මහින්දට එරෙහි රාජිතගේ සහ හිරුණිකාගේ ප්‍රකාශ වලට ශ්‍රීලනිප නායකයින්ගෙන් පිළිතුරු

මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන බවට රාජිත සේනාරත්න කළ ප්‍රකාශයයි මේ.

[1]. මෙහිදී අගමැතිකම, නාම යෝජනා, ජාතික ලයිස්තුව ආදිය ඉල්ලා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව, මහින්ද-මෛත්‍රී සමගි කිරීමට උත්සාහ දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් විසිනි. පාර්ලිමේන්තුවේදී මහින්ද-මෛත්‍රී හමු වන්නේත් එම කණ්ඩායමේ ඉල්ලීම නිසයි.

[2]. ජනාධිපති කම් කිරීමෙන් පසුව නැවත දේශපාලනය නොකරන ලෙස රාජිත සේනාරත්න පැවසුවත් ජනතා ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහතානම් රාජිතට එය වැළැක්වීමට නොහැකිය. එසේම තවත් වර්ධනය වී ඇති ලක්ෂ 58 යනු, කෑලි කෑලි වලට කැඩී සහ නාය ගොස් ඇති ඇති ලක්ෂ 62 ට වඩා විශාල බවත් රාජිත දැනගත යුතුය. ලෝක තත්වය ගතහොත් අද ලෝකයේ බලවත්ම මිනිසා ලෙස සැලකෙන රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් යනු 2000 සිට ජනාධිපති තනතුරේ සිට නැවත 2008 දී අගමැති බවට පත් වූවෙකි.

[3]. රාජිත සේනාරත්න පවසන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රීලනිප උපදේශක කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොව, එය ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරුන් නිල බලයෙන් උපදේශක තනතුරට පත් වීමකි.

[4]. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමක් ගැනත් රාජිත සේනාරත්න පවසයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේ කළ කී දේවල් අනුව පාක්ෂිකයින්ටනම් පෙනී යන්නේ ශ්‍රීලනිපය ජයග්‍රහණය කරා ගෙන යන බවක් නොව, එජාපයට සින්නක්කර කර දෙන බවකි.

[5]. රාජිතගේ ඊළඟ ප්‍රකාශයට පිළිතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ලුණු ඇඹුල් සහිතව මෙලෙස ලබා දෙයි. (ඩිලාන් පෙරේරා මහතා වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන අයෙක් බැවින්, එය මෛත්‍රීපාල පාර්ශවයෙන් රාජිතට ලැබුණ පහරක් බව විශ්ලේෂණය කළ හැකියි).

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ අගමැති අපේක්ෂකයා වුවහොත් එහි සම්පූර්ණ මෙහෙයවීම් කටයුතු වල නායකත්වය ගන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත්, මහින්ද රාජපක්ෂ යනු කිසිවෙක් යටතේ කටයුතු නොකරන්නෙක් බවත් අප සහෘදයන්ට දැනුම් දීමට කැමැත්තෙමු.

මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පවත්වනු ලැබූ ජන රැළි වලට එන ජන කන්දරාව දැක බියවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය, ඊට එක් වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වෙනම මාධ්‍ය සාකච්ඡා පවතවමින් පවසයි. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් දෙන ලද පිළිතුරු පහත වීඩියෝවේ ඇත.

[6]. රාජිත සේනාරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනාම කටයුතු කළේ පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමටයි.

[7]. කාලයක් හිරුණිකා, දුමින්ද සිල්වාට එරෙහිව විශාල හඬක් නැගුවද දැන් දෙදෙනාම එකම පක්ෂයේ සතුටින් සමාදානයෙන් සිටී.

[8]. පසුගිය ජනාධිපතිවරණයේදී ඇය එස් බී දිසානායකට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් හැඬූ කඳුළෙන් දැන්වීම් වලත් පෙනී සිටියද දැන් ශ්‍රීලනිප උප සභාපති වන එස් බී දිසානායක යටතේ හිරුණිකා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කිසිදු ගැටලුවක් නැතිව සිටි.

[9]. එලෙස කැමරා ඉදිරියේ ඇය තම කාන්තා ප්‍රතිරූපය අලෙවි කරනු ලැබූ බව කාටත් පැහැදිළි වී ඇත.

Share කර මේ ලිපිය යාලුවන්ටත් දකින්න සලස්වන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මහින්දට එරෙහි රාජිතගේ සහ හිරුණිකාගේ ප්‍රකාශ වලට ශ්‍රීලනිප නායකයින්ගෙන් පිළිතුරු

  • nalaka

    Whom it may concern
    Pls convey the message to Hon MR (our dearest leader)

    The comiitee and Hon Rajitha bahaviour might be another trap to gain political benefits and to corner MR. No SLFP leaders want to destroy the peoples power being built around MR and also those MP Senior leaders have identified MR is the characters that could be used to gain victory. ast. Now they are coming
    T/4 it is better MR take this seriously as the MP no hanging around him left him just after 08 Jan defeat in an unacceptable fast except a very few like MP Duallas, MP BANDULA, MP KUMARA W/ WPC MP UDAYA, WPS CM PRASANNA etc. If MR to accept the invitation of the traitors in the SLP it is it will be another blunder

    I have alkready sent a lengthy letter vis face book to MR with these fact and also made comment against the news article.

    Also pls note that this site is not that much popular among people. These information must be shared with other sites as well as these must reach people through other media like print as still conisderablpart of the community refers to print and radio, TV news than face book or web site
    Tks 7 Brgds

    Nalaka

  • Prasanna

    Mrs Hirunika Meneviyage weda gena London walin hoyagatha hakei.

  • Dinuu

    රාජිත ජනතාව ඉදිරියේ ‘පරාජිත’ වූයේ මහින්ද රජපක්ශ මැතිදුන්ට ද්‍රෝහි වී ජනතාවට ඒ ගැන කියමින් පම්පෝරි ගැහුව මුල්ම දවසේමයි. ඒ බව ඔහුට ස්තීරව දැනගන්න ලැබෙයි මැතිවරණයෙන් පසු.

    චන්ද්‍රිකා බැලලියන් ලවා කොස් ඇට බාවනවා කියලා ආරන්චියක් දැක්කා. හිරුනිකා ලා කවුද මහින්ද රාජපක්ස වගේ රට බේරාගත් අපේ සදාදරණීය නායකයාට අපහාස කරන්න. ජනතාව පිලිතුරු දෙයි එයාලට වෙලාව ආවම.

  • Power

    නැවතුණු තැන මොකක්ද..?

    අනේ යකෝ තෝ අපෙන් ද අහන්නෙ නවතුණු තැන..ඔවු අපිටත් පේනවා දැන් නැවතුණු තැන මීනීමරු ත්‍රස්ත සංවිධානයක් පරාජය කරීමෙන් පසු සීඝ්‍ර දියුණුවක් ලබමින් සිටි මේ රට තෝ වගේ දෙපැත්ත කාපු අපතයෝ ටිකක් නිසා නැවතත් පෙර පරිදිම ආපස්සට යමින් නැවතී තිබෙන බව කාට කාටත් පේනවා ඇතිනේ..නිදහස් පක්ෂයේ ඉදගෙනම ජනාධිපතිවරණයේදී දෙපැත්ත කපූ තෝ වගේ අපතයෙක් කොහොමද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විජග්‍රාහී ගමන නවත්වන්නේ.තොගේ ඔය කාණු කටින් ගහලා එතුමාගේ ගමන නවත්වන්ඩ හිතන්ඩ එපා.

    තව සුදු අක්කාකෙනෙක් මහින්ද ජනාධිපතිතුමාගේ ජනගංඟාව දැකලා බලවෙලාද කොහෙද කියනවා විනය ක්‍රියාමාර්ගයක් ගන්ඩලු…ඔයා ඔය කියන විනය ක්‍රියාමාර්ග ගන්නවානම් ඉස්සර වෙලාම ගන්ඩ වෙන්නෙ ආප්පයක් කාලා පක්ෂයත් පාටත් ලකුණත් පාක්ෂිකයනුත් සමඟම පාවා දී UNP ය සමඟ දීග කන්නට ගිය ඔයාගේ ආදරණීය මෛත්‍රීපාල ජනාධිපතිතුමාටයි හරිද අක්කෙ..

  • Aruna

    කවුරු මොනවා කිව්වත් මේ රට ගොඩ ගත්තේ මහින්ද මහත්තය කියල අපි කවුරුත් හොඳට දන්නවා. ඒ වගේම යහ පාලනෙන් ඒ රට විනාශ කරන එකත් අපිට පේනවා. වැඩේ කියන්නේ යහ පාලනේට චන්දය දිපු එකෙක් වත් හොයාගන්න නැ බේතකටවත්. හිරු අක්කට නම් රෙදි ඇඳන් පාරේ යන්නත් ලජ්ජය් කිව්වනේ යහපාලානේ වැඩ වලට. එයා දැන් කියන කතා වලට අපිට දුකයි හොඳේ. වරෙන්කො අයෙත් චන්දෙ ඉල්ලන්න. දෙන්නේ හොම්බෙන් යන්න රජිතටයි හිරුනිකාටයි. අයිත් අපි කිව්වේ නැ කියන්නෙපා කට්ටියට. අපිට හොඳට මුල මතකයි. අපි එදත් මහින්දට අදත් මහින්දට හෙටත් මහින්දට. වෙන දෙයක් හින්දා නෙවෙයි අපි අපේ රටට ආදරේ හින්දා. මේ රටට හරියන එකම කෙනා මහින්ද රාජපක්ෂ විතරයි. සිරිසේනට අබ සරණයි. අපේ රටට බුදු සරණයි

  • Dinuu

    අරුන ගේ ඉහත කමෙන්ට් එකට පිලිතුරක් ලියන්නම හිතුනා. ඔබ අවන්කවම හිතේ තියෙන අදහස් ලියන්න දක්ශයි. නිතර කමෙන්ට් කරන්න. අපි ඒවා කියවන්න ආසයි. අපිත් අදත් හෙටත් සදහටම මහින්දට! හේතුව එතුමා අප රටට කල සේවය කිසිදා නොමැකෙන ලෙස අපේ හදවත් වල සදහටම ලියවිලා ඉවරයි. අපේ ආදරණීය අප්පච්චීට යලි අප වෙතට එන්න ලැබේවා!

Leave a Reply