Mahinda Rajapaksa: ජාතික ආරක්ෂාව අනතුරේ - ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්!

Tuesday, June 23, 2015

ජාතික ආරක්ෂාව අනතුරේ - ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්!

කොටි සංවිධානය නැවත සක‍්‍රීය වෙමින් පවතින බවට තමන් අවස්ථා ගණනාවකදීම සිදු කරන ලද පෙන්වා දීම් අද වන විට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්ද තහවුර කර ඇති බවත් නව රජය ගන්නා ඇතැම් ක‍්‍රියාමාර්ග හේතුවෙන් ජාතික ආරක්‍ෂාව අනතුරේ වැටී ඇති බවත් හිටපු ආරක්‍ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සම්පූර්ණ ප‍්‍රකාශය මෙසේය.

IMG_9782[1]

ජාතික ආරක්ෂාව අනතුරේ

ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යංශය විසින් නිකුත් කොට ඇති මාධ්‍ය වාර්තාවක් සම්බන්ධව ඔබගේ අවධානය යොමුකරනු කැමැත්තෙමි. මෙම වාර්තාවට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය සංවිධාන ජාලය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන බවත් එම ජාලය වෙත ගලා එන්නාවූ මූල්‍ය ප්‍රේෂණ යහමින් ලැබෙමින් පවතින බවත් හෙලිකොට ඇත. මෙම කටයුතු වලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් 13 දෙනෙකු පසුගිය වසර තුල මැලේසියාවේදී අත් අඩංගුවට ගෙනඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එල්.ටී.ටී.ඊ අන්තර්ජාතික සංවිධාන ජාලයත් ඔවුන්ට හිතවත් සහ සහාය පලකරන ලොව පුරා වෙසෙන කණ්ඩායම් වල සාමාජිකයනුත් ඉතාම ඉහල කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු කරන බව මීට පෙර අවස්ථා ගණනාවකදීම මම අනාවරණය කලෙමි. ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ සංවිධානය පරදවා ලබාගත් යුධ ජයග්‍රහණයෙන් පසුවත් ඔවුන්ගේ වෙනම රටක් හෙවත් ඊලම් දේශයක් සඳහාවූ අරගලය අත්හැර දමා නොමැති බවත් එම සදාතනික අරගලය නැවත ඇරඹීම සඳහා පිඹුරුපත් සකසමින් සිටින බවටත් මා පලකල අනාවැකි සත්‍ය බව මෙම වාර්තාව තුලින් මනාව පසක් කොට දී ඇත.

මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරුකරය තුල නැවත සංවිධානය වීමට උත්සාහ දරණ බව තහවුරු කරගන්නා ලදී. එම බුද්ධි අංශ වාර්තා තුලින් අනාවරණය කරගත් කරුණ මත සිදුකලාවූ මෙහෙයුම් වලදී නැවත සංවිධානය වීමට ප්‍රයත්න දැරූ එල්.ටී.ටී.ඊ ජේෂ්ඨ බුද්ධි අංශ සාමාජිකයකු, එල්.ටී.ටී.ඊ ගුවන් අංශ සාමාජිකයකු ඇතුලු අන් එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් ජීවිතක්ෂයට පත්කිරීමට අපි සමත්වීමු.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ සංවිධාන ජාලයේ කාර්යක්ෂමතාව ඉතා හොඳින් දන්නා සමහරුන් පටු දේශපාලන වාසි ලබාගැනීමට සහ වෙනත් අවශේෂ කාරණා හේතුවෙන් අද උද්ගතව ඇති මෙම භයානක තත්වය හිතාමතා බැහැර කිරීම දැඩි කණගාටුවට කාරණාවකි. වසර 2009 පසු අප රටට එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කිසිදු ප්‍රහාරයක් එල්ලනොවීම නිසාම එම සංවිධානය තවදුරටත් තර්ජණයක් ලෙස ගණන් නොගත යුතු යැයි සමාජගතව පවතින මතයද මිථ්‍යාවක් මිස සත්‍යයක් නොවන බවද නැවත නැවතත් අවධාරණය කරන්නෙමි.

පසුගිය රජය සමයේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛතාවයේ ලා සැලකීමත්, බුද්ධි අංශ ඇතුලු ආරක්ෂක අංශවල විචක්ෂණභාවයත් නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සියලු ප්‍රතිසංවිධාන කටයුතු ආඩාල කිරීමට අපි සමත්වීමු. ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් සාමයේ සියලු ප්‍රතිලාභ රටේ පොදු මහජනතාවට ලැබෙන්නට සලස්වන අතර ඉතාම ඉහල මට්ටමේ ආරක්ෂිත උපාය මාර්ග අනුගමණය කිරීමටත්, බුද්ධි අංශ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමටත් අදාල සියලු පියවර ගැනීමට අපි කටයුතු කලෙමු. උතුරු සහ නැගෙනහිර දෙපලාතේ ඉඩම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එම ඉඩම් වල මුල් පදිංචිකරුවන්ට නැවත පවරා දුන් නමුදු රටේ ආරක්ෂාවට උපක්‍රමශීලීව වැදගත් සියලු ප්‍රදේශවල හමුදා කඳවුරු කිසිවිටෙකත් ඉවත් නොකිරීමට අපි වග බලාගතිමු. මේ සියල්ල එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රති-සංවිධාන ප්‍රයත්නය බිඳ දැමීමට අතිශය වැදගත් පියවරයන් වූ බව මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි.

කරුණු එසේ වුවද ජාතික ආරක්ෂාව පිලිබඳ වත්මන් රජයේ ප්‍රතිපත්තීන් රටේ අනාගත ආරක්ෂාවට අතිශය අහිතකර ප්‍රතිවිපාක ගෙනදීමට ඉඩඇති බව අවධාරණය කරමි. උතුරු සහ නැගෙනහිර දෙපලාතේ හමුදා කඳවුරු ප්‍රමාණය අඩුකිරීමටත්, විශේෂයෙන් මූලෝපායිකව වැදගත් ප්‍රදේශවල ස්ථානගතව පැවතුනු ඇතැම් හමුදා කඳවුරු ඉවත්කිරීමටත් රජය ගෙනඇති තීරණ, ප්‍රතිසංවිධානය වීමට ප්‍රයත්න දරණ එල්.ටී.ටී.ඊ සංවිධානයට මනා පිටිවහලක් වනු ඇතිබව මෙහිදී අවධාරණය කරන්නෙමි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාර්යක්ෂම සංවිධාන ජාලයත්, එම ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව තුල ප්‍රතිසංවිධානය වීම හරහා රටේ ජාතික ආරක්ෂාවට ඇතිවන තර්ජණයත් වත්මන් ජනාධිපතිවරයාත්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් මනාව වටහාගනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි. මෙම කරුණු වටහාගැනීමත් ඒ සම්බන්ධව ගතයුතු පියවර නොපැකිලව ඉටු කිරීමත් වසර 30ක කෲර යුද්ධයෙන් පීඩාවට පත් රටටත්, ජනතාවටත් එම අමිහිරි අත්දැකීම් නැවත උරුමවීම වැලැක්වීම සඳහා පියවරයන් ගනු ඇතිබව උදක්ම සඳහන් කරනු කැමැත්තෙමි.

යාලුවන්වත් දැනුවත් වීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

6 comments:

  1. අපේ පූරුවේ පවකට, ජාතියේ මුර දේවතාවුන්, මහින්ද සහ ගෝඨාබය මැතිදුන් ඇතුලු රටට ජාතියට සැබවින්ම ආදරය කල අය බලයෙන් පහ වුනේ. යහපාලන නමක් පිටුපස සැගවී බලය කොල්ල කා ගත් අය දිගටම ගත්තේ කොටි අවදි කරන ක්‍රියා මාර්ග.
    දැන් ඉතින් අපේ ආදරණීය රණවිරුවන් ජීවිත පූජා කර ලේ ගන්ගා මතින් අභිමානයෙන් දිනා දුන් දේශය
    මේ අමන පාලකයන් බන්දේසියක තියලා කොටින්ටම පූජා කරන්නයි යන්නේ.
    දේශප්‍රේමී ජාතිහිතයිශී අය හැමෝටම දැන් නැගී සිටින්න වෙලාව ඇවිත්.

    ReplyDelete
  2. Tilak RatnasekeraJune 23, 2015 at 1:25 PM

    The Hon President and his Government must take notice of this serious warning. Your relationship with the UN and US may affect your security.
    please be warned that most in the west do not in anyway like or love SL. They simply hate the LTTE defeat at the Military forces of SL. They want SL to contain LTTE activities in SL thru their agencies.They also want favourable status for their military in sL. Tilak

    ReplyDelete
  3. ගරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමණි,

    ඔබතුමා ඉහතින් සඳහන් කොට තිබෙනවා..වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මිනීමරු කොටි ත්‍රස්ත සංවිධානය නැවත ශ්‍රී ලංකාව තුළ නැගී සිටීමෙන් මේ ශ්‍රී ලංකාවේ ජාතිය ආරක්ෂාවට සිදුවන හානිය වටහා ගෙන කටයුතු කළ යුතුයි කියා.

    ඔබතුමා මෙසේ පැවසුවාට මේ ඩබල වටහා ගනීවිද...? කීයටවත් නෑ. දැන් මේ රට පාලනය කරණ වෛරක්කාර යමපාල මිනීමරු කොටියගේ මිනිස් ලේ තැවරුණු මුදල් වලට ලොල්වුණු මේ දේශපාලුවන්ට අවශ්‍ය වී තිබෙන්නෙ නැවත මේ රට මිනීමරු කොටියා අතට පත් වනවා දැකීමටයි.ඒ වෙන කිසිවකට නොව මිනීමරු කොටියාගේ වියරු ලේ පිපාසය නිසා මේ ලක්දෙරණ මත ගලා ගිය ලේ ඟංගා ලක්මව මතින් සෝදා දමා ලක්මවගේ තිබූ මිනීකුණු ගඳ ඉවත් කර දමා එමමව සුවඳ මලින් සැරසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා,ඔබතුමා හා අපේ විරෝධාර රණවිරුවන්ගෙන් පළිගැනීම සඳහායි.මක් නිසාද මිනීමරු කොටියාගේ මිනිස් ලේ තැවරුණු මුදල් වලින් සුපිරි ජීවිත ගත කරන අවජාතක පාපාතරයන්ට ඒ මිනීමරු කොටියා කරපු ඒ හෙණහත වදින සහගහණ අපරාධ නැවත වතාවක් මේ ලක්මවට හා ඒ උදාර ලක්මවගේ දරුවන් වන මට,ඔබට අප සැමට වනවා දැකීමට ඇති වියරු පහත් ආශාව නිසාවෙනි.

    ReplyDelete
  4. කොටි මුදල් හුවමාරු ඔබතුමා ලේකම්දූරය දරන කාලේ උනා මට වැඩිය හොදට ඔබතුමාව දන්නව diaspora ගහගෙන කරන්නේ සල්ලි එකතු කරන එක ඒක 2010 ඉදන් ඔබතුමාට නවත්ත ගන්න බැරි වුනා දැන් ඉන්න ආණ්ඩුවට රට කරන්න දීල ඔබතුම පැත්තකට වෙල ඉන්න

    ReplyDelete
  5. Piyaseeli SenanayakeJune 26, 2015 at 8:57 PM

    We are truly ashamed of our current set of leaders. Haven't heard of this type of conduct in political office in other countries. Their first duty should be the territorial integrity. When Rajapakse's were in power, we didn't worry of the country because they did it for us. We want you back to hold power for the benefit of all.

    ReplyDelete
  6. There is a rumour going on about the teaching hospital which was suppose to built for KDA. Please give an explanation soon because all KDA students have mislead by the news.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.