Mig 27 චෝදනාව ආපසු කැරකෙයි. කාටත් තේරෙන ලෙස ගෝඨාභය පැහැදිළි කරයි.

මිග් 27 ප්‍රභාරක ගුවන් යානා මිලදීගැනීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජනමාධ්‍ය වලින් එල්ල කරන චෝදනාව පිළිබඳව එතුමා කරන ලද පැහැදිළි කිරීම.

**************************************

මිග් ගනුදෙනුව පිළිබඳ පැහැදිලි කිරීමක්.

2006 දී ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප‍්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනිමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම ගනුදෙනුව සිදුකිරීමට දින කීපයකට පෙර බි‍්‍රතාන්‍ය විජිතයක් වන වර්ජින් දුපත් හි බෙලිමීසා හෝල්ඩින්ස් සමාගම නමින් විවෘත කරන ලද රහසිගත බැංකු ගිණුමක් සොයාගෙන තිබෙන බව පසුගිය ඉරිදා එක්තරා ඉංග‍්‍රීසි පුවත්පතකද තවත් වෙබ් අඩවියකද පලවිය. ඊනියා ”මිග් ගනුදෙනුව” ගැන ලිපි පලවී ඇති ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ.

ඉකුත් අවුරුදු 9 පුරාම විටින් විට මේ මාතෘකාව මාධ්‍යයේ සාකච්ඡ වුණි. ආණ්ඩු පෙරලියත් සමඟ අපගේ විරුද්ධවාදීන් මේ කාරණය නැවතත් කරලියට ගෙනවිත් තිබෙන නිසා මිග් ගනුදෙනුව සැබවින්ම කුමක්දැයි මහජනතාවට විස්තර කර සිටිමට මෙය උචිත අවස්ථාවක් යැයි මම සිතමි. මෙකී මාධය නිවේදනයේ සඳහන් සියලූම ලියවිලි ගල්කිස්සේ දිස්ත‍්‍රික් උසාවිය සතුව තිබෙන බවද සැලකිය යුතුය.

[1]. 2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසින් මිග්-27 යානා දෙකක්ද එක් මිග්-23 යානාවක්ද මිලදීගත් අවස්ථාවේදී ඒවා සැපයීම සඳහා 2000 ඔක්තෝබර් 24 වන දා ගිවිසුම් අත්සන් කරන ලද්දේ සිංගප්පූරුවේ ඞී.එස්. ඇලයන්ස් නැමැති කොම්පැනියේ ටී.එස්. ලී නැමැත්තෙකු සමඟය. මිග් ගුවන් යානා නිපදවන්නේ සිංගප්පූරුවේ නොවේ. අපගේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වූයේ සියලූම අවි හා යුධමය ආම්පන්න සෘජුවම නිශ්පාදකයාගෙන්ම මිලදී ගෙන අතරමැදියන්ව ඉවත් කිරිමයි.

[2]. 2006 වසරේ දී නව මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදි ගැනිමටත් ගුවන් හමුදාව සතුව පැවති තවත් මිග්-27 යානා 3ක් හා මිග්-23 යානාවක් සම්පූර්ණයෙන්ම අලූත්වැඩියා කිරීමටත් අවශ්‍ය වූ විට අපි යුක්රේනයේ මෙම මිග් යානා නිපදවන ”යුක්රින්මාශ්” නැමැති සමාගම සෘජුවම සම්බන්ධ කර ගත්තේය. ”යුක්රින්මාශ්” සමාගම 2006 පෙබරවාරි 06 වනදා අපගේ ආරක්‍ෂක අමාත්‍යංශයට ලියමින් එම ගුවන් යානා මිලදි ගැනිමට හා අලූත්වැඩියා කිරීමට මිල ගනන් ඉදිරිපත් කල පළමු ලිපියේ මෙම ගනුදෙනුව මූල්‍ය සමාගමක මැදිහත් වීමෙන් සිදුකරන බවත් සියලූ ගෙවිම් එකී මූල්‍ය සමාගමට සිදුකල යුතු බවත් පවසා තිබුණි. මෙකී ගනුනෙුව සම්බන්ධ ගිවිසුම අත්සන් කොට දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම අප වෙත දන්වන බවද එම ලිපියේ සඳහන් විය.

[3]. 2001-2004 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවද මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙකී යුකරින්මාශ් සමාගමෙන් විමසීම් කර තිබුණි. යුක්රින්මාශ් සමාගම 2003 අපේ‍්‍රල් 22 වනදා එවක ආරක්‍ෂක ඇමති තිලක් මාරපන මහතාට මිල ගනන් දන්වමින් එවා තිබූ ලිපියේද එම ගනුදෙනුව සඳහා මූල්‍ය සමාගමක් මැදිහත් වන බවත් සියලූ ගෙවිම් එම මූල්‍ය සමාගමට කලයුතු බවත් ගිවිසුම අත්සන් කර දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම ශ‍්‍රී ලංකාවට සපයන බවත් කියා තිබුණි. යුක්රින්මාශ් සමාගම මාරපන මහතාට එම ලිපියේ සඳහන් කළ මුදල් ගෙවීමේ ක‍්‍රමවේදය 2006 අපට එවූ ලිපියේ සඳහන් ක‍්‍රමවේදයට වචනයක් පාසා සමානය.

[4]. යුක්රින්මාශ් සමාගමේ අධ්‍යක්‍ෂක වරයෙකු වන ඞී.ඒ. පෙරිගුඩෝව් මහතා ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යංශය වෙත ලිපියක් ලියමින් විස්තර කර සිටියේ යුක්රින්මාශ් යනු සම්පූර්ණයෙන්ම යුක්රේන රජයට අයත් සමාගමක් බවත් ඒ රටේ නීතියට අනුව ඔවුන්ට ණයට භාන්ඩ සැපයීමට නොහැකි බවත්ය. අප ඉල්ලා සිටි පරිදි අවුරුදු දෙකකින් ගෙවිමට ණයට භාන්ඩ සැපයීමට නොහැකි නිසා බෙලිමීසා හෝල්ඩින්ස් නැමැති මූල්‍ය ආයතනයක් එම ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයනු ඇති බව ඔහු කියා සිටියේය.

[5]. 2006 ජූලි 26 වනදා මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදි ගැනීමටත් තවත් මිග් යානා 4ක් අලූතිවැඩියා කිරීමටත් ගිවිසුම් අත්සන් කල විට එයට පාර්ශව තුනක් සම්බන්ධ විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කාර පාර්ශවය විය. යුක්රින්මාශ් සමාගම විකුණුම්කාර පාර්ශවය විය. බෙලිමීසා හෝලිඩින්ස් සමාගම සියලූ ගෙවිම් ලබා ගන්නා පාර්ශවය විය. මේ පාර්ශව තුනම ගිවිසුමට අත්සන් කොට තිබේ. මෙම ගිවිසුම ලංකාවේත් යුක්රේනයේත් රජයේ ආයතන දෙකක් අතර සිදු කෙරුනු, යුක්රේන හා ජාත්‍යන්තර නීතිය යටතේ නිතිමය බන්ධනයක් ඇතිකරන ගිවිසුමක් වේ.

[6]. මෙකී ගිවිසුමේ 23.1 වගන්තියට අනුව බෙලිමීසා හෝලිඩින්ස්් සමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැනුම්කාර පාර්ශවයත් විකුණුම්කාර පාර්ශවයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාල සියලූම ගෙවීම් බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට ලැබිය යුතු බවත් පැහැදිලිව සඳහන් විය.

[7]. 2006 ජූලි 31 වනදා යුක්රින්මාශ් සමාගම විසින් මෙම මිග් යානා මිලදි ගැනීමට හා අලූත්වැඩියා කිරීමට අදාල ඉන්වොයිසිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එවු විටද ලංකා බැංකුව විසින් මුදල් ගෙවිය යුත්තේ බෙලිමීසා හෝලිඩින්ස් සමාගමට බව නැවත වතාවක් සඳහන් විය.

විදේශීය රටක රජයට අයත් ආයතනයක් සමග ගුවන් යානා මිලදි ගැනිම සඳහා ගිවිසුමක් අත්සන් කල විට ගැනුම්කරුවා මුදල් ගෙවිය යුත්තේ විකුණුම්කරුවා නිර්දේශ කරන ආකාරයටය. බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට මුදල් ගෙවීම කිසිසේත්ම රහසක් නොවන්නේ ඔවුන්ද මෙකී ගිවිසුමට අත්සන් කල පාර්ශවයක් වන නිසාය. අපි මෙම මිග් යානා සෘජුවම යුක්රේනයේ නිෂ්පාදකවරුන්ගෙන්ම මිලදී ගත් අතර ගෙවු මුදලට ලැබිය යුතු සියල්ල අපට ලැබුනි. මෙම ගුවන් යානා යුද්ධයේදී භාවිතා වූ අතර යුද්ධය ජයගැනිමෙන් පසු තවමත් ඒවා ගුවන් හමුදාව සතුව පවතී.

මෙම මිග් ගුවන් යානා මිලදි ගැනිම සම්බන්ධයෙන් රහසිගත කුමක් හෝ සිදුවී ඇති බව ජනතාවට ඒත්තුගැන්වීමට කරන මේ උත්සාහය මාගේ නම කෙලසිමට දිගු කාලයක් මුලූල්ලේ පවතින ප‍්‍රයත්නයක කොටසකි. යුධ ජයග‍්‍රහණය අවමානයට ලක් කිරීමේ උවමනාවක්ද මෙය පසුපස ඇත. බොරුවක් නැවත නැවතත් කීමෙන් එය සත්‍ය බවට පත් කිරිමට උත්සහ දරන විවිධ පාර්ශව වල ප‍්‍රචාරයන් වලින් නොමග නොයන මෙන් මම ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ගෝඨාභය රාජපක්‍ෂ
හිටපු ආරක්‍ෂක ලේකම්

**************************************

යාලුවන්ටත් දැනගැනීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to Mig 27 චෝදනාව ආපසු කැරකෙයි. කාටත් තේරෙන ලෙස ගෝඨාභය පැහැදිළි කරයි.

  • RATA wenuwen

    අසව් ! අසව් ! ,මඩකරියෙනි, යටිකුට්ටුවෙනි, හොරිකඩයෙනි, දැන් සනීපද

  • Malitha

    Lankawe inna buddhimath modayo tika oya boru walata rawatuna… Dan kapu lanu dirawa ganna baruwa innawa…… Dan unta wela thiyenne dan inna unge kiyanna hodak nathi nisa mahindata bana bana inna eka witharai…

  • We know Gota is always straight forward not like others.

  • preyanath perera

    api samada oba samagai.oba wenuwen nihanda sewayak api sidu karanawa.

    preyanath perera & sathika Halmillewa(hakmana M.P. Roy Rajapakhage munuburan)

  • preyanath perera

    api eda mewata hariyata uththara deepu nethi nisa thama meyala me thram authu prayojana gaththe.

  • මහසොහොන් පිල්ලිය

    අශ්වයා පැන ගිය පසු නැවතත් ඉස්තාලය වසා ඇත

    ජනතාව මේ පැහැදිලි කිරීම බලාපොරොත්තු වුයේ 2007-2008 කාලයේ මේ සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් වෙතින් චෝදනා එල්ල වෙද්දී ය. එකල මේ පැහැදිලි කිරීම නොකළේ , එහෙම කිරීමට තරම් ජනතාව වැදගත් කොට නොසැලකු නිසා විය හැකිය. බලය තිබෙද්දී මොලය නැතිවීමටත් , බලය නැති කලදී මොලය පෑදීමටත් මෙය තවත් උදාහරණයකි.

    එකලම මේ පැහැදිලි කිරීම කලේ නම් දශකයක් පුරා පුන පුනා නැගුන මඩ රැල්ල ලත් තැනම ලොප් කල හැකිව තිබුණි. එසේ නොකිරීම නිසා මිග් , ලසන්ත යන නම් දෙක අසෙද්දීම , ගෝඨා මතක්වෙන තරමටම පොදු ජන ටොයියන්ගේ මනසේ ගොබෙල්ස් මුසා කා වැදී ගියේය.

    තරහෙන් නෙවේ , දුකෙන් ලියන්නේ

    • මේ සම්බන්ධයෙන් එතුමා මීට වසර දෙකකට පමණ පෙරදී මාධ්‍ය වෙත පැහැදිළි කිරීමක් කළා. නමුත් ඒ ප්‍රවෘත්ති විකාශය කළ දිනය මට මතක නැති නිසා එය මේ වෙලාවේ සොයාගැනීමට නොහැකියි.

      එමෙන්ම එතුමට ගහන ලද මඩ වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් සිදුකළා. ජයග්‍රාහී යුධ මෙහෙයුමක ත්‍රිවිධ හමුදාවටම නියෝග දුන් අයෙක්ගෙන් එලෙස අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම සිදුවෙන්නේ නෑ.

      නමුත් මිනිස්සුන්ට මතක හිටින්නේ මඩ මිසක් මඩ වලට පිළිතුරු නෙමෙයි. ඉතින් එය එතුමාගේ වරදක් නොවේ.

      මේ තියෙන්නේ එතුමා එදා ගත් ක්‍රියාමාර්ග.

      [[ආරක්‍ෂක ලේකම්ට කෝටි 25 ක්‌ වන්දි ගෙවීමට “සන්ඩේ ලීඩර්” ආයතනයට නියෝග
      එස්‌. පී. ආරියරත්න – රත්මලාන

      “මිග්” ගුවන් යානා ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් 2008 වසරේ සන්ඩේ ලීඩර් පුවත්පතේ කලාප 3 ක පළමු ලිපිවලින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපහාසයක්‌ සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් පැමිණිලිකරුට රුපියල් මිලියන 250 ක (කෝටි 25) වන්දියක්‌ ගෙවන ලෙසත් නියම කෙරිණි. එමෙන්ම පැමිණිලි කළ දින සිට පැමිණිල්ලේ නෛතික පොලියද නඩු ගාස්‌තුද පැමිණිලිකරුට හිමිවිය යුතු බව ගල්කිස්‌ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (22 දා) නියෝග කළේය.

      ආරක්‍ෂක ලේකම්වරයාට සිදු වූ අපහාසය හේතුවෙන් වන්දි ගෙවන ලෙස රත්මලාන, කටුකුරුඳුවත්ත පාර අංක 24 හි පිහිටි සන්ඩේ ලීඩර් පබ්ලිකේෂන් ආයතනයට දිසා විනිසුරුවරයා මෙලෙස නියෝග කළේය.

      ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘව සිටි ලසන්ත වික්‍රමතුංග මහතා සහ ලීඩර් පබ්ලිකේෂන් පෞද්ගලික ආයතනය වගඋත්තරකරුවන් කරමින් 2008.12.14 දින මෙම නඩුව ගල්කිස්‌ස දිසා අධිකරණයේ ගොනු කර තිබිණි.

      සන්ඩේ ලීඩර් ප්‍රවෘත්තිය මගින් තමාගේ ගෞරවයට හානියක්‌ හා කීර්තිනාමයට අගතියක්‌ සිදු වූ බවත්, පැමිණිලිකරුට කවර ආකාරයකින් හෝ කවර ස්‌වරූපයකින් හෝ අපහාස කිරීමෙන්, විත්තිකරුවන් ඇතුළු ඔවුන්ගේ සේවක නියෝජිතාදීන්ද, ඔවුන් යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා වළක්‌වාලනු ලබන ස්‌ථිර ඉන්ජන්ෂන් තහනම් ආඥවක්‌ නිකුත්කරන ලෙසත්, පැමිණිලිකරුගේ වාසියට රුපියල් මිලියන දහසක්‌, එකී මුදල මත පැමිණිල්ලේ දින සිට නෛතික පොළිය අයකර දෙන ලෙසත් මෙම නඩුවෙන් ඉල්ලා තිබිණි.]] http://www.divaina.com/2012/11/23/news10.html

      [[ගෝඨාගේ නඩුව සමථයකට
      ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතාවක්‌ සම්බන් ධයෙන් “සන්ඩේ ලීඩර්” පුවත්පත විසින් කළ හෙළිදරව්වකින් තමන්ගේ කීර්ති නාමයට හානි සිදුව ඇතැයි පවසමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ (06) උසාවියේදී සමථයට පත්ව තිබේ.

      සන්ඩේ ලීඩර් පුවත්පතින් කළ හෙළිදරව්වක්‌ නිසා තමාගේ කීර්ති නාමයට සිදුවූ හානිය සලකා රුපියල් කෝටි 10 ක වන්දියක්‌ ඉල්ලා ගල්කිස්‌ස දිසා අධිකරණයේ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා විසින් නඩුවක්‌ පවරා තිබිණ.

      අද එම නඩුව සමථයකට පත්වූ අතර මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කර එම පුවත්පතේ යළි නිවැරදි කිරීමක්‌ පළ කිරීමට ද සන්ඩේ ලීඩර් පුවත්පතේ පාලනාධිකාරිය එහිදී එකඟ වී ඇත.]] http://www.divaina.com/2015/03/07/news19.html

      [[Apology To Gotabhaya Rajapaksa
      Therefore, we hereby unequivocally apologise to Mr. Gotabhaya Rajapaksa, the then Secretary to the Ministry of Defence for any pain of mind and/or loss of reputation and/or defamation of character which had caused to him as a result of aforesaid publications.]] http://www.thesundayleader.lk/2015/03/07/apology-to-gotabhaya-rajapaksa/

      ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස මඩ වලට පිළිතුරු ලබා දුන්නත් මහින්ද රාජපක්ෂ මහතාට එලෙස කිරීමට නොහැකි වූයේ ඒ තරමටම එතුමාට එරෙහිව මහා පරිමාණ මඩ ව්‍යාපාරයක් ගිය නිසයි. ඒ සියලුම මඩ වලට පිළිතුරු දුන්නානම් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගත්තානම් එතුමාට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ . (එතුමාගේ පුද්ගලික ඇපෲවල් එක නොමැතිව නිල නිවේදන නිකුත් කළ නොහැකි නිසා). එහෙත් ජනතාව යම් දිනෙක සත්‍යය අවබෝධ කරගනීවි.

  • Power

    මම මේ කල්පනා කරේ…මේ රට වෙනුවෙන්,පක්ෂ,පාට,කුලමල,ජාතිබේද නොසලකා හරිමින් සියලුම ජනවර්ග වලට නිදහසේ සාමයෙන් සිටිය හැකි නිදහස් රටක් උරුම කරදුන් අපගේ මේ වීරෝධාර නායකයින් ඔවුන් මහා අපරාධයක් කරපු දරුණු අපරාධකාරයෝ ගානට දමලා කතා කරන විවිධ අපවාද ‍චෝදනා නඟන කුහක,අමන පිරිසකුත් මේ රටේ ම සිටිනවා නේද කියන එක ගැනයි.

    මොකද මම එහෙම කියන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය හා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාගෙන් ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ වලට ලැබුණු නිසි මඟ පෙන්වීම යටතේ අවුරුදු ගණනක් යුද්ධය,යුද්ධය කියලා වවාගෙන කාපු යුද්ධය දහසකුත් ජීවිත පරත්‍යාගයෙන් යුතුව ජයගත්තෙ මේ ලංකාවේ ඒ වකවාණුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි දේශපාලඥයින් වෙනුවෙන් හෝ එම පක්ෂයේ පාක්ෂිකයන් වෙනුවෙන් විතරක් නොවේ…අලියා ඇතුලු අනෙකුත් මේ රටේ සියලු පක්ෂවල ඉන්න ජනතාව වෙනුවෙනුත් යුද්ධය කරා.එහෙත් දැන් මේ විවිධ චෝදනා කරලා මෙතුමන්ලාට අපහාස කරන්නෙ මෙතුමන්ලා යුද්ධය මෙහෙයවා සාර්ථකව ජයගත්තෙ එක් ජනකොටසකට පමණක් මේ රටේ සිටින්නට හැකි වන ලෙස රටක් සකසා දුන්නා වගේ.

    මේක වෙන මොකුත් නෙමෙයි, “පැහැදිලි ඊර්ෂියාව හා වෛරය”

    ඉතින් ඒ ඊර්ෂියා කරපු ඊර්ෂියාකාරයන්ට හා වෛර කරපු වෛරකාරයන්ට තේරෙන භාෂාවෙන් ඔබතුමා මනාව මේ සියලු කරුණු පෙළගස්වා ඇත්තම සිද්ධිය මොකක්ද යනවග පෙන්වා දී තිබෙනවා..හැබැයි ආයෙත් Mig 27 ගැන ලෙඩක් ඇද්දොත් Mig 27 ප්‍රහාරක ජෙට් යානය යොදාගෙන LTTE ත්‍රස්ත බංකර් සුණු විසුණු කරා සේ මේ චෝදනා කරන උන් ටිකත් සුණු විසුණු වෙලා යන්ඩ 1000KG බෝම්බයක්වත් දාන්ඩ වෙනවා.මොකද මෙච්චර සහසුද්දයෙන්ම පැහැදිලි කරුණු තිබිලත් ආයෙත් ලෙඩක් දානවා කියන්නෙ නැවතත් වෛර පිරිමහගන්ඩ වළිකනවා කියන එකනේ…

Leave a Reply