එදා මෙදා තුර රට වෙනුවෙන් සටන් කර ජීවිතය පූජා කළ, ආබාධිත වූ සහ අනෙකුත් සියලුම රණවිරුවන්ට පින් පැමිණවීමේ ජය පිරිත් දේශනය පැපිලියාන ශ්‍රී සුනේත්රාදේවී පිරිවෙනේ පැවැත්වුණි. .
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය විසින් 8 වන වරටත් පවත්වනු ලබන මෙම ජය පිරිත් දේශනාව සංවිධානය කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. මානුෂික මෙහෙයුම සමයේ සිටම එතුමා තම වගකීමක් ලෙස සලකමින් රණවිරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා දායකත්වය ලබා දෙයි.
ජීවිත පරිත්‍යාගයෙන් යුතුව රැකගත් මාතෘභූමියත් රණවිරුවනුත් පාවා දෙමින් පවතින මෙවක් වකවානුවක, හිටපු නායකයින් එදා කොතෙකුත් ජාත්‍යන්තර බලපෑම් මධ්‍යයේ වුවද රණවිරුවන්ව පෝරකයට යා නොදි රැකගෙන වර්තමානයේදී පවා ඔවුන්ගේ ආධ්‍යාත්මය වෙනුවෙන් මෙහෙවර කීරීම ප්‍රසංශනීය බව වැඩම කළ මහා සංඝරත්නය පවසා සිටියහ.
හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු ජනතා නායකයින් ඊට සහභාගී විය.
විනාඩි 15 කට පමණ විදුලිය අත් හිටවීම නිසා එයට බාධා සිදුවුණද, ජෙනරේටර් යොදාගනිමින් අඛන්ඩව පිරිත් විකාශයේ කටයුතු සිදුවිය.
යාලුවන් අතරේ Share කර බෙදා හරින්න.