Mahinda Rajapaksa: මහින්ද ඝාතනයට කොටි සාමාජිකයින් 3 ක් කුරුණෑගලට ඇවිත් - මූලාශ්‍ර සියල්ලම මෙන්න...

Monday, July 20, 2015

මහින්ද ඝාතනයට කොටි සාමාජිකයින් 3 ක් කුරුණෑගලට ඇවිත් - මූලාශ්‍ර සියල්ලම මෙන්න...

මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන හිටපු ජනාධිපතිවරයෙකුට හිමි ආරක්ෂාව ඉවත් කරන ලෙසට මේ දින වල දිගින් දිගටම යහපාලන ආණ්ඩුව සහ ඔවුන්ට සහාය දෙන උදවිය පැමිණිළි කරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප කණ්ඩායම් නායක අකිල විරාජ් කාරියවසම් විසින් මෙලෙස මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කර ඇත.  මූලාශ්‍රය

මීට අමතරව වික්‍රමබාහු කරුණාරත්නගේ (ඔහුගේ අරමුණ කුමක්දැයි ඔබට අමුතුවෙන් කීමට ඇවසි නොවේ) නව සමසමාජ පක්ෂයෙනුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන ලෙස ඉල්ලමින් පැමිණිළි කර ඇත. මූලාශ්‍රය. මොවුන් මේ සැරසෙන්නේ කුමකටද?

[1]. මේ ගැන අපට මුල්ම සාක්ෂිය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පතේ 2015/07/18 දිනැති ලිපියකිනි. මූලාශ්‍රය: lankadeepa.lk
mahinda-ltte

(i). එය මහින්ද රාජපක්ෂ මහතාගේ පුවත්පතක් වුණිනම් එය බැරෑරුම් ලෙස ගන්නා මෙන් අපි ඔබෙන් නොඉල්ලමු. එහෙත් එක්සත් ජාතික පක්ෂයටම සම්බන්ධ එවන් පුවත්පතකින්ම පුනරුත්ථාපනය නොවුණ කොටි කුරුණෑගලට ඇවිත් යැයි බුද්ධි අංශ වාර්තාවක් පළ කර තිබෙද්දී එය ලෙහෙසියෙන් නොසලකා හැරිය හැකිද?

(ii). අනෙක් අතට වැල්වැටිතුරෙයි යනු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් බිමයි. - wikipedia.org කුරුණෑගල යනු කොටි සංවිධානය පරාජය කළ රණවිරුවන් වැඩිම බහුතරය සිටින ප්‍රදේශයයි.

(iii). සිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ මස්සිනා ය. - mawbima.lk එම 'මව්බිම' පුවත්පත් ලිපියේම දැක්වෙන පරිදි ඔහු දිවුරුම් දුන්නේත් ප්‍රභාකරන් අවසන් ගමන් ගිය වෙල්ලමුල්ලිවෛක්කාල් වලදීය. ඔහු කලකට පෙර LTTE සංවිධානය සමග සබඳතා පවත්වන බවට චෝදනා පවා එල්ල වී තිබුණි. එසේම ඔහු දෙමළ සංධානයේ හිටපු මන්ත්‍රීවරයෙකි. මහින්ද රාජපක්ෂ මහතා තරග වදින කුරුණෑගලින් සිවාජිලිංගම් තරග වදින්නේ තමන් අනිවාර්යයෙන්ම පරාජය වෙන බව දැන දැනමයි. ඔහුට උතුරෙන් ඉල්ලා දිනීමට හැකියාව තිබියදීත් ඔහු ස්වෙච්ඡාවෙන්ම මෙලෙස පරාජයට පත් වීම සඳහා කුරුණෑගලට පැමිණෙන්නේ ඇයි?

 

[2]. පුනරුත්ථාපනය නොවූ කොටි නිදැල්ලේ සිටින්නේ කෙසේදැයි ඔබටත් සිතෙනවා ඇති. ඒ ගැන සොයමින් යද්දී පහත දැක්වෙන ප්‍රවෘත්ති අපට හමු විය.

ආරක්ෂාව ඉවත් කළේ කුමකටද? දිවයින පුවත්පත 2015/04/02ltte


මේ හමුව කුමකටද? දිවයින පුවත්පත 2015/06/02ltte


[3]. රාජිත සේනාරත්න අමාත්‍යවරයාද පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී , මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගානේ රැස්වීම් තිය තියා යාම ළඟදීම නතරවෙනු ඇති බවට ප්‍රකාශ කළේය.



[4]. මහින්ද රාජපක්ෂ මැතිතුමාට සපයා තිබූ නිල වාහන ගණනාවක් ඉවත් කර මේ වන විට ඇත්තේ වාහන 6 ක් පමණි. එතුමාගේ ආරක්ෂකයින්ට යන්න එන්න වාහන ලබා දී නැත. - rivira.lk එනිසා එතුමා යන වාහනය දැනගැනීමට සතුරන්ට හැකියාව ලැබී තිබේ.

[5]. පෙරේදා දිනයේදී අලූත්ගම බස්නැවතුම්පොළ අසල තිබියදී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි බෝම්බයක් හමුවී තිබේ. මෙම බෝම්බය අලූත්ගම බස් නැවතුම්පොළ අසල කණුවක් පාමුල දමා ගොස් තිබියදි ත්‍රී රෝද රථ රියදුරෙකු කල දැනුම්දීමක් අනුව අලුත්ගම පොලිසිය සහ බොම්බ නිශ්ක්‍රීය අංශ පැමිණ එය නිශ්ක්‍රීය කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ දිනයේ ගාල්ලේ රැස්වීමකට යාම සඳහා මෙම ගමන් ප‍්‍රදේශ හරහා ගමන් කළ අතර මෙය ඔහු ඉලක්ක කර තැබූවක්දැයි සැක පල වෙමින් තිබේ. මෙම සිද්ධිය ස්වාධීන රූපවාහිනිය විසින් විකාශණය කල අයුරු..



එය බෝම්බයක් බවටම ස්වාධීන රූපවාහිනියෙන් පැහැදිළිවම වාර්තා කර තිබියදී, පසුව චීන පටස් එකක් බවට ප්‍රචාරය කෙරෙමින් පවතී. එය සැඟවීමට ඇවසිව ඇත්තේ කුමක් නිසාද?

[6]. හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ වෛද්‍යවරයා සහ සාත්තු සේවිකාවත් 2015/06/19 වන විට ඉවත් කර ඇත. - divaina.com

ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා, මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජීවිත අවදානම සම්බන්ධයෙන් 2015 ජූනි 09 වන දින පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත. මූලාශ්‍රය

එම පොලිස් පැමිණිල්ලෙන් ප්‍රමාණවත් ප්‍රතිඵලයක් නොලැබීම ත්, මහින්ද මහතාගේ ඉතිරි ආරක්ෂාවත් ඉවත් කරන ලෙස එජාපය සහ ජවිපෙ මැතිවරණ කොමසාරිස්වරයාට දිගින් දිගටම පැමිණිළි කිරීමත් නිසා ජනිපෙ මොහොමඩ් මුසම්මිල් මහතා අද දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් මේ ගැන පැමිණිළි කළේය. මූලාශ්‍රය

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ආරක්‍ෂාව සපයා ඇත්තේ දේශපාලන හේතු මත නොව, එතුමාට එල්ල වී තිබෙන ජීවිත තර්ජන පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශ මගින් වාර්තා ඇති නිසයි. ඉහත දක්වා ඇති ලංකාදීප ලිපිය ඊට කදිම සාක්ෂියකි.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටත් අනෙකුත් අපේක්ෂකයින්ට වඩා විශේෂ ආරක්‍ෂාව ලබා දී තිබේ. ඔහු කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප‍්‍රසාද භුක්ති විඳිමින් ඇතැම් අවස්ථාවල නිල ඇඳුම පවා ඇඳගෙන අපේක්‍ෂකයකු ලෙස පෙනී සිටී. එතුමාට ආරක්ෂාව සපයා තිබීම ගැන අපගේ කිසිදු විරුද්ධත්වයක් ද නැත. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තවත් අඩු කරන්න කියන අය කිසිම අවස්ථාවක ෆොන්සේකා මහතාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියලා ඉල්ලන්නේ නැත.

2015_May_10_7[1]

පුද්ගලයෙක් ජනප්‍රියව සිටියදී ඔහුගේ ජීවිතය අහිමි කළහොත් එවිට ඔහුගේ මතවාදය අමරණීය වෙයි. බෙදුම්වාදී බලවේග වලට එවැන්නක් අනවශ්‍ය නිසා ඔවුන් කාලයක සිට සිදුකරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතය ඝාතනය කිරීමට උත්සාහ දැරීමයි.  මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව බිහිසුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින්නේ ඒ අනුවයි.

ගෙවුනු දසක දෙක ඇතුළත මෙරට ජනප්‍රිය දේශපාලන නායකයන් ඝාතනය සඳහා නිර්මාණය වූ සමාජ හා දේශපාලන වටපිටාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වටා අද වන විට ප්‍රතිනිර්මාණය වෙමින් පවතී.

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

23 comments:

  1. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙවර මහ මැතිවරනයට ඉදිරිපත් වෙන බවට මුලදී ඉඟි පළ කර තිබුණත් එතුමා ඉදිරිපත් වූයේ නෑ. ඊට හේතුව තමන්ගේ ආදරණීය සොයුරාට ඇති අවදානම සලකා සම්පූර්ණ කාලයම ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට සිදුවෙන නිසා විය හැකියි. එදා කොටි ත්‍රස්තවාදයට එරෙහිව තම සොයුරාට දකුණු අත මෙන් ශක්තියක් වූ සහෝදර ප්‍රේමය මෙවර සොයුරාගේ ජීවිතය රැක ගැනීම සඳහා කැප කිරීම පැසසිය යුතුයි.

    ReplyDelete
  2. The west and India and diaspora will not let Mahinda to take back their business of oil reserves along the lines of LTTE map. Champika and Rajitha rather want to see Mahinda end than their loss.

    Also Champika the man who did most political parties changed person on earth after Rajitha Senaratne.

    Can we create contests like these ???

    His parties were

    JVP
    JATHIKA CHINTHANAYA
    JANATHA MITHURO WITH mangala samaraweera
    SINHALA WEERASEKARA WIDHANAYA
    SINHALA URUMAYA
    HELA URUMAYA
    UPFA
    DNF hansaya
    YAHAPALANAYA PERAMUNA
    UNPGG
    UNP nomination under elephant

    Let's start a competition,

    HOW LONG WILL IT TAKE CHAMPIKA AND RAJITHA TO JOIN TNA OR IS?
    UNP

    Lest send mahinda autograph for the winners in such contests.

    Another contest idea predict what will Ranil do to hide bond scam in new parliament ?
    Ask Maithree to adjourn parliament. Yes or no.

    Etc

    ReplyDelete
  3. ගොටාභය මහත්මයා හිටියට රාජ්‍ය බලය නැතිව එතුමන්ට කරන්න පුළුවන් බම්බුවක් නැහැ. උපදෙස් දෙන්න පුළුවන් එච්චරයි. ඉස්සරත් අපේ සිංහලයෝ මේ වගේ දවල් හීන වලින් හිත සනසගන්න හදනකොට කොටිය ඩෝං ගාල වැඩේ දීල මාරුවෙනවා. හමුදා බංකරයක් දැම්මම මායිම් ගම්මානේ මෝඩ ගොවියෝ හිතනවා දැන් ඔකොම හරි කියල පු* උඩ දාගෙන නිදා ගන්නවා. රෑ ට කොටි අනිත් පැත්තෙන් ඇවිල්ල ගමම කැති ගාල යනවා... මතකයි නේ.

    මහින්ද මහත්මයා කොක්කෙන් නැත්නං කෙක්කෙන් ඉවත් කරන්න මුළු ලෝකෙම බලං ඉන්නවා. සියලුම අදිරාජ්‍යවාදී බලවේග , කොටි , බලලෝභී දේශපාලකයන් සිල්ලන්ගේ පැතුම මහින්ද සහ ඔහු වටා ඇති සියලු බලවේග සදහටම ජනතාව තුලින් ඉවත් කර දැමීම. රනිල් කියන "රාජපක්ෂ පවුලේ සියල්ලන් වල දැමිය යුතුය" කියන භයංකාර වාක්‍යය කිසිසේත්ම සිතින් ඉවත් කල නොහැකිය. මේ කියන්නේ තරුණයන් දහස් ගණනක් වධ දී මරා දැමු , කොටි , CIA , RAW ඇතුළු සියලු විනාශකාරී බලවේග වල ආශීර්වාදය ලැබූ බටලන්දේ පප්පා බව මතක තබා ගත යුතුය.

    දේදුනු විප්ලවයක් කර ජනවාරි අට කෙක්කෙන් මහින්ද ඉවත් කරත් ඔහු නොයන නිසා ලේ වැගිරුන විප්ලවයක් මගින් කොක්කෙන් ඔහු ඉවත් කර දැමීමට සියලු සැලසුම් දැනටමත් හදා අවසන් වී තිබිය හැක.

    මහින්ද මරා දැමුවත් බහුතරයක් වූ සිංහල ජනතාව "අනේ අපොයි" කියා කම්මුලේ අත තබා ගෙන ගෙදර ගොස් බුදිය ගෙන පසුදා වැඩට යනවාට වඩා යමක් නොකරන බව දන්නා මේ බලවේග ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමට කිසි සෙත් පසුබට නොවන බව නම් කිව හැකිය.

    ReplyDelete
  4. මිනීමරු කොටි ත්‍රස්තවාදයේ ජාත්‍යයන්තර ජාලය හරහා ක්‍රියාත්මක වන කොටි ත්‍රස්ත හිදවාදීන්ට අවශ්‍යව ඇත්තෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ව යුධ අපරාධ කරා වූ මිලේච්ඡ නායකයෙකු වශයෙන් ජාත්‍යයන්තරව හංවඬු ගසා එතුමාට දඬුවම් පැමිණවීමටය. ඒ මිනීමරුවන්ගේ එම මිනීමරු උත්සහය ක්‍රියාත්මක කිරීම සදහා මේ රටේ වර්තමානයේ පවතින යමපාලන දේශපාලු නරුමයන්ගෙනුත් ප්‍රබලම සහයෝගයක් ලැබෙන බව ඇස් පනා පිටිම එළිවෙමින් පවති.මේ නරුම දෙපිරිසට ම ඔවුන්ගේ එම නරුම හා පහත් අවශ්‍යතා වෙනුවෙන් මිය ඇදෙමින් පැවති රටකට නැවතත් ජීව ප්‍රාණය දුන් වෙදදුරෙකු වූ අපේ මහින්ද රාජපක්ෂ ලොවක් මවිත කරා වූ සේනාධිනායකයාගේ ජීවිතයට හෝ දේශපාලනයට අඹ මල් රේණුවක තරමක හෝ අනතුරක් උවහොත් මේ රටට හා රටබේරා දුන් තම නායකයාණන්ට ආදාරය,ගෞරවය දක්වන මහා ජන බළකාය කොටි හිතවාදී නරුමයන් සමඟ මරාගෙන මැරෙනු ඇත.

    එහෙත් අපගේ දකින්නෙ එක් දෙයකි.එය වෙන කිසිවක් නොව මහින්ද රාජපක්ෂ අපේ සදාදරණීය නායකයාට ජවිතයම වශයෙන් හෝ දේශපාලනික වශයෙන් කිසිවෙකුටවත් නිය පිඩකින්වත් හානියක් කිරීමට නොහැක.එසේ කිරීමට පැමිණන නරුමයන් කර ගන්නෙ තමුන්ටම වල කපා ගැනීමක් පමණි.

    යමයෝ පන්නමු
    මිහිඳුන් සුරකිමු

    ReplyDelete
  5. Lanka SenewirathnaJuly 20, 2015 at 9:11 PM

    මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට මරණ තර්ජනයක් ඇති බව අතිශයින්ම විශ්වාසී තොරතුරු මත දැනගන්නට ලැබී තිබේ. එතුමන් සහභාගී වන රැස්වීමකදී වෙඩි පහරකින් එතුමාගේ ජීවිතය තුරන් කිරීමට සැලසුම් කර ඇතැයි අපගේ විශේෂ වාර්තාකරු අපවෙත දන්වා ඇත. මහින්ද මහතා මැතිවරණයට ඉදිරිපත්වීම වළකන්නට ගත් සියලුම උත්සාහයන් ව්‍යවර්ථ වු නිසා කෙසේ හෝ මැතිවරණයට පෙර එතුමාගේ ජීවිතය තුරන් කර හෝ බෙදුම්වාදී සිහින සැබෑ කර ගැනීමට මොවුන් ඕනෑම ආකාරයක ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම්ව ඇත. පසුගිය මාසයේදී රනිල් වික්ක්රමසිංහ සහ රාජිත සේනාරත්න යන දෙදෙනාම පුන පුනා කල ප්‍රකාශයක් අපට මෙහිදී සිහිවේ.
    "හොඳම වාහන මහින්ද මහත්තයට දීල තියෙන්නේ. තව ඕන නම් තව ආරක්ෂාව ඉල්ලන්න. අපි දෙන්නම්. "

    මොවුන් මෙසේ කීවද මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කීවේ එතුමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් දී නොමැති බවත් ලබා දී ඇති ආරක්‍ෂක නිලධාරීන්ටද ප්‍රමාණවත් පහසුකම් දී නොමැති බවත්ය.
    එසේ නම් මොවුන් එසේ කීවේ ඇයි?
    අරමුණ දැන් පැහැදිලිය. ප්‍රබාකරන්ගේ මස්සිනා වන ශිවාජිලිංගම් උතුරේ සිට කුරුනෑගලට චන්දය ඉල්ලන්නට එන්නේ ඇයි? ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ඉලක්ක කරගෙනය. ශිවාජිලිංගම් කුරුනෑගලින් මැතිවරණයට ඉදිරිපත්වන නිසා ඔහුට අවශ්‍ය ගෝල බාලයින්ද එහි ගෙන්වා ගැනීමට ඉන් අවකාශ ලැබෙනු ඇත. (මැතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත්නොවී ශිවාජිලිංගම් ලාට අවශ්‍ය පිරිස් එහි ගෙන්වාගන්නට ගියා නම් ජනතාවට ඔවුන් පිලිබඳ සැක ඇතිවිය හැකි නිසා මෙම උපක්‍රමය යොදා ඇත) යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් උවහොත් එය, මහින්ද පාක්ෂිකයන්ම මවා පානා බොරු භීෂණයක් බව කියන්නටද රනිල් ප්‍රමුක බෙදුම්වාදී කල්ලිය සුදානමින් සිටින බව දැනගන්නට ඇත. ඒ සඳහා පෙර සුදානමක් ලෙස "තව ආරක්ෂාව ඕනනං ඉල්ලන්න" යයි කියා යම් සිදුවීමක් වු පසුව "අපි කිව්වනේ තර්ජන තියේනම් ආරක්ෂාව ඉල්ලන්න කියලා " යයි කියා ශේප් වීමට රනිල්ලාට හැකිය. එපමණක් නොව, "මහින්දට උනෙත් ප්‍රේමදාසට උණු දේමයි. තමන්ට තර්ජන තිබෙන බව පෙන්වන්න ඔහුම සුදානම් කල වෙඩික්කරුවෙක් (හෝ බෝම්බ කරුවෙක්) සුළු තුවාල සිදුවන ලෙස නොව ජීවිතයම නැතිවන ලෙස ඔහුට වෙඩි තබලා" යයි කටකතාවක්ද පතුරුවා ජනතාව නොමග යවන්නටද රනිල් ප්‍රමුක නඩය සුදානම්ය. මංගල සමරවීර ඔහුගේ කටකතා බලකායට අළුතෙන් 5000 ක පිරිසක් බඳවා ගන්නේද ඒ සඳහාය.

    ජනතාවනි, මේ එළඹ තිබෙන්නේ තවදුරටත් නිහඬව බලා සිටිය හැකි මොහොතක් නොවේ. නැගිටින්න..ක්‍රියාකාරී වන්න..

    අපි අපේ නායකයාව බේරා ගමු.!
    දැනුවත් වන්න.
    සියලු දෙනාම දැනුවත් කරන්න.
    දේශපාලන වේදිකාවේ මේ ගැන කතාකරන්න.

    ReplyDelete
  6. මහින්ද මහතාට අත තිබ්බොත් තොපිත් මරාගෙන මැරෙනවා, අද ඒකට මහින්ද හද දිනු සැවොම ලැස්තියෙන්, පඹ ද්‍රෝහියෝ ඔහේ කැමතිද එය සිද්දවෙනවට, වහාම අප ජනතාවට උත්තර දීපිය සුනකයෝ, නැත්නම් උඹටත් ස්වභාව දර්මයා ඒ දඩුවම
    දෙනවා අනිවර්යයෙන්ම,

    ReplyDelete
  7. මැතිදුට හතුරෝ ඇතිබව කවුරුත් දනිතී,
    තිසරන බලෙන් එතුමා රැකදෙනවා ඇතී,
    අණ වින කලොත් , කරනාවුන් රට දනිතී,
    නොගොරවා හෙන ගහපන් යයි මම යදිතී.
    මේ --රට වෙනුවෙන් --

    ReplyDelete
  8. Editor, I think MR HIMSELF is making a mistake by not participating in TV and Radio programs.

    Last election also we saw fashion rallies with spending lot of time and no good speeches took time of many people. Now people use technology Facebook, media, talk show and debates. They are popular. Opponents use these mediums to exploit misinformation, and false allegations such as corruption as in last time. This time they should not get a free pass. MAHINDA CAMPAIGN MUST ANSWER THEM NOT JUST IN MAHINDA.INFO BUT BY CHALLENGING ON OPEN DEBATES, And in a controlled LIMITED manner MR HIMSELF ON PROGRAMES. That would boost his popularity.

    Notice how Maithree did his misleading ....first by going to Satana program of Sirasa owned by Diaspora.

    Otherwise think of more effective research based proven communication strategies adopted by western and Indians.

    Ranil' s bond scam and economic mismanagement and national security gives the game to Mahinda in a platter.

    So far besides WIMAL WEERAWANSA we don't see effective message. The 25,000 minimum salary
    Was attractive. Remember it's don't remember things beyond 2 weeks. Give something to remember.

    Also notice how many media outlets giving 10 to 1 advantage to Ranil.

    ReplyDelete
  9. කතා කර කර ඉඳලා මදි. මේවගේ වෙලාවක සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ. මහින්ද මහතා යන එන සෑම තැනකම "විශේෂයෙන් පුහුණු කරන ලද" ඔත්තු කරුවන් විශාල වශයෙන් යුතුයි. නිකම්ම නිකම් තරුණ කොල්ලෝ කෙල්ලෝ වට පිට බල බලා හිටියට හරියන්නේ නැ. ඒක උදව් වෙයි, නමුත් සම්පුර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ නැ. හොඳ අවබෝධයක් හා පුහුණුවක් තිබිය යුතුයි. නිකම්ම ඔහේ වට පිට බල බලා හිටියට වැඩක් නැ. කොහොම මොන ආකාර වලින් මහින්ද මහතාට තර්ජන එන්න පුලුවන්ද කියන එක නිතර විමසිල්ලෙන් කල්පනා කරන්න ඕනේ. උදාහරණයක් විදිහට, ත්‍රස්තවාදියෙක් හිතන විදිහට අපි හිතලා බලන්න ඕනේ කොහොමද "මම" මහින්ද මහතාට හානියක් කරන්නේ කියලා. එතකොට අපිට තේරෙනවා එක එක විදිහේ උපක්‍රම. අන්න ඒ උපක්‍රම ගැන අපි හිතලා ඒවාට පියවර ගන්න ඕනේ. ඔය ඇවිල්ල ඉන්න කොටි ත්‍රස්තවාදියෝ වගේම උන්ට උඩගෙඩි දෙන අපේම සිංහල හිඟන්නෝ පිටිපස්සේ අපේ කට්ටිය පය 24 පුරා තියන්න ඕනේ. උන් සල්ලි වලට අම්මා වුනත් විකුණන හිඟන්නෝ. එතකොට ඒගොල්ල දැනගන්නවා කට්ටිය ඒ අය දිහා බලා ඉනා බව. එතකොට ඒ ගොල්ලන්ගේ සැලසුම් වැඩ පරක්කු වෙනවා, අහුවෙනවා . අපිට දැන් අවශ්‍යයි කාලය අපේ පැත්තට ගන්න. අගෝස්තු 17-19 වැනිදා වෙනකම් විතරයි මේ විදිහට හැසිරෙන්න වෙන්නේ, තව මාසයකටත් අඩුයි. මහින්ද අගමැති වුනු පසු, නියම ලෙස ආරක්ෂාව නැවත ලබා දිය හැකියි.

    රැස්වීම් තියන පැතිවල. වේදිකාව ඉලක්ක කරගෙන සිටිය හැකි, ඈත ඇති ගොඩනැගිලිවල snipers ලා සිටිය හැකියි. ඒවා ගැන හැම විටම සෙවිල්ලෙන් සිටිය යුතුයි. අවාසනාවට සෑම කෙනෙක්ම, සෑම දෙයක්ම ගැන සැකයෙන් බැලීමට මෙහිදී සිදුවෙනවා. එවිට ඒකත් මහින්ද මහතා වෙත ඇති ආදරය අඩු කිරීමට පාවිච්චි කල හැකි දෙයක් බවට පත් වෙනවා. ඒක මහින්ද මහතාට අවාසියි. ඊට අමතරව මහින්ද මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් එයි යන බිය මිනිසුන් තුළට ගිය විට, ඒ රැස්වීම් වලට එන්න මිනිස්සු බිය වෙනවා. එවිට ඒ අයට බොරු කියලා ආයෙත් රවටලා UNP එකට චන්දෙ ගන්න ලේසියි. ඒ නිසා මේක හරිම බැරෑරුම් තත්වයක්. ගෝඨාභය වැනි අයෙකුට මේ ගැන ඉතාම බැරෑරුම්ව සිතා දෙපැත්තම බේරෙන විදිහට පියවර ගන්න වෙනවා.

    ඒ අතරතුර මේ ගැන ජනතාව දැනුවත් කර මහින්ද මහතාගේ ආරක්ෂාව සඳහා එතුමා කිට්ටුවට යාමට අවසර දිය නොහැකි බව "ඉතා කාරුණිකව" කියා දෙන්න අපට සිදු වෙනවා. නැතිනම් මිනිස්සු මහින්දගේ සහ වටේ ඉන්න පිරිසගේ ඔලුව ඉදිමිලා කියලා වැරදි වැටහීමක් අරගෙන කලකිරිලා යනවා. මිනිස්සුන්ට මේ කටයුත්තේදී "ඉතාම කාරුණිකව" කරුණු පහදා දීම ඉතාම වැදගත්. ඒ වගේම එතුමාගේ ගමන් බිමන් කතා කරන තැන් , ජනතාව අතරට යන තැන් කිසිවක් කල් තියා සැලසුම් නොකළ යුතුයි, ඒවා කල යුත්තේ ක්ෂනිකාවයි. රැස්වීම් සංවිධායකවරුවත් ඒ ගැන හරිහැටි නොදන්නේ නම් වඩාත් සුදුසුයි. ඒ ගැන ඔවුනට කියා දිය යුතුයි.

    ReplyDelete
  10. There was a talk about establishing a private security squadron to protect MR. Please publish the account details. We need to protect MR there is no point in analysis's if things go wrong! What is important above anything else is MR's security!

    ReplyDelete
  11. Dear Dr.Jeewani, Thank you for your comment. I will show this to the relevant person who could do something.

    ReplyDelete
  12. Sampath VithanageJuly 21, 2015 at 4:49 AM

    ශ්රී ලංකාව යුද අධිකරණයට ගෙන යන්නයි
    අත්සන් දසලක්ෂයක පෙත්සමක්


    උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ගේ ජාති ඝාතන යෝජනාව සාක්ෂියක් ලෙස දක්වමින් ශ්රී ලංකා රජය හා හමුදාව ජාත්යන්තර අධිකරණය වෙත යොමු කරන්නැයි රටින් බැහැර ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය පසුගිය සිකුරාදා (17 දා) අත්සන් දසලක්ෂයක් සඳහන් පෙත්සමක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් වෙත ඉදිරිපත් කර ඇත. 02 පිටුව

    මෙම පෙත්සමේ ජ්යෙෂ්ඨ හමුදා නිලධාරින් 12 කගේ නම්ද සඳහන් කර තිබේ. ශ්රී ලාංකිකයන් 91087 ක් මෙම පෙත්සමට අත්සන් කර ඇති බවද ඉන්දියානුවන් 699281 ක්ද ඊට දායක වී ඇතැයිද පෙත්සමේ දැක්වේ.

    මෙකී පෙත්සම මගින් වත්මන් ජනාධිපති, හිටපු ජනාධිපති, හිටපු හමුදාපතිටද චෝදනා එල්ල කර ඇත.

    ශ්රී ලංකා රජයට එරෙහිව කරුණු අටක් එම පෙත්සමට ඇතුළත් කර තිබේ.

    ශ්රී ලාංකික ද්රවිඩයන් තුන් ලක්ෂයක් ඝාතනය කර ඇති බවද ශ්රී ලංකා රජය හා හමුදාවේ වගකිවයුතු පිරිස් ජාත්යන්තර අධිකරණය හමුවට පමුණුවන ලෙසද එම හදිසි පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    මේ අතර ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ සැප්තැම්බර් 15 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්වන ශ්රී ලංකාවට එරෙහිව යුද අපරාධ වාර්තාවෙන් පසු යුද අපරාධ චෝදනා එල්ලවී ඇති පිරිසට සම්බාධක පැනවීම සඳහා තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බටහිර රටවල් සැලසුම් කර ඇති බවයි.

    divaina 2015.07.21

    ReplyDelete
  13. Sampath VithanageJuly 21, 2015 at 4:55 AM

    එක් ප්රබලම සිදු වීමක් වූයේ දෙමළ ජාතික සන්ධානයෙන් ප්රතික්ෂේප වීම හේතුවෙන් හිටපු කොටි කණ්ඩායමක් "ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්" යෑයි පවසමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටීමය.
    දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේයෑයි කීවද දෙමළ ජනතාවගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් ඔවුන් මෙතෙක් කිසිවක්ම සිදු කර නොමැති බව කියමින් හිටපු කොටි රැළ හෙවත් ප්රජාතන්ත්රවාදී සටන්කාමීන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇත.
    මෙකී ප්රජාතන්ත්රවාදී සටන්කාමීන් යෑයි කියන නාමයේම ඇත්තේ පැහැදිලි ගන්ධබ්බභාවයකි. මන්ද දෙමළ ජාතික සන්ධානයට ආඩපාලි කියමින් මෙසේ තරග බිමට පිවිස සිටිනුයේ හිටපු කොටි රැළක් බව පැහැදිලි වුවද ඔවුන් ප්රජාතන්ත්රවාදීන්ද සටන්කාමීන්ද යන්න එම පක්ෂ නාමයෙන් තහවුරු නොවන බැවිනි.
    මේ මොහොතේ උතුරෙන් මතුව ඇති දෙමළ ජාතික සන්ධානයට එරෙහි කොටි විරෝධයේ තත්ත්වය එසේ වෙද්දී තවත් කණ්ඩායමක්ද පෙරට පැමිණ සිටිති. ඒ ගඡේන්ද්රකුමාර් පොන්නම්බලන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික පෙරමුණ වේ.
    මේ සියල්ලෙන් පැහැදිලි වන එකම කරුණ වන්නේ අද මෙරට දෙමළ දේශපාලනයේ පැහැදිලි බේදීමක් ඇති වී තිබෙන බවය. නමුත් සුවිශේෂීම තත්ත්වය වී තිබෙන්නේ ඔවුන් අතරේ බෙදීමක් තිබුණද මේ සියලු කණ්ඩායම් බෙදුම්වාදය වෙනුවෙන්ම පෙනී සිටීමය.
    වර්තමානයේ මෙරට දෙමළ දේශපාලනයේ (විශේෂයෙන් උතුර නැගෙනහිර) සැබෑ තත්ත්වය එසේ වෙද්දී පසුගියදා තවත් අපූරු දෙයක්ද සිදු විය. ඒ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියක්ද සමග පැමිණ මෙවර මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස කුරුණෑගල දිස්ත්රික්කයෙන් තරග කිරීමට ඉදිරිපත් වීමය.
    උතුරේ දේශපාලනය මතගැටුමක් සමඟ උණුසුම් වී ප්රභාකරන්ගේ සහචරයන් ප්රභාකරන්ටම කඩේ ගිය දෙමළ ජාතික සන්ධානයෙන් ප්රතික්ෂෙප වෙද්දී ප්රභාකරන්ගේ මස්සිනා මෙසේ සියල්ල පසෙක දමා දකුණට පැමිණ කුරුණෑගල දිස්ත්රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේ කුමක් නිසාද?
    "අපේ ජාතියේ සතුරා මහින්ද රාජපක්ෂ. අප ඔහුට අභියෝගයක් විය යුතුයි. මෙවර මැතිවරණයට මහින්ද පැමිණෙන එකට විරෝධය දැක්වීමක් වශයෙනුයි අප කුරුණෑගල දිස්ත්රික්කයෙන් තරග කරන්නට තීරණය කළේ. මහින්ද සාධකය පරාජය කළ යුතුයි. ජාති ඝාතනයට එරෙහි විය යුතුයි.."
    කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව ෂිවාජිලිංගම් සිය අරමුණ පැහැදිලි කරනුයේ එලෙසිනි. ඔහු මෙහිදී අපේ ජාතිය යෑයි කියනුයේ දෙමළ ජාතියටය. ජාති ඝාතනය ලෙස අර්ථ දක්වනුයේ ත්රස්තවාදය අවසන් කිරීම බවද පැහැදිලිය.
    ෂිවාජිලිංගම්ලාගේ කුරුණෑගලාගමනය එසේ වෙද්දී ඉකුත් සතියේ මෙරට දේශපාලනය අරබයා සිදු වූ තවත් විශේෂිත සිදුවීමක්ද විය. ඒ මේ රටේ ඡන්දදායකයන් වෙනුවෙන් හිටි හැටියේම යුරෝපා සංගමයට කිරි එරී තිබීමය.

    එසේ එරුණු කිරෙන් තන බුරුලු බරවී තිබූ යුරෝපා සංගමය අවසානයේ ඉකුත් සතියේ ඡන්දය දීම පිළිබඳ මේ රටේ අහිංසක ජනතාව දැනුවත් කරන්නට යෑයි පවසා රුපියල් කෝටි දාහතාමාරක අති විශාල මුදලක් මෙරට එක්තරා එන්ජීඕ සංවිධානයකට පොම්ප කරනු ලැබුවේ ප්රසිද්ධියේමය
    කෙසේ වෙතත් මේ සියලු සිදුවීම් ගෙන බැලීමේදී මේ මොහොතේ කුරුණෑගල දිස්ත්රික්කය යනු ශ්රී ලංකාවේ ජනප්රියම දිස්ත්රික්කය බවට පත්ව තිබෙන බව නම් ඉතා පැහැදිලි වන්නේය. ජාත්යන්තර ප්රජාවගේ සිට සියලු දෙනාගේ ආකර්ෂණය ඇත්තේ කුරුණෑගලටය.

    ReplyDelete
  14. Sampath VithanageJuly 21, 2015 at 4:56 AM

    oba hari..mokada apitath oya athdakeematama muhuna denna una..

    ReplyDelete
  15. මහින්ද මැතිදුන්ට ජීවිත තර්ජන ඇති බවට කටකතා රට පුරාම යද්දී මේ ලිපිය පල වුනේ. ප්‍රබාකරන් මිය ගියත් ආරක්ශාවට තර්ජන හැමදාම තිබුනා. නාම යෝජනා වලින් පසු එය විශාල තර්ජනයක් වන බව ඉතා පැහැදිලියි.

    අවදානම මැද මහා ජන රැලි සහ දිගු කතා වලට වඩා මුලු රටම ආදරය කරන එතුමාගේ ජීවිතය රැක ගැනීම වටිනවා.

    වෙනත් පලාත් වලට එතුමාට ආරාධනා කරන අපේක්ශකයින්, තමන් තෝරා ගත් විශ්වාසනීය පිරිස පමණක් එකතු කර, ගොඩනැගිලි තුල, ඉතා දැඩි ආරක්ශාව මත පමණක්, එතුමා ගෙන්වීම වඩාත් හොදයි.

    එතුමා කතා පවත් වන විට, වෙඩි නොවදින වීදුරුවක් සහිත පෝඩියම් එකක් පසුපස සිට කතා කිරීම සුදුසුයි.

    ආරක්ශක නිලධාරීන් පමනක් නොව, ජනතාවද දැනුවත් කරන්න නාදුනන අය සහ පාර්සල් ගැන අවදියෙන් සිටින්නත්, වාර්තා කරන්නත්.

    අබයාරාම යෙන් ඉල්ලීමක් කලා එතුමාව ආරක්ශා කරන්න එකතු වෙමු කියලා. බොහෝ දෙනා Account Number ඉල්ලා එව්වා. දැනුත් විශාල පිරිසක් සූදානමින් ඉන්නවා එතුමා රැක ගැනීමේ වැඩ පිලිවෙලට ශක්තියක් වෙන්න.

    ReplyDelete
  16. මහින්ද මහත්තය වෙනුවෙන් පුද්ගලික ආරක්ශක සේවාවක් යෙදවීමේ හැකියාවක් තිබෙනවානම් ඒ සදහා මුදලින් දායක වීමට පවා සූදානම් අය අපේ රටේ ඕනෙ තරම් ඉන්නවා. තව මාසයයිනෙ,එතුමාගෙ ආරක්ශාව අනිවාර්යයි. වහාම යමක් කල යුතුයි.අපි නොකා නොබී හො මුදලින් දායක වෙන්නම්. යමක් කරන්න.

    ReplyDelete
  17. Gota is a specialist about security. This is his turn use his brain. all he has to do is to plan the best plan for protecting Mahinda (and himself for that matter) I don't think money will matter. This is the most critical period. The other thing is we have to protect Mahinda's gang also. Its not a very wise idea for all of them to gather together in every meeting.

    ReplyDelete
  18. මෙහි කමෙන්ට්ස් පල කර ඇති සියලු හිතවතුන්ගේ ඉතා වටිනා අදහස් කෙරේ දැඩි අවධානය යොමු කර, අපේ මහින්ද මැතිඳුන් රැක ගැනීමට ගත හැකි සියලු පියවර නොපිරිහෙලා ගන්නා මෙන් ඉල්ලා සිටිමි.කිසි සේත්ම මෙය සැහැල්ලුවෙන් ගත හැකි තත්වයක් නොවේ.
    එතුමාට ඇති මේ බරපතල ජීවිත අවදානම ගැන එතුමාම මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කර,විමල්,දිනේශ්, උදය,වාසු ප්‍රමුඛ සන්ධානයට එතුමා වෙනුවෙන් රැස්වීම් පැවත්වීමට ඉඩ හැර කලින් මෙන් එතුමා රැස්වීම් වලට නොයා සිටිනවා නම් තරමක් දුරට හෝ මේ අවදානම අඩුකර ගත හැකි වනු ඇත.
    කිසිසේත්ම අපට ඔබතුමා නැති කර ගත නොහැක.ඒ; සින්හලයාගේ හා මෙරට දෑ හිත කාමී සුවහසක් ජනයාගේ ප්‍රාණය රැඳී ඇත්තේ ඔබ තුමාගේ හදවත තුල බැවිනි.
    අභයාරාමයේ ගරුතර ස්වාමීන් වහන්සේ අපේ මහින්ද ජනපතිඳුන් රැක ගැනීමට යම් වැඩ පිලිවෙලක් අරඹා ඇත්නම් ,ඊට දායක වීමට අපි එක සිතින්ම සූදානම්.හිතවත් දිනූ, A/c no එක දන්නවා නම් කියන්න.

    ReplyDelete
  19. Its better if President Rajapakse stay away from crowded rallies, and as one suggested he go on media more often. .

    There are ways to interact and communicate more effectively than public rallies. That's old fashion.

    I liked wima weerawansa upfa press conferenc, on face book his page. He revealed ........

    Arjun Mahendran was sending containers of items to LTTE, as BOI CHAIRMAN and it was discovered and he fled to Singapore to avoid investigations.

    Ravi Karunayagam another LTTE SUPPORTER asked two Diaspora agents to obtain army head quarters b lue map.

    Ranil can say he scammed the band money with Arjun to do UNP election work and pay salaries for the million jobs he promise to create, some of them he plan to cate in moon and pluto.

    ReplyDelete
  20. Ranil is a notorious serial loser of elections.

    Can you imagine champika and rajitha are running behind his potatoes.

    Champika, rajitha do not stand for anything SO THEY FALL FOR EVERYTNG.

    At least go after TNA.

    I SINCERELY THINK REV. SOBHITHA, AND REV. RATHANA HAVE GOOD INTENTIONS. BUT SELECTING POLITICS IS NOT THE MIDDLE PATH.

    Buddha said his teaching will disappear if monks don't practice what the Buddha taught. Notice how Sirasa and other talk shows trying to discs it Buddhism using these monks and BBS.

    Lastly what don't we see Buddhist principles in election manifestos, like panca seela, and as sinhalese why we still don't have our own governing system, as we did for 2000 years. Why do we need, American democracy, British west minister system or Marxism of Russia.

    ReplyDelete
  21. HOPE UPFA LEARNS FROM Premadasa at Armer street and gamini dissanayake at thotalanga.

    ReplyDelete
  22. SEENADIE NAYAKATUMANIE APAGE PIEYA RAJATUMANIE OUBATUMA KATHAKARANAWITA WIEDIE NOWADINA VIEDURUWAK TULASITA KATHAKARANNA.WEDIE DAWASAK NEHA THWA MASAYAIE.

    OBATUMA APAEE MEE MULU LOOKAYIEMA MINIESUNGEE AAWISA ARAN JEEWATH WENN OONA.OBAWA MEE LOKAYA PALANAYA KARANA SIYALU DEWIE DEEWATHAWOO AARACHA KARATHWA.
    GOOTABAYA TUMANIE APPIE RAJATUMAWA AARACHA KARALA DENNA.

    ReplyDelete
  23. මීගමු මල්ලිAugust 3, 2015 at 1:29 AM

    මහින්ද මාමාව රැස්වීම් මැද මිනිස්සු අතර ඇවිදින්න සලස්වන්න එපා. අතින් එක එකා අදිනකොට උග්‍ර විෂක් වුනත් තවරන්න පුලුවන්. බටයකට විෂ ගල්වපු තුඩක් දාල ඈත ඉඳන් පිඹින්නත් පුලුවන්.
    කොහොම වුනත් මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න ඉස්සෙල්ල මගෙ පෞද්ගලික මතය වුනේ ත්‍රස්තවාදයට වඩා ප්‍රශ්ණයක් වන අවස්ථාවාදී සිංහලයන් මේ රටින් අතුගා දැමිය යුතු බව. නැතිනම් ත්‍රස්තවාදීන් වැනසුවත් වැඩක් නෑ. ඊට වඩා නිවටයන් රට වනසනව. එක යූ එන් පී කාරයෙක් කිවුව ත්‍රස්තවාදියෙක් ඇවිල්ල රු. ලක්ෂ දෙකක් දුන්නොත් ඌ කියන ඕන තැනකට බෝම්බයක් තියනව කියල. ඉතින් මුං අපි අතර හායි මචං එල එල කිය කිය ජීවත් වෙලා වැඩක් නෑ. සිංහල ජනගහනයෙන් බාගයකට වඩා ද්‍රෝහීන්. උන්ව වනසන්න ඕනෙ.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.