Mahinda Rajapaksa: ඔබ කළ ඉල්ලීම මා ඉත සිතින් පිළිගන්නවා. මහ මැතිවරණයට අප සූදානම්!

Wednesday, July 1, 2015

ඔබ කළ ඉල්ලීම මා ඉත සිතින් පිළිගන්නවා. මහ මැතිවරණයට අප සූදානම්!





රටේ ජනතාව මේ මොහොතේ තමාගෙන් ඉල්ලන ඉල්ලීම තමා ප්‍රතික්ෂේප නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමා ඉදිරියේදී මහ මැතිවරණයට තරග කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනතාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තමන්ට කිසිදු උවමනාවක් නොමැති බවත් රට වෙනුවෙන් තමා මැතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනවාරි 08 වනදා පහතට හෙළුණු ජාතික ධජය රටේ දෙමාපියන්ගේ ආදරණිය දුවා දරුවන්ගේ නාමයෙන් යළි ඔසවා තබන බවද ඔහු පැවසුවේය. සිදුවූ සියළු අඩු පාඩු සදා ගනිමින් තමා කටයුතු කරන අතරම සියළු ජාතින් සියළු ආගම් එකට එකතු කරගනිමින් මේ ගමන යා හැකි බවද ඔහු සදහන් කළේය.

එදා පුවත් පත් වල පල වූයේ සංවර්ධන ව්‍යාපෘති පමණක් බවත් අද ඒ වෙනුවට පලිගැනීම් , අත්අඩංගුවට ගැනීම් පමණක් අන්තර්ගත වන බවද මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය. දේශපාලන වෛරය ,පලි ගැනීම අපේ රාජ්‍ය සමය තුළදී ඉවත දැමූ බවත් ව්‍යවස්ථාවෙන් පිට ගොස් අප කිසිදු දෙයක් සිදු නොකල බවද ඔහු පැවසුවේය.

එදා අපි කුණු කූඩයට දාපු සියල්ලක්ම අද යළි මතුවෙමින් පවතින අතරම බෞද්ධ දර්ශනයට අනුකූලවත් අප සිදු කල යුත්තේ පලි ගැනීම් නොව රට නගා සිටුවීමට බව එතුමා සඳහන් කළේය. එදා දිනේෂ් ගුණවර්ධන , විමල් වීරවංශ, උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර නුගේගොඩින් ආරම්භ කල ඒ සුළග ඇතුගල්පුරය හරහා හමාවිත් අද මැදමුලන දොරකඩ අසලින් අවසන්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අද (01) මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

මේ අතර මැදමුලන නිවස අවට ප්‍රදේශය තුළ GSM ඇතුළු සියලුම දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන වාරණය කර ඇත. එනිසාම සජීවී අන්තර්ජාල විකාශය අදාල සංවිධායකයින්ට සිදු කිරීමට නොහැකි විය.

11692478_1623361714617212_5297086353349828604_n[1]

11181732_1623361927950524_7880704303538334859_n[1]

11666159_1623361874617196_2229422842623754998_n[1]

11694061_480083338818060_3150553531780436089_n[1]

11692595_882879361773803_7585182445504188240_n[1]

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සිදුකල සම්පූර්ණ ප්‍රකාශය

‘පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ගත වුණු කාලය තුළ නොයෙකුත් බියවැද්දීම් තර්ජන මැත මා වෙනුවෙන් පෙනී සිටීම අගය කරනවා.

අපේ නිවසට පැමිණි ඔබ සියලු දෙනා ඉතා සෙනහසින් මා පිළිගන්නවා.

ඔබ පැමිණ සිටින්නේ අධි ඇසල පොහොය දවසක. ඇසල පොහොය කියන්නේ බුදුන් වහන්සේ තමන්ගේ ගුරුවරුන් සොයා ගොස් මුල්ම ධර්ම දේශනය පැවැත්වූ දවස.

ඔබ සියලු දෙනාගේ ඉල්ලීම මට බවත දමන්න බෑ. එනිසා ශ්‍රීලනිපය හා සන්ධානය පමනක් නොවේ එජාපය ඇතුළු පක්ෂවල ඉන්නා දියලු දේශප්‍රේමීන්ට මා ආරාධනා කරනවා අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙස.

ඔබවට මතක ඇති පසුගිය ජනවාරි නව වැනිදා. බහුතර ජනතාවගේ තීරණයට මා හිස නැමූ අකාරය ඔබ දන්නවා. මම ඒ තීරණය අරගෙන රටට ඔප්පු කළ 70දි ලාබාලම මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවට ආ මම ජනාධිපති වනතුරු ආවා. ප්‍රජාතන්ද්‍රවාදයට මා ගරු කරනවා. සමහරු මා හදුන්වනවා එක එක නම් වලින්. සමහරු හදුන්වනවා සොඳුරු ආඥාදායකයා ලෙස. මේ මොන බොරු චෝදනා කළත් එදා කටයුතු කළ ආකාරය ගැන එදා මැතිවරණය හොඳ පූර්වාදර්ශනයක් සැපයූවා. පිටරට අයත් පුදුම වුණා මේ යෝදයා මේක බාර දීලා ගියාද කියලා.

පසුවදා මා තංගල්ලට සියලු දෙනා කැඳෙව්වා. අපේ ඉරණම ගැන කතා කළා. ඡන්ද ප්‍රතිපල නිකුත් වූ දා පටන් අපේ පිරිසට හිරිහැර කළා. තවත් සමරු විකල්ප ශ්‍රීලනිපයක් හැදුවා. ඒ නිසා 12 වැනි දා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳව්වා. ඒ තීරණාත්මක මොහොතේ පක්ෂය ආරක්ෂා කර ගැනීම වැදගත් බව මම කිව්වා. මම කතානායක නිවසෙදි ජනාධිපති හමුවුණා. පක්ෂය ඕනෑ බව ඔහු ඉල්ලීමක් කළා. ඒ අනුව මා පක්ෂය බාර දුන්නා. දින හතක් ඇතුළට පක්ෂයේ නායකත්වය බාර දුන්නා. මට මාස හතක් ගියා සම්මේලනයක් කැඳවා නායකත්වය ගන්න.

මම කිසිම දවසක මගේ රටට, මගේ පක්ෂයට ද්‍රෝහි වෙලා නෑ. මම ඉවසගෙන පක්ෂය වෙනුවෙන් පෙනී සිටියා. එජාපය මේ රට පාලනය කළ ඒ හය මාසය තුළ ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක්, ජාතික ආර්ථිකයට අභියෝග එල්ල වෙලා තියෙනවා. ඒක කාටවත් රහසක් නොවෙයි. ත්‍රස්තවාදය විනාශ කරලා අවුරුදු හයක් යන්න කලින් ත්‍රස්තවාදීන්ට වන්දි දිය යුතුයි කියා කැබිනට් පත්‍රිකා දාන්න තරම් ලැජ්ජා නැති උනුත් ඉන්නවා කියන්න වෙනවා. හැබැයි එය සම්මත වුණේ නෑ.

මා හිතනවා සමහරවෙලාවට මේ නාකයකෝ හැසිරෙන්නේ මීට අවුරුදු 12කට කලින් ත්‍රස්තවාදී නායකයා සමග ද්‍රෝහීම ගිවිසුම අත්සන් කළ ආකාරයට කියලයි තේරෙන්නේ.

වත්මන් ජනපතිට, ආරක්ෂක ප්‍රධානීන් කියන දේ අහන්නේ නැතිව කටයුතු කළ කාලය මතයකි. නව යොවුන් තරුණයන්ට එජාපයේ දරුණු කාලයේ අත්දැකීම් නෑ. රටේ නීතියට පිටින් නොයෙක් ආයතන සංවිධාන පිහිටුවා දඩුවම් දෙන සංවිධාන පිහිටෙව්වා. ගෝනිබිල්ලෝ ඇවිත් ජනතාව උස්සන් යන හැකි මේ තරුණයන් දැකලා නෑ. රජ්‍ය ආයතන පෞගලික අංශයට විකුණපු හැටි මේ තරුණයන් දැකලා නෑ. බෙදුම්වාදීන්ට මේ රට පාවා දුන් හැටි මේ තරුණයන් දැකලා නැහැ.

අපට මතකයි 89, 90 මේ රටේ තරුණයන් වෙනුවෙන් මම වාසු ඇතුළු කණ්ඩායම් එකතුවෙලා ජිනීවා ගියා. අපි එදා හඩ නැගුවා. අපි පාද යාත්‍රා ගියා. අපි ඔක්කොම එකතු වෙලා එදා පාරට බැස්සේ. මිනිස් දංවැල් ඇද්දේ, ජනඝෝෂා කළේ. හැබැයි මේ මාස හයේදි වැඩ කළ ආකාරය දැක්කම මේ තරුණයන්ට දැනගන්නට පුළුවන් වෙයි ඉතිහාසයේ කොහොමද වැඩ කෙළ් කියා.

ත්‍රස්තවාදීන් තවත් පෝෂණය කරන්නට, හමුදාව උතුරෙන් ඉවත් කරන්න, ඩොලරය 141 දක්වා යන්න ඉඩ හැරලා, දේශීය ව්‍යාපාරිකයා බංකලොත් කරලා, රජයේ සේවකයන් පීඩනයට ලක් කළා. ඔවුන් මහ මගට ඇද දැම්මා. දින සියයක් ඇතුළත එතනෝල් ලයිසන් 27ක් දීලා. දින සියයක් ඇතුළත ලංකාවේ සිදුවූ බැඳුම්කර වංචාව වුණා. එය මහා මංකොල්ලය කියලයි හදුන්වන්නේ. විරුද්ධ දේශපාලන මත තරන දේශපාලනඥයන් හිරේ විලංගුවේ දැම්මා. දූෂිතයන්ගේ නඩු ඉවත් කළා. මේ දින සියය ඇතුළත වැඩිහිටි අපට එජාපය ගැන අතීතය නැවත මතක් කළා.

ඒවගේම අපේ කාලයේ තිබුණු වරයා, ගුවන්තොටුපොළ, මාර්ග, විද්‍යාගාර, සතිපොළ ගැන දවස ගානේ පළ වුණා. ලංකාව පුරාම සංවර්ධනය වුණා. ලංකාවම වැඩ පොළක් වුණා. අද අපි පටන් ගත් ඒවා අවසන් කර පෙර බෝඩ් ගලවා අලුත් බෝඩ් ගසා විවෘත කළා.දැන් හැමදාම කියන්නේ දේශපාලනඥයන් හිරේ යවන එක ගැන.පසුගිය කාලයේ ආවා ඉතාම ඉක්මනින් දියුණු වෙන නගරය කොලඹ නගරය කියා.

මේ රටේ හානිකර දේවල් අපි දේශපාලන වශයෙන් කුණුබක්කියට දැම්මා. අපේ යුගයේ නීතියේ ආධිපත්‍ය රැකුණා. යම් ක්‍රමවේද තියනවා යමක් කරන්න. අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නෑ කිසිම දෙයක් කරන්න. ව්‍යවස්ථාවට ඒ තැන දුන්නා. එදා ඇමැතිවරු අධිකරණයට බැන්නා නම් හිරේ ගියා.

මතුගමින් අපේ කෙනෙකු දන ගස්වලා තමයි පළිගැනීම් පටන් ගත්තේ.පක්ෂය බාර දීලා හිස් අතින් ගමට ආපු මට මොන චෝදනා නැගුවත් මේ රටට මා ආදරෙයි.

දිනේෂ්, උදය, විමල් ඇතුළු නායකයන් පෙරටුකරගෙන නුගේගොඩින් ආරම්භ කළ ගමන අද ජනපවුරක් වෙලා. එය මාතර හරහා අපේ දොරකඩට හමාගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා මම රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා ඔබ කරන ඉල්ලීම මා ප්‍රතික්ෂේප කරන්න සූදානම් නෑ.

ඒ නිසා රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනෑ කියා ඕනෑකමින් කියනවා. ඔබ කරන ඉල්ලීම මා ඉත සිතින් පිළිගන්නවා. ඒ නිසා මේ පැවැත්වෙන මහ මැතිවරණයට මේ ජන පවුරත් එක්ක අපි ඉදිරියට යනවා. ඒ නතර වුණු සංවර්ධනය, ආර්ථිකය ගොඩගැනීම, අධිකරණයේ ස්වාධීනත්වය අපි නැවත ගොඩ නගනවා. ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවන්න අපි සූදානම්.

අපිට තියෙන්නේ එක ගිවිසුමයි. ඒ මේ රටේ ජනතාව සමග තිබෙන ගිවිසුම පමණයි. 2005දි 2010දි අපට බාර දුන් වගකීම් උපරිම ලෙස ඉටු කරන්න පුළුවන් වුණා.

ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ සමහර ගෙවල්වල ලිප ගිනි මෙළවුණේ නෑ. හඩා වැටුණා. කාල්ටන් නිවසට වැල නොකැඩී ආවා.එදා අඩකුඹු වුණු ජාතික ධජය අපි ඔසවන්න එදිරියට එනවා. මේ වෙහෙසකර ගමනෙදි මා හැර නොගොස් මා වෙත ආශිර්වාද කළ ඈත එපිට පිටිසර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට දියවන්නාව දක්වා පිරිසට මා හිස නමා මගේ ප්‍රණාමය පුද කරනවා.

අපි අතින් සිදුවූ වැරදි නැවරදි කරගෙන ඉදිරියට යනවා.නූතන ජාතික ගොඩනගර සටනේදී සියලු ජාතීන් අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නට අපි පියවර ගන්න ඕනෑ. ශ්‍රීලනිපය සහ සන්ධානය පමණක් නොවෙයි එජාප, ජවිපෙ ඇතුළු සෑම දේශපාලන පක්ෂවල දේශප්‍රේමීන්ට අප සමග අත්වැල් බැඳ ගන්න ආරාධනා කරනවා.‘

Share කර යාලුවන්ටත් පෙන්වන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.