අද දින මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි මිරිහාන ප්‍රදේශයෙන් හමුදා සෙබළුන් සමඟ වෑන් රියක් අත්අඩංගුවට පත් වී තිබේ. ඒ සම්බන්ධයෙන් දෙරන වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තිය මෙලෙසයි.
මේජර් ජෙනරාල්වරයෙකුගේ යැයි කියනු ලබන යුද හමුදාවේ සාමාජිකයින් තිදෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන ප්‍රදේශයේ සැරිසරමින් තිබූ සැකකටයුතු සුදු පැහැති වෑන් රථයක් පරීක්ෂා කිරිමේදී එහි සිටි මෙම යුද හමුදාවේ සාමාජිකයින් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඊයේ රාත්‍රී 7.30ට පමණ පොලීසිය විසින් මෙම සැකකටයුතු වෑන් රථය පරීක්ෂා කළ බවයි.
අදාළ වෑන් රථය තුළ සිට ඇත්තේ යුධ හමුදාවේ සේවය කරන සිවිල් ඇඳුමින් සැරසුරූ පුද්ගලයින් තිදෙනෙකු බවත්, ඔවුන් සතුව පැවති ගිනි අවියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද දෙරණට කියා සිටියේය.
මෙම සැකකරුවන් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේදී තමන් මේජර් ජෙනරාල්වරයෙකුගේ පෞද්ගලික ආරක්ෂකයින් ලෙස කටයුතු කරමින් සිටින බව පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
කෙසේ වෙතත් මේ වන විට පොලීසිය විසින් යුධ හමුදා පොලීසියට දන්වා ඇත්තේ ඔවුන් ගමන්ගත් සුදු පැහැති වෑන් රථය සහ එහි අංක තහඩුව යුධ හමුදාවට අයත්දැයි යන්න වග සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි.
මීට අමතරව පොලීසියට හමුවූ ගිනි අවිය අදාළ පුද්ගලයින් විසින් සඳහන් කළ මේජර් ජෙනරාල්වරයාගේ පරිහරණයට ලබාදුන් එකක්ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලීසිය විසින් යුධ හමුදා පොලීසියට දන්වා තිබේ.
එම වාර්තා අද දහවල් 2.00 වන විට පොලීසිය වෙත නොලැබුණහොත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත්කරන බව මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-මූලාශ්‍රය: adaderana.lk
ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක විජයානන්ද හේරත් මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය.
Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.