මාස 6 ක් වැනසූ රට දින 30 කින් නැවතත් ගොඩ නගන, සංධානයේ දින 30 කඩිනම් වැඩසටහන.

එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ට අමතරව, නව රජය බලයට පත් වී දින 30 ක් තුළ අරඹන නඩිනම් වැඩසටහනක් ද එළි දක්වා තිබේ. පහත දැක්වෙන්නේ “අනාගතයට සහතිකයක් – සංක්ෂිප්තය” නමැති එම වැඩසටහනයි.

යාලුවන්ටත් කියවා බැලීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මාස 6 ක් වැනසූ රට දින 30 කින් නැවතත් ගොඩ නගන, සංධානයේ දින 30 කඩිනම් වැඩසටහන.

  • Sampath Vithanage

    එක පිළයි එක රටයි – එජාපය වගේ කැඳහැළියක් නෙවෙයි

    සන්ධානය යනු එක්සත් ජාතික පක්ෂය වගේ කැඳහැළියක් නොවන බවත්, එහි ඇත්තේ එක පිළක් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    “එක පිලයි එක රටයි” එම පිළ බවද හිටපු ජනාධිපතිවරයා හෙන්රිප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‍එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් කියා සිටියේය.

    මාස 6ක් ඇතුළත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවද, පවත්නා මැතිවරණ ක්‍රම වෙනුවට රටට නව මැතිවරණ ක්‍රම හඳුන්වා දෙන බවද, කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා ගම්සභා ක්‍රමය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බවද පැවසුවේය.

    කොටින්ම, අසමත් රාජ්‍යයේ සිට සමත් රාජ්‍යයක් අතරට ශ්‍රී ලංකාව ගෙනගිය බව කියා සිටි හිටපු ජනාධිපතිවරයා රනිල් මේ ර‍ටට එක ජයග්‍රහණයක් හෝ ගෙනත් දී තිබේද ලෙසත් එහිදී විමසා සිටියේය.

    කොටස් වෙළඳපොළ කඩා වැටී ඇති බවත්, ව්‍යාපාරිකයින්ට අවශ්‍ය දිරිදීම් මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බවද රාජපක්ෂ මහතා පැවසීය.

    වයස අවුරුදු 18 වැඩි තරුණයෙකුට හා තරුණියකට රුපියල් 50,000 බැගින් ලබාදෙන බවද ඒ මහතා කියා සිටියේය.

    එසේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සිසුන්ට රුපියල් 10,000ක් ලබාදීමට ද මහපොළ දීමනාව රුපියල් 6000 දක්වා වැඩි කරන බවද ඔහු පැවසුවේය.

    අපි බාරගන්නා විට සියයට 3ක් වූ පරිගණක සාක්ෂරතාව දැන් ඊටත් වඩා වැඩි බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මැතිවරණයේදී පරිගණක ඥානයෙන් අපිටත් ෆේස්බුක් හරහා පාඩමක් උගෙනීමට හැකිවූ බවත්, ඒ මහතා කියා සිටියේය.

    සෑම නිවසකටම බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබාදී තරුණ පරපුර ඔන්ලයින් වෙළඳපොළට ඇතුළු කිරීමට බලාපොරොත්තු වෙන බවත්, රට නවීකරණයට තරුණයා එක්ක යන ගමනක් ආරම්භ කරන බවත්, හිටපු ජනාධිපතිවරයා පැවසීය.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස කොත්තමල්ලි සහ කහ අඩු කළ අය වැයක් අපි ‍නොගෙන එන බවත්, අපි හදන්නේ සහල් මිලේ සිට කුකුළු මස් මිල දක්වා ආහාර ද්‍රව්‍යවලට සාධාරණ මිලක් නියම කිරීමට බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

    සෑම පවුලකටම නිවසක් ලබාදෙන්න බලාපොරොත්තු වෙන බවද,
    මධ්‍යම පන්තියේ අයට ගෙයක් තනාගැනීමේ සිහිනය තවදුරටත් සිහිනයක් නොකරන බවද කියා සිටි ඒ මහතා සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 58,000ක් නැවතී ඇති බවද පැවසීය.

    එම ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවද, තමාගේ විශ්වාසය රට අවුරුදු 25ක් ආපස්සට හැරවුණ බව යැයිද ඔහු කියා සිටියේය.

    තවද රාජ්‍ය සේවකයාට නිදහසේ වැඩකරන්න පුළුවන් වාතාවරණය යළි ඇති කර ඔවුන්ගේ ගෞරවය රැකෙන අයුරින් වැඩකළ හැකි පරිසරයක් සකසන බවද කියා සිටි හිටපු ජනාධිපතිවරයා අපි කවදාවත් රාජ්‍ය සේවකයින් රැවටීමට ලක් කර නැති බවද ප්‍රකාශ කළේය.

    ඒ අනූව රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප රුපියල් 25,000 දක්වා වැඩිකරන බවද
    පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප රුපියල් 3000කින් වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරන බවද පැවසීය.

    මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර තිබුණේ “අනාගතයට සහතිකයක්” යන තේමාවෙනි.

    මෙම අවස්ථාව සඳහා මහ සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, සන්ධානයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

  • NR

    Can the party say something about the news today – giving free Wi Fi by UNP gov. Some one should respond to this adequate as this promise can divert lot of votes to UNP.( after all we all know these are fake promises )

  • Rata wenuwen

    “කිව්වොත් කරන , කෙරුවොත් කියන” එඩිගති ඇති අපෙ ජනනායක තුමනි, ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය , අපි බලාපොරොත්තුවු අයුරින්ම එලිදැකීමෙන් අපේ ගතට සිතට දැනුනෙ අසීමිත සතුටක්, ” බඩටත් , සාක්කුවටත්” ඔබ කදිමට සන්ග්‍රහා කර ඇත.
    අපේ ජය නියතයි, කිසිම හිවල් අමනයෙකුට, රුකඩ ද්‍රොහියකුට වත් එය නැතිකරන්න අපි ඉඩ තියන්නෙ නැහැ,ඉඩ දෙන්නෙත් නැහැ. ඒ සුබ අනාගතයට රට වෙනුවෙන් අපෙන්ද සහතිකයක්
    ජයෙන් ජයම වේවා!!!

  • මා දන්නා ඉතිහාසය තුල (UNP) ඩී එස් සේනානයක මැතිතුමා ගෙන් හැර, රටට සෙතක් කල කිසිවකු නැතැයි සිතමි.
    එසේම (SLFP) බන්ඩාරනායක මහතා එම මැතිනිය යන දෙදෙනාගෙන් පසු, මයින්ද රජය බිහිවන තුරු රටට සෙතක් සිදුවීයයි නොසිතමි. කවුරුන් කෙසේ කීවත් අද මාහට මෙම කටයුත්ත මෙසේ කිරීමට හැකියාව ලැබුනේ සිංහල රජයේ භාෂාව කලහෙයිනි.එසේහෙයින් ශ්‍රීමත් බන්ඩාරණාායක මැතිදුන්ට මම ගෞරව කරමි. බන්ඩාරනායක මැතිනියද ශ්‍රීමා/ ඉන්දිරා ගිවිසුම් මගින් අපේ දේශයට යහපත් වැඩකොටසක් ඉෂ්ට කල අයෙකි. අනතුරැව 1977 සිට ඔබතුමා බලයට පත්වන තුරැ රට කලුවලාවකින් වැසීගියේය. අනතුරැව ඔබ විසින් එම කලුවලාව ඉවත්කිරිමට සමත්වීය. මා දකිනා සත්‍ය මෙයි.නැවත් අපේ අභාග්‍යකට නරිරැලක් රට ඩැහැගන්නලදී, මා ඔබතුමාට එම වරද පටවමි, මන්ද අද බාලයන්ව ඔබතුමා විස්වාසකලනිසා ජනවාර 08 ඔබට දින මෙම තත්වයට මුන දීමට සිදුවිය. මෙම සියලු කාරණා සැලකිල්ලට ගනිමින් මම මෙම යෝජනා කිහිපය ඉදිරිපත්කිරීමට අදහස් කලෙමි.
    1) පඩි වැඩි කිරීම් නොව එම වැඩිකිරීමට යොදන මුදලින් අත්‍යාවශය භාන්ඩවල මිල පහත හෙලීම
    2) රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්තිර වෟර්තිකයිනට නිවාඩුද සහිතව මාසික වේතනයක් ස්තිරව හිමිවේ. එනමුත්
    එදිනෙදා කුලියක් කරමින් ජීවිතය ගැටගසාගන්නාට මේ කිසවක් නොමැත,නමුත් ඔහුගේ අවශ්‍ය තාවයන්ද ඔබටද
    මටද පොදුවේ බලපායි. එහෙයින් ඔවුන්ටද ජීවත්විමට පහසුවනු පිනිස වේතන ඉහල දැමීමක් නොව භාන්ඩවල
    මිල පහත දැමීම වටී.
    3) ඉන්ධන සම්බන්ධව ගත්කල ලීටරයට කිලෝමීටර් 5/6 පිච්චෙන සුකෝප භෝගී වාහන සදහා බදු අයකිරීමටත්
    දුප්පතාගේ cc100ට නොවැඩි මොටර් සයිකල්.ත්‍රී වීලර්,මරුටි වැනි වාහන සදහා අඩුමිලකට ඉන්ධන සැපඊමත්
    තුලින් මධයම පන්තියට යහපතක් සිදුකල හැක
    මාහට පෙද්ගලිකව ඔබගෙන් ලබාගනීමට යමක් නොමැතිබව අවධාරණය කරන අතර බාල පරපුරට
    ජීවත් වීමට රටක් අවශයවේ. මෙවැනි කරුනු කාරණා බොහෝ වන නමුත් මා මෙය මෙතනින් නිමා කරමි.
    ඔබසිටියොත් අපටද රටක් ඇත යන තේමාව යටතේඔබතුමාට රටජාතිය ගොඩගනීමට වාසනාව උදාවේවා
      ශක්තිය ධෛර්‍යය ලැබේවායි සිංහලහදගැස්මක් ඇති සිංහලයකුසේ මම ප්‍රාර්තනා කරමි.

  • Sampath Vithanage

    අත බේරා ගැනීම

    රැස්‌වීමකට ආපු පාක්‌ෂිකයෙක්‌ අතින් ඇද්දාම, මහින්ද එයාට ගහන්න ගිහිල්ලා, මේ කතාව රාජ්‍ය මාධ්‍ය මගින් හති දම දම ප්‍රචාරය කරන ලද්දේ, මහින්ද සහ ජනතාව අතර තිබෙන සමීපභාවය ව්‍යාජයක්‌ බව රටට පෙන්නන්ටය. ඇත්තටම සිදු වී තිබුණේ මහින්දට ආදරය කරන පුද්ගලයෙක්‌ ඔහුගේ අත, අල්ලාගත් වනම සිටීමය. මහින්ද කියන විදිහට තමන්ගේ ඇඟිල්ල සහ මුද්ද තද වීම නිසා ඔහු එය මුදාගන්නට ගියේය. එතැනදී වූ සිද්ධිය රටට මාතෘකාවක්‌ වූයේය.

    මහින්ද විසින් දරුවන් වඩා ගන්නාවිට, මහින්දගේ සතුරන් ඒ ගැන කිව්වේ, “ඔය බොරුවට කරන වැඩ” කියාය. හැබැයි මහින්ද තමන්ගේ අත අල්ලා ගත් කෙනෙකුට අත ඉස්‌සුවොත් ඒ මහින්ද ගහන්න යන්නේ, ඇත්තටමය. මෙහෙම පරස්‌පර කතා කියමින් මහින්දට ගැහීම හැමදාම කරපු දෙයකි.

    මහින්දගේ අතින් ඇදපු කෙනා කිව්වේ, තමන් මහින්දට තියෙන ආදරය නිසා මහින්දගේ අත දිගටම අල්ලාගෙන සිටි බවය. එහෙම කියද්දීත් දිගටම මහින්දට, මේ කතාව අල්ලාගෙන ගහන්නේ වෙන ගහන්න දේවල් නැති නිසාද…? හොරකම් කළා … හොරකම් කළා… කියමින් ජනාධිපතිවරණ කාලයේදී පමණක්‌ නොව හැම කාලයේදීම මහින්දට අපහාස කරපු අය බලයට පත්වී මාස ගාණක්‌ පුරා වෙන වැඩක්‌ කළේම නැත. අරලියගහ මන්දිරයේ අඩන යට පවා මහින්ද හොරකම් කරපු සල්ලි සෙව්වේය. හදන ගෙවල් වලට ගොස්‌ ඒවා මහින්දගේද කියා සොයා බැලුවේය. වෙනකක්‌ තබා, කොළඹ බෞද්ධාලෝක මාවතේ රුසියානු තානාපති කාර්යාලය ඉදිකෙරෙන තැනට ගොස්‌ එය මහින්දගේ කියා ඔප්පු කරන්නට සැරසුණේය. රුසියානු තානාපති කාර්යාලයේ ඉඩමට ගියේ වෙන කවුරුත් නොව රුසියාව සිය පරමාදර්ශී දේශය බවට පත් කරගත් ජවිපෙය. රුසියන් තානාපති නිලධාරීන් තමන්ගේ කාර්යාල පරිශ්‍රය ඉදිකෙරෙන සැලැස්‌ම පෙන්නා,. ඉඩමේ ඔප්පුව පෙන්නු විට විලි ලැ-ජාවේම ජවිපෙ පිරිස මාරු වූයේය. පසුගිය කාලයේ මෙහෙම කතා සිය ගණනකි. හොරකම් හොයන්නටම කියා, අල්ලස්‌ කොමිසමට නව අධ්‍යක්‌ෂ ජනරාල්වරියක්‌ද අගමැතිවරයා විසින් පත් කෙරුවේය. ඇය තමන්ගේ මිත්‍රයෙකුගේ බිරිඳක්‌ බව අගමැති රනිල් විසින් පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළේය. ඒ මදිවාට විශේෂ මූල්‍ය අපරාධ පරීක්‌ෂණ පොලිස්‌ කොට්‌ඨාසයක්‌ ද පත් කළේය. එය අගමැතිවරයාට Rජුව වගකියන ඒකකයක්‌ විය. නව ජනාධිපතිවරයෙක්‌ පත් වුණේය. නව අගමැති වරයෙක්‌ පත් විය. මහින්දට එරෙහිව ආණ්‌ඩු බලයක්‌ ඇති විය. එසේ තිබියදීත් අල්ලාගත් හොරෙකු නැත්තේය. අවම තරමින් සංගත ලෙස දූෂණයක්‌ ඔප්පු කරන්ට කතාවක්‌වත්, නව ආණ්‌ඩු පක්‌ෂයට නැත්තේය.

    මහින්දගේ අතින් අදින්නට මෙහෙම කතා දේශපාලන වේදිකාවේ ඕනෑ තරම් කියවුණේය. ඒ එක කතාවක්‌ වත් කතාවකට එහා ගෙනි යන්නට මහින්ද විරෝධීන්ට නොහැකි විය. මේ නිසා දැන් අලුත්ම කතාව වී තිබෙන්නේ මහින්දගේ අතින් ඇදපු කෙනෙකුට, මහින්ද අත ඉස්‌සීමය.

    අත කියන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ලකුණය. අත ලකුණෙන් තරග කරන අපේක්‌ෂකත්වය මහින්දට නොදෙන්නට පසුගිය කාලය පුරාම විවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක විය. දේශපාලන වශයෙන් මහින්දගේ අතින් එහෙම අදින විට මහින්දට අත ලකුණෙන් පමණක්‌ නොව බුලත් කොළයෙන්ද අපේක්‌ෂක කම දෙන්නට ජනාධිපති මෛත්‍රීට සිදුවූයේ රටේම සන්ධානකාරයෝ මහින්දට අත දුන් නිසාය. අතට පොරකන්නට ගිය හැමදෙනාටම සිදුවුණේ ඇත්තටම අතේ අයිතිකාරයට අත දී පැත්තකට වෙලා බලා ඉන්නටය. මෛත්‍රීපාල සේනානායක සමග අනුර බණ්‌ඩාරනායක අතට අයිතිය කියාගෙන පක්‌ෂය තුළ අරගල කරන ලද කාලයක්‌ තිබුණි. එදා රජරටින් පැමිණි මෛත්‍රිපාල කරන ලද්දේ එජාප කොන්ත්‍රාත්තුවක්‌ බව ශ්‍රීලනිපකාරයෝ කියන්නට වූහ. සටන අවසන් වූයේ පාක්‌ෂිකයන් විසින් අතේ අයිතිය ඇතැයි සැලකු සිරිමාවෝට අත ලකුණ හිමිවිමෙනි. ,මෙදා රජ රටින් පැමිණි මෛත්‍රීපාල ද අතේ අයිතිය තියාගන්නට ගොස්‌ සිදුවුණේ, අතේ ඇත්ත අයිතිකාරයට අත බාරදී පැත්තකට වෙන්නටය. නමුත් ජනාධිපති මෛත්‍රී විසින් මහින්දට අත භාරදී කකුලෙන් අදින්නට ක්‍රියා කෙරුවේය. ජනාධිපති මෛත්‍රී විසින් ජාතිය ඇමතුවේ ඒ සඳහාය. ඒත් ඒ කකුල් මාට්‌ටුව පෙරළා වැටුණේ, මහින්ද විරෝධී පිරිසටමය. අනික්‌ පැත්තෙන් එදා සිටම මහින්දගේ අතින් ඇද්ද චන්ද්‍රිකාය. පච මල්ල ගෙදර යවමු කියා එදා චන්ද්‍රිකාට එරෙහිව සටන් පාඨ කියූ එජාපයම අද චන්ද්‍රිකාව සුරතල් කරන්නේ මහින්දගේ අතෙන් ඇදීම සඳහාය. චන්ද්‍රිකා 1994 සිටම කළේ මහින්දගේ අතින් ඇදීමය. අවුරුදු එකොළහක්‌ තිස්‌සේම තමන්ගේ අත චන්ද්‍රිකා අඹරවන්නට හදනවිට මහින්ද කළේ ඉවසාගෙන සිටීමය. 2005 දී මහින්ද චන්ද්‍රිකාට අත උස්‌සා, තමන් අතට, අත ලබාගත්තේය. අකුරැස්‌සේදී අතින් ඇද්ද විට මහින්ද කරපු දේම, චන්ද්‍රිකාට සිදු කර මහින්ද, අත තමන් සතු කර ගත්තේය. 2005 දී මහින්ද ජනාධිපති අපේක්‌ෂකත්වය සඳහා තරග කරන විට, ප්‍රතිපත්ති ප්‍රකාශයට, එජනිස නම යොදාගන්නට චන්ද්‍රිකා ඉඩ නොදුන්නාය. චන්ද්‍රිකා එහෙම අතින් අදින විට මහින්ද කළේ, අත ගස දමා මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්‌වා ජයග්‍රහණය කිරීමය. ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ අවුරුදු නවයක්‌ තිබුණේ, එදා චන්ද්‍රිකා අතින් ඇද්ද විට, මහින්ද අත ගසා දමා හෝ පක්‌ෂය බලයට ගෙනා නිසාය.

    ශ්‍රීලනිපයට තුනෙන් දෙකක්‌ සහිත පාර්ලිමේන්තුවක්‌ නිර්මාණය කර දෙන ලද්දේ මහින්දගේ ආණ්‌ඩුවය. මහින්ද බලයට එනවිට තිබුණු පාර්ලිමේන්තුවේ, කථානායක පවා පත්වී සිටියේ, විපක්‌ෂයෙන්ය. ශ්‍රීලනිපයේ සන්ධානයක්‌ ලබා ගත් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව, පළාත් සභා මහ ඇමැතිවරුන් සහ මන්ත්‍රීන් සංඛ්‍යාව, පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව ආදියේ වාර්තාව පිහිටුවා ඇත්තේ, මහින්දගේ කාලයේදීය. එදා චන්ද්‍රිකා මහින්දගේ අතින් ඇද්ද විට, අත ගස දමා, සමහර විට අනිත් අත ඔසවා තර්ජනය කර මහින්ද විසින් ‘අතට’ ජයග්‍රහණ උදා කර දෙන ලද්දේ, එසේය. එපමණක්‌ නොව ප්‍රභාකරන් මරා දමා රටේ ත්‍රස්‌තවාදය නිමා කර සංවර්ධන සංග්‍රාමයෙන් ද රටට ප්‍රතිලාභ උදා වුණේ, මහින්ද විසින් අත ගසා දැමීම නිසාය.

    මහින්දගේ අත ඇතුලේ සිටම අදින ලද්දේ, ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල විසින්ය. 2015 ජනාධිපතිවරණයට මෛත්‍රී ගොස්‌ ජයග්‍රහණය කිරීමත් සමග, යළිත් මහින්දගේ අතින් අදින්නට මෛත්‍රී ඇතුළු පිරිස උත්සාහ කළේය. පක්‌ෂය තුළ අර්බුදයක්‌ නිර්මාණය වනවා දුටු මහින්ද, දෙපැත්තට අදින්නට කැමැත්තක්‌ නොදැක්‌ වූයේ, උම්මග්ග ජාතකයේ සදහන් වන පරිදි දරුවා බෙදා ගන්නට අම්මා සහ යක්‌ෂණිය දෙපැත්තට දරුවා අදින විට අම්මාට දරුවා අදින්න බැරි වුණ ආකාරයටය. මෛත්‍රී වෙත පක්‌ෂ නායකත්වය හිමි වන්නේ ඒ අනුවය. එදා මහින්ද ‘අත’ අතහැරියාට, වෙනතක නොගියේය. මහින්ද සුළග විසින් ‘වෙනමම ඉල්ලන’ තැන දක්‌වා කතාව දුර ගියත් මහින්ද ‘අත’ අතහැරියේ නැත. මහින්දගේ අත අකුරැස්‌සේදී පාක්‌ෂිකයෙකු අත නොහරිද්දී, අත ඇදලා දමා, අනෙක්‌ අත උස්‌සා, අත බේරාගත්තා සේ, මෛත්‍රීගෙන්ම ශ්‍රීලනිපයේ සහ සන්ධානයේ අපේක්‌ෂකත්වය ලබා ගත්තේය. ජනාධිපති මෛත්‍රී කියූ ලෙසටම, සන්ධානයේ සියලුම නායකයන් සහ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් සීයයට අනු නවයක්‌ම මහින්දව ඉල්ලා තිබුණි. දැන් යළිත් ‘අත’ තිබෙන්නේ මහින්දගේ අතේය. මහින්ද අතට, ‘අත’ පත්වුණු සෑම වෙලාවකම අත බේරුණේය. මහින්දගෙන් ‘අත’ පරාජය වූයේ එක්‌ වාරයක්‌ පමණය. ඒ වාරයේද මහින්ද අත බේරාගත්තේ පක්‌ෂය තමන්ගේ අතේ තබාගෙන, දෙකඩ වෙනවාට වඩා එය බේරාගැනීමට මුල් තැන දීම නිසාය. දැන් යළිත් මහින්දගේ අතට ඇවිත් තිබෙන්නේ රට බේරාගැනීම පමණක්‌ නොවේ, ‘අත’ බේරාගැනීම ද දැන් තිබෙන්නේ මහින්දගේ අතේය.

Leave a Reply