Mahinda Rajapaksa: විරුද්ධවාදීන් ෆේස්බුක් එකේ මඩ ගැසූ ආකාරය මහින්ද මැතිඳුන් විස්තර කරයි. [VIDEO]

Friday, June 19, 2015

විරුද්ධවාදීන් ෆේස්බුක් එකේ මඩ ගැසූ ආකාරය මහින්ද මැතිඳුන් විස්තර කරයි. [VIDEO]

[1]. පසුගිය රජයෙන් කරන ලද සංවර්ධනයට පහර ගැසීමට කොමිස් කතාව ඇදුණ ආකාරය මහින්ද රාජපක්ෂ මහතා පැහැදිළි කරයි. මෙරට දේශීය ඇඟලුම් කම්හල් වල ප්‍රධානීන් සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර පැවැත්වුණ හමුවකදී මේ අදහස් ප්‍රකාශ කර ඇත.



[2]. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂයේ වේදිකා වලදී එල්ල කළ ප්‍රබලතම චෝදනාවක් වූයේ කොමිස් චෝදනාවයි. නමුත් මේ දක්වා ඔවුන්ගේ කිසිදු කොමිස් මඩක් ඔප්පු කරගැනීමට හැකි වී නැත.

[3]. බැරිම තැන යහපාලකයන් විසින් මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙනයාමට හැදුවේ ජනාධිපතිවරණය කාලයේ තිස්ස අත්තනායක මහතාට ඇමතිකමක් දුන්නා කියමිනි. ඊට වඩා පොඩ්ඩක් හෝ ප්‍රබල චෝදනාවක් ඔප්පු කළ හැකිනම්, ඇමතිකමක් දීම වැනි විහිළුසහගත චෝදනාවක් ගෙන එන්නේ නැත.

[4]. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඕනෑම කාලයකදී ඇමති කමක් දිය හැකියි. එවකට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයෙන් පැන යාමෙන් පුරප්පාඩු වූ සෞඛ්‍ය ඇමති ධූරයට මන්ත්‍රීවරයෙක් පත් කිරීම, යහපාලකයන්ට දැන් ඇති එකම චෝදනාවයි.

[5]. මේ අතර, සංධාන රජයේ සංවර්ධන ව්‍යාපෘති වලදී දූෂණ සිදුවූ බව වත්මන් රජයේ දේශපාලඥයින්ගෙන් එල්ල වෙන අවලාද වලට පිළිතුරු සපයමින් පසුගිය කාලයේදී පැවැත්වූ සාකච්ඡාවක් පහත දැක්වේ. ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංගමය මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ සංවර්ධන ක්‍රියාවලියේ සත්‍ය තතු පැහැදිළි කිරීම සඳහා එකී ව්‍යාපෘති වලට සෘජුවම සම්බන්ධ වූ පිරිස් ඒකාබද්ධ කරමින් මෙම සාකච්ඡාව පැවැත්වීය.



තාමත් කොමිස් ගැන කියමින් ඉන්න අයට ඇත්ත දැනගන්නට Share කරන්න.