මහ මැතිවරණයට ඔබ සූදානම් ද?

[1]. අප්‍රියෙල් 19 වැනිදා විසුරුවා හැරීමට පොරොන්දු වූ පාර්ලිමේන්තුව දිගින් දිගටම ගෙන ගියේ දින 100 තුළ කරගනීමට නොහැකි වූ බොහෝ දේවල් කිරීමට බව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පවසා තිබුණි.

[2]. එදින සිට අප බලාපොරොත්තු වූ සිදුවීම දැන් උදා වී ඇත. 20 සම්මත කරන්නේ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවත්, ඔහු එසේ කියා කට ගන්නටත් පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරුවේය.

[3]. එලෙස හදිසියේ විසුරුවා හැරීම්ට හේතුව බලද්දී පෙනී යන්නේ එය රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවට සිදුවූවක් බවයි.

(i). මේ කතාව කියන්නේ අප නොව, යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කටයුතු කළ, වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක විසිනි. මූලාශ්‍රය.

pcr

(ii). 20 සම්මත නොකර මහ මැතිවරණය කඩිනමින්ම අගෝස්තු මාසපේ පැවැත්වීමට තවත් හේතුවක් ලෙස නිගමනය කළ හැක්කේ සැප්තැම්බර් මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සලය මගින් මානුශීය මෙහෙයුමට සම්බන්ධ ආරක්ෂක අංශ නිලධාරීන් , සේනාධි නායක මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා රණ විරුවන් යුධ අපරාධ කරුවන් කරමින් එල්ලුම්ගස් යැවීමට අදාල ජාත්‍යන්තර පරීක්ෂණ වාර්ථාව එළි දැක්වීමට නියමිතව ඇති නිසයි. මූලාශ්‍රය. එම වාර්තාව ඉදිරිපත් විමෙන් පසුව මැතිවරණයකට ගොස් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ උදවියට ලංකාවේ ප්‍රධාන විපක්ෂයට පැමිණීමද සිහිනයක් වන බව පැහැදිලි වීමයි…!!!

[4]. මේ ලේඛකයා පමණක් නොව මහින්ද රාජපක්ෂ මැතිතුමන්ද තම චේතනාව/ක්‍රියාව ගැන මිස, ගුප්ත විජ්ජා ගැන වර්තමානයේ තැකීමක් නොකළත් (එහෙත් ඒවා හෙළා දකිමින් ඒවාට අපහාස නොකරන්නෙමු), මහ මැතිවරණය සම්බන්ධයෙන් ඔබට නොකියාම බැරි අපූරු ගැලපීම් තිබෙන බව දක්නට ලැබුණි.

නොවැම්බර් 18 මහින්ද රාජපක්ෂ මහතා උපත ලැබූ දවසයි.
නොවැම්බර් 18 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවූ දවසයි.
මැයි 18 මහින්ද රාජපක්ෂ මහතා රට එක්සේසත් කළ දවසයි.
පෙබරවාරි 18 මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නොසිතූ ජන ගඟක් රැස් වූ දවසයි.
එසේනම් මහ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වෙන අගෝස්තු 18 ?

[5]. පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ජූනි 26 දා මධ්‍යම රාත්‍රියේ ය. හරියටම හිතා මතා සැලසුම් කළාක් මෙන් සුනේත්‍රා දේවී පිරිවෙන් වාසී අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්ථවිරයන් වහන්සේ විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 1500 ක් නමකගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබූ ජය පිරිත සංවිධානය කර තිබුණේ ජුනි 27 වන දාය. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරවූ පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් බලාපොරොත්තු නොවූ පරිදි ඔහුගේ මුල්ම කර්තව්‍යය වූයේ “ජය පිරිත් දේශනාවට” සහභාගී වීමයි.

[6]. සුනේත්‍රාදේවී පිරිවෙන තම මෑණියන්ගේ නමින් ඉදිකර පූජා කරනු ලැබුවේ 6 වැනි පැරකුම්බා මහ රජතුමා විසිනි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෙර ශ්‍රී ලංකාද්වීපය එක් සේසත් කළ අවසාන ලංකාධිපති වූ 6 වන පැරකුම්බාවන්ට සුවිශේෂී වූ සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවැත්වෙන “ජය පිරිතකින්” තම “දෙවන මානුෂීය මෙහෙයුම” ඇරඹීමට ඉඩ ලැබුණි.

[7]. දින ගැලපීම් ආදිය කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ලැබූ ලක්ෂ 58 ක ඡන්ද ප්‍රමාණය මේ වෙද්දී තව තවත් වැඩි වූවා මිස අඩු වූයේ නැත. එදා මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දී මේ වන විට වෙනයම් පක්ෂයකට ඡන්දය දීමට කැමැති අය මේ ලේඛකයාටනම් මේ වෙන තෙක් හමු වී නැත. නමුත් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් අය, වර්තමානයේ ජාතික ආරක්ෂාවට සහ රණවිරුවන්ට සිදුවෙන දේ දකිද්දී සහ බලාපොරොත්තු වුණ යහපාලනය, ආර්ථික සංවර්ධනය, වැටුප් වැඩිවීම්, මහපොල වැඩිවීම්, සහනාධාර ආදිය නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටී. ඊට අමතරව එදා මුළු විපක්ෂයම එක් වී ලක්ෂ 62 ක් ගත්තද ජවිපෙ, දෙමළ සංධානය සහ මුස්ලීම් පක්ෂ පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන මහතාත් එජාපයෙන් වෙන් වී වෙන් වෙන්ව තරග කීරීමට කටයුතු කිරීමෙන් ලක්ෂ 62 කෑලි කෑලි වලට කැඩී යමින් පවතී.

[8]. ඉදිරියේ සිදුවීමට නියමිත දෑ දැනගැනීමට අපගේ සහෘදයින් නොඉවසිල්ලෙන් සිටින බව අපි දනිමු. ඇසළ පුන් පොහොය දින යොදී ඇති අනිද්දා දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන සිය නිවසේ සිට පෙරවරු 10.30ට මහ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

එසේම මහ මැතිවරණය සම්බන්ධයෙන් ඔබගේ අදහස් දැක්වීමටත් මෙම ත්‍රෙඩ් එක ඔබගේම වේදිකාව ලෙස සලකන්න.

යාලුවන්ටත් දැනගනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

33 comments to මහ මැතිවරණයට ඔබ සූදානම් ද?

  • මේ මැතිවරනය එනතුරු අපිත් දින ගනිමින් හිටියේ,කේසෙනමුත් මා පුද්ගලිකවම දන්නා පරිදි ගියවර මහින්ද මැතිදුන්ට විරුද්ධව පාවිව්විවුන ඡන්ද බොහෝ ප්රමානයක් මහින්ද මැතිදුන්ගේ ජයග්රහනය සදහා මේ චන්දයේ භාවිතාවනබව ප්රකාෂකල හැක.

    • Field Marshal

      මෙවර තවත් වැඩි පිරිසක් ජන්දය දීමෙන් වැලකීමෙන්ද සිටිනු ඇත.

  • Field Marshal

    මාගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ප්‍රථමවම ස්තුතීය.

    ඉතින් ළමයි ඔයාලා මොනවද දැක්ක වැරදී ගිය පාර කැම්පේන් එකේදී. ඇඩ්මින්තුමා මෙහෙම ඒව ප්‍රසිද්ධියේ අහන එක අවුල් නං කියන්න.

    ගිය පාර මම ඉස්සෙල්ලම දැක්ක දේ තමයි හැම තැනම එක එක සංවිධායකයෝ සවි කරපු පෝස්ටර් සහ කටවුට්. ඕන තැනයි එපා තැනයි හැම තැනම තිබ්බා. ඒ මිනිස්සු ඒවා හිතාමතා කරපු දේවල්ද දන්නේ නෑ. එක තමයි ප්‍රතිවාදීන් ඉස්සෙල්ලාම ගෙනාපු තර්කය. මේ පාර ඒවා ටිකක් අඩු කරොත් හොදයි නේද?

    • පසුගිය කැම්පේන් එකේ අඩුපාඩු වර්තමාන සංවිධායකයින්ට අපි දන්වලා තියෙනවා. එසේම මෙහි සහෘදයින් කිහිප දෙනෙකුත් ඒවා පුද්ගලික මට්ටමෙන් එව්වා. ඒවාත් යවා තිබෙනවා.

      අනික් දේ තමයි අපි දකින දේට වඩා නොදකින දේවල් ගොඩක් තිබෙනවා. එනිසා දකින දෙයින් පමණක් තීරණ ගැනීම සුදුසු දෙයක් නොවෙයි.

      ඔබ මතු කළ පෝස්ටර් සම්බන්ධ කාරණය එජාපයෙන් අහන නිසා මේ පිලිතුරු දිය හැකියි.

      – පෝස්ටර් වැඩි බව අපත් පිළිගන්නවා. එහි වගකීම එවකට ප්‍රචාරක කටයුතු සිදුකළ අය සතුයි. ඉදිරියේදී එලෙස පෝස්ටර් ගැසීම සිදු නොකරන බව අපට විශ්වාසයි.

      – එම පෝස්ටර් සඳහා වෙන් කළේ මහජන මුදල් හෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබුණ ආධාර හෝ නොව එක්තරා මුද්‍රණ ආයතනයක් විසින් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී පෝස්ටර් කටවුට් මුද්‍රණය කළා.

      – පෝස්ටර් සඳහා ජනතා මුදල් වය වුණා කියල කවුරු හරි කියනවනාම්, පහුගිය දින 160 තුළ එහෙම කිසිදු චෝදනාවකට කාටවත් දඬුවම් නොකළේ ඇයි කියලා අපි අහනවා . (දඬුවම් කිරීම යනු සැක පිට අත් අඩංගුවට ගැනීම නෙමෙයි. උසාවියෙන් වරදකරු කිරීමයි. පොදු දේපල පනත ඉස්සරහට දාලා ඕනම කෙනෙක්ව සැක පිට අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුවට පුලුවන් )

      – පෝස්ටර් වලට එරෙහිව කතා කරමින් බලයට ආපු යහපාලන ආණ්ඩුව, කහ කොත්තමල්ලි අඩු කිරීම ගැනත් රට පුරා පෝස්ටර් කටවුට් ගසා තිබෙනවා. https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-9/11392961_10202964357388268_3864189307538963078_n.jpg?oh=6f19f135073402bd88618dec94903e60&oe=561EABA4&__gda__=1446251136_ebc7fe012277ec4da61a93a060daec4a

      – මහින්ද රට පුරා පෝස්ටර් ගැහුවත් රටේ සංවර්ධනය සිදු කළා. දැන් එජාපයේ පෝස්ටර් රට පුරා තියෙනවා, හැබැයි රටේ සංවර්ධනය එක තැන නැවතිලා. කිසිදු මහා පරිමාණ ව්‍යාපෘතියක් සිදුවන්නේ නෑ. මහා මාර්ග සංවර්ධනය සිදුවන්නේත් නෑ.

      – මහින්දගෙ කාලෙ ලයිට් කණුවක් ගාව තිබුණේ පෝස්ටර් කියමුකෝ. ඒත් 88/89 කාලේ ලයිට් කණුවක් ගාව තිබුණේ මළමිණී. එජාපයේ 88/89 කාලෙ අඩුපාඩු කතා නොකළ යුතුයි කියල කවුරු හරි කියනවානම්, අන්න ඒ වගේම මහින්දගෙ කාලෙ අඩුපාඩුත් කතා නොකළ යුතුයි යැයි කිව හැකියි.

      ඔන්න ඔය ටික කිව්වට පස්සේ එජාපයෙ අයට පිළිතුරු නෑ

      • Field Marshal

        පිටතින් පෙනෙන දේ මා ඇසුවේ බහුතරය පොත්තට රැවටෙන නිසාය. සිත් රිදීමක් ඇති වූයේ නං සමාවෙන්න.

        2015/06/28 හිරු හාර්ඩ් ටෝක් ගනේශන් එක්ක තිබ්බ වීඩියෝ ක්ලිප් එක හොයාගන්න. දුමින්දට කුඩු චෝදනා nනැති බව විධායක සභාවේදි නැති බව දැනුම් දුන්නා කියලා මනෝ ගනේශන් කිව්වා.

        තවද යූ.ඇන්.පී අලුත් සෙල්ලමක් පටන් ගෙන ඇත. ඒ “හෙලිදරව්ව” කියලා මාධ්‍ය සාකච්ජා තියලා මහින්ද mමහත්තයට මඩ ගැසීමයි. එයට නිසි පිලිතුරු ලබා දිය යුතුය.

        • නෑ මිත්‍රයා, පිටින් පෙනෙන දේ ගැන කිව්වේ පෝස්ටර් සම්බන්ධයෙන්. නැතිව ඔබ කියපු ඒ දේ ගැන නෙමෙයි. 🙂

    • කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඔක්කොම කියන්න වෙලාව මදි. කොටසින් කොටස දාන්න බලමු . පළමුවෙන් බලමු ලංකාවේ චන්ද දායකයා සහ චන්ද ක්‍රමය ගැන.

      කටවුට් , පෝස්ටර් , රුපවාහිනී දැන්වීම් වගේ දේවල් ලංකාව වගේ ප්‍රාථමික ප්‍රජාතන්ත්‍ර වාදී ක්‍රමයක් තියෙන රටක දේශපාලනයේදී අවශ්‍යයි. චන්ද දායකයන් ඉතා හොඳින් දැනුවත් වෙලා බුද්ධිමත්ව තීරණ ගන්න ස්විට්සර් ලන්තය වගේ රටක ඒවා චන්දයක් දිනිමේදී අවශ්‍ය සාධක නොවුනත් , ලංකාව වගේ රටකට ඒවා අවශ්‍යයි. ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ ගමේ හයිරක් කාරයට. සල්ලි විසි කරන කෙනාට. පෞද්ගලික සැලකිලි (favouritism) කරන අපේක්ෂකයාට. කොටින්ම ලංකාවේ තියෙන්නේ තනිකර ගෝත්‍රික, වල් බුරු ප්‍රජාතන්ත්‍රවාදයක්. දැන් දැන් ඒ ක්‍රමය පොඩ්ඩක් වෙනස් වෙලා බුද්ධිමතුන් , හැකියාවකින් යුතු අය පාර්ලිමේන්තු යැවිය යුතුය කියා මතයක් නැගී එනවා. එනමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ලංකාවේ චන්ද දායකයාගේ හැසිරීම දිහා බැලුවම ඔවුන් මොළ ශෝධනයට කෙතරම් පහසුවෙන් ලක්වෙන , කෙතරම් මුග්ධ මිනිසුන්ද කියා පැහැදිලි වෙනවා.

      මතක තියා ගන්න , පසුගිය මැතිවරණයේදී මහින්ද මහත්මයා පරාජය උනේ චන්ද දෙලක්ෂ පනස්දාහකින්. කටවුට් , පෝස්ටර් , රුපවාහිනී දැන්වීම් මගින් ග්‍රාමීය චන්ද පදනමට කිසිම බලපෑමක් සිදු උනේ නැහැ. වැඩි උනා මිසක්. ජනාදිපතිවරණයේ ප්‍රචාරක මාධ්‍ය කරුවන් එම මාධ්‍යයන් උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව ප්‍රයෝජනයට ගැනීම මා කලිනුත් අවස්තාවක සඳහන් කල ආකාරයට පැහැර හැරියා. ඔවුන් හිතුවේ එකම දේ දහස් වාරයක් පෙන්නුවම මිනිස්සු කැමති වෙයි කියල. දැන් බලන්න දෙරණ රුපවාහිනියේ 8 ප්‍රවුර්ති ප්‍රචාරයට කලින් යන රතු ඇඳන් ඉන්න කාන්තාවගේ නරි හූ කියන Roc*** වෙළඳ දැන්වීම. මට ඒක දැන් දැකලම වමනෙට යන්න එනවා. අම්මප ඒ දැන්වීම හින්දම මට **cell කියන වෙළඳ නාමයම අප්‍රසන්න වෙලා තියෙන්නේ.

      මහින්ද මහත්මයා ගේ විද්‍යුත් ප්‍රචාරණය බාරව සිටි මේ මිනිස්සු , ප්‍රචාරක මාධ්‍ය කලාව ගැන හසරක් වත් දැනන් හිටියද කියන එක අපිට නං ප්‍රශ්නයක්. ජනාධිපතිවරණයේදී **cell ඇඩ් එක වගේම මිනිස්සුන්ට අප්පිරියා වෙනකං දාන දාන හැම චැනල් එකේම විනාඩි 3 න් 3 ට පෙන්නපු මහින්ද මහත්මයා ගේ දැන්වීම් නිසා නගර බද අර දෙලක්ෂ පනස්දාහේ චන්ද ප්‍රමාණය වැඩි උනා. ඒ නාස්ති කල පැය සිය ගණනක ගුවන් කාලයෙන් , මහින්ද මහත්මය කරපු ව්‍යාපෘති සම්බන්ධ ඩොකියුමෙන්ට්‍රි ටිකක් හදල පෙන්නුවා නං ඊට වඩා 100 ගුණයකින් ප්‍රයෝජනවත් වෙනවා නේද කියල අපිට නං හිතෙනවා.

  • shyam

    Number one priority above anything else is Mr. Mahinda Rajapaksa’s security. Please publish the account details established by the chief prelate of Abhayarama to ensure the safety of Mr. Rajapaksa. Mr. Rajapaksa’s should be protected for he is the one and only present leader who can safeguard our country!It is the duty of all right thinking citizens to protect the man who ensured our safety!

  • Rani De Silva

    President Rajapakse

    The key word used by the opposition is ‘hora’ ‘hora’ a very effective tactic – people brain washed with this word hang on to these words and believes them. The opposition knowing this effect on people use ‘hora’ ‘hora’ over and over again effectively to connect new stories of LTTE/Rajapakse stealing knowing nobody is challenging these stories. You should challenge these stories on public platforms at every opportunty. Most important, you should give the opposition prior notice that you will sue each and everyone who defame you in this manner, on political platforms or anywhere. This will make them think twice before they open their mouth again.

    You must also use the same very effective tactics – connect UNP, JVP & other opposition parties connecting them to the true factual proof of LTTE connections and other things, must protect yourself with documentation proof and calling them ‘hora’ ‘hora’ thus turning the tables on the opposition. This will be very effective in dampening their propaganda on mud slinging.

    Whatever, tactics the opposition use, you turn tables on them by doing the same. Leave them exhausted with no other options. Laughing at them is uneffective.

    We are always with you, and wish you the very best for a good election. You are destine to win this time.good luck.

    Budu Saranaie
    R De Silva

    • Field Marshal

      yes true…i think this is time to release those video found in LTTE areas. then people get to know who is Ranil, Ravi, Hakim, Mano Ganeshan etc

      • Sitharan

        Field Marshall
        I would like to see what this video is. It is time to get Tamils alert about true face of tna. Fresh water project in north have stopped by now and tna is only talking about police power (to cover up the child abuse scandal of some provincial councillors?) Mr. Douglas could cooperate to spread this.

  • Kamal

    ආණ්ඩුවේ ඇතැම් කොටස්, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ පිරිස්

    1) පාර්ලිමේන්තුව වැඩ නැති තැනක් බවට පත් කරන්න අන පනත් ඉදිරිපත් නොකර හිටිය
    2) අල්ලස් කොමිසම අකර්මණ්‍ය කලා ( මේ ස්වාධීන අල්ලස් කොමිසමක් ගේන්න පාවඩ එලල පත් කර ගත්ත ආණ්ඩුවම තමයි ඈ. )
    3) ඉතාම බලගතු දූෂණ ඡෝදනා පිළිබඳ තෝරු මෝරු අත ඇරල හාල්මැස්සො ඇල්ලුවා
    4) සමහරුන්ට විදේශ ගත වෙන්න ඉඩ ලබා දුන්නා
    5) පාර්ලිමේන්තුව විගඩමක් බවට ඕනෑ කමින්ම පත් කලා
    6) 20 වෙනි සංශෝධනය කරන්න ඉඩ දුන්නෙ නෑ
    7) විසුරුවා හැරීමට මුදල් ඇමති ගරු විප්ලවවාදී රවී සහෝදරයට ගෙනාපු විශ්වාසභංගය බලපෑව
    8) බැඳුම්කර සිද්ධියේ කෝප් වාර්ථාව යටපත් කිරීම තමයි මෙතන තිබ්බ ප්‍රධානම සිද්ධිය.

    දැන් මෙව්ව කිසි දෙයක් වෙයි කියල මායි නූතන කුඩාපොල හිමි ගරු රතන ස්වාමින්වහන්සෙයි හීනෙන්වත් හිතුවෙත් නෑ, දන්නෙත් නෑ, දැනන් හිටියෙත් නෑ, දැක්කෙත් නෑ, දැක්කෙ උනයින් පස්සෙ.මෙව්ව කලේ අපි ඉතාම ප්‍රබුද්ධ නායකයෙක් කියපු විප්ලවවාදී රනිල් සහෝදර අගමැති තුමයි, අල්පේච්ඡතාවයේ සහ යහපාලනයේ™ ප්‍රතිමූර්තය වූ ගරු සිරිසේන ජනාධිපති තුමයි.

  • KM

    මෛත්‍රිගෙ ප්‍රතිවාදියා මහින්දය.
    රනිල්ගෙ ප්‍රතිවාදියා මහින්දය.
    චන්ද්‍රිකාගෙ ප්‍රතිවාදියා මහින්දය.
    අනුරගෙ ප්‍රතිවාදියා මහින්දය.
    සම්බන්දන්ගෙ ප්‍රතිවාදියා මහින්දය.
    හකීම්ගෙ ප්‍රතිවාදියා මහින්දය.
    මනෝ ගනේශන්ගෙ ප්‍රතිවාදියා මහින්දය.
    වික්‍රමභාහුගෙ ප්‍රතිවාදියා මහින්දය.

    බලන් යනකොට හැමෝගෙම ප්‍රතිවාදියා මහින්දය. තනි පුද්ගලයෙකු ලෙස වැඩිම ජනතා බලයක් තිබෙන්නෙ අදටත් මහින්ද බැව් ඕනෑම කෙනෙකුට වැටහෙන යථාර්තයයි. (ඇත්ත ඇති සැටියෙන් නොදැක ඔහේ කියවන්නන් ඔවුන්ගෙ මනෝ ලෝකවල ජීවත් වන්න)

    තනියෙම බැරි බව දන්නා නිසා හැමෝම බලන්නෙ මහින්දව වැට්ටවීමටයි. මට මතක් වන්නෙ Wrestling වල Brock lesner නම් චරිතයයි. තනියෙම මෙම පුද්ගලයා සමඟ සටන් කිරීමට හැක්කෙක් සටන්බිමේ නැත. තනියෙම මොහුට ළං වෙන්නටත් බයය. ඉතින් කට්ටිය එකතු වී brock ව පසු බැස්සවීමට හැමෝම උත්සාහ කරති.ඒත් Brock පසු නොබසියි.

    මහින්ද නමැති චරිතයත් එසේමය. ගහන්නට ගහන්නට ඔහු ශක්තිමත් වෙයි. තනියෙම මහින්ද සමග හැප්පෙන්නට පෞරුශයක් පෙනෙන තෙක් මානයක නැත. එවැනි පෞරුශයක් අනාගතයේදිවත් බිහි වුනොත් හොදය.

    අද රටට අවශ්‍ය පඹයෙකු නොව කොන්ද පණ ඇති නායකයෙකි. මහින්දව රටට අවශ්‍ය සරළවම මෙම කරුණ නිසාය. මහින්ද අප ඔබ සමග සිටින්නෙ ඔබගෙ වැරදි අතපසුවීම් වලට සුදුහුණු ගාන්නට නොව ඔබගෙ නායකත්වයෙන් ඔබ දිනාදුන් රට ඔබටම කියා දේශපාලන අවස්ථාවාදීන්ගෙන් ආරක්ශා කර ගැනීමටය.

    දවල් වැටුණ වළේ රෑ මහින්ද වැනි පරිණත නායකයෙකු නොවැටෙන බැව් අප සිතමු.

    මහින්ද ඔබට ජය ශ්‍රී

  • සාලයා

    සිරිසේන ජනපති නැවතත් තම පඹ චරිතය රග දක්වමින් සීටි. වරෙක ප්‍රසිද්ධ වේදිකාවේ මොර දෙමින් මහින්දට නාම යෝජනා දෙන්නෙ නෑ කියන සිරිසේන සහ ඒවා තහවුරු කරන රාජිත තවත් විටෙක වික්ශිප්තව මහින්දව ඕනෑ කියන තැනට එයි. ආයෙම පස්සෙන් විස්කි මැඩම් ගිනි ඇවිලූ පසු මෛත්‍රීගෙ මෛත්‍රිය අලු වෙයි. පහුගිය සමය තුළ දැකපු රංගනය කෙටි සාරාංශය එයයි.

    මෛත්‍රි චන්ද්‍රකා මෙන්ම රාජිතද ඇත්ත දනී. ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මෙන්ම රටේ නිදහස් පාක්ශිකයන්ද සිටින්නෙ මහින්ද සමග බැව් ඇස් පෙනෙන කන් ඇහෙන ඕනෑම පුද්ගලයෙකුට තේරෙයි.

    සත්‍යයට මුහුණ දීමට මෛත්‍රී අකැමතිය. එහෙත් කරන්නට දෙයක් ඇත්තේද නැත. මීට පෙර ජනාධිපති කෙනෙක්ව තම පක්ශයෙන්ම මේ තරම් පීඩනයකට ලක් වන අවස්ථාවක් ඉතිහාසයෙ අප දැක නැත.

    මහින්දට නාමයෝජනා දුන්නොත් තම පක්ශයට සුළු ජාතික ඡන්ද අහිමි වන බැව් මෛත්‍රි කියයි. එතකොට බහු ජාතික ඡන්ද ගැන මෛත්‍රිට ගාණක්වත් නැත්ද? සුළු ජාතික ඡන්ද පරතරය මතින් ජනපති වූ නායකයෙකු එවැනි ප්‍රකාශ කිරීම ගැන අප පුදුම විය යුතුද නැත.

    මහින්දට නාමයෝජනා දුන්නොත් මෛත්‍රි-රනිල් දීගය එතනින් හමාරය. මෛත්‍රි ඒ දීගය කඩා ගන්නටද කැමති නැත. කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට එන්නට ඔන්න මෙන්න තිබියදි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල්ගෙ බෙල්ල බේරා ගන්නට යැයි කීම සාධාරණය. එහෙත් තව දුරටත් මෛත්‍රි-රනිල් දීගය නොපතිනු ඇත.

    මෛත්‍රි මහින්දට නාමයෝජනා නොදුන්නොත් මෛත්‍රි පාර්ශවය(නිදහස් පක්ශය) මැතිවරණයේදි අන්ත පරාජයක් ලබනු ඒකාන්තය. එයද මහත් ලැජ්ජාවකි. ජවිපෙ වුවද පවතින සාධක මත එසේ වුවහොත් මෛත්‍රිගෙ පාර්ශවයට වඩා ඡන්ද ගැනීමට ඉඩ ඇත.

    දැන් මෛත්‍රි හොදටම හිරවෙලාය. ගිරයට අහු වූ පුවක් ගෙඩිය මට මතක් වෙන්නෙ මේ වෙලාවටය. රටට අවශ්‍ය එක එක බත්බැලයන්ගෙ කීමට නැමෙන පඹයෙක් නොවේ යැයි අප සැමවිටම කියන්නෙ ඒ නිසාය.

    මහින්ද එන පක්ශය හෝ ලකුණ රටේ බහුතරයට වැඩක් නැත. ඔවුන් රොක් වන්නෙ මහින්ද කියන පෞරුෂය වටාය. ඒ ශක්තිමත් ජන පවුර ඔය මොන බලයටත් වඩා බලවත්ය. මෛත්‍රි අද මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව ඒ මහින්ද වඩා ඇති ජන පවුරයි.

    මෛත්‍රි දැන් එකක් තීරණය කළ යුතුය. එක්කො රනිල් සමග දිගටම දීග කෑ යුතුය. නැත්නම් පක්ශය වෙනුවෙන් අවංක චේනතාවෙන් එකමුතු වී සන්ධාන ආණ්ඩුවක් ගොඩ නැගිය යුතුය. පඹ චරිතයෙන් බැහැර විය යුතුය.

    මොන පැත්තෙන් බැලුවද මහින්ද ඊළඟ පාර්ලිමේන්තුවේ අගමැති වීමට ඇති සම්භාවිතාවය ඉඩා වැඩිය. ජවිපෙ තීරණාත්මක සාධකය වනු ඇත. මැතිවරණයට ඇත්තෙ තවත් දින 48ක් පමණි

    • මෛත්‍රි යනු උපං ගෙයි පඹයෙක්. ඕන උනත් ඔහුට ඒ උපං ගෙයි දෝෂයෙන් මිදීමට නොහැකිය. ඊයේ පෙරේදා ත්‍රිකුණාමලයේ ගොස් , ප්‍රාථමික පන්තියේ සින්දු කියා , පොලේ ගොස් පොල් වල ගනං අසා , පොලේ කම්කරුවන්ගේ කරේ අත දමාගෙන , දරුවන් සමග සෙල්ෆි ගෙන ජනතාවගේ නායකයා පාට් එක රඟපෑමට පඹයා අසාර්ථක උත්සාහයක් ගත් ආකාරය සියල්ලන්ම දකින්නට ඇති. මේ ට්‍රික් ටික පසුගිය දවස් වල මහින්ද සමග පඹයා සහභාගී වූ මංගල උත්සවයෙන් පඹයා කොපි කැට් කර ගන්න ඇතැයි සිතේ

      බලෙන් කරේ අත දමාගත් කම්කරුවා කෙතරම් අපහසුවකින් ඇඹරෙමින් සිටියාද කියා බලන්න. මහින්ද ලඟට දරුවන් දුවගෙන ඇවිත් වටකරගෙන බලෙන් , ආදරයෙන් සෙල්ෆි ගනිද්දී පඹයා බලෙන් දරුවන් ඇදගෙන උන්ට සෙල්ෆි අරං දෙයි. අහෝ මෙහෙමත් කුජිත පළමු පුරවැසියෙක්! රටේ ලැජ්ජාව ! රටේ කරුමය !

  • Sarath Kanchana

    සමහර මන්ද බුද්දික ලදරැවො ටිකක් තාමත් ඉන්නව මහින්දට දින 100 හොරා හොරා පීචන් බන්කොලොත් සටන් පාට කියන,රටටම මෝඩකම පෙන්නන..ඒ කල් ඉකුත්වුන මෝඩ චුන් එක මිනිස්සුන්ට දැන් පිලුනු වුන කෑමක් වගේ අප්පිරිය වෙලා..පව්..මහා ලොකුවට ජනවාරි 8 වෙනිද ඉඳල කියපු හොරැ සහ බඩු හොයාගන්න බැරිව රාජපක්‍ෂලාට ගහපු මඩ උන්ම නාගෙන අද වෙනකොට,වැලේ වැල් නැතිව ඉන්න යු එන් පී/මෛතී නඩේට මහින්ද පන්සල් ගානෙ යන එක පෙන්නන්න බැරිව මිනිස්සු අතරෙ ඉන්න එකටයි මුන්ට පිස්සු හැදිල, මහින්ද වටේ ඉන්න මිනිස්සු දැකල බය වෙලා..රටේ ඉන්න අනිත් නපුන්සක,රෑකඩ නායකයෝ පක්‍ෂය විකුනපු, රට විකුනපු,පෙර පව් වලට චන්ද 29 ක් කෙලෝගෙන ඉන්න,නාකි,පක්‍ෂයටත් එපාවුන හොරැ නිසා උන්ට මිනිස්සු එකතු කරගන්න බැරි දුකට මහින්ද භීතියක් හැදිල පිස්සුවෙන් “අප්පච්චි ගෙදරට වෙලා හිටපන්” කියල මර ලතෝනි දෙන්නෙ, මෝඩ චුන් කවි කියන්නෙ ඇයි කියල දැන් මිනිස්සු දන්නවා..පව්,…මුන්ට කඩේ යන හාල් පාරැ ලදරැ පැටව් බෝක්කු උඩ කුඩු ගහ ගහ දවසට 1000-1500 ගත්තු කාලය අවසන් වෙනවා දැක්කම, කොටින්ගේ ඊළම් සිහිනය බොද වෙලා උබලට පින් පඩි දෙන එක නවතිනවා දක්කම් දරාගන්න අමාරුයි නේ ..දැන් හොරැත් නැහැ බඩුත් නැහැ ඔක්කෝම කල් ඉකුත්වුන බන්කොලොත් මඩ විතරයි..ඔහොම යමු..

  • Piyaseeli Senanayake

    I am looking forward to August 18th for the commencement or re-commencement of mega development projects.

    Dear Mahinda.Info Editor, Can you please start publishing the Sirisena/UNP manifesto? I’ve heard that there are lot of clauses that is detrimental to our beautiful island. One item that caught my eye was the removal of Fertiliser subsidy, levying a tax on water for irrigation and charging farmers for seeds and other raw materials given free during Mahinda era. Remember, there are lot of subsidies given to the US and EU farmers, but the west don’t want the African and Asian farmers to make a livelihood from agriculture. We know why.

  • Field Marshal

    සිරිසේන විශ්වාස කල නොහැක. 20 පෙන්වා 19දි කල විජ්ජාව මතකයට ගන්න. ශ්‍රී.ල.නි.ප. අපට wවැඩක් නැත. එය අත්හැර දමන්න. එකෙන් නොමිනේශන් ගන්න ගියොත් රාජිතත් ඉදි, පචත් ඉදි…එහෙම වුනොත් මම නං චන්දේ දෙන්නේ නැත. ගොඩක් කට්ටියගේ ජන්දේ අහිමි විය හැකිය

  • Rata wenuwen

    මේ පිටුවටත් පොඩි වැකියක් එකතුකර,
    හදපිරි සතුට වින්දගන්නවා අතරතුර.
    උපහාසයෙන් ගෙතුවට කවි නිරන්තර,
    වයිරපාල දුරුකරපන්! උඹේ වයිර.

    හොරා හොරා තෝ ඇමතුවේ මැතිදුන්ට,
    කවුද හොරා එනවා දැන් මගේ කටට,
    අර්ජුනයා සමග පොන්නිලයා බරට,
    කැවානේ තෝ දන්නෙ නැහැ හොරට.

  • Rata wenuwen

    එඩිටර් තුමා වෙතට,
    හරිම අගෙයි පාඨකයන් එනවා ඇදී,
    රසවත් හැගිම් උද්දිපන වෙනවා බැදී,
    දවසින් දවස හද උතුරන සෙනෙහෙ රැදී,
    ජය පිට ජය, ජය නන්වමු ගුගුම් දිදී.

    ==රට වෙනුවෙන්====

  • Niluka Dissanayake

    Dear Admin,

    Please when you are organizing the campaign make sure to print booklets to make awareness among people about the development projects. why the places were selected ,benefits, how the loan schemes to be settled etc.. please avoid making false allegations that cannot be implemented in common people like the last presidential election. Other than that make sure to publish the work done by President Mahinda Rajapaksha. I’m sure you can find lot…

    Thank you

  • hemantha

    ai me lipi kopi karanna bari wenna hadala thiyenne,,, eka ayin karanna puluwanda,,, mokada apita athakota mewa godak than wala share karanna puluwan

    • ස්තුතියි ඒ ගැන ඇසීම ගැන. වඩාත් සුදුසු වන්නේ වෙබ් අඩවියේම ලින්ක් එක Share කිරීමයි. මන්ද යත් ෆේස්බුක් එකේ පෝස්ට් දාන අය අදාල ලිපි වල ඇති වෙනත් වෙබ් අඩවි මූලාශ්‍ර දැමීමෙන් වළකිනවා. එවිට ලිපිය කියවන කෙනාට මූලාශ්‍ර නොලැබීමෙන් අපි කියන දේ සත්‍යයක්ද අසත්‍යයක්ද කියල දැනගැනීමට නොහැකියි. මෙම වෙබ් අඩවියේ ඇති විශේෂත්වය එලෙස මූලාශ්‍ර දැක්වීම මගින් කරුණු තහවුරු වෙන නිසයි. එසේම ෆේස්බුක් එකේ කියවූ පසුව ආයිත් මේ වෙබ් සයිට් එකට ඇවිත් මූලාශ්‍ර සොයන්නේ නෑ. එනිසා මේ වෙබ් අඩවියෙන් ලිපි කියවන පිරිස අඩු වුවත් දීර්ඝකාලීනව එහි වැදගත්. මෙය කෙටි කාලීනව අටවාගත් වෙබ් අඩවියක් නොව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය වූ පසුවත් ක්‍රියාත්මක් වෙන්නක්.

      ඔය හේතුවට අමතරව තවත් හේතු ගණනාවක් තිබෙනවා. ඒවා ප්‍රසිද්ධියේ කීම නුසුදුසුයි.

  • Field Marshal

    ජනක බණ්ඩාර වගේ මිනිස්සු ආයෙමත් ගන්න හොඳ නෑ. රාජිත, දුමින්ද දිසානායක, ජනක, විජයමුණි, අර්ජුන සහ මහින්ද මහතාට විරුද්ධව සියලු දෙනා අමතක කළ යුතුය. ඔවුන්ට නොමිනේශන් නොදිය යුතුය. නැත්තං මහින්ද මහතා වෙනුවෙන් කඩේ යන අපි නන්නත්තාරය. මහින්ද මහත්තයා චාටර් වෙනවා මෙන්ම අපිද චාටර් වේ.

    • එහෙම කරන්න අමාරුයි සහෝදරයා. අපිත් අකමතිවට නෙවෙයි. නමුත් දේශපාලනයේ සදාකාලික සතුරෝ හෝ මිතුරෝ නැහැ. පොඩ්ඩක් යතාර්තවාදීව කල්පනා කරන්න උත්සාහ කරන්න. ඇයි නොමිනේෂන් ගැන විතරක් කතා කරන්නේ ? ඔවුන්ට චන්දෙ දීල පත් කරලා එවන ජනතාව ඊට වඩා වැරදිකරුවන් නේද ?

      තවත් අතකට ජඩ පාලනය විවේචනය කරන්න , ජඩ පාලනයේ කුණු රෙදි ඇපිල්ලු ඩෝබියෙක් ම යොදා ගැනීමට හැකි නම් එය ජයග්‍රහණයකි. උදාහරණයක් ලෙස , ජඩ පාලනයට කඩේ ගිය හිටපු අග්‍ර විනිශ්‍යකාර තුමා “මම යහපාලනයට චාන්දය දීම ගැන කනගාටු වෙනවා.. මේක කැඳ හැලියක්” කියා පැවසීම , ගම්මන් පිල වැනි මහින්ද හිතවාදී දේශපාලන නායකයෙක් පැවසීමට වඩා ජනතා අවධානය දිනා ගන්නවා මෙන්ම , තවදුරටත් ජඩ පාලනයය කඩේ යන්නන් දුර්මුඛ කර කටඋත්තර නැතිකිරීමට හේතු වේ.

      රාජිත වැනි ජඩ පාලනයේ ප්‍රමුඛ පෙලේ වසලයෙක් ලවාම ජඩ පාලනය විවේචනය කර ගත හැකි නම් එය මහින්ද පිල ලබන ජයග්‍රහණයක් බව මගේ අදහසයි

      • Field Marshal

        සදාකාලික සතුරන් මිතුරන් නැති බව සැබෑවය. නමුත් අගේ ඉදන් කණ කන මිනිස්සු මහින්ද මහත්තයා ලං කරගැනීමෙන් පාඩුව සිදුවන්නේ ඔහුටමය. නැවතත් ඔවුන් මහින්දව අරාජික කිරීමට ඔවුන් ක්‍රියාත්මක නොවන බව සහතික විය හැක්කේ කාටද? ධීවර තහනම සම්බන්ධයෙන් රාජිත අනිවාර්යයෙන්ම සිටිනවාය.

        රාජිත වගේ පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුය. මෙවර සියලු ෆයිල් එලියට දමා වැරදි කරුවන්ට දඩුවම් කළ yයුතුය.

        අවසාන වශයෙන් දුකේදි නැති එකා සැපේදි අල කන්නද?

  • Samare

    My election forcast:
    If MR joins MS
    UNP( with minorities) – 40%
    MR+MS – 50%
    Others – 10%

    If MR Seperate
    UNP( with minorities) – 40%
    MR – 45%
    MS – 10%
    Others – 5%

  • Sandya Wijeratne

    Yes we are ready for the general election with only our Honarable President Mahinda Rajapaksha and the team of “Mahinda samaga nagitimu”. our team has enough strength & courage to win this game. Only thin what we have to do is organize properly and defeat all the lies telling by the oppositions with the facts. Our President MR done everything to the nation of this country like a Father but most of the time it was not highlighted clearly in 2015 Presidential election campaign ( This is happened
    exactly like a “Piya senehasata kaw gee Liyauna madii”….). We should save our Prsident MR from the internal & external enemies’ anyhow. This is my only wish.

  • Power

    එකෙන්ම..හැමඅතින්ම..

    එදා ජනවාරී 9 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලැබූ සුලු පසු බෑමෙන් අනතුරුව අපේ පාටත් මහින්ද,අපේ පක්ෂයත් මහින්ද,අපේ ලකුණත් මහින්ද,අපේ හදවතත් මහින්ද වූවා සේම.. අප හදවතින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට ප්‍රපාතයට ඇද දමමින් පවතින යමපාල නඩය යමලෝකෙට යෑවීමට සඳහා නිදහස් සන්ධානයෙන් හෝ වෙනත් නව පක්ෂයකින් මැතිවරණ වේදිකාවට පැමිණ නැවත අපගේ මාතෘ භූමිය දිනවන දැවැන්ත සටනට උර දෙමින් එතුමාගේ ජය විජයග්‍රහණයක් කිරීමට අපි ජනවාරී 8 වෙනිදත් අපේ ඡන්දය පාවිච්චි කරා සේම අදත් හෙටත් මතුවටත් එතුමා වෙනුවෙන් අපේ කෘතගුණ දක්වන්න අපි සූදානමින්…

    නොවැම්බර් 18 :- මහින්ද රාජපක්ෂ මැතිතුමා උපත ලැබූ දවසයි
    නොවැම්බර් 18 :- මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වූ දවසයි
    මැයි 18 :- මහින්ද රාජපක්ෂ මැතිතුමා රට එක්සේසත් කර දවසයි
    පෙබරවාරී 18 :- මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් නොසිතූ ජන ඟගක් රැස් වූ දවසයි

    2015 අගෝස්තු 18…?

    කියන්ඩත් දෙයක්ද…එතුමා මේ රටේ වත්මන් යම පාලයන් සමඟ කරවූ දැවැන්ත සටන නිමා කරමින් යමපාලයන් පරාජය කොට මේ මවුබිම බේරා ගැනීම සදහා ලැබූ විශිෂ්ඨ විජග්‍රහණය සමඟ නැවතත් තම සහෝදර රටවැසි ජනතාව අතරට පැමිණෙන දවසයි.

  • sayumi

    Mahasohon Pilliya Hari Koi Paththen Chande Illuwath Depaththama Ulaa Kamin Eheta Meheta Panina Thakkadin Yali Path Nokireemata Paksha Bedhyakin Thorawa Siyalu Chada Dayakain Waga Balaa Gatha Yuthui.

  • Samare

    With Mahinda we want the following also in the parliment

    Gota, Wimal, Udaya, Dinesh, Prasanna, Samanmalee, Bandula, Wimal’s Mussammil.

    There are few thugs still with Mahinda whom we don’t like much but he cant help giving them nominations I suppose. Its OK.

    I think collecting candidates is a very difficult job. Because MR has habit of not betraying friends even if they are thugs it becomes more difficult.

Leave a Reply to Mahinda.info Editor Cancel reply