Mahinda Rajapaksa: July 2015

Friday, July 31, 2015

චම්පික කියන විදිහට මහින්ද කොටින්ට මුදල් ගෙව්වාද? මෙන්න චම්පිකගේ අභියෝගයට පිළිතුරු...

පාථලී චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම් වල කියමින් යන්නේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රභාකරන්ට කප්පම් දී උතුරේ ඡන්දය වැළකූ බවයි. පහත දැක්වෙන්නේ තවත් එවැනි අවස්ථාවකි.



[1]. කිසියම් චෝදනාවක් කරනු ලබන තැනැත්තා විසින් අදාල චෝදනාව ඔප්පු කිරීමේ අවශ්‍යතාවය පවතී. මෙය සාමාන්‍ය නීතියේදී "Legal burden of proof" ලෙස හැඳින්වෙයි. එසේ නැතිව මොකක් හෝ කටට එන දෙයක් පවසමින්, එය නොකළ බවට ඔප්පු කරන්නයැයි අභියෝග කරන්නේ අන්තර්ජාලය භාවිතා කරන්නේ මෝඩයින් යැයි සිතාගෙන විය යුතුය.

පා. ච. රණවක (පහසුව තකා නම කෙටි කර දක්වමි) කරන චෝදනාවම මීට පෙර අනුර කුමාර දිසානායකත් කළ අතර ඊට මහින්ද ඉන්ෆො වෙබ් අඩවියෙන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම් වරයෙක්ද පිළිතුරු දක්වා තිබෙන නිසා ඒවා නැවතත් සඳහන් කිරීම අනවශ්‍යයැයි සිතමු.

(i). මහින්ද කොටින්ට සල්ලි දුන්නාද? විශේෂ හෙළිදරව්ව
(ii). අනුර කුමාර දිසානායක මහතාගේ බොරු ප්‍රචාර - මාධ්‍ය නිවේදනය

 

[2]. පහත දැක්වෙන්නේ පා. ච. රණවක 2009 දී පළ කරන ලද තම ස්‌වයං ලිඛිත චරිතාපදානය වන "පටිසෝතගාමීව තිස් වසක්" නම් කෘතියේ 147 වැනි පිටුවේ මහින්ද කොටින්ට කප්පන් දී ඡන්ද වැළැක්වූවා කියන චෝදනාවේ ඉතිහාසය පැහැදිළි කර ඇති අයුරුයි.
patisothagamiwa-this-wasak

දැන් මේකෙන් හරි වෙන්නේ පා. ච. රණවක එදා කී දේ ද? නැතිනම් අද කියන දේ ද? පා. ච. රණවකගේ පදනම් විරහිත අභියෝගයට ඔන්න පා. ච. රණවක ලියූ පොතකින්ම පිළිතුරු ලැබී තිබේ.

 

[3]. පා. ච. රණවකගේ 1985 සිට 2005 දක්වා තම දේශපාලන ගමන මේ ආකාරයෙන් ලඝු කොට දැක්විය හැකියි.
1. ජනතා විමුක්ති පෙරමුණ
2. ජාතික චින්තනය
3. ජනතා මිතුරෝ
4. සිංහල වීර විධානය
5. සිංහල උරුමය
6. හෙළ උරුමය
7. එක්සත් ජනතා නිදහස් සංධානය
8. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
9. යහපාලන ජාතික පෙරමුණ
10. එක්සත් ජාතික පක්ෂය

පුද්ගලයකුට කාලයත් සමඟ තමන්ගේ දේශපාලන අදහස් වෙනස් කර ගැනීමේ හැකියාවක් ඇත. ඒ අනුව පා. ච. රණවකට මාක්ස්වාදියෙක්, ජාතිකවාදියෙක් හෝ ලිබරල් නූතනවාදියෙක් ලෙස තම අදහස්, මතිමතාන්තර වෙනස් කර ගත හැක. එහි ගැටළුවක් අපට නැත.

නමුත්, පුද්ගල මතය වෙනස් වුවද ඉතිහාසයේ සිදුවූ සිදුවීම් වෙනස් කරමින් හුවා දැක්වීමට ඉඩක් නැත. යමෙක් එසේ කරන්නේ නම් ඔහු තමන්ගේ පුද්ගලික දේශපාලන මතිමතාන්තර වෙනුවෙන් ඉතිහාසගත කරුණු විකෘති කරමින් ජනතාව රවටන අවස්ථාවාදියෙකු බව කීමට සිදුවෙයි.

champika-ranawaka

 

[4]. පා. ච. රණවකගේ පටිසෝතගාමීව තිස් වසක් කෘතිය scribd.com වෙබ් අඩවියේ තිබේ. විශේෂයෙන්ම එම කෘතියේ 129 පිටුවේ සිට ඇති "මහින්දාගමනය" කොටස, එදා ඔහු කී දේ සහ අද ඔහු කියන දේවල් අතර වෙනස පෙන්වන කැඩපතකි.

යාලුවන්ටත් දැනුවත් වීම සඳහා Share කරන්න.

 

'අමාදම් සිසිල' ඇසළ පෝදා සදහම් දෙසුම මෙවරත් තංගල්ලේදී

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අරාධනාව මත සෑම පොහෝ දිනකම පවත්වන "අමාදම් සිසිළ" ධර්මදේශනා මාලාවේ 139 වන ධර්ම දේශනාව මෙවරත් ඇසළ පුන් පොහෝදින තංගල්ල කාල්ටන් නිවසේදී පවත්වන ලදී. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින් ධර්ම දේශනාව පැවැත්වූ සේක. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවියත්, හිතවත් දේශපාලඥයින් සහ ආරාධිතයින් සහ ප්‍රදේශවාසී ජනතාව ඊට සහභාගී විය.

6

7

5

4

1

Thursday, July 30, 2015

Google Loon නොමිලේ ඉන්ටර්නෙට් ලබා දෙනවාද?

ගූගල් සමාගම විසින් ලෝකයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන බවට , මේ දින වල සමාජ ජාලයන් හි පුවතක් පතුරුවා හරියි.

ajithpperera

නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙසේ හෙළි කරන්නේ සිරස වෙබ් අඩවියේ පළ වූ පුවතකි.
sirasa-google-loon
අජිත් පී පෙරේරා සමග සිරස මාධ්‍ය ජාලය රට හමුවේ තබන දේවල් වල ඇත්ත නැත්ත අන්තර්ජාලයේ කාටත් පිළිගත හැකි මූලාශ්‍ර ඇසුරෙන් විමසා බලමු.

 

[1]. Google Loon යනු කුමක්ද?

ලෝකයෙන් 2/3 වන ජනතාවට අන්තර්ජාල පහසුකම් තවමත් නොමැත. එවන් ඈත පිටිසර ප්‍රදේශ වලට අන්තර්ජාලය සඳහා අවශ්‍ය පහසුකම් ආවරණය කිරීම ගූගල් ලූන් ව්‍යාපෘතියෙන් සිදුකෙරේ.
...two-thirds of the world’s population does not yet have Internet access. Project Loon is a network of balloons traveling on the edge of space, designed to connect people in rural and remote areas, help fill coverage gaps, and bring people back online after disasters. source: www.google.com/loon

3G දක්වා වේගය සහිත අන්තර්ජාල පහසුකම ලබාදීම සඳහා ආධාරක ලෙස ගුවනේ බැලුන් පිහිටුවනු ලැබේ.
The project uses high-altitude balloons placed in the stratosphere at an altitude of about 32 km (20 mi) to create an aerial wireless network with up to 3G-like speeds. source: wikipedia.org/wiki/Project_Loon

 

[2]. ගූගල් ලූන් යනු ශ්‍රී ලංකාවට අතිශය වැදගත් ව්‍යාපෘතියක් ද?

ඉහත පෙන්වා දුන් ආකාරයට ගූගල් ලූන් මගින් ලැබෙන්නේ 3G දක්වා වේගයකි. 3G යනු 384kbps සිට 2Mbps දක්වා වේගයයි.
While stating in commentary that "it is expected that IMT-2000 will provide higher transmission rates: a minimum data rate of 2 Mbit/s for stationary or walking users, and 384 kbit/s in a moving vehicle. source: wikipedia.org/wiki/3G#Data_rates

නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුලදීම එනම් 2013 දී රජයට අයත් Mobitel මගින් ශ්‍රී ලංකාවට 4G තාක්ෂණයත් හඳුන්වා දෙනු ලැබුණි. එසේ කළේ වෙනත් ඇමරිකන් සමාගමක් විසින් නොව අපේම රටේ මිනිසුන්ගේ වෙර වීරියෙනි.
Sri Lanka Telecom Mobitel said yesterday it has launched the country’s first mobile 4G/LTE network to provide enhanced services to the public. - source: Financial Times 2013-01-01. 

4G යනු 100Mbps සිට 1Gbps දක්වා තරම් ඉහල වේගයක් සහිත අන්තර්ජාල සේවා සැපයීමයි.
peak speed requirements for 4G service at 100 megabits per second (Mbit/s) for high mobility communication (such as from trains and cars) and 1 gigabit per second (Gbit/s) for low mobility communication (such as pedestrians and stationary users). wikipedia.org/wiki/4G#Technical_understanding

Mobitel වෙබ් අඩවියට ගිය විට එම වේගය සහිත සේවා ලබා දෙන බව ඔබටම තහවුරු කරගත හැකියි. www.mobitel.lk/4g-lte (මහින්ද රාජපක්ෂ මහතා විසින් දකුණු ආසියාවේ විශාලතම සන්නිවේදන කුළුණ වන නෙලුම් කුළුණ ගොඩ නැගුවේ මෙලෙස අධිවේගී 4G සන්නිවේදනය වේගවත් කිරීමටයි. නමුත් වත්මන් යහපාලන ආණ්ඩුවෙන් එයට නොයෙකුත් අපහාසයක් සිදුකළ අතර එසේම ඔවුන් එය ගොඩනැගීම ප්‍රමාද කර ඇත.)
It will function as a radio and television broadcasting antenna ISDB-T and proposed DVB-T2 support structure for 50 television services, 35 FM Radio Stations and 20 telecommunication service providers... Source: wikipedia.org/wiki/Colombo_Lotus_Tower 

එසේනම් ශ්‍රී ලංකාවට 4G පවා ඇති යුගයක, ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඉන්ටෙර්නෙට් පහසුකම ලබාගතහැකි යුගයක හා ඉතාම ජනශුන්‍ය ඈත පිටිසර ප්‍රදේශ නැති කුඩා රටක් වන ශ්‍රී ලංකාවට, යල් පැනපු 3G පහසුකම් සැපයීමේ මෙම Google Loon ව්‍යාපෘතිය අනවශ්‍යයැයි බැහැර කළ නොහැකි වූවත්, විශේෂ වටිනා කමක් නැත.

ශ්‍රී ලංකාවේ දත්ත එකතු කිරීම සඳහා ඇමරිකාවටනම් මෙහි සුවිශේෂී වටිනාකමක් තිබේ. ඇයි අප එසේ කියන්නේ? ඉන්දියාවට කිලෝමීටර් සිය ගාණකට මෙහායින් හදපු නෙලුම් කුළුණත් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියමින් ඉන්දියාව මැසිවිලි නැගුවේය. එසේනම් ඇමරිකානු සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ අහස පුරාම පිහිටුවන අන්තර්ජාල සම්බන්ධතාවය සහිත බැලුම් ගැන කුමන කතාද...

රජයක් වශයෙන් කළ යුත්තේ මීට වසර 2 1/2 කට පෙරදී අවසන් කළ 3G වෙත ආපසු යාම ගැන කෙකර ගෑම නොව , 4G වේගයේ උපරිමය ලබා ගැනීමට අපේම රටේ Mobitel ආයතනයට අවශ්‍ය පහසුකම් ලබා දීමයි., අපේ රටේ ජනතාවට අධි වේගයෙන් අන්තර්ජාල භාවිතා කිරීමට උපකාරී වන නෙලුම් කුළුණ ගොඩ නැගීම වේගවත් කිරීමයි.

[[එදා මහින්ද රාජපක්ෂ මහතාගේ සංධාන රජය විසින් මීට වසර දෙක හමාරකට තරම් ඈතකදී, මොබිටෙල් ආයතනය හරහා 4G තාක්ෂණය හඳුන්වා දී ශ්‍රී ලංකාව ලෝකය සමග අධිවේගයෙන් සම්බන්ධ කෙරුණි. අද වන විට එහි සභාපති ධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරා පත් වී සිටී. කිසිදු අධිකරණ නියෝගයක් හෝ අඩුම තරමින් හේතු දැක්වීමක්වත් කරන්නේ නැතිව හුදු දේශපාලන පළිගැනීමක් ලෙසටම මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම www.mahinda.info වෙබ අඩවිය Mobitel මගින් වාරණය කර ඇත. ඒ බව මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවය සහිත ඔබගේ හිත මිතුරන්ගෙන් ඇසුවොත් තහවුරු කරාවි.]]

 

[3]. ගූගල් ලූන් මගින් නොමිලයේ ඉන්ටර්නෙට් ලැබෙනවාද?

Google Loon ව්‍යාපෘතියට අනුව ඉන්ටෙර්නෙට් බැලුම අන්තර්ජාල සේවා සපයන්නෙකුට සම්බන්ධ විය යුතුය.
Web traffic that travels through the balloon network is ultimately relayed to our local telecommunications partners’ ground stations, where it connects to pre-existing Internet infrastructure. source: www.google.com/loon/faq

ඉන් සිදු වන්නේ සම්ප්‍රේෂණ කුළුණු වලට යන අධික වියදම කපාහැරීමක් පමණි.
මෙම ඉහළට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ. source: www.lankadeepa.lk/index.php/articles/336008

ඒ අනුව "නොමිලයේ ඉන්ටර්නෙට්" ලැබෙන බවට කී උදවියගේ පුවත් වල විශ්වාසනීයත්වය ගැන තීරණය කිරීම ඔබට බාරයි. (We report You decide :) )

 

[4]. ගූගල් සමාගම විසින් කලින් කලට යම් යම් ව්‍යාපෘති හඳුන්වා දෙනු ලැබේ. උදාහරණ ලෙස Google Maps ආරම්භ කරන ලද්දේ 2005/02/08 දිනයි. එවකට තිබූ එක්සත් ජනතා නිදහස් සංධාන රජය සමගත් ගූගල් සමාගම ගිවිසුම් වලට අත්සන් කර ශ්‍රී ලංකාව සිතියම් ගත කිරීමට එකඟතාවයකට එන ලදී.

ගූගල් මැප් හඳුන්වාදීම සම්බන්ධයෙන් එවකට සංධාන රජය කිසිම විටෙකවත් ලකුණු දාගන්න නොගිය අතර, එසේ ලකුණු දා ගන්න හැදුවානම් එය මහ විහිළුවකි. ඇමරිකානු ගූගල් සමාගම ලාභ ඉපයීම සඳහා සිදුකරන ලූන් ව්‍යාපෘතිය යොදා ගනිමින්, මාස 6 තුළ කල දෙයක් නොමැතිව වැලේ වැල් නැති වී සිටින එජාපය ලකුණු දා ගන්න යාමත් එවැනිම විහිළුවක් වෙයි.

 

[5]. මහින්ද රාජපක්ෂ යුගය තුල ශ්‍රී ලංකාවේ 5 ස් දෙනෙකුගෙන් එක් අයෙකුට හෙවත් 21.9% කට මේවනවිටත් අන්තර්ජාල පහසුකම් ලබා දී ඇත. එනම් මිලියන 4 ක් අන්තර්ජාල පහසුකම් ලබා දි භාවිතයේ යොදවයි. මූලාශ්‍රය google.com/publicdata මානුෂික මෙහෙයුම අවසන් වීමත් සමග කලාපීය බලවතාවත් අභිබවමින් ශ්‍රී ලංකාව ලෝකය වෙත යන හැටි බලන්න.
mahinda-rajapaksa-internet-

2014 ජූලි වන විට රටේ ජනතාවගෙන් 40% ක් පරිගණක සාක්ෂරතාවයෙන් යුක්ත විය. අපේ රටේ එසේ වෙද්දී ඉන්දියාවේ පරිගණක සාක්ෂරතාවය තවමත් 6.15% ක් ලෙස වාර්තා වෙයි. මහින්දෝදය පරිගණක විද්‍යාගාර 1000 ක් කඩිනමින් රට පුරා ඉදි කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව වූයේ 2016 වන විට රටේ පරිගණක සාක්ෂරතාවය 75% දක්වා වර්ධනය කිරීමයි.

ඒ අතරේ රු 30 කට ගත හැකි මෙගාබයිට් 100 ක් දීම, මහින්දෝදය නම ගලවා තමන්ගේ නම ගසා ගනිමින් විවෘත කිරීම, ගූගල් සමාගම ලෝකය පුරාම සිදුකරන ව්‍යාපෘති වලින් ලකුණු දා ගන්න හැදීම වැනි බොළඳ වැඩ සිදුකර මහා ඝෝෂාවක් කිරීම එජාපය සිදුකරයි.

යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.

Wednesday, July 29, 2015

බෙදුම්වාදී අනතුර රට ඉදිරියේ... - ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්! ((VIDEO))

ශ්‍රී ලංකාව රටක් වශයෙන් මුහුණ දී ඇති බෙදුම්වාදී අවදානම ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළි කරයි. එතුමා මේ කථාව කරන ලද්දේ බණ්ඩාරගමදී පැවැති දේශනයකදී ය.



Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

මහබැංකු බැඳුම්කර මංකොල්ලය සරල බසින් - ආචාර්ය නාලක ගොඩහේවා

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර මංකොල්ලය ගැන කාටත් තේරෙන අයුරින්, ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ප‍්‍රමාණික විද්වතෙක් වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් කරන ලද පැහැදිළි කිරීම.



යාලුවන්ටත් අසා දැනුවත් වීමට Share කරන්න.

Tuesday, July 28, 2015

මහින්ද යුගයේ ලංකාව , නීතියේ ආධිපත්‍යයෙන් දකුණු ආසියාවේම පළමු තැන...!

[1]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව පැවැති 2014 වර්ෂයේදී, නීතියේ ආධිපත්‍යය අතින් ශ්‍රී ලංකාව මුළු මහත් දකුණු ආසියාවේම අංක 1 ට පත්ව තිබේ.

මේ බව හෙළි වෙන්නේ 2014 ලෝක යුක්ති වාර්තාව හෙවත් World Justice Project හි Rule of Law Index මගිනි. මූලාශ්‍රය: worldjusticeproject.org

 

[2]. World Justice Project යනු ලෝකයේ සෑම ජාත්‍යන්තර ආයතනයක් විසින්ම ලෝකයේ ඒ ඒ රටවල් වල නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ස්වාධීන දත්ත ලබා ගන්නා, ඇමරිකාවේ වොෂිංටන්හි පිහිටා ඇති ආයතනයයි. වැඩි විස්තර සඳහා wikipedia.org

 

[3]. මෙය මහ මැතිවරණය ආසන්නයේ රටට හෙළි කරන ලද වාර්තාවකුත් නොවේ. එජාපයේ රුවන් විජේවර්ධනලාට අයත් Financial Times පුවත්පතෙන්ම මේ ගැන හෙළි කරන ලද්දේ 2014 අගෝස්තු තරම් ඈතකදීයි. මූලාශ්‍රය

rule-of-law-sri-lanka

 

[4]. "යහපාලනය" ඇති කරන බව කියූ එජාප ආණ්ඩුවක් බලයට ආ බැවින් මේ වන විට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය මහින්ද යුගයටත් වඩා ඉහල බව සමහරවිට ඔබ සිතාවි. නමුත් මිත්‍රවරුණි අපේ මාතෘ භූමිය එදාට වඩා ආපස්සට ගිහින් ඇත.

rule-of-law-index-2015-sri-

Rule of Law Index 2015 නවතම වාර්තාවට අනුව නීතියේ ආධිපත්‍යය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 2 වන තැනට පහතට වැටී ඇත. ඒ අතර ලොක මට්ටම 48 සිට 58 දක්වා පහත වැටී ඇත. ඔබට ලැබුන "වෙනස" සහ "අපමණ අගය" එයයි. මූලාශ්‍රය: http://data.worldjusticeproject.org/#/groups/LKA

පසුගිය කාලය තුළ ඔබ දිනපතා ප්‍රවෘත්ති බලනවානම් එසේ වූයේ ඇයිදැයි ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. වත්මන් අගවිනිසුරුවරයාව පත් කිරීම සිදුවූ ආකාරයේ සිටම මේ දක්වා රටේ නීතියේ ආධිපත්‍යයට වුණ දේ සිතා බලන්න.

 

[5]. එහෙත් මහින්ද යුගයේ නීතියේ ආධිපත්‍යය නැති බවට ජනතාව අතර මතයක් ගියේ ඇයි? ඒ ගැන ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරන මහතා කරන ලද කෙටි පැහැදිළි කිරීමත් ඔබ අනිවාර්යයෙන්ම අසා බලන්න.



යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

මහින්දට එරෙහි සාහසික මඩ චෝදනා එල්ල කළ අයට වැඩ වරදී, නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින්

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අභූත චෝදනා සහසික ලෙස එල්ල කරමින් එතුමාගේ චරිතය ඝාතනය කළ උදවියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව වාර්තා වෙයි. 2015-07-27 මව්බිම පුවත්පතේ මුල් පිටුවේම මෙලෙස පළ විය.

mahinda-rajapaksa-sue-again

mahinda-rajapaksa-sue

නීතිමය ක්‍රියාමාර්ග මගින් එලෙස අය කරගන්නා වන්දි මුදල් අඩු ආදායම් ලාභී පවුල් වල තෝරාගත් දක්ෂ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේ සිට මේ දක්වා එජාපයෙන් එල්ල කළ බොහෝ මඩ ප්‍රහාර වලට අප mahinda.info වෙබ් අඩවියෙන් පිළිතුරු ලබා දී ඇත.

1. ජනමාධ්‍ය මගින් සිදුකළ චෝදනා වලට පිළිතුරු
2. අන්තර්ජාලය හරහා සිදුකළ චෝදනා වලට පිළිතුරු

එහිදී සම්ප්‍රදායික ලෙස ඡේද වශයෙන් නොලියා අංක දමා කරුණු ගොනු කර ඇත්තේ මන්දැයි සමහරුන් අතර කතාබහට ලක් විය. ඊට හේතුවනම් ප්‍රධාන වශයෙම නීතීඥවරුන්ට කරුණු ගොනු කිරීමේදී සහයක් වීම උදෙසායි.

එසේම මෙම වෙබ් අඩවිය දකින ලද විද්වතුන් සහ වෘත්තිකයින් විසින් අපගේ සීමාවන්ට හසු නොවූ තවත් බොහෝ කරුණු කාරනා සාක්ෂි වශයෙන් අප වෙත ඒවා ඇති අතර ඒ සියල්ලම නීතිමය කටයුතු සඳහා භාර දෙනු ලැබේ.

තම මූලස්ථාන කේන්ද්‍ර කරගනිමින් පිහිටවා ඇති ඒකක වල සිට සංවිධානාත්මකව සාහසික ලෙස අසත්‍ය දෑ පතුරුවමින් මහින්ද රාජපක්ෂ මහතාගේ චරිත ඝාතනය සිදුකරන , මෙන්ම අපගේ පාක්ෂිකයන්ට හිරිහැර කරන කල්ලි කණ්ඩායම් ද අප විසින් හඳුනාගෙන සිටින අතර , ඔවුන්ගේ තොරතුරුද ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කෙරේ.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

මාස 6 ක් වැනසූ රට දින 30 කින් නැවතත් ගොඩ නගන, සංධානයේ දින 30 කඩිනම් වැඩසටහන.

එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ට අමතරව, නව රජය බලයට පත් වී දින 30 ක් තුළ අරඹන නඩිනම් වැඩසටහනක් ද එළි දක්වා තිබේ. පහත දැක්වෙන්නේ "අනාගතයට සහතිකයක් - සංක්ෂිප්තය" නමැති එම වැඩසටහනයි.



යාලුවන්ටත් කියවා බැලීමට Share කරන්න.

සංධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මෙන්න…

එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද දින මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් මහා සංඝරතන්යට පළමුව පිළිගන්වා, මහ ජනතාව වෙත ලබා දුන්නා. පහත දැක්වෙන සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව දින 30 කින් අරඹන වැඩසටහන් සංක්ෂිප්තයක් ද නිකුත් කර තිබෙනවා.

11755139_1674061842828374_268320486368494434_n[1]



Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

යහපාලන බොරු පුවත්පත් වලින් හෙලි කරයි - දින 100 යි රැවටිල්ලයි -

mahinda.info-sri-lanka-reading-newspaper

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දින 100ක් තුල ඉටු කරන බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පොරොන්දු වූ ප‍්‍රධාන කාරණා ගැන පසුවිපරමක් අද දිනයේ ජාතික පුවත්පත්වල දැන්වීමක් ලෙස පල කෙරුණි. මෙහි දැක්වෙන්නේ එයයි.. පහත පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න.

100-day-lie[1]

පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂ විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සංධාන නායකයින්ට එරෙහිව නොයෙකුත් අභූත චෝදනාවන් එල්ල කළෝය. ඒ ආකාරයෙන් රට හමුවේ තබන ලද එහෙත් මෙතෙක් ඔප්පු කර නැති ප‍්‍රකාශ ලේඛණගත කර සති අන්ත පුවත් පත් හරහා මීට පෙර ප‍්‍රකාශයට පත් කෙරුණි. ‘දින 100ට ගෙතූ බොරු 100′ ලෙස දැක්වෙන එම දැන්වීමයි මේ. පහත පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න.

boru-100

යාලුවන් අතරේ Share කරන්න.

Monday, July 27, 2015

රාජපක්ෂවරුන්ට එරෙහි ලැම්බෝගිණි චෝදනාව ගැන ඇත්ත හෙළිදරව්ව!

[1]. මීට කලකට ඉහතදී රන්ජන් රාමනායක විසින් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ලැම්බෝගිනි කාර් ගැන චෝදනාවක් කරනු ලැබුවා. පහත වීඩියෝවේ දැක්වෙන පරිදි ඔහු පවසන්නේ රාජපක්ෂ පුත්තු විසින් තීරු බදු නොගෙවා ලැම්බෝගිණි 3 ක් මෙරටට ගෙන්වා ඇති බවයි.



රන්ජන් රාමනායක එලෙස පවසන්නේ බොරැල්ල ප්‍රදර්ශනාගාරයක ඇති ලැම්බෝගිණි 3 පිළිබඳවයි. නමුත් එය මයික්‍රෝ සමාගම විසින් නීත්‍යානුකූලවම අප රටේ ප්‍රදර්ශනය සඳහා මෙරටට ගෙන්වූ ඒවා. පහත වීඩියෝව බලන්න.



මයික්‍රෝ අධිපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා එදා ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ ලැම්බෝගිණි 3 හේතු කොටගෙන මේ වන විට මීගමුවේ ව්‍යාපාරිකයෙක් විසින් පාවිච්චි කරන ලද ලැම්බෝගිණි මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා. එහිදී රජයට පමණක් ලැබුණ බදු ආදායම රුපියල් ලක්ෂ 580 ක්. (Rs. 58,000,000.00)

 

[2]. මෑතකදී රවි කරුණානායක සඳහන් කළේ නියමිත බදු ගෙවීම් පැහැර හරිමින් පසුගිය රජය සමයේ ආනයනය කළ ලැම්බෝගිනි මෝටර් රථ 3ක් යළි මෙරටින් පිට කිරීමේ සැලසුමක් පැවැති බවයි.



නමුත් රවි කරුණානායක විසින් සත්‍යය විකෘති කරමින් සඳහන් කරන්නේත් ඉහත දැක්වූ පරිදි මයික්‍රෝ සමාගමෙන් මේරටට ප්‍රදර්ශනය සඳහා ගෙන්වන ලද ලැම්බෝගිණි කාර් 3 පිළිබඳවයි. ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා ගෙන්වූ බැවින් තීරු බදු ගෙවීමට අනවශ්‍ය වූ අතර, නැවත සැපයුම්කරුට යැවූ පසුව රජයට ගෙවිය යුතු ලක්ෂ 2700ක මුදල නිසි පරිදි මයික්‍රෝ සමාගමෙන් ගෙවා තිබෙනවා. මේ කිසිවකට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් නැහැ. රාජපක්ෂවරුන් කෙරෙහි වෛරයෙන් රවි කරුණානායක එලෙස මඩ ගැසීමෙන් හානි සිදුවන්නේ ශ්‍රී ලංකවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය දේශීය ව්‍යාපාරිකයෙකුටයි.

 

[3]. මේ වන විට ලංකාවේ දෙදෙනෙකුට ලැම්බෝගිණි මෝටර් රථ තිබෙනවා. එක් අයෙක් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව. අනෙක් කෙනානම් ඉහත දෙවැනි වීඩියෝවේ ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා සඳහන් කළ මීගමුවේ ව්‍යාපාරිකයායි. මූලාශ්‍රය සහ වැඩිදුර කියවීමට: http://www.adaderana.lk/biz/lambo/

මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීම සඳහාම එජාපය සිදුකළ මඩ ගැසීම නිසා සිදු වූයේ , ලැම්බෝගිණි මෝටර් රථ පමණක් නොව ඒ හා සමාන සුඛෝපභෝගී මෝටර් රථ පවා මිලදී ගෙන රජයට විශාල බදු මුදල් ගෙවීමට හැකියාව තිබූ උදවියත් අධෛර්යයට පත් වීමයි. මඩ ප්‍රචාරණය නොවන්නට මේ වන විට අප රටේ ලැම්බොගිණි මෝටර් රථ දුසිම් ගණනක් තිබෙන්නට ඉඩ තිබුණා. එසේ වූවානම් රජයට අය වෙන බදු ආදයම විතරක් ලක්ෂ දසදහස් ගණනක්... එසේ වූවානම් යහපාලන ආණ්ඩුවට වයෝවෘද්ධ ජේෂ්ඨ පුරවැසියන්ට රුපියල් 2000 දීමනාව ගෙවාගන්න බැරි වෙන්නේ නෑ.

 

[4]. පසුගිය ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙරදී එජාපයේ සුජීව සේනසිංහගේ ෆේස්බුක් පිටුවේ පහත පින්තූර පළ වුණා. පින්තූර 5 ක් පමණ පළ කර තිබුණත් 3 ක්ම අතේ මාට්ටු වූ බැවින් ඒවා ඉවත් කරලා. මූලාශ්‍ර 1 , 2 සුජීව සේනසිංහ පැවසූයේ ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී නාමල් රාජපක්ෂ මහතා තම ලැම්බෝගිණි මෝටර් රථ කිහිපය රහසේම රට පටවන බවයි. මෙම පින්තූර යොදාගනිමින් තවමත් එක්සත් ජාතික පක්ෂයේ මඩකරුවන් විසින් මඩ ගැසීම සිදුකරනවා.

sri-lanka-lamborghini

නමුත් ඉහත දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතාට අයත් වාහන නොව ශ්‍රී ලංකන් එයාර්ලයින් එක විසින් ප්‍රති අපනයනය සඳහා මෙරටට ගෙන්වූ වාහනයි. එම පින්තූර ජනාධිපතිවරණ සමයේ ගත් ඒවා නොව ඊට වසර 2 කට පෙර එනම් 2012 තරම් ඈතකදී සිදුවූ ප්‍රති අපනයනය කිරීමකුයි. මූලාශ්‍ර 1 , 2 , 3 , 4

2014 ජූලි මාසයෙන් පසුව ශ්‍රී ලංකන් එයාර්ලයින් මගින් කිසිදු වාහනයක් ප්‍රති අපනයනය කිරීම සිදු නොකළ බවත් ඔවුන් රජයේ නිල වෙබ් අඩවියෙන් දක්වා තිබෙනවා. http://www.news.lk/news/sri-lanka/item/5537-srilankan-airlines-has-not-uplifted-high-value-luxury-cars-as-cargo-since-july-2014

පහත දැක්වෙන්නේ සුජීව සේනසිංහ විසින් මඩ ගැසීමේ අරමුණින් පළ කරන ලද පින්තූර වල සැබෑ අයිතිකරුවා විසින් ෆේස්බුක් එකේ පළ කළ සටහනක්.
10898208_10152568780778085_43751910082500473_n[1]

කට උත්තර නැති වූ මඩ බලකාය ඊළඟට පැවසූයේ Dhanushka Pradeep මහතා එම ෆේස්බුක් ඇල්බම් වල දින වෙනස් කර ඇති බවයි. නමුත් ෆේස්බුක් කොමෙන්ට්  වල දින කෙසේ වත් වෙනස් කළ නොහැකියි. මෙම පින්තූරයේ සමහර කොමෙන්ට් 2012 තරම් ඈත කාලයේ වන අතර එමගින් එම පින්තූරත් 2012 ඒවා බව තහවුරු කරනවා.

sri-lanka-lamborghinijpg
පහත දැක්වෙන්නේ ලැම්බෝගිනි මඩ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණය කාලය තුළ අපගේ සහෝදර ෆේස්බුක් පිටු විසින් ෆේස්බුක් එකේ කරන ලද දැනුවත් කිරීම්.

namal-rajapaksa-lamborghini

namal-rajapaksa-lamboghini

 

[5]. නාමල් රාජපක්ෂ මහතා සතුව තීරු බදු නොගෙවූ එකදු ලැම්බෝගිනි මෝටර් රථයක්වත් තිබුණානම් ඒවා සොයාගෙන රට ඉදිරියේ පෙන්වීමට තිබුණා. එසේම ඔහු වරදක් කර තිබේනම් ඔහුට එරෙහිව නඩු දැමීමට හැකියාව තිබුණා. ඒ සඳහා ගෙවුණ මාස 6 හොඳටම ප්‍රමාණවත්. එසේ නොකිරීමෙන් එක්සත් ජාතික පක්ෂය මේ තාක් කල් කරන ලද ලැම්බෝගිණි චෝදනා පට්ට පල් බේගල් බවට ජනතාව ඉදිරියේ ඔප්පු වුණා.

එදා නාමල් රාජපක්ෂ මහතාට ලැම්බෝගිණි වාහන ගැන චෝදනා එල්ල කළ අයගේ සැබෑ ස්වරූපය කෙසේදැයි තවම ජනතාව දැනුවත් වී නෑ. මේ බලන්න අධි සුඛෝපභෝගී ලිමොසීන්. එක්සත් ජාතික පක්ෂයේ චෝදනා මෙන් මේවා කටකතා හෝ චම්පිකගේ මෙන් ෆොටෝශොප් හෝ නොව අප පල කරන්නේ ජාතික පුවත්පත් වල පල වූ ඒවායි. මූලාශ්‍රය: http://nation.lk/online/2015/07/22/in-yahapalanaya-luxury/

limousine

ඉහත අප ඔප්පු කර පෙන්වූයේ පසුගිය කාලය පුරාවටම එජාපයෙන් එල්ල කළ ලැම්බොගිණි මඩ ප්‍රහාරයේ පදනම් විරහිත බවයි. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දී, නොදියුණු ලොවක සිට සංවර්ධිත ලොවක් කරා අප රට ගෙන යාමට සිටි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තව කොතරම් බොරු බේගල් ඇද බාන්න ඇත්ද... තවත් එවන් ව්‍යාජ මඩ අවලාද චෝදනා සිය ගණනක් ඇති අතර ඒවායින් බොහෝමයකට mahinda.info වෙබ් අඩවිය පුරාවටම පිළිතුරු දී තිබෙනවා.

තවමත් රාජපක්ෂවරුන්ගේ ලැම්බෝගිනි හොයන යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

Sunday, July 26, 2015

මහින්ද කොටින්ට සල්ලි දුන්නාද? විශේෂ හෙළිදරව්ව!

මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානයට මුදල් දුන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා. හිරු නිවුස් පුවත මෙලෙසයි.
මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. යට මුදල් දුන්නා - ජවිපෙන් යළි චෝදනා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ නිමා වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොටු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

හුදු දේශපාලන මඩ ප්‍රහාරයක් වන එම චෝදනාවට පදනම් වූ කිසිදු මූලාශ්‍රයක් අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙනහැර දක්වා නැහැ. අප මූලාශ්‍ර සහිතවම ඒ චෝදනාවේ පදනම් විරහිත භාවය ඔබට පෙන්වා දෙන්නම්.

[1]. මේ ඇත්තේ 1994 සිට 2015 දක්වා ජනාධිපතිවරණ වලදී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයි.

































 වර්ෂය යාපනය  වන්නි
(i). 1994 2.97 % 22.41 %
(ii). 1999 19.18 % 31.22 %
(iii). 2005 1.21 % 34.30 %
(iv-1). 2010 25.66 % 40.33 %
(iv-2). 2015 66.28 % 72.57 %

යාපනය මූලාශ්‍රය wikipedia.org/wiki/Jaffna_Electoral_District
වන්නි මූලාශ්‍රය wikipedia.org/wiki/Vanni_Electoral_District

(i). 1994 වන විට උතුර සම්පූර්ණයෙන්ම කොටි ග්‍රහණයේ වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාමත් අඩු මට්ටමක පැවතුණා.

(ii). 1999 වන විට යාපනය අර්ධද්වීපයේ බටහිර කොටස හමුදාව විසින් මුදාගත් අතර, ඒ නිසාම ඡන්දය ප්‍රකාශ කිරීම තරමක් වැඩි වුණා. වන්නි දිස්ත්‍රික්කයේ ද හමුදා පාලන ප්‍රදේශ වල ඉහළ යාමක් තිබුණු අතර, ඡන්දය ප්‍රකාශ කිරීමද තරමක් වැඩි වුණා.

(iii). 2005 දී ඊනියා සටන් විරාම ගිවිසුම යටතේ යාපනය නැවතත් කොටි ග්‍රහණයට ලක් වූ නිසා ඡන්දය ප්‍රකාශ කිරීම නැවතත් අඩු වුණා.

(iv). ත්‍රස්තවාදය අවසන් වූ පසු 2010 සිට ඡන්දය ප්‍රකාශ කිරීම ක්‍රමයෙන් සාමාන්‍යය අගයන් කරා පැමිණියා.

(v). ඉහත තොරතුරු අනුව ඔබට ඉතාම පැහැදිලිව පෙනෙන කරුණ නම් උතුරේ දමිළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය LTTE සංවිධානයේ බලයට ප්‍රතිලෝමව සමානුපාතික බවයි. 1994 දී සහ 1999 දීත් කොටි සංවිධානය ඡන්දය වර්ජනය කර තිබෙනවා. මෙය 2005 ට සුවිශේෂී තත්වයක් නෙමෙයි.

(vi). ඒ අනුව 2005 දී ජනාධිපතිවරණය වර්ජනය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොටින්ට මුදල් දුන්නා යන කතාව කිසිදු පදනමක් නොමැති මඩ ප්‍රහාරයක් බව පැහැදිළියි.

(vii). කොටින් ඡන්දය වර්ජනය කළේ "උතුරේ ජනතාව දකුණේ නායකයන් පිළිනොගනී" යන පණිවිඩය ජාත්‍යන්තරයට දෙමින් වෙනම රාජ්‍යකක් දිනා ගැනීමට මිසක් වෙන දේකට නොවෙයි. අනුර කුමාර දිසානායක මහතා හදන්නේ කොටින්ගේ බෙදුම්වාදී ඉතිහාසයට සුදු හුණු ගෑමට බවත් මින් පෙනී යයි.

 

[2]. මෙලෙස සංඛ්‍යාලේඛන මගින්ම ඔප්පු කර තිබියදීත් අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත යැයි තවමත් කවුරු හරි කියනවානම් පහත නිගමන වලට ඔහුට ඒමට සිදුවෙයි...

(i). අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත නම් 1994 දී සහ 1999 දීත් කවුරුන් හෝ ඡන්දය වර්ජනය කිරීමට කොටින්ට සල්ලි දී තිබෙනවා.

(ii). අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත නම් ත්‍රස්තවාදී සංවිධානයක් "පීචං" වෙන්නටම අන්දවා බලයට පැමිණ, ඒ සංවිධානයම කුඩුපට්ටම් කර දැමීමේ ගෞරවය වඩාත් ලොකුවට මහින්ද රාජපක්ෂ මහතාට හිමි විය යුතුයි. එවන් ගේමක් ගැසීමේ හැකියාවට හිස නමා ආචාර කළ යුතුයි.

 

[3]. කොටින්ට සල්ලි දුන්න කතාව සෑම විට කරලියට එන්නෙ ඡන්දයක් එනකොට පමණයි. 2010 ජනාධිපතිවරණයේදී මෙන්ම 2015 ජනාධිපතිවරණයේදීත් එජාපයේ සමහරුන් ඔය කතාව කී අතර, ඉන් පසු මාස 6 ක් ම ගිහිල්ලත් ඒ වෙනුවෙන් කළ නීතිමය ක්‍රියාමාර්ගයක් නෑ. සමහරුන් ගාව තිබුණා කියූ ඊනියා සාක්ෂි එලියට දැම්මේත් නෑ.

 

[4]. කොටි සංවිධානයට ආධාර දී ඇත්තේ එජාපයේ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් බවත් ඔබ අසා ඇති. මෙන්න විකීපීඩියා එකෙන්ම...
President Premadasa ordered the Sri Lanka Army to clandestine handed over arms consignments to the LTTE to fight the IPKF and its proxy, the Tamil National Army (TNA). These consignments include RPG guns, mortars, self-loading rifles, T81 automatic rifles, T56 automatic rifles, pistols, hand grenades, ammunition, and communications sets.[63] Moreover, millions of dollars was also passed on to the LTTE. - source: wikipedia

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊනියා සාම කාලය තුල ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයුණු බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.
during Ranil Wickremesinghe's regime that the LTTE dragged the peace talks to smuggle weapons and ammunition including aircraft. source: wikipedia

එකී චෝදනාව සනාථ කරමින් සහ රනිල්-ප්‍රභා මිතුදම පෙන්වමින් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ රනිල් වික්‍රමසිංහ මහතා එකට සිටින ඔරලෝසු , රණවිරුවන්ට මානුෂික මෙහෙයුම අතරතුරදී හමුවී තිබෙනවා.



 

අප ඉහත සෑම කරුනක්ම දක්වා ඇත්තේ මූලාශ්‍ර සහිතවයි. නමුත් 88/89 භීෂණය කාලයේදීත් ඉන් පසුවත් ජවිපෙ වෙනුවෙන් නොමිලේ පෙනී හිටපු ආදරණීය නීතීඥයා මෙන්ම, ත්‍රස්තවාදයෙන් රට බෙරා දුන් අභීත නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු පදනමකින් තොරව ජවිපෙ නායක මඩ ගසයි. එහෙම කරන අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මිය ගිය සහෝදරවරුන්වත් පාවා දෙමින් අද සුද්ද කරන්නේ කවුරු කවුරුන්වදැයි ජවිපෙ බුද්ධිමත් සහෝදරවරුන්ට පැහැදිළි වීමට ඉහත මූලාශ්‍ර ප්‍රමාණවත් වේවි.

යාලුවන්ටත් ඇත්ත දැනගැනීමට Share කරන්න.

මහින්ද සුළඟ හමන මාතලේ රැළිය

මෙවර පාර්ලිමේන්තු මැතිවණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතලේ දිස්ත‍්‍රික් රැළිය නාඋලදී පැවැත්වුණි. මේ එහි විකාශණයේ කොටසකි. (වීඩියෝව මන්ධගාමී වේනම් එහි පහතින් Quality 144P ලෙස සකසන්න.)



යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

Saturday, July 25, 2015

මහින්ද මොනවද කළේ? මෙන්න සංඛ්‍යා ලේඛන එක්කම...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඩොලර් බිලියන 18ක් සොරකම් කර විදේශයන්හි සඟවා ඇතැයි විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් නිතර නිතර කරන ප‍්‍රකාශයට ආර්ථිකය සම්බන්ධයෙන් ප‍්‍රමාණික විද්වතෙක් වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැහැදිළි කරයි.

කොලඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ පසිගිය වසර දහයටම මෙරට සිදුවූ සියලු විදෙස් ආයෝජන ව්‍යාපෘති එකතු කලත් ඩොලර් බිලියන 2ක් වත් නැති බවයි.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ සංවර්ධනය පිළිබඳවත්, එජාපය රට සංවර්ධනය කිරීමට දක්ෂ බව කියන මිත්‍යාව පිළිබඳවත් සංඛ්‍යා ලේඛන ඇසුරින්ම පැහැදිළි කරයි.



යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල සැබැවින්ම සුදු අලි ද...???

[[පහත ලිපිය Ceyline Shipping, Seaspan Ship Management Ltd, Sri Lanka Shipping Company Limited, Ceylon Shipping Corporation Ltd යන ආයතනයන්හි සේවය කර ඇති පළපුරුදු නාවික ඉංජිනේරුවරයෙක් වන විශ්ව චින්තන මහතා විසින් ලියන ලද්දක් වන අතර මෙම වෙබ් අඩවියේ පළ කිරීමට එවා ඇත. ඔහුට අපගේ ස්තුතිය...]]

11745307_982878875076095_6687424855189062638_n[1]

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ගැන ඔබ නොදුටු පැත්තක්...
විනාඩි කිහිපයක් ගෙන කියවන්න...

වෙළඳ නෞකා යනු ලෝක ගෝලයේ මහද්වීප හෝ දූපත් සම්බන්ධ කරන ප්‍රධාන මාධ්‍යයයි.. අනාගත ලෝකයේ වෙළඳ නෞකා ක්ෂේත්‍රය මුහුණ පා සිටින බරපතලම ගැටලුව නම් ඉන්ධන අර්බූධය යි.. ඊට හේතුව ඉන්ධන සංචිත සීග්‍රයෙන් අවසන් වෙමින් පැවතීම... ඊට සමන්තරව තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යෑම... ඉන්ධන සම්බන්ධ පාරිසරික නීතිරීති දැඩිවීම වැනි ගැටලු ය...

මේ ගැටලුව යම් පමණකට ජය ගන්නට නාවික ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අපූරු සොයා ගැනීමක් කළේ ය... ඊට අනුව කුඩා නෞකා රාශියක් වෙනුවට අති විශාල නෞකා භාවිතා කිරීමෙන් අඩු ඉන්ධන ප්‍රමාණයක් දවමින් නෞකා හසුරවන්නන්ට තම අවශ්‍යතා සපුරා ගත හැක...

උදාහරණයක් ලෙස... අඩි 20 බහාලුම් (කන්ටේනර්, TEU) 4000ක් රැගෙන නොට්ස් 18ක (Knot) වේගයකින් යාත්‍රා කරන බහාලුම් නෞකාවක් සදහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දිනකට ටොන් 60ක් පමණ වන විට අඩි 20 බහාලුම් 16,000 ක් රැගෙන යා හැකි අති විශාල නෞකාවක් එම වේගයෙන්ම යාත්‍රා කිරීමට වැයවන්නේ ඉන්ධන ටොන් 160ක් පමණි... ඒ අනුව නෞකා 4ක් වෙනුවට එක් නෞකාවක් යොදා ගැනීමෙන් වන ඉතිරිය දිනකට (ඉන්ධන ටොන් එකක මිල ඇඩො 500ක් හෙවත් රු. 69000/= සලකා) රුපියල් 55න් ලක්ෂයකට අධිකය... මේ ඉතිරිය සුළු පටු නොවන බව තේරුම් ගන්නට තවත් වචන නාස්ති කිරීම අවශ්‍ය නොවේ....

මේ අනුව ලෝකයේ සියලුම ප්‍රධාන බහාලුම් නැව් සමාගම් දැන් දැන් උත්සහ කරන්නේ බහාලුම් 13,000TEU සිට 19,000TEU දක්වා බහාලුම් නෞකා (Mega Container Carriers) තම දිග දුර ප්‍රවාහන මව් නෞකා (Mother Ships) ලෙස යොදා ගැනීමට ය... ඒ අනුව දැනට ලෝකයේ විශාලතම නෞකා පන්තිය 19,200TEU උවද තව වසර දෙකකදී එය 24,000TEUක් දක්වා ඉහළ යෑමට නියමිතය...

නමුත් මෙම අති විශාල නෞකා සදහා තීරණාත්මක අභියෝගයක් ඇත... එනම් මේ සදහා අවශ්‍ය ගැඹුර සහිත වරායන් සංඛ්‍යාව ඉතා අල්ප වීමයි... උදාහරණයක් ලෙස මලක්කා සමූද්‍ර සන්ධිය හරහා රතු මුහුද දක්වා මෙවැනි ගැඹුරු වරායන් ඇත්තේ 2ක් පමණි... ඒ සිංගප්පූරුව සහ කොළඹ දකුණ වරායන්ය...

අනෙක් විශේෂත්වය නම්.. මේ අති විශාල නෞකා හැසිරවිය හැකි ගැඹුරු එකඳු වරායක් හෝ ඇමරිකා, අප්‍රිකා හෝ ඕස්ට්‍රේලියානු මහද්වීපවල නොපිහිටීමයි....

මේ කතාව කෙටියෙන්ම කීවොත්... 13,000TEU ට වැඩි මේ සියලු නෞකා මෙහෙයවීම් සිදුවන්නේ චීනය සහ (ලංකාව අසලින්) බටහිර යුරෝපය අතර ය...

එසේම මේ අති විශාල නෞකා වලින් ලාභ ලැබීමට නම් ඒවායේ හැකි තාක් බහාලුම් පිරවිය යුතුය... එනම් චීනය, කොරියාව, ජපානයේ සිට නැගෙනහිර ඇමරිකාව, බටහිර යුරෝපය, මධ්‍යධරණී කලාපය, අප්‍රිකාව, ඉන්දියාව ප්‍රමූඛ දකුණු ආසියාව, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව දක්වා සහ ඒ අතරත් එමෙන්ම ආපසුත් ගමන් කරන බහාලුම් සියල්ලම පාහේ ඉදිරි අනාගතයේ ප්‍රවාහනය වන්නේ මේ නෞකා මගිනි....

එම කතාව තවත් සරලවම කීවොත්... චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන කන්ටේනරයක් මේ අති විශාල නෞකාවක චීනයේ සිට සිංගප්පූරුව දක්වා රැගෙන එයි... එහිදී සිංගප්පූරුවේ ගොඩබාන කන්ටේනරය ඉහත කී ගමනාන්ත වරායවල් තුළට ඇතුළු විය හැකි කුඩා නෞකාවක් (Feeder Ship) මගින් සිංගප්පූරුවේ සිට අදාළ රටට රැගෙන යයි...

මෙහි විශාලම නාස්තිය නම්... චීනයේ සිට සිංගප්පූරුව දක්වා අදාළ කන්ටේනරය රැගෙන ආ යුරෝපය දක්වා යන විශාල නැවත් (Mother Ship) අදාළ රටට සිංගප්පූරුවේ සිට යන කුඩා නැවත් (Feeder Ship) දෙකම දින කිහිපයක් අනවශ්‍ය විශාල වියදමක් දරමින් එකවර එකටම සිංගප්පූරුවේ සිට ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශය දක්වා මලක්කා සමූද්‍ර සන්ධිය පසු කර යාත්‍රා කිරීමට සිදු වීමයි...

එනම්.. මේ අතිවිශාල නෞකාවට ඇතුළු වීමට හැකි විශාල ගැඹුරු වරායක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තිබෙන්නේ නම් චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන අර කන්ටේනරය සිංගප්පූරුවේ ගොඩබෑමට හෝ සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව අසලට දක්වා අදාළ බහාලුම ගෙන ඒමට අමතර වියදමක් දරමින් තවත් නෞකාවක් අවශ්‍ය නොවේ... ඊට විකල්පයක් ලෙස මේ සදහා දකුණු කොළඹ නව වරාය යොදා ගත හැකි වුවද එහි ප්‍රමාණය මේ කලාපයේ හුවමාරු වන නෞකා සහ බහාලුම් ප්‍රමාණය සමග සසඳන විට ඉතා අවමය...

එම දකුණු කොළඹ වරාය බහාලුම් පර්යන්ත තුනම සහිතව සම්පූරණ වීමේදී පවා හැසිරවීමට හැකියාව ඇත්තේ වරකට විශාල නෞකා 5-6ක් පමණි...

අපේ 'හම්බන්තොට වරාය' කරළියට එන්නේ මේ පසුබිම තුළය...

හම්බන්තොට මාගම්පුර වරාය අවම මීටර්18 ක් ගැඹුරු... එකවර විශාල බහාලුම් නෞකා 18-22 අතර ප්‍රමාණයක් හැසිර විය හැකි... දකුණු ආසියාවේ විශාලතම බහාලුම් පර්යන්තය ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ...

මේ හැකිතාක් කෙටියෙන් සහ සරලව ලියා ඇති කතාන්දරය ගැන දල අදහසක් හෝ ඔබට ඇත්නම්... ''.. හම්බන්තොට නිසා සිංගප්පුරුවේ බිස්නස්වලට වදිනවා.." ''..ඒක නිසා සිංගප්පූරුකාරයා දන්න ශිල්පයක් දාලා මේ වරාය ඉදිකිරීම කඩාකප්පල් කරනවා..'' යන කතාව හිතලුවක් නොවන බව වැටහිය යුතුය...

මේ අනුව ජාත්‍යන්තර නාවික මාර්ගයේ විශාල නෞකා මගින් රැගෙන එන සහ යන ඉන්දියානු අප්‍රිකානු මැදපෙරදිග බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ බහාලුම් මෙහෙයවීමේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් දැනට සිංගප්පූරුවට තනිව උරුම වී ඇති එම ව්‍යාපාරයෙන් අවම වශයෙන් 60% ක් හිමි කරගන්නට හම්බන්තොට වරායට හැකියාව ලැබේ... එය මෙරට ආර්ථිකයට අතිවිශාල දායකත්වයක් දා ලබා දෙනු ඇත....

එමගින් අනාගත නාවික ලෝකයේ ප්‍රධාන මංසන්ධියක් වන හම්බන්තොට ලෝකයේ කාර්යබහුලම වරායන් 10 අතර ට නිසැකවම පැමිණෙනු ඇතැයි ක්ෂේත්‍රයේ විශේෂඥයින් අනාවැකි පළකර ඇත...

ඒ හම්බන්තොට වරායේ කතාවයි....

නමුත් වරායක් හාරා උපකරණ සවි කිරීමෙන් පමණක් වරායක් ක්‍රියාකාරී නොවේ... ඒ හා ජාත්‍යන්තරව බැඳෙන සබදතා සදහා පමණක් නොව ගුවන් සහ නාවික භාණ්ඩ හුවමාරුව (Air & Sea Cargo Exchange) සදහා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වරාය ආශ්‍රීතව අත්‍යාවශ්‍ය වේ... ඒ ගැන විස්තර කිරීමට අවශ්‍යය නැති තරම් සරල කරුණකි...

කෙටියෙන්ම කීවොත්... මත්තල ගුවන් තොටුපළ ගොඩ නැගෙන්නේ ඇඹිලිපිටියේ සිරියාවතීලාට පහසුවෙන් ඩුබායි යෑමටම නොවේ...

ඒ නිසා හම්බන්තොට වරාය සක්‍රීය නැති (තවමත් බහාලුම් පර්යන්ත ඉදි නොවූ) මේ කාලයේ මත්තලින් ඩුබායි යන සිරියාවතීලා ගණන ගණන් කොට ගුවන් තොටුපලේ සාර්ථක බව තක්සේරු කිරීම නොදන්නා කමකි... නැත්නම් මෝඩකමකි... එසේත් නැත්නම් කුහක තක්කඩිකමකි...

එසේම ගුවන් තොටුපළ වැනිම... වරාය හා ගනුදෙනුවලදී අත්‍යාවශය සුපිරි රෝහල් සංකීරණයක්, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති, සම්මන්ත්‍රණ ශාලා වැනි පහසුකම් ද වරාය සමග එකවර ගොඩ නගන්නට පසුගිය සන්ධාන රජය පියවර ගත්තේ හැකි ඉක්මනින් වරාය සක්‍රීය කරවීම සඳහා ය...

ඒ වරායේ සහ ගුවන් තොටුපලේ සරල ස්ටෝරිය යි...

සුජීව සේණසිංහ වැන්නන් මෝඩකමට ද... චම්පික සහ රනිල් වැන්නන් දේශපාලන තක්කඩිකම නිසා ද... මේ හම්බන්තොට 'ඒකාබද්ධ දැවැන්ත ව්‍යාපෘතියේ..' වරාය, ගුවන් තොටුපළ, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති වෙන වෙනම ගලවා ගුණ දොස් විචාරමින් මේ රටේ මිනිස්සුන්ට හගවමින් සිටින්නේ කුමක්ද....????

අවස්ථාවාදී කුමන්ත්‍රණකාරී ඔවුන් බලය ඩැහැ ගත්තොත් සිංගප්පූරු ඩොලර් ප්‍රමාණයකට මේ ජාතික සම්පත සිංගප්පූරු හාම්පුතුන්ගේ හිත සුව පිණිස බිලි දෙන බව නොවේ ද...???? මත්තල පාර වී වේලන්නට ම අතහරින බව නොවේ ද...????

එලැබෙන අගෝස්තු 17 වෙනිදා ඔබේ සහ ඔබේ දරුවන්ගේ 'වල' ඔබ ම විසින් කපා ගන්නවාදැයි තීරණය කර ගැනීමට.... කිරා මැන ගැනීමට මේ කතාවම බොහෝ ප්‍රමාණවත් ය...

වැඩිදුර ඕනැ අයට ප්‍රයෝජනවත් සබැඳි...

හම්බන්තොට වරාය ගැන මාධ්‍ය නොකී කතාව සහ තවත් රහස්
http://www.mahinda.info/2015/07/magampura/

මත්තල ගැන මාධ්‍ය නොකී කතාව
http://www.mahinda.info/2015/04/maththala/

බහාළුම් නෞකා...
http://www.worldshipping.org/about-the-industry/liner-ships/container-ship-design

ලෝකයේ ගැඹුරු වරායන්...
//..When the class (18,000 TEU) was ordered, no port in the Americas could handle ships of their size.[34] Suitable ports include Shanghai, Ningbo, Xiamen, Qingdao, Yantian, Hong Kong, Tanjung Pelepas, Singapore and Colombo in Asia, and Rotterdam, Gothenburg, Wilhelmshaven,[35] Bremerhaven, Southampton, London Gateway, Felixstowe, Gdańsk, Antwerp and Algeciras in Europe. The ships will be too big for the New Panamax sized locks on the Panama Canal,[34] and their main route is expected to be Asia-Europe (through the Suez Canal)..//
https://en.wikipedia.org/wiki/Maersk_Triple_E_class

නෞකාවකට අවශ්‍ය ගැඹුර...
https://people.hofstra.edu/geotrans/eng/ch3en/conc3en/containership_draft_size.html

නෞකාවක ප්‍රමාණයේ වේගයේ සහ ඉන්දන දහනයේ සබඳතාවය...
https://people.hofstra.edu/geotrans/eng/ch8en/conc8en/fuel_consumption_containerships.html

හම්බන්තොට කාර්මික උද්‍යාණය...
http://www.china-investment.org/en/news_show.php?id=27

 

මේ ලිපිය වැදගත්යැයි ඔබත් සිතයිනම් යාලුවන්ටත් කියවා දැනගැනීමට Share කරන්න.

දින 100 ට ගෙතූ බොරු 100 ගැන සති අන්ත පුවත්පත් පිටු පුරා පළවෙයි.

mahinda.info-sri-lanka-reading-newspaper

පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂ විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සංධාන නායකයින්ට එරෙහිව නොයෙකුත් අභූත චෝදනාවන් එල්ල කළෝය. ඒ ආකාරයෙන් රට හමුවේ තබන ලද එහෙත් මෙතෙක් ඔප්පු කර නැති ප‍්‍රකාශ ලේඛණගත කර සති අන්ත පුවත් පත් හරහා ප‍්‍රකාශයට පත් කර තිබේ.

‘දින 100ට ගෙතූ බොරු 100′ ලෙස දැක්වෙන එම දැන්වීමයි මේ. පහත පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න.

boru-100

 

යාලුවන් අතරේ Share කරන්න.

Friday, July 24, 2015

ගෝඨාභය මහතාව යළිත් ආරක්ෂක ලේකම් ලෙස ගැසට් පත්‍රයේ පළවෙයි.

සැයු:: අප මෙය පල කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් අදාල සිද්ධියට ප්‍රතිචාර දැක්වීම උදෙසා නොව, ඒ ආකාරයේම වෙනත් සිදුවීමක් ගැන පැහැදිළි කිරීමට ප්‍රස්තුතයක් වශයෙනුයි.

[1]. 2015-06-19 වන සිකුරාදා රජයේ ගැසට් පත්‍රයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වශයෙන් දක්වා තිබුණා. මූලාශ්‍රය: නෙත් එෆ් එම්. පහත දැක්වෙන්නේ එම ගැසට් පත්‍රයේ අදාල කොටසයි.

gotaa[1]

[2]. ඉන් දින 2 කට පසුව, එලෙස ගැසට් පත්‍රයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පළ වීම "මුද්‍රණ දෝෂයක් හේතුවෙන්" බවට රජය ප්‍රකාශ කර තිබෙනවා. මූලාශ්‍රය: දෙරණ. "මුද්‍රණ දෝශ" නැමැති පුළුල් වපසරියක් ආවරණය වෙන කොටසට එය ලඝු කළත්, එය මුද්‍රණ යන්ත්‍රයේ හෝ මුද්‍රණය කළ පරිගණක පද්ධතියේ දෝශයක් නොව, එම ගැසට් පත්‍රය සකස් කළ හෝ මුද්‍රණය කළ නිලධාරීන් විසින් සිදුවූ "අතපසුවීමක්" බව පැහැදිළියි.

[3]. එලෙස පත්වීමක් ලබාදීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක හෝ වේවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පළකිරීම මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් නීතිමය වශයෙන් වගකීමකට ලක් වෙනවා. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේම මෙලෙස අදාල නීති පනත සඳහන්.
Act-S[1]
[4]. ඒ අනුව "මාගේ නම අයථා ලෙස යොදා ගනිමින් කූඨ ලෙස ගැසට් පත්‍රය සකසා මාව අපහසුතාවයට පත් කළා" කියමින් අවශ්‍යනම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාල යහපාලන අමාත්‍යවරයාට සහ ඔහු පත්කළ යහපාලන නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව තිබුණා.  ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය කාලයේ යහපාලකයින් විසින් ගෙන ගිය මඩ අවලාද ව්‍යාපාරයට (ඒවා මෙතනින්) පිළිතුරක් හැටියට එවැන්නක් කළ යුතු බව බොහෝ අය පවසන්නත් ඇති. අප දන්නා අයුරින් ගැසට් වැරදීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා තියා මාධ්‍ය වෙත කිසිදු ප්‍රතිචාරයක්වත් දක්වා නැහැ. එය පැහැදිළිවම කා අතින් හෝ සිදුවූ අතපසුවීමක් බව පෙනී යන නිසා, "වැරදි සිදුවීම මනුස්ස කම..." නිසාත් එතුමා එය නොසලකා හැරියා.

[5]. එහෙත් මෛත්‍රීය පදනම් කරගත්තායැයි කියන යහපාලන ආණ්ඩුව පසුගිය මාස 6 තුළ හැසිරුණේ කෙසේදැයි ඔබ දන්නවා. උදාහරණයක් ගතහොත් සිරිලිය සවිය ගිණුමේ භාරකරුවන්ගේ හැඳුනුම්පත් අංක අදාල බැංකුව විසින් නිවැරදි ලෙස ඇතුළත් කර නොතිබීම යොදාගනිමින් පසුගිය මාස කිහිපයක් පුරාවටම ශිරන්ති රාජපක්ෂ මහත්මියව දඩයම් කිරීමට යහපාලකයින් උත්සාහ ගත්තා. එය බැංකු නිලධාරීන්ගේ අතින් සිදුවූ අතපසුවීමක් බව අප පවසද්දීත් එජාපය ඊට ඇහුම්කන් දුන්නේ නෑ. මාස 6 ක් තිස්සේ කොතරම් උත්සාහ දරලත් එතුමියව අත් අඩංගුවට ගැනීමට හේතුවක් හොයාගන්නට යහපාලකයින්ට නොහැකි වුණා, සිරිලිය සවිය ගැන කෑ ගැසූ යහපාලකයින් ජනතාව ඉදිරියේ නිරුවත් වුණා.

[6]. අදාල ලේඛන මුද්‍රණය කළ නිලධාරීන් අතින් සිදුවූ වැරදීම් නිසා එම ගැටළු හටගත් බව අප කොතෙකුත් කිව්වත් එජාපය පිළිගන්න සූදානම් වුණේ නෑ. අපි අද අහනවා... රජ‍යේ ප්‍රධානතම ලේඛනය වන සතියකට වරක් පමණක් මුද්‍රණය කරන ගැසට් පත්‍රයත් වරදිනවානම් , දවස පුරාම වෙහෙසෙමින් එක දිගටම බැංකු ගිණුම් වලට ඩේටා එන්ටර් කරන නිලධාරීන්ට වරදින්න බැරිද?

යාලුවන් අතරේ Share කරන්න.

Thursday, July 23, 2015

මහින්ද සුළඟ සමග කුරුණෑගල ජන ගඟ දිගටම ගලයි

මහින්ද රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන මට්ටමෙන් පැවැත්වෙන රැස්වීම් වල පින්තූර මීට පෙර ලිපියකින්ද ඔබ වෙත ගෙන ආවෙමු. පහත දැක්වෙන්නේ මෑතකදී පැවැති තවත් එවැනි ප්‍රාදේශීය රැස්වීම් කිහිපයකුයි.

කුරුණෑගල ආදරණීය ජනතාව ඉමහත් උද්‍යෝගයෙන් යුතුව ජාතියේ අප්පච්චිව මහ ඉහළින් දිනවීමට පෙළගැසී සිටී. එසේම රැස්වීම් වල ආරක්ෂාව සඳහා සීමිත සම්පත් යොදා ගනිමින් පෙරටත් වඩා විධිමත් ක්‍රියාමාර්ග ගෙන තිබූ බව වාර්තා වුණි.

[1]. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ මැතිතුමා සංවිධානය කළ පොල්ගහවෙල ජන හමුව - 19/07/2015

11737920_701773253261267_3157519140031442105_n[1]

11175023_701773239927935_3505156928676327812_n[1]

11760063_701773249927934_9017917164993879892_n[1]

10982083_701773243261268_7908336409373520335_n[1]

 

[2]. වාරියපොල පළාත් අමාත්‍ය ඩී බී හේරත් මැතිතුමාගේ මෙහෙයුම් කාර්යාලයට එක් වූ වාරියපොල ජනතාව 19/07/2015

11695872_701773943261198_5561049894554800519_n[1]

11230913_701773939927865_4575827126319017212_n[1]

10432105_701773929927866_8814738792626851399_n[1]

11752140_701773949927864_2992977777539763269_n[1]

 

[3]. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා සමග මහින්ද රැල්ලේ රොඳ බඳින නිකවැරටිය බලමුළුව... 19/07/2015

11755241_701775029927756_6127052106545944711_n[1]

11182131_701775026594423_8664812098359805392_n[1]

11745604_701775013261091_2568088055003910088_n[1]

 

[4]. හිටපු අමාත්‍ය ටී බී ඒකනායක මැතිතුමා ඇතුළු යාපහුවේ ජනරැල්ල, මහව දී...19/07/2015

11745751_701775896594336_3532315243481182446_n[1]

11752173_701775886594337_5897574650033272593_n[1]

11738000_701775899927669_1614595097662388230_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

රටට සතුරු වෙබ් මාෆියාව නැවතත් කරලියට.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරමින් විදේශ මුදල් මත යැපෙන රටට එරෙහි මාධ්‍ය ඒජන්ත වරුන් වැඩ ආරම්භ කර තිබේ. මොවුන් කෙතරම් සූක්ෂමද කිවහොත් මොවුන්ගෙන් සමහරුන් රාජ්‍ය මාධ්‍ය තුළටත්, තවත් අය සිරිකොතේ සහ අරලිය ගහ මන්දිරයේ සිටත් ජාලගතව මෙහෙයුම් සිදුකරයි.

තවත් මාධ්‍ය ඒජන්තවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ප්‍රබලයන්ට සමීපව සිටින අතර ඔවුන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිමාමක ජනබලය දියාරු කිරීමට උත්සාහ දරමින් සිටී. ඒසෑම ඔවුන් ෆේස්බුක් හරහාද එක්සත් ජනතා නිදහස් සංධානයේ දේශපාලඥයින් නොමග යැවීමටත් උත්සාහ දරයි.

ඔවුන් ගැන සොයාගෙන යාමේදී, පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අමූලික බොරු ගොතමින් වැඩිපුරම මඩ ගැසූ lankaleaks.com , lankaxnews.com යන ඩොමේන් වල අයිතිකරු කවුදැයි මේ වන විට හඳුනාගෙන තිබේ. ඔහු කල්ප පල්ලියගුරුගේ නැමැත්තෙකි.

එජාප ය තුළ සම්බන්ධතා මාර්ගයෙන් ලැබුණ එම තොරතුර සනාථ කරන දෑ අන්තර්ජාලයේත් ඇත. උදාහරණ ලෙස lankaleaks.net නැමැති වෙබ් අඩවිය ලියාපදිංචි කරගෙන තිබෙන්නේ කල්ප පල්ලියගුරුගේ විසිනි. මූලාශ්‍රය: http://whois.domaintools.com/lankaleaks.net

kalpa-palliyaguruge

lankaleaks.com නැමැති වෙබ් අඩවිය "Private Registration" ලෙසට ලියාපදිංචිව ඇති නිසා whois මගින් අයිතිකරුගේ නම බලාගත නොහැකි වුණත් ඊට සමාන domain නාමය කල්ප පල්ලියගුරුගේ වීම සහ එය අපට ලැබුණ අභ්‍යන්තර තොරතුර හා සමාන වීම අනුව දෙආකාරයකටම (double checked) මෙය තහවුරු වී තිබේ. එවැනි වෙබ් අඩවි මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන අදහාගත නොහැකි බොරු පුවත් මවමින් මඩ ගැසීම සිදුකළ අතර ඒවා ප්‍රචාරය කිරීමට විවධ කණ්ඩායම් යොදාගනිමින් facebook ගිණුම් දහස් ගණනක් ද නිර්මාණය කර ඇත.

lankaleaks.com වෙබ් අඩවිය හරහා "යෝෂිත රාජපක්ෂ සහ තජුඩීන්" නම් රගර් ක්‍රීඩකයෙකු අතර යම් ගැටුමක් තිබු බවට ව්‍යාජ පුවතතක් පළකරමින් , හදිසි අනතුරකින් මියගිය එකී තාජුඩීන් ගේ මරණයට යෝෂිත රාජපක්ෂ පැටලවීමට කටයුතු කර තිබුණි. (නමුත් එම චෝදනාව තජුඩීන්ගේ සහෝදරයා තරයේම ප්‍රතික්ෂේප කර ඇති බව asianmirror.lk හි සඳහන් වෙයි. එහි මූලශ්‍රය මෙම ලිපියෙන්) මෙම ව්‍යාජ  පුවත භාවිතා කරමින් යහපාලන රජය යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම උත්සහ කළ බව පසුගිය මාස කීපය තුළ විවධ මාධ්‍ය ඔස්සේ වාර්තාවිය.

මීට අමතරව lankaleaks.com වෙබ් අඩවිය හරහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරහිව මැවූ "රත්තරන් ගණුදෙනුව", නාමල් රාජපක්ෂට එරහිව නැගු "ක්‍රිස් හෝටල්" චෝදනා ඇතුළු බොරු චෝදනා රැසක නිර්මාණ කරු මෙම පුද්ගලයා බව දැනගැනීමට ලැබී ඇත.

කල්ප පල්ලියගුරුට ඇත්තේ අමුතුම පැටිකිරියකි, වසර 2004දී ඔහු පොදුජන එකසත් පෙරමුණේ මැතිවරණ ප්‍රචාරණයේ ප්‍රධාන කාර්ය භාරයක් කරනු ලබන පුද්ගලයෙකි , ඉන් අනතුරුව වසර 2005 දී සහ 2010 ජනාධිපති මැතිවරණ වලදීද මැතිවරණ ප්‍රචාරණ වියපෘතියේ ප්‍රධානතම හවුල් කරුවෙකි. කෙසේ උවද මෙම පුද්ගලයා පින්සිරි කල්ලිය ඉතාම ලගින් ඇසුරු කල අයෙකි .

පුද්ගලික කාරණා හේතු මත රාජපක්ෂ වරුන් සමග උරනවූ කල්ප පල්ලියගුරුගේ, රාජපක්ෂවරුන්ගෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවි, එජාපයේ ආසන සංවිධානයක ධූරයක් ද ලබාගෙන , පසුගිය වසර දෙක තුනකට අසන්න කාලයක් තලදී රහසිගතව විවිධ රාජ්‍ය විරෝදී මඩ වෙබ් අඩවි සහ FACEBOOK (මුහුණු පොත්) භාවිතා කරමින් , මහින්ද විරෝධී මාධ්‍ය නඩය වන රුවන් ෆෙර්දිනාන්දු , දර්ශන සම්පත් සහ චන්දිම විතානආරච්චි කණ්ඩායම සමග එක්වී රාජපක්ෂ වරුන් කෘතිමව හොරු කිරීමේ වියාපාරයේ ප්‍රධාන සැලසුම් කරු ලෙස කටයුතු කළ බව ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇත.

ව්‍යාජ ලෙස මඩ ගසන මාධ්‍ය මෙහෙයුමක් ඉදිරි මැතිවරණ කාලය තුල දී ද නැවතත් සිදුකිරීමට නියමිතව ඇත. එම නිසා ඉදිරියේදී කරලිය එන අභූත චෝදනා සම්බන්දයෙන් එකවර නිගමන වලට නොයන ලෙස හිතාදර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමි .

පසුගිය ජනපතිවරණ සමයේදී අවසන් සති 3 තුල මෙම වෙබ් අඩවි හරහා මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඉතාම සංවිධානාත්මක ආකාරයට අභූත චෝදනා නගමින් පුවත් පළකර තිබුණි. මේවන විට මෙවැනි කණ්ඩායම් සහ කල්ලි , බටහිර රටවල ආශීර්වාදයෙන් එම රටවල සිට සියලුම මෙහෙයුම් සිදුකරන බව දැනගැනීමට ලැබී ඇත.

විශේෂයෙන් මෙම පුද්ගලයා සහ ඔහුගේ කණ්ඩායම විසින් මේවන විට පවත්වාගෙන යනු ලබන විවිධ වෙබ් අඩවි සහ මුහුණු පොත් ව්‍යාජ ප්‍රතිරූප වලට මහින්ද පාක්ෂිකයින් ආකර්ෂණය කරගෙන පසුව අවසාන තීරණාත්මක මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට එරහිව පුවත් පලකිරීමේ සුදානමක් තිබෙන බව අපට ඉතාම විශ්වාසදායක මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇත.

විශේෂ ලියුම්කරු - නාත් බණ්ඩාර

Wednesday, July 22, 2015

අකුරැස්සේදී මහින්දගේ අත අඹරවපු සැබෑ සිදුවීම සහ ජාතික ආරක්ෂාව...

මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් සපයා ඇති ආරක්ෂාව අඩු බවත්, පසුගිය දින කිහිපයේම විශාල ආරක්ෂක ගැටළු ඇතිවුණ බවත් අප දිගින් දිගටම පෙන්වා දුන්නා. ඉදිරි පරාජයක් ගැන බියෙන් සහ දෙගිඩියාවෙන් සිටින ජාතිද්‍රෝහී බලවේග බෙදුම්වාදී බලවේග විවිධ ප‍්‍රකෝපකාරී ක‍්‍රියා භාවිතා කර රාජපක්ෂ මහතාට ඇති ජනතා පිළිගැනීම දිය කර දැමීමට උත්සහ ගනිමින් සිටින අතර එහිදී මහින්ද මහතාට එරෙහිව අපවාද නැගිමට සහ ප‍්‍රකෝපකාරි ක‍්‍රීයා කිරිමට කුළියට මැරයන් සහ එජන්තයන් යොදවා ඇති බව අකුරැස්සේදී පෙනී ගියා.

ඒ ගැන එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදියෙක් වන සංඛ විදානගම මහතා ෆේස්බුක් එකේ දක්වා තිබුනේ මෙලෙසයි.

sanka-vidanagama

ඔහුගේ ෆේස්බුක් ප්‍රොෆයිලය නිරීක්ෂණය කිරීමෙන් ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ සහායකයෙක් නොවන බව පැහැදිළි වේවි. දේශපාලන මතය කුමක් වුවත් වැරදි පුවතක් නිවැරදි කිරීම මගින් සැබෑ ජනමාධ්‍යවේදීයෙකුගේ කාර්‍ය්භාරය ඉටුකළ සංඛ මහතාට ස්තුතියි.

පහත වීඩියෝවේ Quality 480P ලෙස සකසා මුල් තත්ත්පර කිහිපය තුළ සිදුවෙන දෑ හොඳින් නිරීක්ෂණය කර බලන්න. මාධ්‍යවේදී සංඛ විදානගම මහතා පැවසූ ආකාරයටම එතුමාගේ අතින් කවරෙක් හෝ ඇද ඇඹරවීමට හදන හැටි ඔබටත් පසක් වේවි.



වීඩියෝවේ මුල් තත්ත්පර කිහිපය අනුව එතුමාගේ ජීවිතය ඒ වෙලාවේ අනතුරට ලක් වූ බව ඕනම කෙනෙකුට පැහැදිළියි. එවන් අවස්ථාවකට මුහුණ දිය යුත්තේ කෙසේද? අත අදින කෙනාට ඔහෙ ඇදගන්නට ඉඩ දී සෙනගත් සමගම බිම ඇද වැටීමද? මහ හයියෙන් කෑ ගැසීමද? සමහර විට මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසන අයගේ නායකයින් නම් එසේ හැසිරේවි.

ආරක්ෂකයින් සිද්ධියට අවතීර්ණ වන තත්පරයක සුනන්ගුවෙන් සෙනග තෙරපුම නිසා මීට වඩා බරපතල දෙයක් එහි සිදුවීමට ඉඩ තිබුණා.  ගිරුවාපත්තුවේ මහින්ද මහතා මෙහිදී නියම පිරිමියෙක් ලෙස සිද්ධියට මුහුණ දෙනවා. නමුත් එජාප මඩ කල්ලියෙන් කියනවා වගේ එතන කිසිදු පහරදීමක් සිදු නොවන බව වීඩියෝව බැලීමෙන් පැහැදිළියි.

සාමාන්‍යයෙන් වෙනත් නායකයෙක් නම් මෙවන් අවස්ථාවක කරන්නේ ආරක්ෂකයින් වට කරගෙන ක්ෂණයකින් පලා යාමයි. ඒත් මහින්ද රාජපක්ෂ මහතා එම පුද්ගලයාගේ ග්‍රහණයෙන් මිදුණ ගමන්, අඩි දෙකක් පස්සට පැන තියුණු බැල්මක් හෙලමින් අනතුරක් කිරීමට ආ පුද්ගලයා කවුදැයි හොඳින් නීරික්ෂණය කරනවා. තමන් වෙනුවෙන් රැස්වූ ජනතාව ආරක්ෂිත බවත් වැටහුණ පසුවයි එතුමා යන්නෙ. එසේම එතුමා ගිය පසුව එම සිද්ධිය ක්ෂණයකින් අමතක කර දමා කිසිදු වෙනසක් නැතිව සුපුරුදු ලෙස රැළිය අමතනවා. ජීවිතයට අනතුරක් වෙන්න ගිය මොහොතක පවා එය ක්ෂණයකින් අමතක කර දස දහස් සංඛ්‍යාත ජනතාවක් ඇමතීමට එතුමාට මානසික සංයමයක් තිබෙනවා.

එදා කැබිතිගොල්ලෑව බස් රථයට කොටි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මුළු ගමම මළගෙයක් කර තිබුණ මොහොතේ එය ආරංචි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වහාම කැබිතිගොල්ලෑවට යන්නේ ගම තුළ කොටි ත්‍රස්තයින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශයෙන් අනතුරු අඟවලා තිබියදීයි. නමුත් එහි ගොස් ජනතාවගේ දුක බෙදා ගන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත කොළඹට අවුත් කරන්නේ කුමක්ද? ජාතිය අමතමින් ශෝක ප්‍රකාශ කරමින් කල් මැරීමද? නැතිනම් කොටි සමග සාම සාකච්ඡා සිදුකිරීමට උත්සාහ දැරීමද? නෑ..... වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවා සේනා සංවිධානය කිරීමට අණ දෙනවා. අද අප සැබෑ සාමයක් භුක්ති විඳින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ පෞර්ෂත්වය නිසයි.

පහත දෙබස ඔබ කොහෙදි හෝ අසා තිබේද?

"ඔබට යළිත් රජ කුමරෙකුගේ රාජතාන්ත්‍රික භාවය පිළිබඳව කියා දිය යුතුද?"
"රටේ අහිංසක මිනිසුන් මදුරුවන් වගේ ඝාතනය කරනකොට, රාජ්‍යය බිහිසුණු තර්ජනයකට ලක්ව තිබෙනකොට රාජතාන්ත්‍රික සිරිත් විරිත් පමණක් අරක්ෂා කර තිබීමේ ඵලය කුමක්ද?"

තමන්ගේ දේ වෙනුවෙන්, ආත්මාරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නටවත් කොන්ද පන නැති නිවටයින්ට, රටක් ජාතියක් වෙනුවෙන් පෙනී ඉන්න බෑ. ඔවුන්ගේ ඒ පෞර්ෂත්ව දුර්වලතාවය ජාතික වැදගත් කමකින් යුත් තිරණ ගැනීමේදීත් මතු වෙන හැටි අප අත්දැක්කා. පසුගිය මාස 6 තුළ අපේ රටේ ආරක්ෂාව ගැන ඇති වුණේ බියකරු වාතාවරණයක්. 

පහත දැක්වෙන්නේ මැයි මස සිට මේ දක්වා මාස 3 ක් තුළ පමණක් සිදුවුණ සිදුවීම් කිහිපයක්...

[2015/05/12]. මියගිය කොටි සමරමින් මුලතිව් වෙරළේ පහන් දල්වයි lankadeepa.lk

[2015/05/16]. මුලතිව් කොටි සැමරුමක් පැවැත්වෙයි. පසුව එය උසාවියෙන් නවත්වන්න ට සිදුවෙයි. lankadeepa.lk

[2015/05/21]. යාපනයේ හර්තාල්. උතුරේ ප්‍රකෝපකාරී තරුණයින් උසාවියට ගල් මුල් ගසයි. dinamina.lk

[2015/05/27]. උතුරු නැගෙනහිර සිටින සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් විය යුතුයි - විග්නේෂ්වරන් යාපනයේදී කියයි divaina.com

[2015/05/29]. කොටි පාලනය ඉතා හොඳයි.. හමුදාව අල්ලාගත් දා සිට උතුරේ අපට ආරක්‍ෂාවක් නෑ – ඇමතිනී විජයකලා  මහේෂ්වරන් පවසයි Video

[2015/06/01]. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ‍අහෝසි කිරීමට ශ‍්‍රි ලකා රජය පොරොන්දු වී ඇති බව ලෝක ත්‍රස්තවාදය පිළිබඳව නවතම ඇමරිකානු වාර්තාවේ සඳහන් වෙයි. state.gov

[2015/06/02]. එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස්‌ කරගැනීමට විඡේදාස-සුමන්තිරන් හමුවක්‌ divaina.com

[2015/06/06]. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක්‌ ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරයි. divaina.com

[2015/06/08]. උතුරේ සිටින හමුදාව නිසා දෙමළ කාන්තාවන් ආරක්ෂාකාරී නැති බවත් එනිසා හමුදාව ඉවත් කළ යුතු බවත් උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් පවසයි. පොලිස් ඇමති ජෝන් අමරතුංග ඊට එකඟ වෙයි Video 

[2015/06/21]. ඉන්දියානුවන්ට පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර මහා මාර්ගයක්‌ හා දුම්රිය මාර්ගයක්‌ ඉදි කරයි. divaina.com

[2015/06/30]. කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින් දෙන්නෙක් යාපනයේදී හසු වෙයි. lankadeepa.lk

[2015/07/09]. විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයින් වන දිගු දුර විහිදුම් බලකායේ රණවිරුවෙකුට මරණ දඬුවම දී දංගෙඩියට යවයි. rivira.lk

[2015/07/10]. යාපනය පොලිසිය ගලවා ඉවත් කිරීමට සූදානම් බව එජාපයේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පවසයි. asiantribune.com

[2015/07/18] අළුත්ගම බස්නැවතුම් පොළ අසල තිබියදී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි බෝම්බයක් හමු වෙයි. ITN

[2015/07/21]. ක්‍රීඩාලෝලීන්ගේ ගැටුමක් මැඩපැවැත්වීමට නොහැකිව කවදාවත් නැතිව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නවත්වා මුළු රටම අපකීර්තියට ලක් වෙයි. rivira.lk

ලිපිය දිගු වෙන නිසාත් ඔක්කොම මතක නැති නිසාත් බොහොම ටිකයි දැම්මේ... මාස 3 ක් තුළදී පමණක් වුණ දේවල් බලද්දී ලොකු සනීපයක් දැනෙනවා නේද?

නිවසේ තාත්තා නොහොත් අප්පච්චිට මුළු පවුලේම ගෞරවය හිමි වන එක් හේතුවක් වන්නේ තමන්ට හෝ තමන්ගේ දරු පවුලට කවුරු හරි හානියක් කරන්න හදනවානම් රෑ දෙගොඩ හරියක වුනත් එලියට බැහැලා "කවුද බොලව්?" කියල අහන්න කොන්ද පන තියෙන නිසයි. මහින්ද රාජපක්ෂ මැතිතුමත් ජාතියේම "අප්පච්චි" කියල උපහාර ලබන්නේ මුළු රටම තමන්ගේ දරු පවුල ලෙස සලකමින් රට වෙනුවෙන් නැගී සිටීමේ අන්න ඒ පෞර්ෂය නිසා.

අද අපේ රටට අවශ්‍යව තිබෙන්නේ වේදිකාවේ නැගලා අත් වනමින් ඉඟ නටවමින් ඩාන්ස් එකක් පෙන්වන නායකයින් හෝ කාන්තාවන්ට යෝග්‍ය ශරීර සුවතා කරන - ශොපින් යන හැටි ලෝකෙට පෙන්වන නායකයින් නෙමෙයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් නැගී සිටිය හැකි, ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට කිසිදු ලැජ්ජාවකින් තොරව අභිමානවත්ව අණ පිළි පැදිය හැකි, රටේ සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තරයට හිස නොනමා තීරණ ගත හැකි කොන්ද පන ඇති නායකයෙකුට මේ මොහොතේ ජාතියම විසින් කැඳවීමක් කර තිබෙනවා.....

ඔබත් එසේ සිතයිනම් Share කර යාලුවන් අතරේ බෙදා හරින්න.

Tuesday, July 21, 2015

මහින්ද, ගෝඨාභය මහත්වරුන් පදිංචි ප්‍රදේශයේ සන්නද්ධ පුද්ගලයින් හසු වී අත් අඩංගුවට...

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අවදානම් තත්ත්වයක් ඇතිවී ඇති බව මීට පෙර ලිපියකින්ද අප පෙන්වා දුන්නෙමු.



අද දින මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි මිරිහාන ප්‍රදේශයෙන් හමුදා සෙබළුන් සමඟ වෑන් රියක් අත්අඩංගුවට පත් වී තිබේ. ඒ සම්බන්ධයෙන් දෙරන වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තිය මෙලෙසයි.
මේජර් ජෙනරාල්වරයෙකු‍ගේ යැයි කියනු ලබන යුද හමුදාවේ සාමාජිකයින් තිදෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන ප්‍රදේශයේ සැරිසරමින් තිබූ සැකකටයුතු සුදු පැහැති වෑන් රථයක් පරීක්ෂා කිරිමේදී එහි සිටි මෙම යුද හමුදාවේ සාමාජිකයින් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඊයේ රාත්‍රී 7.30ට පමණ පොලීසිය විසින් මෙම සැකකටයුතු වෑන් රථය පරීක්ෂා කළ බවයි.

අදාළ වෑන් රථය තුළ සිට ඇත්තේ යුධ හමුදාවේ සේවය කරන සිවිල් ඇඳුමින් සැරසුරූ පුද්ගලයින් තිදෙනෙකු බවත්, ඔවුන් සතුව පැවති ගිනි අවියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද දෙරණට කියා සිටියේය.

මෙම සැකකරුවන් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේදී තමන් මේජර් ජෙනරාල්වරයෙකුගේ පෞද්ගලික ආරක්ෂකයින් ලෙස කටයුතු කරමින් සිටින බව පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

කෙසේ වෙතත් මේ වන විට පොලීසිය විසින් යුධ හමුදා පොලීසියට දන්වා ඇත්තේ ඔවුන් ගමන්ගත් සුදු පැහැති වෑන් රථය සහ එහි අංක තහඩුව යුධ හමුදාවට අයත්දැයි යන්න වග සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි.

මීට අමතරව පොලීසියට හමුවූ ගිනි අවිය අදාළ පුද්ගලයින් විසින් සඳහන් කළ මේජර් ජෙනරාල්වරයාගේ පරිහරණයට ලබාදුන් එකක්ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලීසිය විසින් යුධ හමුදා පොලීසියට දන්වා තිබේ.

එම වාර්තා අද දහවල් 2.00 වන විට පොලීසිය වෙත නොලැබුණහොත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත්කරන බව මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-මූලාශ්‍රය: adaderana.lk

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක විජයානන්ද හේරත් මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය.

wijayananda-herath

Share  කර යාලුවන්වත් දැනුවත් කරන්න.

Monday, July 20, 2015

මහින්ද ඝාතනයට කොටි සාමාජිකයින් 3 ක් කුරුණෑගලට ඇවිත් - මූලාශ්‍ර සියල්ලම මෙන්න...

මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන හිටපු ජනාධිපතිවරයෙකුට හිමි ආරක්ෂාව ඉවත් කරන ලෙසට මේ දින වල දිගින් දිගටම යහපාලන ආණ්ඩුව සහ ඔවුන්ට සහාය දෙන උදවිය පැමිණිළි කරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප කණ්ඩායම් නායක අකිල විරාජ් කාරියවසම් විසින් මෙලෙස මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කර ඇත.  මූලාශ්‍රය

මීට අමතරව වික්‍රමබාහු කරුණාරත්නගේ (ඔහුගේ අරමුණ කුමක්දැයි ඔබට අමුතුවෙන් කීමට ඇවසි නොවේ) නව සමසමාජ පක්ෂයෙනුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන ලෙස ඉල්ලමින් පැමිණිළි කර ඇත. මූලාශ්‍රය. මොවුන් මේ සැරසෙන්නේ කුමකටද?

[1]. මේ ගැන අපට මුල්ම සාක්ෂිය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පතේ 2015/07/18 දිනැති ලිපියකිනි. මූලාශ්‍රය: lankadeepa.lk
mahinda-ltte

(i). එය මහින්ද රාජපක්ෂ මහතාගේ පුවත්පතක් වුණිනම් එය බැරෑරුම් ලෙස ගන්නා මෙන් අපි ඔබෙන් නොඉල්ලමු. එහෙත් එක්සත් ජාතික පක්ෂයටම සම්බන්ධ එවන් පුවත්පතකින්ම පුනරුත්ථාපනය නොවුණ කොටි කුරුණෑගලට ඇවිත් යැයි බුද්ධි අංශ වාර්තාවක් පළ කර තිබෙද්දී එය ලෙහෙසියෙන් නොසලකා හැරිය හැකිද?

(ii). අනෙක් අතට වැල්වැටිතුරෙයි යනු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් බිමයි. - wikipedia.org කුරුණෑගල යනු කොටි සංවිධානය පරාජය කළ රණවිරුවන් වැඩිම බහුතරය සිටින ප්‍රදේශයයි.

(iii). සිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ මස්සිනා ය. - mawbima.lk එම 'මව්බිම' පුවත්පත් ලිපියේම දැක්වෙන පරිදි ඔහු දිවුරුම් දුන්නේත් ප්‍රභාකරන් අවසන් ගමන් ගිය වෙල්ලමුල්ලිවෛක්කාල් වලදීය. ඔහු කලකට පෙර LTTE සංවිධානය සමග සබඳතා පවත්වන බවට චෝදනා පවා එල්ල වී තිබුණි. එසේම ඔහු දෙමළ සංධානයේ හිටපු මන්ත්‍රීවරයෙකි. මහින්ද රාජපක්ෂ මහතා තරග වදින කුරුණෑගලින් සිවාජිලිංගම් තරග වදින්නේ තමන් අනිවාර්යයෙන්ම පරාජය වෙන බව දැන දැනමයි. ඔහුට උතුරෙන් ඉල්ලා දිනීමට හැකියාව තිබියදීත් ඔහු ස්වෙච්ඡාවෙන්ම මෙලෙස පරාජයට පත් වීම සඳහා කුරුණෑගලට පැමිණෙන්නේ ඇයි?

 

[2]. පුනරුත්ථාපනය නොවූ කොටි නිදැල්ලේ සිටින්නේ කෙසේදැයි ඔබටත් සිතෙනවා ඇති. ඒ ගැන සොයමින් යද්දී පහත දැක්වෙන ප්‍රවෘත්ති අපට හමු විය.

ආරක්ෂාව ඉවත් කළේ කුමකටද? දිවයින පුවත්පත 2015/04/02ltte


මේ හමුව කුමකටද? දිවයින පුවත්පත 2015/06/02ltte


[3]. රාජිත සේනාරත්න අමාත්‍යවරයාද පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී , මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගානේ රැස්වීම් තිය තියා යාම ළඟදීම නතරවෙනු ඇති බවට ප්‍රකාශ කළේය.



[4]. මහින්ද රාජපක්ෂ මැතිතුමාට සපයා තිබූ නිල වාහන ගණනාවක් ඉවත් කර මේ වන විට ඇත්තේ වාහන 6 ක් පමණි. එතුමාගේ ආරක්ෂකයින්ට යන්න එන්න වාහන ලබා දී නැත. - rivira.lk එනිසා එතුමා යන වාහනය දැනගැනීමට සතුරන්ට හැකියාව ලැබී තිබේ.

[5]. පෙරේදා දිනයේදී අලූත්ගම බස්නැවතුම්පොළ අසල තිබියදී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි බෝම්බයක් හමුවී තිබේ. මෙම බෝම්බය අලූත්ගම බස් නැවතුම්පොළ අසල කණුවක් පාමුල දමා ගොස් තිබියදි ත්‍රී රෝද රථ රියදුරෙකු කල දැනුම්දීමක් අනුව අලුත්ගම පොලිසිය සහ බොම්බ නිශ්ක්‍රීය අංශ පැමිණ එය නිශ්ක්‍රීය කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ දිනයේ ගාල්ලේ රැස්වීමකට යාම සඳහා මෙම ගමන් ප‍්‍රදේශ හරහා ගමන් කළ අතර මෙය ඔහු ඉලක්ක කර තැබූවක්දැයි සැක පල වෙමින් තිබේ. මෙම සිද්ධිය ස්වාධීන රූපවාහිනිය විසින් විකාශණය කල අයුරු..



එය බෝම්බයක් බවටම ස්වාධීන රූපවාහිනියෙන් පැහැදිළිවම වාර්තා කර තිබියදී, පසුව චීන පටස් එකක් බවට ප්‍රචාරය කෙරෙමින් පවතී. එය සැඟවීමට ඇවසිව ඇත්තේ කුමක් නිසාද?

[6]. හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ වෛද්‍යවරයා සහ සාත්තු සේවිකාවත් 2015/06/19 වන විට ඉවත් කර ඇත. - divaina.com

ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා, මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජීවිත අවදානම සම්බන්ධයෙන් 2015 ජූනි 09 වන දින පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත. මූලාශ්‍රය

එම පොලිස් පැමිණිල්ලෙන් ප්‍රමාණවත් ප්‍රතිඵලයක් නොලැබීම ත්, මහින්ද මහතාගේ ඉතිරි ආරක්ෂාවත් ඉවත් කරන ලෙස එජාපය සහ ජවිපෙ මැතිවරණ කොමසාරිස්වරයාට දිගින් දිගටම පැමිණිළි කිරීමත් නිසා ජනිපෙ මොහොමඩ් මුසම්මිල් මහතා අද දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් මේ ගැන පැමිණිළි කළේය. මූලාශ්‍රය

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ආරක්‍ෂාව සපයා ඇත්තේ දේශපාලන හේතු මත නොව, එතුමාට එල්ල වී තිබෙන ජීවිත තර්ජන පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශ මගින් වාර්තා ඇති නිසයි. ඉහත දක්වා ඇති ලංකාදීප ලිපිය ඊට කදිම සාක්ෂියකි.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටත් අනෙකුත් අපේක්ෂකයින්ට වඩා විශේෂ ආරක්‍ෂාව ලබා දී තිබේ. ඔහු කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප‍්‍රසාද භුක්ති විඳිමින් ඇතැම් අවස්ථාවල නිල ඇඳුම පවා ඇඳගෙන අපේක්‍ෂකයකු ලෙස පෙනී සිටී. එතුමාට ආරක්ෂාව සපයා තිබීම ගැන අපගේ කිසිදු විරුද්ධත්වයක් ද නැත. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තවත් අඩු කරන්න කියන අය කිසිම අවස්ථාවක ෆොන්සේකා මහතාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියලා ඉල්ලන්නේ නැත.

2015_May_10_7[1]

පුද්ගලයෙක් ජනප්‍රියව සිටියදී ඔහුගේ ජීවිතය අහිමි කළහොත් එවිට ඔහුගේ මතවාදය අමරණීය වෙයි. බෙදුම්වාදී බලවේග වලට එවැන්නක් අනවශ්‍ය නිසා ඔවුන් කාලයක සිට සිදුකරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතය ඝාතනය කිරීමට උත්සාහ දැරීමයි.  මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව බිහිසුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින්නේ ඒ අනුවයි.

ගෙවුනු දසක දෙක ඇතුළත මෙරට ජනප්‍රිය දේශපාලන නායකයන් ඝාතනය සඳහා නිර්මාණය වූ සමාජ හා දේශපාලන වටපිටාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වටා අද වන විට ප්‍රතිනිර්මාණය වෙමින් පවතී.

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.