Mahinda Rajapaksa: mahinda.info වෙබ් අඩවියට Mobitel මගින් පිවිසීම අවහිර කර ඇත.

Monday, June 8, 2015

mahinda.info වෙබ් අඩවියට Mobitel මගින් පිවිසීම අවහිර කර ඇත.

මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවය භාවිතා කරන පාරිහෝගිකයින් හට mahinda.info වෙබ් අඩවිය වෙත පිවිසීම අවහිර කර ඇත.

mobitel

අපට ලැබෙන ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකාව තුළ ඇති සියලුම අන්තර්ජාල සේවා සපයන ආයතන වලින් mahinda.info වෙබ් අඩවිය වාරණය කිරීමට කෙටුම්පත් සැකසෙමින් පවතී. මේ සම්බන්ධයෙන් අප සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් පවතින්නෙමු.

පසුගිය කාලයේ එජාපය ප්‍රමුඛ උදවිය විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව අන්තර්ජාලයේ දිගින් දිගටම පතුරුවාහරින අසත්‍ය සහ ද්වේශසහගත මඩ ප්‍රහාරයන් ගැන, අප විසින් සාක්ෂි සහිතවම ජනතාව වෙත හෙළිදරව් කරන බැවින් මඩ අවලාද කරුවන්ව ජනතාවගේ පිළිකුලට ලක් වීම නිසා ඔවුන් කුපිත වී ඇති බව පෙනේ.

මීට පෙර සිය වතාවකටත් වඩා මෙම වෙබ් අඩවිය හැක් කිරීමට උත්සාහ ගත්තද අප නැවතත් ඒවා පිළිසකර කරගත්තෙමු. සමහර විට දිනකටත් වඩා වෙබ් අඩවිය පිළිසකර කරගැනීම සඳහා වසා දමන්නට සිදුවිය. අප මෙම උත්සාහය අත නොහැරීම නිසා අවසානයේදී ශ්‍රී ලංකාව තුළ mahinda.info වාරණය කිරීම ඔවුන්ට එකම විකල්පය වී ඇති බව පෙනී යයි.

යම් ලෙසකින් ඔබට අනෙකුත් අන්තර්ජාල සේවා සපයන්නන් ගෙනුත්mahinda.info වෙත පිවිසීමට ඉදිරියේදී නොහැකි වුවහොත් www.webproxy.net වැනි ප්‍රොක්සියක් භාවිතා කිරීමෙන් පිවිසීමට හැකියාව ලැබේ.

අපි කිසිම විටෙකවත් අශිෂ්ට සහ පහත් අන්තර්ජාල මාධ්‍ය භාවිතයක් කර නොමැති අතර, මෙම වෙබ් අඩවියේ ඇති සෑම ලිපියක්ම ඉදිරිපත් කර ඇත්තේ මූලශ්‍ර සහ සාක්ෂි පදනම්ව ය. එසේම කිසිවෙකුට පෞද්ගලිකව මඩ ගැසීමක් අපි කිසිදා සිදුකර නැත.

අනෙක් අතට මෙහි ඇත්තේ එජාපයට චෝදනා කරන ලිපි නොව, ඔවුන් අන්තර්ජාලයේ කර ඇති මඩ ප්‍රහාර වලට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් දෙන පිළිතුරුයි. එසේම මෙහි ඇති ලිපි සියල්ලම කිසිදු නීතිමය ගැටලුවකින් තොරව මුද්‍රිත මාධ්‍යයක වුවද පළ කිරීමට සුදුසු තත්ත්වයක ඇත.

එහෙත් පසුගිය කාලයේ ගරු අධිකරණයට ඉතාමත් පහත් භාෂා විලාශයක් යොදා ගනිමින් අපහාස කළ මඩ වෙබ් අඩවි, දසක තුනක් තිස්සේ අපේ රට ලේ විලක් කළ LTTE සංවිධානයේ ජාත්‍යන්තර නිල වෙබ් අඩවිය සහ, මේ දක්වාම හිටපු ජනාධිපති තුමා ඇතුළු පුද්ගලයන්ට කිසිදු මූලාශ්‍රයක් නොමැතිව මඩ ගසන වෙබ් අඩවි කිසිදු බාධාවකින් තොරව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

යාලුවන්ටත් දැනුවත් වීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

19 comments:

  1. ජහ පාලනයේ රඟ පෙනෙමින් පවතී. Jahapaalana uncut ෆුල් වර්ෂන් එක ලබන මැතිවරණයෙන් පසුව UNP ය පාර්ලිමේන්තුවේ බලය ලබා ගත්තොත් ඉන් පසුව ටොයි, බයි සියල්ලන්ටම බලාගත හැකි වනු ඇත.

    77 මැතිවරණයෙන් ද බොරු 100 , පච 1000 ක්‍රමයෙන් බලය ලබාගත් UNP කාරයන් ස්ත්‍රී දුෂකයන් ලවා අධිකරණයට ගල් ගස්සවමින් පොලිසියට නිවාඩු දෙමින් , ද්‍රවිඩ බෙදුම් වාදය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය කරමින් , දකුණේ තරුණ ව්‍යාපාරය අබුත නැක්සලයිට් චෝදනා දමමින් මර්ධනය කරමින් .... පිට රටට සතයක් වත් නය නැතිව , සීග්‍රයෙන් දියුණුවෙමින් පවතී දේශීය ආර්ථිකයක් සහිතව 70-77 කාලය තුල වේගයෙන් ඉදිරියට ආ ලංකාව , දශකයක් ඇතුලත යුධ ගිනි දැල් වලින් දෙකොන ඇවිලුන , ගස් වල මිනී මස් වැදලි එල්ලුන , ටයර් මත තරුණයන් බාබකිව් උන , කට ගඳ ජඩ දත් දොස්තරලා විසින් තරුණයන්ගේ ගුද මාර්ග වලට කටු කම්බි ඔබා කරකැවූ , ධර්ම චක්‍රයට නව අරුතක් දුන් කාලකන්නි මිනී කන්නන්ගේ දේශයක් බවට පත් පත් කරන ලදී.

    ඒ අතීත සිදුවීම්වල පුනරාගමනයක් නැවත පෙනෙන්නට පටන් ගෙන ඇත. ඉදිරි මහා මැතිවරණයෙන් UNP ය පරාජය නොකළහොත් ලංකාවටත් එහි වැසියන්ටත් අබ සරණ වෙනු ඇත. 77 දී ධර්මිෂ්ඨ දේශයේ මිරිඟුවට වශී වූ ලාංකික ගොං නාම්බන් වසර 40 කට පසු යහපාලන මිරිඟුවට වශී වී ටයර් මත අවසන් ගමන් යන යුගයේ ආරම්භයට නැවතීමේ තිත තැබිය හැක්කේ මහින්ද රාජපක්ෂට පමණි.

    ReplyDelete
  2. මධුෂංකJune 8, 2015 at 5:02 AM

    හමුදාවට මඩ ගහන කොටින්ගේ Tamil Net වෙබ් සයිට් එකේ තහනම ඉවත් කරලා.

    කොටි පැරදවූ සහ අදටත් හමුදාව වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා ගේ වෙබ් සයිට් එක තහනම් කරලා.

    සිරිසේනගෙ **** යහපාලනයක් මේක.

    ReplyDelete
  3. පහුගිය ආණ්ඩුවෙන් වෙබ් සයිට් තහනම් කරපු නිසා මේ ආණ්ඩුවෙනුත් තහනම් කරන එක අවුලක් නෑ කියන අයත් ඉන්නවා. එතකොට මේ ආණ්ඩුව කළ යුත්තේත් පහුගිය ආණ්ඩුව කරපු දේමද?

    යහපාලනය ගෙනාවේ පහුගිය ආන්ඩුවෙන් පලි ගන්නද? නැතිනම් සැමට සමාන මාධ්‍ය නිදහසක් දෙන්නද?

    හැරත් පහුගිය ආණ්ඩුවෙන් තහනම් කළේ TamilNet වගේ කොටි සයිට් සහ ඊනිවුස් වගේ මඩ සයිට්. රටට හමුදාවට අදිකරනයට මඩ ගහන ඒවා මේ ආන්ඩුවෙනුත් හරිනම් තහනම් කළ යුතුයි.

    ReplyDelete
  4. "It was very clear from the beginning that Mr. Sirisena is not with the SLFP. He should have left SLFP chairmanship or the SLFP Central Committee should have replaced him. This is critical for a SLFP win at the next election, if the country is to saved from being fragmented."

    Expel Sirisena from the SLFP. IMPEACH Sirisena.

    ReplyDelete
  5. මේ ආණ්ඩුවෙන් කරන්නේ ඊ නිව්ස් කෑලෑ පත්තර ගහපු, අධිකරණයට අපහස කරපු, ඒ මදිවට පන්සල්වලට සංඝයාට පහරදෙන්න තැත් කරපු නිරෝෂන් පාදුක්ක වගේ අමන තක්කඩින්ට සංවිධායක කම් දීල ඊලඟ පාර්ලිමේන්තුවටටත් ගේන්න හදන එක.

    ReplyDelete
  6. mahinda.info witharak nemei mahinda kiyana nama tiyana post share karath FB acc block karana amana yahapalana yugayak meka...

    ReplyDelete
  7. හිතවත් මහත්මයාණෙනි...

    මම ඇත්තටම මේ දවස් ටිකේ හිතාගෙන හිටියේ මේ වෙබ් සයිට් එකේ මොකක් හරි අවුලක් කියලා.මොකද මීට පෙරත් දවස් දෙකක් හෝ තුනක් ක්‍රියාත්මක නොවී තිබුණනේ.. "Mig 27 චෝදනාව ආපසු කැරකෙයි.කාටත් තේරෙන ලෙස ගෝඨාභය පැහැදිලි කරයි" මෙන්න මේ පුවතින් පසුව මට පසුව මෙයට පිවිසීමට නොහැකි වුණා.Forbidden (තහනම් කරන ලද) කියායි පණිවුඩය දිස්වන්නෙ..මම හිතුවේ මම භාවිතා කරණ වෙබ් බ්‍රවුසර් එකේ Proxy Setting වල අවුලක් වත්ද කියලයි..එසේ නොවෙයි.මොකද අනෙක් සෑම වෙබ් අඩවියක්ම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. Server Bypass
    එකක් හරහා ආවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්ඩ. එනකොට ඔබතුමන්ලා News එක දාලා.මමත් අන්තර්ජාලය පිවිසෙන්නෙ Mobitel Broadband හරහායි.යමයෝ Mobitel එක හරහා මෙයට වැඩේ දීලා කියලා දන්නෙ එතකොටයි..ඔබතුමා මේ ඉහතින් යොදා තිබෙන Proxy link එක හරහාත් සාර්ථකව මෙයට පිවිසිය හැකියි.හැබැයි සෑම Server bypass එකක් හරහාම මෙයට පිවිසිය නොහැකියි.ඒ වගේම මෙහි ගීත මෙනුව දැන් වැඩ කරන්නෙ නෑ. Error Message එකක් එනවා.කමක් නෑ මෙහි එය Play නොවුනත් Youtube එකේ ගීත ටික තියනවනේ...ගීත නැතිවුණත් ඔබතුමන්ලා Mahinda.info මේ වෙබ් සයිට් එක සයිබර් ප්‍රහාර ගැන විමසිලිමත් වෙමින් දිගටම පවත්වාගෙන යන්න කියා ඉල්ලා සිටිනවා. මොනවා Block කරත් මොන ගැජ මැටික් එකක් හරි දාලා අපට අපේ රට බේරාදුන් අපේ සදාදරණීය නායකයාණන් වෙනුවෙන් එතුමාට යමයෝ එල්ල කරණ අභූත චෝදනා වලට සාක්ෂි සාධක සහිතව අනර්ඝ පිළිතුරු සපයමින් ඔබතුමාලා යොදන පුවත් වලට ශක්තියක් වීමට මේ වෙබ් සයිට් එකට එනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ අදත්,හෙටත්,මතුවටත් රැදී සිටිනවා කියන එකත් මතක් කිරීමට කැමැත්තෙමි.

    දැන් අපේ අනෙක් හිතවත හිතවතියන් ටිකත් පේන්ඩ නෑ.
    සමහර විට ඔවුනුත් Mobitel ද දන්නෑ.

    ReplyDelete
  8. ප්‍රොක්සි ලින්ක් එක වැඩ කරන බව පැවසීම ගැන ස්තුතියි පවර් මිත්‍රයා. ඉදිරියේදී වඩාත් පහසු බයිපාස් ක්‍රමයක් අප යෝජනා කරන්නම්.

    මෑතකදී යුටුයුබ් අප්ඩේට් වුණ අතර, ගීත සහිත ප්ල්ගින් එකේ අප්ඩේට් එක තවම ඇවිත් නෑ. තව දින කිහිපයක් බලා වෙනත් ප්ලගින් එකක් යොදන්නම්.

    ReplyDelete
  9. ඔබතුමා (සමහරවිට) හිතනවා ඇති...මෙච්චර හරියක් වෙලත් මේ යකා සින්දුවක් ගැන කියනවා කියලා. :D ඇත්තටම මම දකින විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් ලියවුණු ගීත වලින්නුත් එතුමාට විශාල අභිමානයක් හා ජනතා මනාපයක් එකතු කළ හැකියි.

    සමහර වෙලාවට අපි වචනයකින් කියන දෙයක් තව කෙනෙකු ගීතයකින්,කවියකින් කියන විට එය ප්‍රබලව සමාජයට කා වැද්දීමට හැකියැයි තරුණයෙකු විදිහට මාගේ හැඟීමයි.

    ඔබතුමාට...ස්තූතියි!

    ReplyDelete
  10. apita mehi athi de ape FB ekata sakas kara ganeema sadaha 'copy'and 'past' karanne kohomada..

    ReplyDelete
  11. Mahinda.info site එක අවහිර වෙලා සමහර දින වලට. ඔබතුමන්ලා කෙසේ හෝ පවත්වා ගෙන යනවා කියා තිබීම හරිම සතුටක්. ඉහත Power හිතවතා කිව්වා වගේම, මොන බාදක හිරිහැර ආවත්, අපි සදහටම අපේ සදාදරණීය නායකයාණන් වන අතිගරු ජනාදිපති මහින්ද මැතිදුන් සමගයි. බාදා එල්ල වෙන්න වෙන්න, මඩ ප්‍රචාර වැඩි වුන තරමටම එතුමාගේ ජනප්‍රියත්වය තව තව වැඩි වෙනවා. මව්බිම පත්වුන මේ භයානක අනතුරින් නැවත වරක් මුදා ගෙන, අපේ ආයුශත් අරන් එතුමා මේ ලක්පොලොවෙහි චිරාත් කාලයක් සුවෙන් සතුටින් ජීවත් වේවා! ජයෙන් ජයම පතමි.

    ReplyDelete
  12. Piyaseeli SenanayakeJune 9, 2015 at 4:01 AM

    Don't expect a UNP government to do anything decent. They have no respect for human dignity. Otherwise how can JR remove Civic Rights of Sirimawo Bandaranaike when she had only 8 seats and JR had 5/6th of seats. UNP made an anti Sri Lanka turn after the death of Dudley Senanayake.

    The current government has no principals from top (Sirisena ate hoppers with his leader and changed sides the next day, Ranil the biggest looser of Sri Lanka politics became the prime minister through the back door) to bottom. Are these the lessons they teach the younger generation? Grab power by hook or crook.

    ReplyDelete
  13. අපමන වෙහෙස ගෙන පින්බිම රැක දුන්නේ..
    ඔබමයි මැතිද එය අප කවුරුත් දන්නේ..
    කලගුණ දන්න ජනගග උතුරා එන්නේ..
    සිහ නද පතුරුවා යලි බලයට එන්නේ..!

    ලක්ශ ගණන් ඔබ වෙනුවෙන් දිවි පුදන..
    රට වැසියන් ඇත අද මේ ලක් දෙරන..
    එන එන මෙවැනි බාදා මැඩ ඉදිරි දින..
    ජය සිකුරුයි! වට කරගෙන සියලු දෙන..!

    දිවි පරදුවට ලා මව්බිම රැක ගමින..
    හැම ජන කොටසකට උරුමය ලැබ දෙමින..
    ඔබ කල මෙහෙය වෙත අප බැතියෙන් පුදන..
    මහ ජන වරම ගෙන හෙට දින වඩිනු මැන..!

    බොරු මඩ වලට රැවටුනු හැම ඇස් ඇරිලා..
    ඔබ වෙත ගලන ජනගග තව වැඩි කෙරිලා..
    බුදු ගුණ බෙලෙන් සැම දෙවියෝ බැල්ම හෙලා..
    මැතිදුන් මහින්දට මුලු රට අයිති කලා..!

    මව්බිම මහා අනතුරකට අත හැරිය..
    යන එන මන් නැතිව යහපාලන නඩය..
    ජූනී දොලොස් වන දින මාතර රැලිය..
    මහ ඉහලින්ම පෙන්වනු ඇත ජනබලය..!

    ReplyDelete
  14. dan weda ayeth, mobitel walin awe mama

    ReplyDelete
  15. හිතවත් මහත්මයාණෙනි..

    Mobitel ජාලය හරහා Mahinda.info වෙත යොදා තිබූ අවහිර කිරීම දැන් අවසන් වෙලා,
    දැන් සාමාන්‍ය පරිදිම මෙයට පිවිසිය හැකියි.

    ReplyDelete
  16. mahinda.info page එක නැවත සක්‍රීය වෙලා තියෙන්නේ....

    ReplyDelete
  17. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එනිසා විය යුතුයි ඔවුන් වාරණය ඉවත් කරන්නට ඇත්තේ. කෙසේ නමුත් අප වගකිවයුතු මාධ්‍ය භාවිතයක නිරත වුණ බැවින් ඔවුන්ට මෙය තහනම් කිරීමට හේතුවක් දැක්වීමට නොහැකි වන්නට ඇති.

    ReplyDelete
  18. මහින්ද ඉන්ෆො වෙබ් අඩවිය කරදරයට පත් වූ අවස්ථාවේ අප වෙත නන් අයුරින් සහයෝගය දැක්වූ ඔබ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතියි.

    ReplyDelete
  19. අනිවාර්යයෙන්ම...(මා දන්නා තරමින්) වෙබ් අඩවියක් තහනම් කරන්න හේතූන් ලෙස,

    1 රාජ්‍ය විරෝධී වෙබ් අඩවියක්
    2 රාජ්‍ය රහස්,යුධ රහස් දැවැන්ත ලෙස ප්‍රසිද්ධ සමාජයට මුදා හරින වෙබ් අඩවියක්
    3 අසභ්‍ය වෙබ් අඩවියක්

    එහෙත් මෙම අඩවියේ ඔය කියන කිසි දෙයක් නෑ..මෙයින් සිදුකරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමන් නිදහස ලබාදුන් තමන්ගෙ රටේ ඇති විවිධ ආගමික සිද්ධස්ථාන පවත්වන පින්කම් වලට සහභාගී වන අවස්ථා හා එම පිංකම් වලට එතුමා සමඟ සහභාගී වන මහා ජන ගංඟා වල ඡායාරූප හා වීඩියෝ දර්ශන මේ රටේ දැකබලා ගන්ඩ සැලැස්වීමයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂ ලේකම් තුමාට විරුද්ධව අභූත අතේ පත්තු වෙන චෝදනා එල්ල කරපු යමපාලන පිරිසට සාක්ෂි සාධක සහිතවම කියපු බොරුව අතේම පත්තුවෙන්ඩ පිළිතුරු සැපයීමත් පමණයි.

    හැබැයි ඔය කාරණා දෙක නිසාම යමපාලනයට ගොඩක් රිදුණු නිසා වෙබ් අඩවිය Block කරා..වැඩක් වුණේ නෑ Block කරත් මෙහි එන පිරිස ආවා.ඒ සමඟම ඔවුන් කරපු ඒ Block උත්සහයත් අසාර්ථක වුණා.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.