මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ආදරය කරන ඔබ කියවිය යුතුමය

මහින්ද නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනන්න බෑ! ශ්‍රීලනිප ජේෂ්ඨයින් පවසද්දී සිරිසේන ජනාධිපතිවරයාට පිළිගැනීමට සිදුවෙයි…… එය හෘදයාංගමව සිදුවූවක්නම් පසුවී හෝ වරද නිවැරදි කර ගැනීමට උත්සහ කිරීම ඉතා වැදගත්ය. එහෙත් සිරිසේනව විශ්වාස කිරීමට ඔබ සුදානම්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීම.

දින කිහිපයකට කලින් රැස් වූ ශ‍්‍රිලනිප ප‍්‍රබලයන් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ “කැමති වුණත් නැතත් ඇත්ත තත්වය නම් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා නැතිව ඉදිරි මැතිවරණය කිසිසේත්ම ජයග‍්‍රහනය කළ නොහැකි බවයි”.

මේ නිසා එන මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ශ‍්‍රීලනිප අයිතියත් රැගෙන තමන්ටද ඔහු සමඟ යන්නට සිදුවන බවද මෙම පිරිස අවධාරණය කර ඇත.

අවසානයේ ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ තමන්ට නම් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට කමිටුවක් පත් කර ඇත.

මාතර රැළිය අප ලැබු දැවැන්ත ජයග්‍රහණයක් වන අතර එයට බියවූ පාලකයන් සාකච්ඡා පවත්වා කමිටුවක් පත් කළෝය. එය මාතරදී හැමූ මහින්ද සුළඟ තුළින් ලැබුණ අතුරැ ජයග්‍රහණයක් පමණය.

අප තවම සටන ජයගෙන නොමැත. අප කරගෙන ආ අරගලයේ නියම ජය ගැනීම සිදුවන්නේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිඳුන්න් නම් කිරීමෙන් හා මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු අපගේම නව රජයක් පිහිටුවීම තුළින් පමණකි.

මෛත්‍රීපාල සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයා වුවද ඔහු ජනාධිපති බවට පත් වූයේ ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් නොවේ. නිදහස් පාක්ෂිකයින් සියලුම දෙනා ඔහුව ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප කළෝය. පාක්ෂිකයින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සමගයි.

සිරිසේන ජනාධිපතිවරයා තරම් බේගල් ඇද දැමු තවත් ජනාධිපතිවරයෙක් අප රට පාලනය කළේ නැත.

1. ජනපතිවරණ සමයේදී හෙලිකොප්ටර් චෝදනාව වැනි බොහෝ චෝදනා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ආවේය. එයාර්පෝට් වැසීම ගැන කිව්වත් පසුව එය එතුමාම ප්‍රතික්ෂේප කර ගත්තේය.

2. තම දෙමාපියන් එක්සත් ජාතික පාක්ෂිකයින් බවත්, තමන් කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැති බවත් පැවසුවේය.

3. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත හැර ගොස් එහි ප්‍රතිවිරුද්ධ පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය.

4. ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ විරුද්ධවාදියා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතායි.

5. ශ්‍රීලනිප ය කඩාගෙන ගොස් එජාපය ප්‍රමුඛ විරුද්ධවාදී බලවේග වලින් ඡන්දය ඉල්ලා පසුව නැවතත් තමන්ට එරෙහිව ඡන්දය දුන් ජනතාවට අයත් පක්ෂයේ නායකත්වයට පත් විය.

එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති අපේක්ෂකත්වය ලැබීම හිතන තරම් පහසු නැත.

ශ්‍රීලනිප නායකත්වය සහ සංධාන නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලූ සැණින් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ උන්නතිය තකා ඒවා ලබා දුන්නේය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ උන්නතියට කළේ කුමක්ද? ශ්‍රීලනිප අති බහුතරයට අයත්ව තිබූ ප්‍රාදේශීය සභා කල් දමන්නේ නැතිව, ඒවාට ඡන්දයවත් නොපවත්වා ඒවා කොමසාරිස් පාලනයට යට කිරීමයි.

එනිසා සිරිසේන මහතාගේ වදන් වලින් සතුටුව තාවකාලික සතුටක් ලැබීමට අප සුදානම් නැත. සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සියල්ල දියෙහි ඇඇඳි ඉරක් බවට පත්වූ මොහොතක ප්‍රායෝගිකවම ඔප්පු කර පෙන්වන තුරු කිසිවක් පිළිගැනීමට අප සුදානම් නැත.

කළ යුත්තේ කුමක්ද?

දැන් ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයාගේ වාරයයි. ඔහුට ඇත්ත්තටම ශ්‍රීලනිප ය ගැන ආදරයක් තිබේනම් මහින්ද නැති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කඩා වැටීම තේරුම් ගනිමින් ප්‍රයෝගිකවම මහින්ද රාජපක්ෂ මැතිතුමන් සම්බන්ධ කොට ගනිමින් රටෙත් පක්ෂයේත් අනාගතයට උර දීමට ඔහු ක්‍රියා කළ යුතුය.

එතෙක් සිරිසේන ජනාධිපතිවරයා විශ්වාස කොට අපගේ ගමන නවතා දැමීමට අප සුදානම් නොවිය යුතුය. සුළු සුළු රැවටීම් වලින් නොරැවටී මාතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ අරගලය නොනවත්වාම ඉදිරියට රැගෙන යා යුතුය.

යම් යම් කණ්ඩායම් වලින් වැරදි මතයක් සමාජ ගත කිරීමට උත්සාහ ගත්තත් ඊට අප හසු නොවිය යුතුය.

11390071_766108793506943_7220596795087034180_n[1]

තවත් එඩි ගෙන මහින්ද සමග රට දිනවන පෙළගැස්මට ශක්තිය දෙන්නට පෙළ ගැසෙමු. රොද බඳිමු. ජයග්‍රහණය තෙක් අරගල කරමු! ජයග්‍රහණයෙන් පසු ජය සමරමු! මෙය අරගලයක අවසානය නොව ආරම්භය සනිටුහන් කිරීමකි.

අපගේ අරමුණ සහ ඒකායන බලාපොරොත්තුව වන්නේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති කිරීමයි.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ආදරය කරන ඔබ කියවිය යුතුමය

  • Power

    කිසිසේත්ම නැත…තනියම ඡන්දයකට පැමිණිය හොත් වැලේ වැල් නැති වන බව දන්නා නමේ හැටියට වැඩ නැති මෛත්‍රී නැමැති පුද්ගලයා ආප්පයක් කා පක්ෂයත්,පාටත්,ලකුණත් පාවා දී පොදු අපේක්ෂයා නමින් පෙනීසිට ජනවාරී 9 වනදා සිට මේ රටේ සුලුතර ඡන්ද වලින් බලයට පත් වූ කන්ඩ දීපු අත සපාකාපූ හතර විලිලැඡ්ඡාවක් නැති කොන්දක් නැති මිනිහෙක් ව මම නම් කිසිසේත්ම විශ්වාස නොකරමි.

    ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ජනවාරී 8 දින පැවති ජනාධිපතිවරණයෙන් ලැබූ සුලු පසුගාමීත්වයත් සමඟ නිදහස් පක්ෂයේ හිටපු ඩබල් ගෙම් දීපූ සම හරක් මැතිඇමතිවරුන් මහින්ද ජනපතිතුමාට දොස් නඟමින් විවිධ ප්‍රකාශ නිකුත් කරා. එහෙත් දැන් නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශප්‍රේමී ජනබලය දැක බියවී එතුමාට උදව් කරන ආකාරයෙන් කතා කිරීමට පටන්ගෙන තිබේ. මෙයත් මට නම් විශ්වාස කිරීමට බැරි කාරණයකි.මොකද මෙයත් ඕකුන්ගෙ වෙනම ගේමක් ද යනවඟ දන්නෙ නැති නිසාය.

    එහෙත් ඔබතුමන්ලා ඉහතින් සඳහන් කර ඇති පරිදි ම අපි අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව නැවත අපගේ මේ ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ සිටින රට වනසන,වෛරී,මිනීමරු කොටියට පණදෙන්ඩ වලිකන “යමපාලන ත්‍රස්තවාදය” අවසන් කර දමා යලිත් නැවතත් මේ බිමට සැබෑ ජීවය දෙන,සැබෑ සංවර්ධනය රැගෙන එන,දුප්පත් මනුස්සයා ගැන හිතන “මහින්දාගමනය” අරඹන තුරු ම අපිත් අපේ සටන අත් නොහරින බව මතක් කිරීමට කැමැත්තෙමු!

    යමයෝ පන්නමු!
    මහින්ද ගෙන්වමු!

    ජයෙන් ජය ම වේවා….෴

  • Dinuu

    My3 කියන්නේ ලන්කා ඉතිහාසයේ දරුණුම පාවාදීම කරපු රාජද්‍රොහියෙක්. මිත්‍රද්‍රොහියෙක්. දේශද්‍රෝහියෙක්. කිසිම කලකට එයාගෙ වචනයක් විශ්වාස කල නොහැකි බව දැන් ලන්කාවේ පුන්චි දරුවෙකුට වුනත් තේරෙන සත්යයක්.
    අතිගරු මහින්ද අපේ ජනපති තුමා වටා දිනෙන් දින වැඩි වන ජන ගන්ගාව මහත් අබිමානයෙන් එතුමාට අප රටේ බලය නැවත ලබා දී අගමැති කරවන දිනය වැඩි ඈතක නොවේ. ඔබතුමාට විශිශ්ට ජයග්‍රහණයක් ස්තීරයෙන්ම ලැබෙනවා. ඔබතුමා වටා ඉන්න ජනගන්ගාවට ඉදිරියටම යන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා!

  • Dinuu

    යොදුන් ගණන් විහිදෙයි ගුණ සුවද කුසුම්..
    ඔබෙන් කෙරුන මෙහෙවර රට දැයට උතුම්..
    මඩෙන් පිපුන පිවිතුරු සුදු මලකි නෙලුම්..
    ඉතින් රටම ඔබෙ නමටම බාර කරම්..!

    සදුන් විලස කැපු කැපු විට සුවද දෙමින්..
    මෙවන් සෙනෙහෙ මුලු රටටම පියෙකු වෙමින්..
    ඔබෙන් තොරව ලක්මව කොයිබටද ඉතින්..
    රුවන් ඉරක් පායයි හෙට මැතිදු නමින්..!

    තුඩ තුඩ රැදී ඔබෙ නාමය රැදෙන්නට..
    පෙර පින් මහිම බැහැ මෙතෙකැයි කියන්නට..
    හෙළ බිම- හෙළ දැයද- අන් හැම රකින්නට..
    අදටත්-හෙටත් රට බාරයි මහින්දට..!

    යුද බිය නසා මුලු රට සුරපුරක් කෙරූ..
    මැති ඔබ නමට ජනගග අද කරයි ගරූ..
    නිරිදුන් ඔබයි සිරිලක පවතිනා තුරූ..
    දෙවිදුන් ඔබයි මගෙ හද පුදසුනක් කෙරූ..!

  • කොහෝම ආවත් ඉදිරියේදි අපේ චන්දය`මහින්ද මැතිදුන්´වේනුවෙන් පමනයි.

  • සිරිසේන කියන්නේ අවස්ථාවාදී, බියගුළු , දීන ප්‍රතිපත්ති විරහිත පෞරුෂයක් නැති මිනිහෙක්. ලෝක ඉතිහාසයේ ඒ වගේ මිනිස්සු තමයි අහම්බෙන් , කුමන්ත්‍රණ කාරීව බලය ලැබුනම ඉතාම දරුණු ඒකාධිපති පාලකයෝ බවට පත් උනේ. මොකද ජන කැමැත්ත තමන්ට තමන්ට නැති බව දන්නා නිසා බලය යෙදීමෙන් තමයි හැම විටම බලය රැකගන්නේ.

    මේ මිනිහා පත්වුණ දවසේ ඉඳන් කරපු ව්‍යවස්ථා විරෝධී , ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩ JR තමන්ගේ මුළු ධුර කාලය තුල වත් කරලා නැතුව ඇති.

    කොහොම උනත් මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනකන් මට සිරා විශ්වාස නැහැ වගේම සිරා මුල් පුටුවේ ඉන්නකම් රටේ අනාගතය ගැනත් අපිට ෂුවර් එකක් නැහැ.

    ආ ඇඩ්ඩින් තුමෝ තව එකක්. මම කලින් කිව්වා නේද ඊළඟ මහින්ද ආණ්ඩුවේ මර්වින් , සොයිසා , කුඩු කන්ටේනර් etc ල ඇදයක් නැතුව ඉන්නවා කියල. ඔන්න ඒක ඒ විදියටම වෙන බවට ඉඟියක් ඊයේ විජයමුණි සොයිසා උට්ඨානය කරලා තිබ්බා. අවුලක් නැහැ දේශපාලනයේ සදාකාලික සතුරෝ සහ මිතුරෝ නැහැ. (ඔබ නැහැ කිව්වට අපි නං ඒවා කලින්ම ප්‍රායෝගිකවම දන්නවා ) මහින්ද SLFP එකෙන් ඉල්ලුවොත් ඔය ඔක්කොම එක්ක තමා ඉන්න වෙන්නේ. ඒක හින්ද ඒ යතාර්ථය මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න. සමහර අය දේශපාලනික සුරංගනා ලෝක වල ජිවත් වෙන්නේ …

  • Sumudu Hewa

    මේ ලිපියේ බොහෝ වැදගත් කරුණු ඇතත් එහි සඳහන් නොවෙන ඉතා වැදගත් යයි හැඟෙන කරුණක් ද ඇත. එය නම් මෛත්‍රී පොදු අපේක්ෂකයා වුයේ ම රටට සතුරු විදෙස් බලවේග සමග ඇති කර ගත් ගිවිසුමකට අනුව බවත් ගිවිසුම් කොන්දේසි වලට ඔහු කැමති වුණත් නැතත් ඒ ගිවිසුම කඩ කිරීමට තරම් ඔහු නිර්භීත නොවන බවත් ය. පික්පොකට් අගමැති පත් කළෙත් බලයට කෑදර වුණත් 19 සම්මත කර තම බලතල වලින් ටිකක් රනිල්ට දුන්නෙත් එකී ගිවිසුමට අනුව ය.හිටපු ජනාධිපතිතුමන් දේශපාලනයෙන් මතු නොව ලොවින් ද තුරන් කිරීමේ තදබල වුවමනාවක් මේ බලවේග වලට ඇත. ඔවුන් යුද්ධාපරාධ චෝදනා මාර්ගයෙන් හෝ වෙනත් කවර හෝ යාන්ත්‍රණයක් මාර්ගයෙන් එකී අරමුණ ඉටු කර ගැනීමට කටයුතු කරති. තදබල ලෙස විදෙස් මැදිහත්වීම් සහිත එහෙත් නමට පමණක් දේශීය වන අපරාධවිනිශ්චය සභාවක් ඔස්සේ මහමැතිවරණයෙන් පසු මේ වුවමනාව කැමැත්තෙන් ම ඉටු කර දීමට දත කට මැදගෙන හිඳිනා මෛත්‍රීපාලත් ඔහුගේ විදෙස් ස්වාමිවරුත් කිසිසේත් ම හිටපු ජනපතිතුමන් අගමැති වනවාට කැමැති නැත.
    ඉහත ගිවිසුම නිසා තම ස්වාධීනත්වය අහිමි කරගත් ඔහු හිටපු ජනපතිතුමන්ට අගමැති අපේක්ෂකත්වය දීමට කැමති වුවද එය ඔහුගේ තනි කැමැත්තට ගන්නා තීරණයක් නොව ඔහුගේ ස්වාමිවරුන්ගේ කපටි උපදෙස් වලට අනුව කරන්නක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. එබැවින් මෛත්‍රී කැමැත්ත දුන්නද නොදුන්නද මේ සාකච්ඡා ම උගුලකි. බොරුවට කැමැත්ත දී වෙනත් ආකාරයකින් හිටපු ජනපති තුමන්ගෙන් නිදහස් වීමකට මොවුන් පිඹුරුපත් සදනු ද විය හැකිය. කළ ද්‍රෝහීකම් වල තරම සේ ම රටට සතුරු බලවේග හමුවේ ඔහුගේ නිවටකමේ තරම ද සැලකූ කල නොවිය හැක්කේ මොනවාද?
    එබැවින් හිටපු ජනපතිතුමන්ගේ ආරක්ෂාව සේම ජාතික ව්‍යාපාරයෙහි ඉදිරි ගමන ද සම්බන්ධයෙන් ඉතාමත් ම සුපරීක්ෂාකාරී වියයුතු අවස්ථාවකට අපි එළැඹ සිටිමු.

    තවද හිටපු ජනපතිතුමන් බලයෙන් පහ කිරීමේ වුවමනාව ඉටු කරගනු පිණිස ඉහත බලවේග විසින් මෛත්‍රී පොදු අපේක්ෂකයා කර ගත්තත් ඔවුන්ගේ සැබෑම වුවමනාව රනිල්ට විධායක බලතල ලබා දීමය. මෛත්‍රී යනු එය කෙලින් ම ඉටු කර ගත නොහැකි නිසා යොදාගත් ඉත්තෙකු පමණකි. මේ වන විට ඔහු මේ බලවේග වලට නිකම්ම දැහැටි දඬුවක් සේ පෙනෙනු ද විය හැකිය. එහෙයින් තම සැබෑ අරමුණ වන රනිල් බලයට පත් කිරීමට මේ විදෙස් බලවේග විසින් අපේ ව්‍යවස්ථාවේ ඇති කෙටි මං යොදා ගෙන ඒ සඵල වුවත් නොවුවත් එහි වරද හිටපු ජනපතිතුමන් පිට පටවා ඒ මතින් එතුමාගෙන් නිදහස්වීමේ අරමුණ ද ඉටු කර ගැනීමට මොවුන් උත්සාහ නොකරතැයි කිව හැකිද? අඟුනකොල පැලැස්සේ අතේ රෝල ද මෙහිදී සිහියට නැගෙයි. තවද මොවුහු ෆුල් ෆේස් හෙල්මට් තහනමට විරෝධය දැක්වීමක් ෆෙස්බුක් ඔස්සේ සංවිධානය කලේ හුදෙක් හෙල්මට් ප්‍රශ්නය නිසාම නොව මෙලෙස අරාබි වසන්තයේදී මෙන් ෆේස්බුක් ඔස්සේ විරෝධතා සඳහා පිරිසක් එකතුකර ගැනීමේ හැකියාව සොයා බැලීමට විය හැකිය. මෙය අප හැමට නිල තාරතුරු සපයන mahinda.info වාරණය කිරීමේ මොබිටෙල් වෑයමත් සමග එක්ව සලකා බැලිය යුතුය.
    කවරක් වුවත් හිටපු ජනපතිතිමන්ගේ ආරක්ෂාව පිළිබඳව සෑම අංශයකින් ම ඉතාමත් ම සුපරීක්ෂකාරී වීම අත්‍යවශ්‍ය වන බවත් කිසිවෙකු විසින් කී පලියට හරියට සංවිධායකයන් කවුරුන්දැයි නොදන්නා විරෝධතා වලට නොයන ලෙසත් සැමට දැනුම් දීම ද ෆේස්බුක් හැක කිරීමක් හෝ බ්ලොච්ක් කිරීමකදී නිවැරදි තාරතුරු සන්නිවේදනය කර ගැනීම උදෙසා විකල්ප මාර්ග සුදානම් කර තබා ගැනීමත් වැදගත් වෙතියි සිතමි.
    තවද මේ අවදානම් පිළිබඳව සැම දෙනාවම හැකිතාක් දැනුවත් කළහොත්කුමන්ත්‍රණකරුවන්ට මෙය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි තත්වයක් උදා වනු ඇත.

    • වැදගත් කරුණු ගණනාවක්. බෙහෙවින් ස්තුතියි.

    • Samare

      Its true. What I feel is that SLFP is not a good enough party for MR or the country. Its full of selfish opportunastic politicians who don’t care a pin about the country. The smaller parties like PHU and JNP are much better. I feel a broken SLFP is better that a SLFP who act as a slave of UNP. And those bat like politicians are much likely to loose in next election. But the real Mahinda lovers have gained enough popularity to win in the next election. Morever its the time to motivate really intelligent well wishing fresh individuals to get nominations to replace those rascals.

  • මයිත්රිගේ තීරණයේ එක් පැත්තක් දැන් එලිවෙමින් පවතී .unp කාරයෝ බලය අතහැර slfp ආණ්ඩුවකට තාවකාලික අවස්ථාවක් සලසමින් සිටී .එවිට තාවකාලික රජයේ අගමැති දැන් ඉන්න විපක්ස නායක .ඒ අනුව slfp එකේ ප්‍රබල නඩයක් සිරිපාල මහතා හදාගනිවී .ඒ තුලින් අප්පච්චි මලෝ නඩය පුළුල් කිරීමයි අරමුණ .මේක රනිල්ගේ සලස්ම්ස්ක් ජනපතිගේ අතින් ක්‍රියාත්මක කරන්නේ .එවිට අපේක්ෂිත පෙරමුණු බලය දෙකඩ විමතමයි සැලැස්ම .

  • sayumi

    ms yanu ada ekak kiya heta thawa ekak kiyana ayeku bawa nodanna kenek natha.iye ba ki de ada ha kiyanna pamanak nowa ada ha kiya man ehema kiwwe nathi bawa idiri dinaka keematada ohuta bari kamak natha.e nisa yam lesakin ohu me kiyanne aththak wuwath e gana apa supareekshakareewa dhadi awadhaanayen sitiya yuthuya.

  • Samare

    Sirisena will do no good to the country, its only wasting of time to imagine so. The good slfp members have to remove him from chairman seat somehow or other. There must be some way to do so.NO other option!!!

  • rangani

    පළමුවත් මවුබිම. දෙවනුවත් මවුබිම. තෙවනුවත් මවුබිම.
    – මහින්ද පාලනය.
    පළමුව රනිල්.
    – යහපාලනය.

  • Susanthi renuka

    Appachch oya parissam wanna oyata karadarayak unoth api munwa maragana marenna wanna sinhala api samada oya samagai

Leave a Reply