Mahinda Rajapaksa: මහින්ද ව ජන හදවත්වලින් මකන්න බෑ – මහ නාහිමි

Thursday, July 16, 2015

මහින්ද ව ජන හදවත්වලින් මකන්න බෑ – මහ නාහිමි

NapanaPemasiri[1]

මහින්ද රාජපක්‍ෂ මහතා රටට කළ සේවය ප‍්‍රකාශ කරනවාටවත් ඇතැමුන් අකමැති බවත්, වර්තමානයේ බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා කල සේවය ජනහදවත් වලින් මකා දැමීමට නොහැකි බවත්, ශී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි හිමියෝ අවධාරණය කළහ. ඉදිරි මැතිවරණය සදහා ආශිර්වාද ලබා ගැනීම සදහා ඊයේ බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා උන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මහානායක ස්වාමීන්වහන්සේ මේ බව සදහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහානායකහිමියෝ මෙසේද සදහන් කළහ.

‘දහම් අධ්‍යාපනයෙන් තමයි අපේ රටේ බෞද්ධාගම ආරක්‍ෂා වෙන්නේ. ඔබතුමා ආරම්භ කරන දහම් පාසල් සංවර්ධන වැඩසටහන බස්නාහිර පළාතේ විතරක් නෙමෙයි රට පුරාම කි‍්‍රයාත්මක වෙන්න ඕනේ.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා රටට විශාල සේවයක් කරපු කෙනෙක්. එතුමා කළ සේවය විවිධ ක‍්‍රම වලින් ජන හදවත් වලින් මකා දමන්න සමහරු උත්සාහ කරනවා. ඒ වෙන මොනවත් නිසා නොවෙයි ඊර්ෂියාව නිසා.

දැන් අපි නිදහසේ ඉන්නේ මේ රටේ යුද්ධය අවසන් වෙච්ච නිසා. උතුරේ මහ ඇමතිවරයා කි‍්‍රයාකරන ආකාරය පිළිබදව අපි සැළකිලිමත් විය යුතුයි. එහෙම නොවුණොත් ඉදිරියේදී මේ රට නැවතත් අනතුරකට පත් වෙනවා. ඔහුට ඕනවෙලා තියෙන්නේ දකුණේ අද ඇතිවෙලා තියෙන තත්වයෙන් ප‍්‍රයෝජන අරගෙන ඔවුන්ගේ අරමුණු ඉටු කර ගන්න. අපේ සමහර අයත් ඒකට උදව් කරනවා. අපි මේ රට, ජාතිය පාවාදීමට ඉඩ නොදිය යුතුයි. මහින්ද රාජපක්‍ෂ මහතා කළ සේවය අමතක නොකළ යුතුයි. අපේ දරුවන් වෙනුවෙන් මේ රට රැක ගත යුතුයි’

මෙහිදී බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සහ ඔහුගේ හිතවතුන්ගෙන් පළි ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවයි. මහින්ද මහතාට පන්සලක පූජාවට යාම පවා බාධා කරන පහත් මට්ටමකට වත්මන් ආණ්ඩුව පත්ව ඇතැයිද මහ ඇමතිවරයා පෙන්වා දුන්නේය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි ලබා ගැනීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කල ආකාරය පෙන්වා දුන් මහ ඇමතිවරයා ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කළහොත් කොටීන්ට රට පාවා දීම වැළැක්විය නොහැකි විය හැකි බව පෙන්වා දුන්නේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

fgjf[1]

යාලුවන් අතරේ Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.