රණවිරුවන්ට පින් පැමිණවීමේ ජය පිරිත මහින්ද මැතිඳුන්ගේ සහභාගීත්වයෙන් (Video)

එදා මෙදා තුර රට වෙනුවෙන් සටන් කර ජීවිතය පූජා කළ, ආබාධිත වූ සහ අනෙකුත් සියලුම රණවිරුවන්ට පින් පැමිණවීමේ ජය පිරිත් දේශනය පැපිලියාන ශ්‍රී සුනේත්‍රාදේවී පිරිවෙනේ පැවැත්වුණි. .

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය විසින් 8 වන වරටත් පවත්වනු ලබන මෙම ජය පිරිත් දේශනාව සංවිධානය කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. මානුෂික මෙහෙයුම සමයේ සිටම එතුමා තම වගකීමක් ලෙස සලකමින් රණවිරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා දායකත්වය ලබා දෙයි.

ජීවිත පරිත්‍යාගයෙන් යුතුව රැකගත් මාතෘභූමියත් රණවිරුවනුත් පාවා දෙමින් පවතින මෙවක් වකවානුවක, හිටපු නායකයින් එදා කොතෙකුත් ජාත්‍යන්තර බලපෑම් මධ්‍යයේ වුවද රණවිරුවන්ව පෝරකයට යා නොදි රැකගෙන වර්තමානයේදී පවා ඔවුන්ගේ ආධ්‍යාත්මය වෙනුවෙන් මෙහෙවර කීරීම ප්‍රසංශනීය බව වැඩම කළ මහා සංඝරත්නය පවසා සිටියහ.

හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු ජනතා නායකයින් ඊට සහභාගී විය.

විනාඩි 15 කට පමණ විදුලිය අත් හිටවීම නිසා එයට බාධා සිදුවුණද, ජෙනරේටර් යොදාගනිමින් අඛන්ඩව පිරිත් විකාශයේ කටයුතු සිදුවිය.

11707727_453028071541815_9122231152745361489_n[1]

11692538_453027858208503_8530679508131864485_n[1]

11403283_453028011541821_755879500993857344_n[1]

11695319_968831093147540_8266059319664679093_n[1]

11262008_968831246480858_5723570910140392852_n[1]

1538907_968831073147542_4126464276733824302_n[1]

11052013_477529925745661_7350669987115769160_n[1]

11026126_477529982412322_7025443962417908114_n[1]

11225074_477530025745651_5951322426004637758_n[1]

11692529_933919159998854_6538290376100348791_n[1]

11692713_477530139078973_1291284754318535122_n[1]

11236148_477530205745633_1671755179894322157_n[1]

11218751_1645431129026102_9165362603450747710_n[1]

11102858_933919379998832_4529998338427058573_n[1]

11700828_477551422410178_6134064221471128147_n[1]

11223584_942695569124761_5837852176894315505_n[1]

11540824_942695719124746_3053841745747706040_n[1]

11666122_933918819998888_5375932833978762755_n[1]

11412203_933919026665534_1800433931584935273_n[1]

යාලුවන් අතරේ Share කර බෙදා හරින්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

27 comments to රණවිරුවන්ට පින් පැමිණවීමේ ජය පිරිත මහින්ද මැතිඳුන්ගේ සහභාගීත්වයෙන් (Video)

  • Piyaseeli Senanayake

    As expected the event is well organised, no wonder Gotabhaya is involved. My vocabulary is not rich enough to say the relief and gratitude I feel for these two brothers, valiant triforces and maha sangha. May those who departed be protected by the devas .
    Jayawewa, Jayawewa, Jayawewa.

  • මල්ලව සනත්

    සාදු………සාදු…….සාදු …..

  • Power

    මේ උතුම් වූ ජය පිරිත් දෙසුමේ බල මහිමයෙන් කුරිරු මිනීමරු ත්‍රස්තවාදයෙන් මේ අපගේ ලක්දෙරණ බේරා ගත් සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ සියලුම වීරෝධාර රණවිරුවනට නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබෙත්වා කියා ප්‍රාර්ථනා කරනවා සේම අපගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නැවතත් මේ රටේ කළගුණ දන්නා සැබෑ දේශප්‍රේමී මහාජනබලයේ සදාදරණීය නායකයා වීමටත්,උදාර වූ පුන්‍යවන්ත වූ මෙවැනි ආගමික කටයුතු ආශිර්වාදයක් ම වේවායි කියාත් ප්‍රාර්ථනා කරමි.

    බුදු සරණයි…

  • isuru

    අඳුරු අගාදයක තිබූ අපේ රට නිදහසේ ජීවත් වෙන්න හැකි ලෙස බේරා ගත් අතිගරු ජනාදිපති තුමන්ටත් ලේ දහඩිය වගුරුවමින් ජීවිත කැපකල ත්‍රිවිද හමුදා විරුවන්ටත් සෙතක් ශාන්තියක් ප්‍රාර්තනා කරමි… උතුම්ම මිනිසා නැවතත් මවු බිමේ ආරක්ෂකයා කරන්නට දිරි දෙන…. සෙත් පතන… වෙහෙස වන ගරුතර හාමුදුරුවන් වහන්සේලාට පින්… තෙරුවන් සරණයි…

  • Janakee Peiris

    Blessing to the country.Well organized.

    May the triple gem bless you all

  • RATA wenuwen

    යුද විරුවෝ බිලි දුන්නෙ අප මව්බිම බේරගන්න,
    කලගුන දත් අප සැමදා කලයුතුකම් ඉටුකරන්න.
    වයිර සිතක් පහල නොවේ විරුවන් වෙත සෙත් පතන්න,
    ජය පිරිතේ ගුණබලයෙන් මැතිදාටත් ජය පතන්න.

  • sanjay

    Sri Lanka is allways safe as long as maha sangha takes lead in giving the courage to the true leaders and king as in ancient history and the general public. Sinhalese Buddhists who love their country where ever in the world show their solidarity in times of crisis holding hands with maha sangha to protect it against any threat and all threats from within and outside our great nation. Sri Lanka is the only station which is stable and on its path to a vibrant economy in asia until this catastrophe or conspiracy fell on our mother land.

    its time to contribute for to reinstall our only leader and savior HE Mahinda Rajapaksha back to power.

    I Invite all expatriates to take a moment to think of your future generations and make this an opportunity to go to sri lanka and vote for MR on august 17th.

    I have made my plans to be their on this historic moment after 5 years being out of the country.

    may triple gem and god bless our country !

  • චාමික ජයසේකර

    …….සැබෑ ජනතා වීරයෙක් වෙනුවෙන් ඉතිහාසය පුනාරාවර්ථනය වේ…..!!!!

    ……………………..ක්‍රිස්තු වර්ෂ පළමු සියවස………………….

    ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ( 103 / 89-77) වලගම්බා (වට්ටගාමිණී අභය ) මහා නරේන්ද්‍රයා සිංහල ද්වීපය රාජ්‍ය කරන කාලයේ දකුණු ඉන්දියාවෙන් මෙරට බට සත් ද්‍රවිඩයින් විසින් අනුරාධපුර රාජ්‍ය ආක්‍රමණ්ය කලේය… රජු ආරක්ෂව පතා මලය කදුකරයට පලායන්නට විය.. එක් ආක්‍රමණිකයෙක් රජගේ සෝමාදේවිය නම් බිසව පැහැරගෙන ආපසු ගිය අතර තවත් ආක්‍රමණිකයෙක් පාත්‍රා ධාතුව පැහැරගෙන ගියේය… ඉතිරි ආක්‍රමණිකයින් එකිනෙකා මරා ගනිමින් වසර දාහතතුත් මාස හතකුත් අනුරාධපුරයේ රජ කලේය… අනුරාධපුරය ආක්‍රමණිකයින් නතුව පැවති වසර දාහතරෙන් වසර දොලොසක් පුරාවට බැමිණිටියා සාය නම් සාගතයෙන් වෙලී ගැවසී ගත්තේය… මලය දේශයට පලාගිය රජුට නැවත රාජ්‍ය බලය ලබා ගැනීමට උදව් උපකාර කරනු ලැබුවේ භික්ෂූන් වහන්සේලා විසිනි මේ භික්ෂූන් වහසේලා අතර කුපික්කලතිස්ස නම් භික්ෂූන් වහන්සේගේ නොමද සහාය නිරතුරුව ලැබිණි… රට පුරා වෙහෙර විහාරවල භික්ෂූන් වහන්සේලාගේ නොමද සහය මත වසර දාහතරක් පුරාවට සිංහල ද්වීපය මුදවාගනු වස් සේනා සංවිධානය කලේය… නැවත අනුරාධපුරය ආක්‍රමණය කල වලගම්බා රජ අවසාන ද්‍රවිඩ ආක්‍රමණිකයා වූ දාථිය පරාජයකර යලි සිංහල ද්විපය එක්සේසත් කරවීය… තම දේවියට උපහාර පිණිස සෝමාරාමයත් මලය දේශයේ ගෙවූ අති දුශ්කර සමයේ උපකාර කල කුපික්කලතිස්ස භික්ෂූන්ගේ ගරු කරනු පිණිස අභයගිරි විහාරය කරවීය…. එතෙක් මුඛ පරම්පරාවෙන් පැවතගෙන ආ බුද්ධ භාෂිතය මාතලේ අළු විහාරයේදී ග්‍රන්ඨාරූඪ කරවීය…….

    …………………….. ක්‍රිස්තු වර්ෂ විසි එක් වැනි සියවස………………………

    ක්‍රිස්තු වර්ෂ විසි එක්වැනි සියවසේ ( 2005 -2015) ලක්දිව පාලනය කල මහින්ද රාජපක්ෂ නම් මහා ජන මූල නායකයාට විරුද්ධව ලංකා රාජ්‍යයේ අනාගත අභිවෘද්ධියේ පෙර මං සලකුණු දැක ලංකා රාජ්‍ය වනසනු වස් එක්වූ ඉන්දියාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන්ගේ අනු දැනුම මත මහින්ද රාජපක්ෂයන්ගේ ස්වකීය අමාත්‍ය වරයෙකු වූ පුලතිසි වාසි දුර්ජනයෙකු විසින් ලක්දිව ජනතාව බොරුවෙන් සට කපට කමින් මුලාකොට ලංකා රාජ්‍යයේ බලය ලබාගත්තේය… ඔහුහට බලය ලබා ගැනීමට සහාය දුන් , ලංකා රාජ්‍යයේ වාසීන් විසින් විසිනව වතාවක් ප්‍රතික්ෂේප කල දොන් ජුවන්ට නෑකම් කියනා තවත් දුර්ජනයෙකු හට රටේ සියලු පාලන බලය අනිසි ලෙස පාලනයට ඉඩ හැර ලංකා රාජ්‍ය විනාශ කරවීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලදී.. රාජ්‍ය භාණ්ඩාගාර කොල්ල කමින් ලෝකයේ අපට ඈත අතීතයේ සිටම සහාය දුන් ඉතා දියුණු දේශයන් හතුරන් කරගනිමින් … අසල්වැසි ඉන්දියානු සට කපට මායමට මුලා වී දශක ත්‍රිත්වයක් මුලුල්ලේ යුධ වැද දිනාගත් දේශය අමු අමුවේ ත්‍රස්ථයිගේ ග්‍රහණයට නැවත නතු කරමින් ලංකා රාජ්‍ය කැබැලි කිරීමට අවශ්‍ය සාධක සපයා දෙන ලදී… මෙකී අවිචාර සමය විද දරාගත නොහැකි සුජාත ලක් දරුවන් ලක්ෂ ගණනින් එක් රැස් වෙමින් දුර්ජන දූෂිත පාලනය එළවා නැවත රට සුරක්ෂිත කල හැකි එකම ජන නායකයා වන අභීත රෝහණ ජනතා පුත්‍රයාගේ දේශපාලන පුනරාගමනය වෙනුවෙන් රට පුරා සංවිධානය විය … පෙර රජ දවස මෙන් රට පුරා වෙහෙර විහාර වල ලක්ෂ ගණනින් ජනතාව සංවිධානය වෙමින් අධම මුගන්ධ පාලනය එලවා දමනු වස් පෙල ගැසෙමින් ජනතාව තම ජනබලය මැර බලය එරෙහිව යොදමින් මාස හතකුත් දින නවයකුත් දුර්ජන දොන් ජුවාන්ගේ අවතාරය නතුව පැවති ලංකා රාජ්‍ය යලි යුගයේ ප්‍රඨාපවත් මහා ජන නායක මහින්ද රාජපක්ෂයන් හට අති විශිෂ්ඨ විජයග්‍රහණයකින් භාර කරවීය …

  • Ekanayake

    PRESIDENT RAJAPAKSE HAS GREAT QUALITIES. HE DOES NOT KNOW WHAT SURRENDER, FEAR OR REVENGE IS. SRI LANKA MADE UNPRECEDENTED VICTORIES THANKS TO HIM.

    I DON’T THINK EVEN CHURCHILL , GANDHI OR LINCOLN IS ABOVE HIM.

    THOSE WHO BETRAYED HIM NO DOUBTEDLY HAVE COMITTED SIN AND BAD KARMA. THEY SHALL BE RETURNED WITH ASTOUNDING ACURACY.

    SIT BACK RELAX AND SEE HOW HIS ENIMIES EVOPARATE.

  • Dr Karunaratne

    Dear Sir
    Your win is inevitable. In your next term I suggest to the education curriculum to teach our history so that majority, at least the native sinhalese of our country, what colonial administrations did to our country to destroy the Sinhala-Buddhist foundation of our nation. Mr Gamnmanpila said first that you united our practically divided country by LTTE after Pandith Parakramabahu IV of Dambadeniya, all recite it. What they did not know about it. I read another Facebook article about king Walagamba. So may admired it. Being proud of who you are what your heritage is. Racism is the mere stupidity of treating another as a lesser being as neo-colonialist like DS SWRD Sir John, Sir Oliver did.

  • mohandas

    Athi wishstai,

  • vish

    දොන් ජුවන්ගෙ අවතාරය ලගදිම සුනු විසුනු වන්න,
    සුජාත ලක්දරුවෝ දැන් වෙරදරනවා හැටි බලන්න,
    පඹ හොල්මන පලවා හැර අමන යකුන් සුන්කරන්න,
    දිනාගත්තු අප දේශය නැවත ලොවේ බබලවන්න

    ජය පිරිතේ ආනුභාවයෙන් අපේ සදාදර රනවිරුවන්ටත්, අපෙ ජන නායක මහින්ද මැතිතුමා ඇතුලු අපෙ පොදු ජන හිතකාමි සහෝදර සහෝදරියන්ටත් සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා.

  • Rata wenuwen

    රන විරුවෙනි ඔබට සෙත්

  • Dinuu

    අපේ ගරුතර අබේතිස්ස හිමිසදුන් ප්‍රමුඛ අති උතුම් සන්ඝ රත්නයද, පොදු ජන හදගැස්ම වන අතිගරු මහින්ද රාජපක්ස මැතිදුන් සහ අපේ ජාතික වීරයා ගෝටාබය රාජපක්ස මැතිදුන් සහ කළණ මිතුරන් එකම පින්බිමක ජයපිරිත් සදහා රැස්වී ඉන්න මේ අසිරිමත් මොහොතේ දෙවිවරු විශාල ප්‍රමාණයක් සහබාගි වන්න ඇති ස්තීරයෙන්ම. මුලු රටටම සෙත් වේවා ජයපිරිතේ අනුහසින්!

  • Rata wenuwen

    දොන් ජුවන්ගේ අවතාරය ලගදිම සුනු විසුනු වන්න,
    සුජාත ලක් දරුවෝ දැන් වෙර දරනවා හැටි බලන්න,
    පඹ හොල්මන පලවා හැර අමන යකුන් සුන්කරන්න,
    දිනාගත්තු අප දේශය නැවත ලොවේ බබල වන්න.

    අපෙ ජන නායක මහින්ද මහතා ඇතුලු සියලු රණ විරුවන්ට සෙතක්ම වේවා , ශාන්තියක්ම වේවා.

  • Dinuu

    අපේ කම ඇති-අපට හිත ඇති-අපේ ජනපති-ඔබම වේ..
    රටේ යහපත-ගැනම සිතු ඔබ- වෙනත් සැපතක් නොපැතුවේ..
    “මගේ මව්බිම-උතුම් වේ මට”-හැම විටම ඔබ පැවසුවේ..
    ජය ජයම වේ-ජයම වේ නිති-මුලු රටට ඔබ-රජිදු වේ..!

    රණවිරුන් ගෙත්-රණවිරුන් අද-අපව බේරා-අනතුරේ..
    හෙළ බිමයි-හෙළ දැයයි ලතවෙයි-ඔබව පමණයි සිහි කරේ..
    අපේ පිහිටට-ඔබම වේ ඒ-වීරයා-හෙළ පරපුරේ..
    මුලු රටම-එක හඩින් ඔබටයි-පලමු තැනමයි හිමි කරේ..!

    දස දෙසින්-ජනගග ගලයි-ඔබව වටකර-මැතිදුනේ..
    කදුලු ගන්ගා-සිදී යද්දී-රටම හිනැහෙයි-හෙට දිනේ..
    හදේ ජනතා-කිරුළ ඔබටයි-ජය ජයම වේ නිරිදුනේ..
    සිරි ලකම අද-ඔබට බාරයි-වඩිනු මැන සිහ රජිදුනේ..!

    මහා හෙලකට-ඇද වැටුන රට-නැවත බාරයි-ගොඩ ගන්නට..
    බුදුන් වැඩි මේ-උතුම් පින්බිම-උරුම වූ ඒ-හැම දෙනා හට..
    සතුට දනවන-පැතුම් ඉටුවන-අනාගතයට-පිය නගන්නට..
    දිනූ දේශය-මගේ මව්බිම-ඔබට බාරයි-සදා රැකුමට..!

  • Dinuu

    චාමික ජයසේකර ගේ අගනා වදන් පෙල, මහාවන්ශයේ අලුත්ම පිටුව ලෙසයි මා දකින්නේ. හරිම ආකර්ශණීය ලෙස ලියා තිබුනේ සිතට හොදින් කා වදින ලෙසයි. ඔබ ලියූ අන්තිම පේලි සැබෑ වන තුරු අපි ඉවසුමක් නැතිව ඉන්නේ. අපි හැමෝටම ජය නියතයි!

  • Field Marshal

    ඇඩ්මින් මහත්තයා බැරිවෙයිද වෙනම ත්‍රෙඩ් 1ක් අරින්න අපේ කට්ටියට අදහස් දක්වන්න. පක්ශ විපක්ෂ අදහස්, හොද නරක දෙකම. එතකොට ටිකක් ඉයිඩියා 1ක් ගන්න පුලුවන්.

    ගිය ජන්දේ හොරා හොරා පොස්ට් ආයේ කට්ටිය ශෙයාර් කරන්න ලෑස්ති වෙයි. ඒවට වෙuනම උත්තර දෙන්න ඕන. රන්ජන්, හිරුනිකා, අර ටොමියා, අනුරාධපුර පුරේ ජෝකර්, තබ හොරා උන්ට වෙනම උත්තර දෙන්න ඕන.

    මොබිටෙල් එකේ ප්‍රශ්නේ විසදගන්න පුලුවන් නං හොදයි. නැත්තං මම ඉස්සෙල්ලා දාපු කොමෙන්ට් එකේ තිබ්බ විදියට kකරන්න වෙයි. කොහොම හරි මහින්ද මහත්තයා ගේමු. ජෙප්පොයි නි.ප. උනුයි එලවලම දාපු පාර්ලිමේන්තුවෙන් එලවලම දාමු.

    • හොඳ අදහසක්. සති අන්තය නිසා අන්තර්ජාලයට එන අය අඩුයි. හෙට හවසට ත්‍රෙඩ් එකක් දාන්නම්. මොබිටෙල් ප්‍රශ්නය ගැන අදාල අයට දන්වලයි තියෙන්නේ. ඒ ගැන ඔවුන් කටයුතු කරනවා.

  • Sudam_LR

    අපේ රට එක්සත් කළා ඔබ, චිරං ජීවතු පිය රජු!

  • sayumi

    Uthum Thriwidha Rathnaye Siyalu Devi Devathaawange Ha Uthum Jaya Pirithe Aanubhaawayen Ratata Sadhaa Setha Salasu Uthum Appachchita Yalith Mage Rata Bhaara Wewa.
    Watinaa Karunu Rasak Gena Hara Dakwamin Apa Danuwath Kala Chamika Jayasekara Obata Thuthi.
    Field Marshal Kiyanawa wage apita wenama adhas dakwannath labuna nam Wadaath Hondai.

  • Ranjith Wimalaratne

    Thank you for giving it to the internet. I managed watch all form Canada. As Head Priest suggested this ceremony should be in a temple in different parts of the island for more and more participation of the people.

    I am grateful to MR and Gota now we can come to SL without fear of suicide bombers.

    • Field Marshal

      For my knowledge MR visit all the parts of Sri Lanka espcially parts where he got majority in Last election. Even he went to MY3 territory without any fear. Mr. Ranjith please pass the message to Sri Lanka Diaspora that MR is not a thief.

Leave a Reply