ගමේ පන්සල පිළිසකර කර පින්තාරු කරන අපේ කාලයේ තරුණ පිරිසක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ “මනුගුනදම්” ප්‍රජා සංවර්ධන වැඩපිළිවෙලට සමගාමිව මුල්කිරිගල රාජමහා විහාරස්ථානයේ තීන්ත අලේප කිරීම සිදුකරනු ලැබුණි.

ඒ සදහා නාමල් රාජපක්ෂ මහතාද තම ශ්‍රමය හා සියලු දායකතවය සපයමින් තරුණ පිරිස සමග උරින් උර ගැටී වෙහෙර වහන්සේගේ තීන්ත අලේප කළේය.

11049497_877582545636818_5646200653417034641_n[1]

11429725_877582522303487_5658381446079206915_n[1]

1533766_877582502303489_2387385185677026549_n[1]

17309_877601822301557_7455273078596092643_n[1]

නාමල් රාජපක්ෂ මහතා මීට කලකට පෙර සිටම මෙවැනි පොදු කටයුතු වලට තම ශ්‍රමය ලබා දුනන්ත් ඒවා ජනමාධ්‍ය වල පළ වූයේ නැත. සමහර විට එවකට මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් මාධ්‍ය පවා මෙවැනි දේවල් පළ කිරීම “මදි කමක්” යැයි සිතුවා විය හැකියි. වර්තමානයේදී පවා මේ ගැන වෙනත් මාධ්‍ය වල පළ නොවූ නිසා අප මෙය පළ කළෙමු.

සමහරුන් නයිට් ක්ලබ් යද්දී, තවත් සමහරෙක් බාලවයස්කාර දැරියන්ට කරදර කරද්දී, තවත් අයෙක්ට ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ලැජ්ජා සිතී මව්බිම හැරගොස් සිටියදී, අපේ කම වෙනුවෙන් නැගී සිටි මහින්ද රාජපක්ෂ නම් ඒ මහා නායකයාගේ මගෙහි යමින් මෙවන් පින් දහම් කටයුතු වලට යෙදෙන තරුණයින්ව දැකීමත් සංතෝශයක් බව අපගේ ෆේස්බුක් මිතුරන් සඳහන් කර තිබුණි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

19 comments to ගමේ පන්සල පිළිසකර කර පින්තාරු කරන අපේ කාලයේ තරුණ පිරිසක්.

  • චාමික ජයසේකර

    අතීත රජ දරුවන් රට පුරා වෙහෙර විහාර කරමින් වැව් අමුණු බදිමින් රට සහලින් ස්වංපෝෂිත කල අතර ඔවුන්ගේ දරුවන්ද ඒ අනුව යමින් සම්බුද්ධ සාසනයේ චිර ජීවනය පිණිස තම පිය වරුන්ගේ සීමාව ඉක්මවා යමින් මේ සිංහල දේශයත් සම්බුද්ධ සාසනයත් මතු පරපුරට දායද කරනු පිණිස අනූපමනීය මෙහෙයක් ඉටු කරනු ලැබීය එවන් පරපුරක වර්ථමානික පරපුරේ වගකීම ලක්දිවට සමෘද්ධිමත් නිවහල් යුගය උදාකල ප්‍රඨාපවත් නායක මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂයන් අතින් මෙලෙස ඉටු වනු දැකීම සමස්ථ ශ්‍රී ලාංකික සමාජයටම කදිම ආදර්ශයක් වනු නොඅනුමානය … මේ උතුම් ක්‍රියාව දෙසද වැරදි දුෂ්ථියෙන් බලන්නන් කවර කතා කීවද ඔබ නිහඩව ඔබේ යුතුකම ඉටු කොට හමාරය රටට අවශ්‍ය අනාගත දේශපාලන නායකත්වයේ භූමිකාවට ඔබ ඉතා හොද විජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගෙනඇත අප ඔබට සුභ පතන්නෙමු

  • Dinuu

    ලන්කා ඉතිහාසයේ රන් අකුරින් නම ලියැවුනු, සදාදරනීය ජනනායකයෙකුගේ පුතකු වී ඉපදෙන්න, පෙර පින් තිබූ නාමල් රාජපක්ස මැතිතුමා, තරුණ මිතුරන් සමග මෙවැනි යහපත් ක්‍රියාවන්හි නිරතව ඉන්නවා දැකීම හරිම සතුටක්. ඔබේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතමි!

  • PR යනු නැගී එන දේශපාලන නවකයකුගේ වගේම පරිනත වුන දේශපාලකයෙකුගේද ප්‍රධාන කාර්යයකි. නමුත් මෑත ඉතිහාසයේදී අප දුටුවේ රාජපක්ෂ වරුන් ඒ වැදගත් අංගය සත පහකට මායිම් නොකර හැසිරෙන ආකාරයයි. නාමල්ට විරුද්ධව සිය දහස් ගණන් මජර දේශපාලකයන් ලම්බෝගිනි චෝදනා කරද්දී , පොදු ජනතාවගේ අවබෝධය සහ දැනගැනීම උදෙසා වත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කල බවක් මා දැක නැත. නිකුත් කරා නම් එය අප වැනි ලංකාවේ දේශපාලනය ගැන නිතර උනන්දුවක් දක්වන මිනිසුන්ගේ ගේ ඇස ගැටෙන්නට තරම් , ලම්බෝගිනි චෝදනා තරමට ප්‍රසිද්ධ වුයේ නැත. ප්‍රතිපලය බොරුවෙන් මුලා වූ ජනතාව , ඒ චොදනා බොරු බව කීමට උනන්දුවක් නොදැක්වූ දේශපාලකයන් ගෙදර යැවීමයි.

    මහින්ද මහත්මයා ටත් PR මතක් වුයේ ජනපති කමින් පරදී මැදමුලනට ගිය කල්හිය. එතෙක් නැගුන චෝදනා පයිසෙකට මායිම් නොකර ජනතාවට සත්‍යය පහදා නොදුන් ඔහු , ඉන්පසුව දිගට හරහට මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ඒ නැගෙන මඩ චෝදනා වලට පිළිතුරු සපයනු අපට දැකගත හැකි විය. පරක්කු වෙලා හරි පටං ගත්ත දේ හොඳය. අනේ එත් එතකොට කෝච්චිය ගොස් හමාරය. ඒ මෝඩ කමේ විපාක වශයෙන් දැන් රටේ ජනතාවට කරන්න සිදු වී ඇත්තේ මහින්ද මහතා කර තබාගෙන නොයෙක් දුෂ්කරතා මැද්දේ දුව ගොස් ඊළඟ ඉස්ටෙෂමෙන් වත් ඔහුව නැවත කෝච්චියට නැග්ගවිමේ භාරධුර අභියෝගයයි. ඔබද මාද කරන්නේ එයයි. මහින්ද මහතා / නාමල් මහතා පොඩ්ඩක් කලින් PR ගැන උනන්දුවක් දැක්කුවා නම් අපිට සහ රටේ බහුතරයක් දේශමාමක ජනතාවට මේ අමු කට්ට කන්න සිදුවෙන්නේ නැත.

    මේ ලියන්නේ තරහින් නොව දුකිනි. බලය ඇති කාලයේදී ලක්ෂ ගනං පඩි දී පත්කර ගන්නා සත පහකට වැඩක් නැති හාල්පාරු උපදේශකයන් දේශපාලකයන්ට කොරන වැඩක් නැති බව පෙන්නුම් කරන්නටය.

    PR වැඩියෙන් කිරීමත් හොඳ නැත. අතිගරු ශ්‍රීමත් ජනාධිපති ප්‍රේමදාස උතුමාණන් වන්නිකරයේ ගම්වල නලලිඳක් විවුර්ත කරන ආකාරය , රුපවාහිනියේ ප්‍රධාන ප්‍රවුර්තිය ලෙස දිනපතා විනාඩි 10 ක් පෙන්නීම එකල රුපවාහිනි නරඹන අපට විහිළුවක් වුවා මතකය.

    නාමල් ගැන කියනවා නම් ඔහු අඩුවයසෙන් අපරිනතව ප්‍රධාන ජාතික දේශපාලන ප්‍රවාහයට පැමිණි තරුණයෙකි . ඒ පැමිණි විගසම පියාගේ ප්‍රභල දේශපාලන බලය නිසා ලැබුණු වගකීම් සමුදාය නිසා තම දිඝකාලින දේශපාලන ගමන යම් තරමකට අවුල් කරගත් තැනැත්තෙකි. ප්‍රාදේශීය තලයේ ස්තාපිතව ක්‍රමයෙන් ජාතික තලයට කුසලතාවය මත නැගී එනු වෙනුවට එකපාරටම ජාතික තලයේ දේශපාලන ධාරාවට පතිත වීම ඔහුගේ දේශපාලන ගමනට අහිතකර ලෙස බල පෑ බව මා විශ්වාස කරමි. එය සාර්ථකව කළමනාකරණය කර ගැනීම අත්දැකීම් අඩු තරුණයෙකු වූ ඔහුට අසීරු විය. ඔහු තම පියාගේ වයසේ වූ වැඩිමහළු දේශපාලකයන්ට මචං නාමයෙන් ආමන්ත්‍රණය කිරීම ගැන පසුගිය කාලේ කතා වුනා අපට මතකය. ප්‍රාදේශීය තලයේ දේශපාලකයන් එකල ඔහුගේ අනවශ්‍ය අතපෙවීම් ගැන කලකිරී සිටියා අපට මතකය.

    කෙසේ නමුත් මහින්ද මහතාගේ පරාජය ,ඔහුගේ පුත් නාමල් මහතා ගේ ලංකාවේ ජනාධිපති ධුරය දක්වා යන ඉදිරි දේශපාලන ගමනට නං යහපත් ලෙස බලපෑ බව මා විශ්වාස කරමි. බිම් මට්ටමෙන් ම පටන් ගෙන සාර්ථක පදනමක් එලාගෙන යන දේශපාලන ගමන කිසිදවසක වරදින්නේ නැත. නාමල්ට ඒ වාරය අහඹු ලෙස දැන් ලැබී ඇත. ඒ ගමන හොඳින් කළමනාකරණය කරගෙන යන බවද මෙවැනි සිදුවීම් වලින් අපට පෙනේ . ඔහුට සුභ අනාගතයක් පතමි.

  • RATA wenuwen

    Dinnu and Power I am back
    I never forget Mahinda Raja and clan

  • RATA wenuwen

    Hello, Obata jaya

  • Dinuu

    Rata Wenuven, ඔබගේ නැවත පැමිනීම සතුටකි. අප සැමටම ජය නියතයි!

  • Ranjith Wimalaratne

    That “Mahasohon Lipiya” is a statement of a genuine supporter and read it many times.

    Namal’s image has been damaged so much he has to run many extra miles to catch it.

    Pl. read a book on that great leader Lalbahadur Shastrhi if you decide to be in politics.

    If you want to have physical comforts then do as Vimiukthi do in the UK.

  • sayumi

    Mewani Usas Pinkam ha Ekwemin Jathiye Appachchita Diri Dena Namalta Ape Hada Piri Suba Pathum!
    Rata Wenuwen Yali pamineema Loku Sathutak.

  • Power

    ගමේ පන්සල අපේ පන්සල‍
    අපේ කම රැක්කා
    අපේ දානෙදි අපේ මරණෙදි
    අපේ ලඟ සිටියා //

    නාමල් අයියේ..

    ඔබ ගමේ අනෙකුත් පිරිසත් සමඟ කරට කර තරඟ කරමින් හදවතින් ම මේ පූජනීය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තීන්ත ආලේප කරනවා සේම අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා (ඔබේ ආදරණීය පියාණන්)සේ ඉදිරියටත් මේ තමන් ගේ මවු වැනි තමන් ඉපදුණු සමස්ත මාතෘ භූමිය වෙනුවෙනුත් වටිනා සේවයක් කිරීමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරමි.

    ජයවේවා..

  • Power

    RATA wenuwen…

    හෙලෝ….යාලුවා, දැක්ක කල්…..ආයෙත් කොහොමෙන් කොහොම හරි ලොක්කා ආවා එහෙනං නේද.‍

    ඒත් මට මෙහෙමත් පොඩ්ඩක් හිතුනා..

    “රට වෙනුවෙන් මනරම් කවි ගලපමින් රට වෙනුවෙන් අදහස් පළ කරපු රට වෙනුවෙන් අපටත් නොකියා වෙන රට කටවත් ගියා ද කියලා” 😀

    (නැවතත් ඔබගේ සම්ප්‍රාප්තිය පිළිබඳ හරිම සතුටුයි මිත්‍රයා..)

  • Power

    මේ බලන්ඩකෝ ඉතින්…මෙන්න අපේ sayumi මිතුරියත් ඇවිල්ලා…

    මට මෙහෙම හිතුනා ඔබ ගැනත්..(ඉතා දුක්සහිත ස්වරූපයෙන්)

    “සයුමි මිතුරිය අපිව තනි කර දමා අපිටත් නොකියාම සයුරෙන් එතර වී වෙන වෙන රටකටවත් ගියාද කියලා” 😀

    (ඔබේ නැවත සම්ප්‍රාප්තිය පිළිබදවත් හරිම සතුටුයි මිතුරිය..)

  • Dinuu

    මහ සොහොන් පිල්ලිය හදවතින්මයි ඉහත කමෙන්ට් කර ඇත්තේ. බොරුවට ආවඩනවාට වඩා හොද නරක පෙන්වා දෙමින් දිරි ගැන්වීම තරුණයෙකුට විශේශයෙන් හුගක් වටිනවා.

    නාමල් මැතිතුමා මේවා හොදින් තේරුම් ගෙන, මහ පොලොවෙහි සිට, ජනතාව සමග අත්වැල් බැදගෙන, සොදුරු ගමනකට මුල පිරුවොත්, ඔබට ගොඩාක් දුර ගමනක් යන්න පුලුවනි. හදවතින්ම සුබ පතනවා. අපිත් ඔබ සමග දිගටම ඉන්නවා. ජයෙන් ජයම වේවා! ඔබටත්, ඔබෙත් දැයෙත් ආදරණීය අප්පච්චීටත්!

    යහපාලනයෙන් මුලු පව්ලටම කරන හිරිහැර දෙස, ජනතාව කදුලු පිරි දෙනෙතින්, උපේක්ශාවෙන් බලා ඉන්නේ. වෙලාව ආවම නිසි පිලිතුරු ලැබෙනවා ජනතාවගෙන් ස්තීරවම. අනන්ත බුදු ගුණ බලයෙන් සහ තිස්තුන්කෝටියක් දෙවි රැකවරණින් මුලු පවලටම යහපතක්ම වේවා!

  • RATA wenuwen

    කල් ගෙව්වෙ හරි දුකකින් සිත සැලිලා,
    මල් මෙන් සිතලු කැටිකොට ගොනුකර පුදලා,
    නිල් මැණිකක් බන්දු මැතිදුන් සිහි කරලා,
    සිල් අරගෙනයි පැතුවේ මම ජය පතලා.

  • Dinuu

    ”මුලු පව්ලටම යහපතක්ම වේවා!’

  • Dinuu

    Power ලියලා තිබුනනේ RATA wenuven සහ Sayumi ගැන වෙන රටකට වත් ගියාද කියලා. මට හිතුනා වෙන රටකට ගියත් අපේ උතුම් මව්බිම ගැනම හිත හිතා මව්බිම පැත්තටම හැරිලා ඉදියි කියලා. ඒ තරම් රට ගැන කැක්කුමක් කට්ටියටම තියෙන බව තේරුනා. සැමටම ජය නියතයි. පසුබට නොවී ඉදිරියටම යමු.

  • sayumi

    Hithawath Power,Dinu, Rata Hara Yanne Na.Mahinda.info Nobala Ape Hithawathunge Coments Nokiyawa Inna Kohethma Ba.
    Apa Sama Mehi Peni Sitina ‘Ape Uthum Mawu Bima Bera Gena Yali Ape Mihindunta Baara Kota Surakshitha Kireeme’ Uthum Aramuna Itu Wena Thuru Aapasu Harenne Na.
    Methanin ehata gihin apita thawa kala haki monawada kiyalai hithanne.

  • Power

    ආය එකෙන්ම Dinuu හිතවතිය,

    මම අපේ මේ RATA wenuwen හිතවතාට හා Sayumi හිතවතියට පොඩි විහිලුවක් කරේ..ඔවුන් දෙදෙනා නැවත අප අතරට පැමිණීමේ සතුට වෙනුවෙන්.මම දන්නවා අපේ මේ ලක්මව බේරාදුන් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් නිදි වරිජිතව කැපවන Dinuu (ඔබ) ඇතුලු අපේ මේ අනෙකුත් හිතවතුන් පිරිසත් ඉදිරියටත් අපේ සදාදරණීය වීරයාණන් මේ ලක්දෙරණ මත නැවත අපේ නායකයා වන තෙක්ම කරගෙන යන මේ දැවැන්ත සටන ට උර දෙමින් එතුමා නැවත දැවැන්ත විජග්‍රහණය ලබණ තෙක්ම එතුමා වෙනුවෙන් මේ අපේ මාතෘ භූමිය වෙනුවෙන් ඉඳිරියටත් සිටීවී කියා…

  • RATA wenuwen

    අප සුලු දෙනකි මේ වැඩබිමෙ ලියන්නෙ,
    හේතුව කුමක් දැයි සිහියට නැත එන්නෙ,,
    ප්‍රචාරයේ නැති අඩුවක් පෙනෙන්නෙ,
    එඩිටර් තුමෝ කලයුත්තක් කරන්නෙ

    සන්වර ලෙසින් අදහස් ටික කැටිකරලා,
    රස වින්දන ගෙන එන වැකි මුහුන් කලා,
    සතුට , විනොදය, අභිමානය පතලා,
    අප මිතුරෝ උරදෙනවා භය හැරලා

  • Dinuu

    මහින්ද රාජපක්ස මැතිතුමා ,තම දිවි පරදුවට තබා, මව්බිම බේරා දුන්නා අපි හැමෝටම නිදහසේ හුස්මගන්න. එතුමා නැවත ඒ දැවන්ත විජයග්‍රහණය ලබන දින තෙක්ම හා ඉන් පසුවත් එතුමා සහ මගෙ මව්බිම වෙනුවෙන් හැමදාමත් ඇප කැප වෙනවා. කවදත් අපව දිරි ගැන්වීම ගැන Power ට තුති! සැමටම සුබ අනාගතයක්!

Leave a Reply to Power Cancel reply