Mahinda Rajapaksa: ජනතා ප්‍රීතිඝෝෂා මැද මහින්ද රාජපක්ෂ මැතිතුමන් සූරියවැවට පැමිණෙයි. [VIDEO]

Monday, June 22, 2015

ජනතා ප්‍රීතිඝෝෂා මැද මහින්ද රාජපක්ෂ මැතිතුමන් සූරියවැවට පැමිණෙයි. [VIDEO]

සුරියවැව බැද්දේවැව පුරාණ රජමහා විහාරස්ථානයට මහින්ද රාජපක්ෂ මැතිතුමන් සම්ප්‍රාප්ත වූ වගයි. දැයක් බේරා ගත් නායකයා තම ගමට එන බව ආරංචි වී එතුමාව පිළිගැනීමට විශාල ජනතාවක් විහාර භූමියේ රැස් වෙයි.



"ආරක්ෂාව ලැබුණත් නැතත් මගේ පන්සල් යාම නවත්වන්න ඔය කිසිම කෙනෙකුට බැරි බව" මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව ඉදිරියේ එතුමා ප්‍රකාශ කළේය.





ඒ අතරේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්ම එදා සූරියවැවට ලබා දුන් විදුලිය යහපාලකයින් විසින් විසන්ධි කරයි.



සූරියවැව ජනතාවට ආළෝකය ලබා දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට, අද අඳුරේම ආගමික වතාවත් කරගන්නට සිදුවී තිබේ.

එහෙත් සූරියවැව පමණක් නොව, මුළු රටම ආළෝකමත් කළ ඒ නායකයාට ලෙංගතුකම ප්‍රකාශ කිරීමට මුළු ගම්මානයම රැස් වෙයි.

1982015_878750045520068_378056420268750891_n[1]

11295859_878750185520054_4587666104542374198_n[1]

11200828_878750295520043_119864662346902160_n[1]

11143320_878750512186688_8550115493632074664_n[1]

11650790_931437576913679_734620561_n[1]

11217168_878754612186278_2001077292152909751_n[1]

11403097_878754878852918_6737901402097485692_n[1]

11647154_931440380246732_1456298374_n[1]

11650670_931440383580065_1530177740_n[1]

 

ඒ අතර පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නිවසටත් පැමිණියේය.



යාලුවන්ටත් බලන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.