Mahinda Rajapaksa: සංධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මෙන්න…

Tuesday, July 28, 2015

සංධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මෙන්න…

එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද දින මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් මහා සංඝරතන්යට පළමුව පිළිගන්වා, මහ ජනතාව වෙත ලබා දුන්නා. පහත දැක්වෙන සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව දින 30 කින් අරඹන වැඩසටහන් සංක්ෂිප්තයක් ද නිකුත් කර තිබෙනවා.

11755139_1674061842828374_268320486368494434_n[1]



Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

6 comments:

  1. Sampath VithanageJuly 28, 2015 at 7:56 AM

    මුලු රට එක හඩින්ද
    ඇරයුම් කල හෙයින්ද
    අදිටන ඉටු වෙමින්ද
    පෙරමුණ ගති මහින්ද..
    අප පෙර කල පිනින්ද
    පැතුමන් සපුරමින්ද
    ජනගග දිනු හෙයින්ද
    නැතුවම බැරි මහින්ද..
    සිහ නද පතුරමින්ද
    ජය දද ඔසවමින්ද
    හද පිරි බැති පෙමින්ද
    පිලිගමු මැති මහින්ද..!
    මගෙ රට රැක ගමින්ද
    රුපු යුද දිනු හෙයින්ද
    වෙන කෙනෙකුන් කොයින්ද
    මුලු රටටම මහින්ද.

    ReplyDelete
  2. Sampath VithanageJuly 28, 2015 at 9:54 AM

    එක පිළයි එක රටයි - එජාපය වගේ කැඳහැළියක් නෙවෙයි

    සන්ධානය යනු එක්සත් ජාතික පක්ෂය වගේ කැඳහැළියක් නොවන බවත්, එහි ඇත්තේ එක පිළක් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


    “එක පිලයි එක රටයි” එම පිළ බවද හිටපු ජනාධිපතිවරයා හෙන්රිප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‍එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් කියා සිටියේය.


    මාස 6ක් ඇතුළත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවද, පවත්නා මැතිවරණ ක්‍රම වෙනුවට රටට නව මැතිවරණ ක්‍රම හඳුන්වා දෙන බවද, කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා ගම්සභා ක්‍රමය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බවද පැවසුවේය.


    කොටින්ම, අසමත් රාජ්‍යයේ සිට සමත් රාජ්‍යයක් අතරට ශ්‍රී ලංකාව ගෙනගිය බව කියා සිටි හිටපු ජනාධිපතිවරයා රනිල් මේ ර‍ටට එක ජයග්‍රහණයක් හෝ ගෙනත් දී තිබේද ලෙසත් එහිදී විමසා සිටියේය.


    කොටස් වෙළඳපොළ කඩා වැටී ඇති බවත්, ව්‍යාපාරිකයින්ට අවශ්‍ය දිරිදීම් මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බවද රාජපක්ෂ මහතා පැවසීය.


    වයස අවුරුදු 18 වැඩි තරුණයෙකුට හා තරුණියකට රුපියල් 50,000 බැගින් ලබාදෙන බවද ඒ මහතා කියා සිටියේය.


    එසේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සිසුන්ට රුපියල් 10,000ක් ලබාදීමට ද මහපොළ දීමනාව රුපියල් 6000 දක්වා වැඩි කරන බවද ඔහු පැවසුවේය.


    අපි බාරගන්නා විට සියයට 3ක් වූ පරිගණක සාක්ෂරතාව දැන් ඊටත් වඩා වැඩි බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මැතිවරණයේදී පරිගණක ඥානයෙන් අපිටත් ෆේස්බුක් හරහා පාඩමක් උගෙනීමට හැකිවූ බවත්, ඒ මහතා කියා සිටියේය.


    සෑම නිවසකටම බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබාදී තරුණ පරපුර ඔන්ලයින් වෙළඳපොළට ඇතුළු කිරීමට බලාපොරොත්තු වෙන බවත්, රට නවීකරණයට තරුණයා එක්ක යන ගමනක් ආරම්භ කරන බවත්, හිටපු ජනාධිපතිවරයා පැවසීය.



    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස කොත්තමල්ලි සහ කහ අඩු කළ අය වැයක් අපි ‍නොගෙන එන බවත්, අපි හදන්නේ සහල් මිලේ සිට කුකුළු මස් මිල දක්වා ආහාර ද්‍රව්‍යවලට සාධාරණ මිලක් නියම කිරීමට බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.


    සෑම පවුලකටම නිවසක් ලබාදෙන්න බලාපොරොත්තු වෙන බවද,
    මධ්‍යම පන්තියේ අයට ගෙයක් තනාගැනීමේ සිහිනය තවදුරටත් සිහිනයක් නොකරන බවද කියා සිටි ඒ මහතා සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 58,000ක් නැවතී ඇති බවද පැවසීය.


    එම ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවද, තමාගේ විශ්වාසය රට අවුරුදු 25ක් ආපස්සට හැරවුණ බව යැයිද ඔහු කියා සිටියේය.


    තවද රාජ්‍ය සේවකයාට නිදහසේ වැඩකරන්න පුළුවන් වාතාවරණය යළි ඇති කර ඔවුන්ගේ ගෞරවය රැකෙන අයුරින් වැඩකළ හැකි පරිසරයක් සකසන බවද කියා සිටි හිටපු ජනාධිපතිවරයා අපි කවදාවත් රාජ්‍ය සේවකයින් රැවටීමට ලක් කර නැති බවද ප්‍රකාශ කළේය.


    ඒ අනූව රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප රුපියල් 25,000 දක්වා වැඩිකරන බවද
    පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප රුපියල් 3000කින් වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරන බවද පැවසීය.


    මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර තිබුණේ “අනාගතයට සහතිකයක්” යන තේමාවෙනි.


    මෙම අවස්ථාව සඳහා මහ සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, සන්ධානයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    ReplyDelete
  3. janatha sihina mal pala ganna yugayak 18 venidain arabamu mahindata saha sandanayata jaya niyathai

    ReplyDelete
  4. harimahodai mama hamadamath m .r ta thaama

    ReplyDelete
  5. Sampath VithanageJuly 29, 2015 at 3:40 AM

    ෆෙඩරල් ඉල්ලනපරඬැල් නායකයෝ

    දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලන්නේය යන පුවතක්‌ දැනගන්නට තිබේ. කොහාටද ඔවුන් මෙය ඉල්ලන්නේ? සුපුරුදු පරිදි, ප්‍රභාකරන් ඉල්ලූ පරිදි උතුරට සහ නැගෙනහිරට ය.

    කොටියා, කොටියා බවට පත්වීමට කලින්, එනම් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සහ ඔවුන් සමඟ සිටි සෙසු දෙමළ අන්තවාදී කණ්‌ඩායම් එල්. ටී. ටී. ඊ. වීමට කලින් සිටියේ ෆෙඩරල් ස්‌ථාවරයේ ය. අන්තවාදී දෙමළ කණ්‌ඩායම් එල්. ටී. ටී. ඊ. ලෙස රූපාන්තරණය වූ පසුව ඉල්ලා සිටියේ වෙනම රාජ්‍යයකි.

    දෙමළ සන්ධානයට හදිසියේ ෆෙඩරල් මතක්‌ වී චූන් වීම හදිසියේ ඇති වූ එකක්‌ බවට වරදවා වටහාගත යුතු නැත. මේ කල් යල් බලා ගත් තීන්දුවකි. ෆෙඩරල් කතන්දරේ "අලුත් පිටපත" දෙමළ සන්ධානය එළිදක්‌වන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වූ දිනයේය. එහිදී ආර්. සම්බන්ධන් කීවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කරන ෆෙඩරල් ක්‍රමයකට යැම තම අපේක්‍ෂාව බවයි. උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීම තමන්ගේ අපේක්‍ෂාව බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි. මේ "බළලා මල්ලෙන් එළියට පැනීමක්‌" නොවේ. මල්ලෙන් එළියට පැන සිටි බළලා මීයන් ඇල්ලීමට පටන් ගත් අවස්‌ථාවය. 2009 අවුරුද්දට පෙර දශක තුනකට ආසන්න කාලයක්‌ මේ බළලා විවිධ වෙස්‌මුහුණු පැළඳ ගනිමින් ඊනියා නිජබිම් සංකල්පයක්‌ වෙනුවෙන් විවිධ උපක්‍රම ඇටවීය. පැහැදිලිවම කිව හැක්‌කේ මේ මොහොතේ, රටේ ඒකීයභාවයට අභියෝග කරන බටහිර බලවේගයන් නැවතත් අපේ රට සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ආරම්භ කර ඇති බවය. දෙමළ සන්ධානය මේ ගමන් කරමින් සිටින්නේ ප්‍රභාකරන් සමඟ දීග කෑ යුගයට නොව, ඊටත් එහා 1976 වඩුක්‌කොඩෙයි සම්මේලනයට ය. දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සිදුවන්නට යන දේ ගැන අපට බොහෝ ඉඟි සපයන්නේය. උතුරු නැගෙනහිර නැවත ඒකාබද්ධ කිරීම, දෙමළ භාෂාව මවු භාෂාව කරගත් ඒ ඒ ප්‍රදේශවල ස්‌වයං පාලනයක්‌ ක්‍රියාත්මක කිරීම, පොලිස්‌, ඉඩම් බලතල ඇතුළත් ස්‌වයං පාලනයක්‌ ක්‍රියාත්මක කිරීම ආදී සියල්ල අපට සිහිපත් කරන්නේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය දරුණු වීමට පෙර අවධියයි.

    2006 ඔක්‌තෝබර් 17 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරය පැයකට පමණක්‌ සීමා විය. ඒ දෙමළ සන්ධානයේ විරෝධතා හේතුවෙනි. ඔවුන්ගේ කෑකෝගැසීම් අතර මෙවැනි දේ කියෑවුණේය. "ඊළම පිළිගන්න", "අපේ මවුබිම බෙදන්න එපා" ("අපේ මවුබිම" යනු ඒකාබද්ධ උතුර නැගෙනහිරයි) "අපේ මවුබිම අපිට නැති කරන්න එපා", "ශ්‍රී ලංකා අධිකරණය අපි පිළිගන්නේ නෑ", "අපි ඊළාම් අධිකරණයක්‌ පිහිටුවනවා"....

    ඒ විරෝධතාවට හේතු වුණේ ඊට පෙර දිනයේ ජවිපෙ විසින් ගොනු කළ පෙත්සමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද ඓතිහාසික "නඩු තීන්දුව" යි. හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන උතුර නැගෙනහිර පළාත් එක්‌කරමින් 1988 සැප්තැම්බර් අටවැනිදා නිකුත් කරන ලද අංක 522/9 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රය නීති විරෝධී බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය නැගෙනහිරට වෙනම පළාත් සභාවක්‌ පිහිටුවා වෙනම ආණ්‌ඩුවක්‌ ද පත්කළ යුතු බවට නියෝග කළේය.

    ඒ උතුර නැගෙනහිර නැවත ඒකාබද්ධ කරන්නට යෑයි කියමින් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්‌වමින් නටන්න යන නාඩගමේ ඉදිරි අංග අතිශය පැහැදිලිය. තමිල්නාඩුවේ රාමේෂ්වරම් ප්‍රදේශයෙන් සයනයිඩ් තොගයක්‌ සමඟ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු හමුවීම හා "ප්‍රතිපත්ති" ය අතර ඇති සබඳතාව ගැන වැඩිමනක්‌ සඳහන් කළ යුතු නැත. දෙමළ ජනතාවට එල්. ටී. ටී. ඊ. ය මුල් කාලයේ සංවිධානය වන කාලයේ තිබූ ප්‍රශ්න බොහෝමයක්‌ යුද්ධය අවසන් වන විටත් නිරාකරණය වී තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක්‌ ලෙස ද පිළිගෙන තිබේ. අප විශ්වාස කරන්නේ දෙමළ ජනතාවට නැති ප්‍රශ්න දෙමළ සන්ධානයට ඇති බවය. ප්‍රභාකරන්ගේ ද්‍රවිඩ රාජ්‍ය සංකල්පය තවදුරටත් වලංගු නොවන කාරණයක්‌ බව පිළිගන්නේ නැත්තේ දෙමළ සන්ධානය හා රටේ ඒකීයභාවයට අභියෝග කරන බටහිර බලවේගයන් පමණි.

    එල්. ටී. ටී. ඊ. ය පැරදවූ බව සැබෑවකි. ප්‍රභාකරන් සංකල්පය නැසීම තරමක්‌ අසීරු කාරණයකි. ඊට හේතුව වන්නේ ඒවාට උඩගෙඩි දෙන දෙමළ මෙන්ම සිංහල ෆෙඩරල් අප්පුලා ද සිටින බැවිනි. දෙමළ සන්ධානය මේ ප්‍රකාශය කරන්නේ ජුලි මාසයේය. ජූලිය ඉතිහාසගතය. අපේ ප්‍රාර්ථනාව මෙවැනි දේ නිසා නැවතත් එක්‌දහස්‌ නවසිය අසූතුනේ ජූලියක්‌ නොඑළඹේවායි යන්නය.

    ReplyDelete
  6. Jaya niyathai Ape Mahinda Mathiduni....

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.