3]. එලෙස හදිසියේ විසුරුවා හැරීම්ට හේතුව බලද්දී පෙනී යන්නේ එය රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවට සිදුවූවක් බවයි.

(i). මේ කතාව කියන්නේ අප නොව, යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කටයුතු කළ, වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක විසිනි. මූලාශ්‍රය.

pcr

(ii). 20 සම්මත නොකර මහ මැතිවරණය කඩිනමින්ම අගෝස්තු මාසපේ පැවැත්වීමට තවත් හේතුවක් ලෙස නිගමනය කළ හැක්කේ සැප්තැම්බර් මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සලය මගින් මානුශීය මෙහෙයුමට සම්බන්ධ ආරක්ෂක අංශ නිලධාරීන් , සේනාධි නායක මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා රණ විරුවන් යුධ අපරාධ කරුවන් කරමින් එල්ලුම්ගස් යැවීමට අදාල ජාත්‍යන්තර පරීක්ෂණ වාර්ථාව එළි දැක්වීමට නියමිතව ඇති නිසයි. මූලාශ්‍රය. එම වාර්තාව ඉදිරිපත් විමෙන් පසුව මැතිවරණයකට ගොස් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ උදවියට ලංකාවේ ප්‍රධාන විපක්ෂයට පැමිණීමද සිහිනයක් වන බව පැහැදිලි වීමයි...!!!

[4]. මේ ලේඛකයා පමණක් නොව මහින්ද රාජපක්ෂ මැතිතුමන්ද තම චේතනාව/ක්‍රියාව ගැන මිස, ගුප්ත විජ්ජා ගැන වර්තමානයේ තැකීමක් නොකළත් (එහෙත් ඒවා හෙළා දකිමින් ඒවාට අපහාස නොකරන්නෙමු), මහ මැතිවරණය සම්බන්ධයෙන් ඔබට නොකියාම බැරි අපූරු ගැලපීම් තිබෙන බව දක්නට ලැබුණි.

නොවැම්බර් 18 මහින්ද රාජපක්ෂ මහතා උපත ලැබූ දවසයි.
නොවැම්බර් 18 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවූ දවසයි.
මැයි 18 මහින්ද රාජපක්ෂ මහතා රට එක්සේසත් කළ දවසයි.
පෙබරවාරි 18 මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නොසිතූ ජන ගඟක් රැස් වූ දවසයි.
එසේනම් මහ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වෙන අගෝස්තු 18 ?

[5]. පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ජූනි 26 දා මධ්‍යම රාත්‍රියේ ය. හරියටම හිතා මතා සැලසුම් කළාක් මෙන් සුනේත්‍රා දේවී පිරිවෙන් වාසී අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්ථවිරයන් වහන්සේ විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 1500 ක් නමකගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබූ ජය පිරිත සංවිධානය කර තිබුණේ ජුනි 27 වන දාය. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරවූ පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් බලාපොරොත්තු නොවූ පරිදි ඔහුගේ මුල්ම කර්තව්‍යය වූයේ "ජය පිරිත් දේශනාවට" සහභාගී වීමයි.

[6]. සුනේත්‍රාදේවී පිරිවෙන තම මෑණියන්ගේ නමින් ඉදිකර පූජා කරනු ලැබුවේ 6 වැනි පැරකුම්බා මහ රජතුමා විසිනි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෙර ශ්‍රී ලංකාද්වීපය එක් සේසත් කළ අවසාන ලංකාධිපති වූ 6 වන පැරකුම්බාවන්ට සුවිශේෂී වූ සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවැත්වෙන "ජය පිරිතකින්" තම "දෙවන මානුෂීය මෙහෙයුම" ඇරඹීමට ඉඩ ලැබුණි.

[7]. දින ගැලපීම් ආදිය කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ලැබූ ලක්ෂ 58 ක ඡන්ද ප්‍රමාණය මේ වෙද්දී තව තවත් වැඩි වූවා මිස අඩු වූයේ නැත. එදා මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දී මේ වන විට වෙනයම් පක්ෂයකට ඡන්දය දීමට කැමැති අය මේ ලේඛකයාටනම් මේ වෙන තෙක් හමු වී නැත. නමුත් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් අය, වර්තමානයේ ජාතික ආරක්ෂාවට සහ රණවිරුවන්ට සිදුවෙන දේ දකිද්දී සහ බලාපොරොත්තු වුණ යහපාලනය, ආර්ථික සංවර්ධනය, වැටුප් වැඩිවීම්, මහපොල වැඩිවීම්, සහනාධාර ආදිය නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටී. ඊට අමතරව එදා මුළු විපක්ෂයම එක් වී ලක්ෂ 62 ක් ගත්තද ජවිපෙ, දෙමළ සංධානය සහ මුස්ලීම් පක්ෂ පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන මහතාත් එජාපයෙන් වෙන් වී වෙන් වෙන්ව තරග කීරීමට කටයුතු කිරීමෙන් ලක්ෂ 62 කෑලි කෑලි වලට කැඩී යමින් පවතී.

[8]. ඉදිරියේ සිදුවීමට නියමිත දෑ දැනගැනීමට අපගේ සහෘදයින් නොඉවසිල්ලෙන් සිටින බව අපි දනිමු. ඇසළ පුන් පොහොය දින යොදී ඇති අනිද්දා දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන සිය නිවසේ සිට පෙරවරු 10.30ට මහ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

එසේම මහ මැතිවරණය සම්බන්ධයෙන් ඔබගේ අදහස් දැක්වීමටත් මෙම ත්‍රෙඩ් එක ඔබගේම වේදිකාව ලෙස සලකන්න.

යාලුවන්ටත් දැනගනීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.