Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ දේශනයක්. [VIDEO]

Monday, June 22, 2015

මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ දේශනයක්. [VIDEO]

මෙරට ඇඟලුම් කම්හල් ප්‍රධානීන් සහ  මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් පසුගිය දිනෙක පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණි.

"ජනපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය" යන මැයෙන් විශේෂ දේශනයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් එහිදී පවත්වනු ලැබුණි.

එතුමා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන පරිසරය ලෝක උදාහරණ ඇසුරෙන් කාටත් තේරුන් ගත හැකි පරිදි වඩාත් සංයමයකින් යුතුව සහ සරළව විශ්ලේෂණය කළේය.



යාලුවන්ටත් අසන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.