මහින්ද රාජපක්ෂ මැතිතුමා වැලිකන්දේදී කළ පින්කම්. – දේශපාලඥයෙකුගේ බාධාකිරීම් ව්‍යර්ථ වෙයි.

අද දවසේ පළමු ආශිර්වාද පූජාව වැලිකන්ද මෛත්‍රීපුර විහාරස්ථානයේදී පැවැත්විණි. හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ පුණ්‍ය කටයුත්ත පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මැතිතුමන් විසින් සංවිධානය කරණු ලැබිණ.

11358871_924286214295482_1705124759_n[1]

11334709_924286267628810_1305158976_n[1]

11355497_924286167628820_1545063253_n[1]

11419923_924286220962148_214056510_n[1]

11297858_924286157628821_662847587_n[1]

11335704_924286150962155_149298357_n[1]

11336030_924286274295476_904985516_n[1]

11355652_924286174295486_1727135197_n[1]

11423347_924286277628809_1757690906_n[1]

එසේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් මැදිරිගිරිය ශ්‍රී පශ්චිමාරාම විහාරස්ථානයේදීත් පින්කමක් පැවැති අතර ඊටත් විශාල පිරිසක් සහභාගී විය.

10502048_10206868760421787_546385256969800229_n[1]

11427183_10206868760061778_5692700342026992475_n[1]

11400984_10206868965226907_6043051380376151225_n[1]

11391367_10206868966746945_22457974091145879_n[1]

11108954_398181870366583_9173054636128321702_n[1]

පොළොන්නරුව පින්කම් මාලාව සම්බන්ධයෙන් රිවිර පුවත්පත මෙලෙස වර්තා කර තිබුණි.

මහින්දගේ බෝධි පූජා පින්කමට දේශපාලනඥයකුගෙන් බාධා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශීර්වාද කිරීම සඳහා පවත්වනු ලබන බෝධි පූජා පින්කම් මාලාවේ තවත් පින්කම් මාලා කිහිපයක් ඇළහැර, තමන්කඩුව කොට්ඨාසය ඇතුළු ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඊයේ (09) සූදානම් කොට තිබූ අවස්ථාවේ පළාත් දේශපාලන ප්‍රධානියකු විසින් එයට බාධා කර ඇත.

එම තර්ජනය කිරීම් සහ බාධා කිරීම නිසා බෝධි පූජා පින්කම බකමූණ නගරයේ ජයසුමනාරාමයේදී පැවැත්වීමට ප්‍රදේශවාසී ජනතාව කටයුතු සූදානම් කළද අදාළ දේශපාලන ප්‍රධානියා විසින් එයටද බාධා එල්ල කර ඇත.

ඉන් පසුව පැමිණ සිටි අතිවිශාල ජනතාව එය ජනහමුවක් ලෙස ‍පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙහිදී ප්‍රකෝප වූ පළාත් දේශපාලන ප්‍රධානියා සියලුම පෞද්ගලික බස් රථවලට බලපෑම් කොට ඇත්තේ බස් රථ ධාවනයෙන් ඉවත් වෙන ලෙසත් එසේ නොකළොත් මාර්ග බලපත්‍රය අහෝසි කරන බවත් පවසමිනි.

එමෙන්ම මෙම ජනහමුව පැවැත්වීමට යොදාගත් ශබ්දවාහිනී යන්ත්‍ර මෙන්ම ලොරි රථ සහ වේදිකා ගලවාගෙන ‍පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර ප්‍රදේශය පුරාම විදුලියද විසන්ධි කර තිබුණි.

කෙසේ වෙතත් ඇළහැර ප්‍රදේශයේ පැවැති පින්කම සඳහා ඇළහැර කොට්ඨාසයේ විහාරස්ථාන 37කින් විහාරස්ථාන 32ක හිමිවරු සහභාගි වී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

මෙම පින්කම් මාලාව සඳහා ප්‍රදේශයේ පළාත් මන්ත්‍රීවරුන් අට දෙනාගෙන් හය දෙනකුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනාගෙන් තිදෙනකුද ඇතුළුව අතිවිශාල පිරිසක් සහභාගි වී සිටි බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ මේ සියලුම බලපෑම් සහ බාධා කිරීම් පිටුපස උතුරු මැද පළාත් මහ ඇමැති පේශල ජයරත්න මහතා සිටි බවය. මේ සියලු සිද්ධීන් ඔහුගේ අනුදැනුම මත සිදුවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to මහින්ද රාජපක්ෂ මැතිතුමා වැලිකන්දේදී කළ පින්කම්. – දේශපාලඥයෙකුගේ බාධාකිරීම් ව්‍යර්ථ වෙයි.

  • MIGARA

    lajjai YAHAPALANAYA asarana minissunta badakarana tharamata
    mahindata janathawa

  • Power

    අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමන් නිදහස ලබා දුන් තමන්ගෙ මාතෘ භූමියේ සතර දිග්භාගයේ කොහේ ගියත් ජනගඟ එතුමා සමඟ පෙරට ඇඳී යන විට මේ යමපාල කුහක අමනයන්ගෙ ඇස් වල කටු අනිනවා වගේ.ඒකයි ඔය තුච්ච අමන උත්සහ වල නිතර වෙන්නෙ…හැබැයි තොපිලා එක දෙයක් දැනගනිං තොපිලගෙ ඔය පඹයටයි,රූකඩයටයි මේ රටේ මිනිස්සු නැතුව දැන් පිස්සු බල්ලො වගේ කෙළහලාගෙන බිරුවට මහින්ද ජනාධිපතිතුමාට ඒකට කරන්ඩ දෙයක් නෑ.එතුමා මේ රට නිදහස් කර මේ රට සංවර්ධනය කරපු එඩිතර නායකයා එහෙවු නායකයෙක් තොපිලගේ ලයිට් කැපිලි,වේදිකා ගැලවිලි වගේ වෛරී ක්‍රියා වලින් නතර කරන්ඩ බෑ.නතර වෙන්නෙත් නෑ.

    යමපාල මැරයන්ගෙ අමන උත්සහ ව්‍යාර්ථ කරමින් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් මෙහි පැමිණි කෙළෙහිගුණ මතක තියන ඔබ සැමට මාගේ ප්‍රණාමය!

    යමයෝ පන්නමු.
    මහින්ද සුරකිමු.

  • Dinuu

    අපේ මහින්ද මැතිදුන් ට බාදා අවහිර එල්ල කරන තරමටම තව තවත් ජනතාව එතුමාට සමීප වෙනවා. අද වන විට එතුමා ආසියාවේ ජනප්‍රියම දේශපාලන චරිතය බවට පත් වෙලා හමාරයි. වැඩි කල් නොගොස් එතුමා අපේ රටේ අගමැති වෙලා අපේ පුන්චි ලන්කාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන එක ඉර හද මෙන් ස්තීරයි.
    Mahinda.Info Editor වෙත, අපිට Mahinda.Info අවහිර වෙලා තිබුනා සතියකටත් වඩා. කෙසේ හෝ නැවත වෙබ් අඩවිය ක්‍රියාත්මක වීම ගැන හරිම සතුටුයි. මහින්ද මැතිදුන්ට හා එතුමාට සම්බන්ද හැම කෙනෙක්ටම මෙන්ම එතුමා රටට කල ආශ්චර්යමත් සන්වර්දන කටයුතු වලටත් එල්ල වන චෝදනා සහ මඩ ප්‍රචාර වලට එසැනින්ම පිලිතුරු දීම දැන් ඉතාම අවශ්යයි. මේ කරන කැපවීම වෙනුවෙන් අපේ ප්‍රනාමය ඔබ සැමට!

Leave a Reply