මෙම අනාවරණය කර ඇත්තේ එක්සත් ජනපදයේ ලෝකප්‍රකට සමීක්ෂණ ආයතනයක් වන Gallup වෙබ් අඩවියෙනි. පහත දැක්වෙන්නේ තම රාජකාරිය නිසි අයුරින් ඉටු කළ ආසියානු නායකයින් අනුපිළිවෙළිනි.
Gullup වෙබ් අඩවියේ පහත කරුණු වැඩිදුරටත් සඳහන් වෙයි.
[1]. ලාඕසයේ, කාම්බෝජයේ, සහ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සෑම 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම තම රාජ්‍ය නායකයා එදා භාරගත් රාජකාරිය නිසි අයුරින් ඉටු කළ බව සලකයි.
[2]. ආර්ථික ස්ථායිතාවය සහ සාමය ලාඕසයේ, කාම්බෝජයේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් අදාල සමීක්ෂණයෙන් වැඩි මනාප හිමි කරගැනීමට හේතු විය.
[3]. අවුරුදු 26 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් පිදුම් ලබයි.
Gallup සමාගමේ පර්යේෂණ යනු ශ්‍රී ලංකාවේ වත්මන් යහපාලන ආණ්ඩුවේ සමහර ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු හිතුමතේට හෙළි කරන ඊනියා බුද්ධි අංශ වාර්තා මෙන් නොවේ. එක්සත් ජනපදයේ "ජෝර්ජ් ගලප්" විසින් 1935 දී ආරම්භ කරන ලද ගලප් සමාගම වසර 70ක ට පසුව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වලින් ජනතා මතය නිල වශයෙන් දැනගැනීමට භාවිතා කරන සමීක්ෂණ ආයතනයකි. රටවල් 20 ක් පුරා කාර්යාල 30 කට වැඩි සංඛ්‍යාවක් Gallup ආයතනයට විසිරී පවතින අතර 2000 කට අධික අන්තර්ජාතික කාර්යමණ්ඩලයක් ඒවායේ සේවය කරයි. සම්පූර්ණ විස්තරය en.wikipedia.org/wiki/Gallup_(company)
[caption id="attachment_4977" align="aligncenter" width="400"]
යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.