විරුද්ධවාදීන් ෆේස්බුක් එකේ මඩ ගැසූ ආකාරය මහින්ද මැතිඳුන් විස්තර කරයි. [VIDEO]

[1]. පසුගිය රජයෙන් කරන ලද සංවර්ධනයට පහර ගැසීමට කොමිස් කතාව ඇදුණ ආකාරය මහින්ද රාජපක්ෂ මහතා පැහැදිළි කරයි. මෙරට දේශීය ඇඟලුම් කම්හල් වල ප්‍රධානීන් සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර පැවැත්වුණ හමුවකදී මේ අදහස් ප්‍රකාශ කර ඇත.

[2]. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂයේ වේදිකා වලදී එල්ල කළ ප්‍රබලතම චෝදනාවක් වූයේ කොමිස් චෝදනාවයි. නමුත් මේ දක්වා ඔවුන්ගේ කිසිදු කොමිස් මඩක් ඔප්පු කරගැනීමට හැකි වී නැත.

[3]. බැරිම තැන යහපාලකයන් විසින් මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙනයාමට හැදුවේ ජනාධිපතිවරණය කාලයේ තිස්ස අත්තනායක මහතාට ඇමතිකමක් දුන්නා කියමිනි. ඊට වඩා පොඩ්ඩක් හෝ ප්‍රබල චෝදනාවක් ඔප්පු කළ හැකිනම්, ඇමතිකමක් දීම වැනි විහිළුසහගත චෝදනාවක් ගෙන එන්නේ නැත.

[4]. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඕනෑම කාලයකදී ඇමති කමක් දිය හැකියි. එවකට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයෙන් පැන යාමෙන් පුරප්පාඩු වූ සෞඛ්‍ය ඇමති ධූරයට මන්ත්‍රීවරයෙක් පත් කිරීම, යහපාලකයන්ට දැන් ඇති එකම චෝදනාවයි.

[5]. මේ අතර, සංධාන රජයේ සංවර්ධන ව්‍යාපෘති වලදී දූෂණ සිදුවූ බව වත්මන් රජයේ දේශපාලඥයින්ගෙන් එල්ල වෙන අවලාද වලට පිළිතුරු සපයමින් පසුගිය කාලයේදී පැවැත්වූ සාකච්ඡාවක් පහත දැක්වේ. ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංගමය මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ සංවර්ධන ක්‍රියාවලියේ සත්‍ය තතු පැහැදිළි කිරීම සඳහා එකී ව්‍යාපෘති වලට සෘජුවම සම්බන්ධ වූ පිරිස් ඒකාබද්ධ කරමින් මෙම සාකච්ඡාව පැවැත්වීය.

තාමත් කොමිස් ගැන කියමින් ඉන්න අයට ඇත්ත දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to විරුද්ධවාදීන් ෆේස්බුක් එකේ මඩ ගැසූ ආකාරය මහින්ද මැතිඳුන් විස්තර කරයි. [VIDEO]

  • Ranjith Wimalaratne

    This should have telecast before the Presidential election or while the work was progressing.

    Lack of people participation and transparency are the cost of defeat of MR. He had so many advisors what were they doing? Even when work was on progress public were uttering “Mun Kanawa” and saying Mahinda is taking capital development projects to earn “commissions.” Did not they hear it? I heard it in my visits to SL. I was forced to believe it since there was no counter message.

    People suspected because during this time many ministers and higher officials built palaces brought properties I assume that it is a result of general economic development of the country. But this constructions were many times larger in the private sector and among local business men. I saw some of my relatives in business community were thriving. Even metal crushers became very rich. Motor spare dealers car sales peoples, vegetabale sellers are a few I know about.

    Generally the country has leap frogged within a short period of Five years.

    1.Uninterrupted electricity and water
    2.Telephones for everyone
    3.Electricity and pipe born water for very high % of the population
    4.A vehicle for all most every family and a push cycle is used by only students.
    5. Use of computers and lap tops increased tremendously.
    6. Many are going abroad for treatments even Mangala took his mother to Singapore. Those days Mrs. Srimavo was treated in Colombo by Dr.Anthones
    7. Number students going abroad for undergraduate studies had increased
    8.People going abroad for vacations and pilgrimages have been increased
    9 Many houses are two stories
    10.Private schools are set up in every city in the country.

    As a person living in a foreign country with the family these things we never saw in SL till recently although every things did not surfaced overnight this process took place in the past ten years. I hope a Researcher will conduct a scientific survey and divulge truth to the public.

    I went to school bare footed in 60s and now I am very happy that every school child has shoes and decent clothes.

  • Dinuu

    ඉහත comment පරිදි රට පසුගිය දශකය තුල හුගාක් ඉදිරියට ගිය බව කවුරුත් අවිවාදයෙන් පිලි ගන්නවා. දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සදහා විරුද්දවාදීන් “මහින්ද රජය කොමිස් ගහන්නයි ලොකු ලොකු සන්වර්දන ව්යාපෘති ආරම්භ කෙරුවේ” වැනි මඩ කතා අදටත් කියනවා. බලය වැඩ සටහනේ දිගටම මඩ ගැහුවා දින කිහිපයකට කලිනුත්.
    නමුත් දැන් රටටම තේරිලා. ඔය බොරු වලට දැන් ජනතාව රවට්ටන්න බැහැ. මැතිවරණය එන තුරු බලාගෙන ඉන්නෙ යහපාලනය ගෙදර යවන්න.

    ඒ වගේම ඉහත video මගින් කර ඇති පැහැදිලි කිරීම් වැනි දේ ඉතාම අවශ්යයි මැතිවරණයට යන තුරුම ජනතාවට තවදුරටත් සැක සන්කා දුරු කරගන්න. ජයෙන් ජයම වේවා!

  • Power

    දැන් ඉතින් යමයෝ ඔබතුමාට හොරා…හොරා…හොරා…කිව්වට වැඩක් නෑ.

    හොරා හොරා කියමින් ඔබතුමාට අතේපත්තු වෙන අභූත චෝදනා එල්ල කරපු යමයන්ට සාක්ෂි සාධක සහිතවම වැටෙන්ඩ දෙන්ඩ Mahinda.info සහ ඔබතුමාට හා මේ ලක්මවට ආදරේ ඇති දේශප්‍රේමී මහා ජනබලවේගය සූදානම්න්.

    දැන් ඉතින් යමයන්ට හොරා..හොරා කෙසේ වෙතත් “අපේ පිනා අපට හොදා” කිය ඉන්ඩ ජන වරමක් නැති පිං අගමැති කෙනෙක් ඉන්නවනේ…හැබැයි ඒ පිනා හරියන්නෙත් රටක් දියුණු කරපු මනුස්සයාට මඩ ගසපු,රටක් දියුණු වී ගමත් නංගරයත් එක සේ දියුණු වෙනවා බලා ඉන්නට බැරි යම පිනාලටම තමා.

Leave a Reply